ඇයි අපි මෙච්චර හීන දකින්නේ.???...

Dineth1990

Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    ඇයි අපි මෙච්චර හීන දකින්නේ.???...

    14juxhs.jpg
    ස්වප්නය නැතහොත් සිහිනය විටෙක අපහට සුවපහසු නින්දක් ලබාදේ, තවත් විටෙක භයංකර වී මහ රෑ අවදි කරයි. සියවස් ගනනාවක් පුරාවට සිහිනය පිළිබඳ මිනිසා තුල පැවතියේ නොවිසිඳුනු කුතුහලයෙන් පිරි විවිද මතයන්. පුරාතන මිනිසා සිහිනය දෙවියන්ගෙන් ලද ත්‍යාගයක් ලෙස විස්වාස කරා. ග්‍රීකයන් හා රෝමානුවන් අදහස් කලා ස්වප්නය අනාගතය හෙලි කරනු ලබන මායාවක් ලෙස. කෙසේ වෙතත් වසර ගනනාවක උත්සහයක ප්‍රතිපල ලෙස අදවන විට සිහිනය හට අර්ථකතනයක් ලබා දීමට නූතන විද්‍යාව සමත් වී තිබෙනවා.
    අද මා මේ ලිපියෙන් සිහිනය පිළිබඳ නූතන අදහස් ස්වල්පයක් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.​

    අප දකින සිහින මූලික ලෙස රූප, අදහස්, චිත්තවේග, සංවේද, හා ශබ්ද, යන මේ සියාල්ලකගේම එකතුවක් ලෙසයි නිර්මානය වී තිබෙන්නේ. විවිද පර්යේෂකයන් විවිද සිද්දාන්ත උපයෝගී කරගනිමින් සිහිනයෙහි ඇත්ත ස්වරූපය අර්තදක්වන අතර මේ සියලුම උපමානයන් ප්‍රධාන කාන්ඩ 2කට බෙදා දැක්විය හැක.

    1. කායික විද්‍යාමය උත්තේජන
    2. මනෝමය අවශ්‍යතා


    මෙහි පලමු සිද්ධාන්තය පදනම් වන්නේ අපගේ නියුරෝන පද්ධතියේ ප්‍රසස්ත සම්බන්දතා පවත්වා ගැනීම සදහා සිදුවන්නා වූ ශාරීරික ක්‍රියාවලියක් ලෙසයි. දෙවැන්නෙහි පදනම වන්නේ එදිනෙදා ජීවිතයේ අප මුහුන දෙන ගැටලු, සිද්ධීන් හා විශේෂ අවස්ථා වඩා වැඩි අවදානයට ලක්වීම සඳහා සිදුවන්නා වූ යාන්ත්‍රනයක් ලෙසයි.
    බොහෝ විද්‍යාඥයන් පෙන්වාදී තිබෙනවා සිහිනය යනු මේ අකාර දෙකෙහිම එකතුවක් ලෙස.

    xdb03l.jpg

    සිහින සිද්ධාන්ත

    පලමු සහ ප්‍රබලම සිද්ධාන්තය ඉදිරිපත් කරන්නේ සිග්මන්ඩ් පොයිඩ් විසිනි. මොහු පදනම් කරගනු ලබන්නේ යටපත් කල මර්දනය කරන ලද එහෙත් අභිලාෂ හා හැඟීම් සිහිනය ඔස්සේ පැමිනෙන බවයි. එනම් අපගේ සිතේ නලියන අදහස් ක්‍රියාත්මක කල නොහැකි අවස්ථාවකදී හෝ පීඩාකාරි එපාකරපු සිතුවිලි සිතේ තදකර ගෙන සිටිනා අවස්ථාවකදී එය සිහිනයක් ලෙස දෘශ්‍යමාන වන බවයි

    au9h5d.jpg

    මීට අමතරව 1973 කාල වකවානුවේදී ඇලන් හොබ්සන් සහ රොබර්ට් මැක්කාර්ලි යන පර්යේෂකයන් විසින් ලබා ගත් නිගමන පරිදි සිහිනය යනු අපගේ මතකයේ ගබඩා වූ ඉතාකුඩා (අංශුමාත්‍රයක් තරමේ) සිද්ධීන් අහඹු ලෙස මොලයෙන් නිපදවන විද්‍යුත් ආවේග ලෙස උපදින්නක් බව ප්‍රකාශ කරන ලදී.
    ඇත්තටම ඔවුන් පවසන්නේ අප යමක් අහම්බෙන් දැකපු විට හෝ සිතට එන සිතුවිල්ලක් සිහිනයකදී සම්පූර්ණ කතාවක් බවට පරිවර්තනය කරන්න උත්සහ කරන බවයි
    මෙයට හේතුව ලෙස ඔවුන් සදහන් කරන්නේ මිනිස් මොලය ඒ දෙයින් ඇත්තටම කුමක්ද වෙන්නේ යන්න අත්දැකීම සඳහා නිරායාසයෙන්ම උත්සාහ දරන බවයි.



    ස්වප්නය හා මොලය


    මිනිසෙකු නිදාගෙන සිටින විටදී ප්‍රදාන අදියර 5ක් පසුකරනු ලබයි.

    s6n30n.gif

    පලමු අදියර නම් ඉතා සැහැල්ලු නින්දයි. මෙහිදී ඉතාමත් පහසුවෙන් අවදිවීමේ හැකියාවක් පවතී. දෙවන අදියර යන්තම් ගැඹුරු නින්දයි, මෙහිදී හුස්ම ගැනීමේ රිද්මය හා හෘද ස්පන්දන වේගය අඩුවන අතර ශරීර උෂ්ණත්වය මදක් පහල යනු ලබයි.
    3 වන සහ 4 වන අදියර අපගේ ගැඹුරු නින්ද නියෝජනය කරයි. මෙහිදී රිද්මයානුකූල හුස්ම රටාව, සීමිත මාංශ පේෂී ක්‍රියාකාරීත්වය හා විශේෂයෙන්ම මොලයෙන් නිපදවන විශාල ප්‍රමානයේ ඩෙල්ටා තරංග (ඉහත රූපයේ පරිදි ) කැපීපෙනේ. නින්දට ගොස් විනාඩි 90ක් පමන කාලයකදී 5වන අදියර ඇරබේ. එය ආරම්භයත් සමගම සීග්‍ර ඇසේ චලනයක් හටගන්නා අතර මෙය Rapid Eye Movement (REM) ලෙස හදුන්වනු ලබයි. මෙම REM කාලය තුලදී ශරීරයේ කායික විපර්යාස රැසක් හටගනී.

    එනම් හෘද ස්පන්දන හා හුස්ම ගැනීමේ රිද්මය ඉහලයාම, රුධිර පීඩනය වැඩි වීම හා මොලයෙන් නිපදවන ඇල්ෆා තරංග රටාව අප අවදිවී සිටිමේදී අගයට සමාන වේ. මෙහිදී ශරීරයේ අනෙකුත් බොහෝ කොටස් ක්‍රියානොකරන අවස්ථාවකට පැමිනෙන අතර (Temporarily Paralyze ) ඊට හේතුව ලෙස මොලයේ මුල ප්‍රදේශයෙන් (Brain stem) නිකුත් කරනු ලබන ග්ලයිසීන් හා ඇමයිනෝ ඇසිඩ් මෝටර් නියුරෝන (මොලයෙන් හා සුෂුම්නාවෙන් පිටතට ස්නායු ආවේග ගෙනයනු ලබන නියුරෝන ) වෙත ගමන් කිරීම බව පෙන්වාදෙයි.
    මෙන්න මේ අවස්ථාව තමයි අප සිහිනයක් දකින අවස්ථාව ලෙස සලකනු ලබන්නේ.
    ඉහත සඳහන් කරනුලැබූ තාවකාලික පැරලයිස් ස්වභාවය සිහිනය ඇත්තටම ක්‍රියාත්මක නොකිරීමට වගබලා ගනී. නැත්තම් මොනව කරයිද කවුද දන්නේ. ඔය නින්දෙන් ඇවිද යාම මා ඉහත සදහන් කල යාන්ත්‍රණ හරි හැටි ක්‍රියා නොකීරීමේ ප්‍රතිපලයක් වේ.

    REM අදිය හැරුනුකොට අනෙකුත් අදියර තුලදීද සිහිනයන් දැකිය හැකි අතර (non-REM sleep) එහි තීව්‍රතාව ඉතාමත් අඩු අගයක් ගනී. එකයි අපි ඔය දවල්ට පොඩ්ඩක් නින්දක් දාන විට පොඩි පොඩි හීන දකින්නේ. රාත්‍රිය පුරාවටම අප මේ අදියර 5 පුරාවටම කිහිප වරක් ගමන් කරන අතර අදියර 3,4,හා 5 බහුල වේ. උදෑසනදී නැවතත් පිලිවෙලින් 1කේ සිට REM දක්වා ගමන් කරන අතර උදෑසනදී වැඩිපුර සිහින දකින්නේ එම නිසයි. ඇත්තටම දකින වාර ගනන වැඩි නොවුනත් මතක හිටිනවා.

    k9gzyp.png


    30aqo15.jpg

    ලහිරු කිරනේ සුපහන් උනුසුම....
    සඳකැන් පහසේ නොයිදුල් සොමිකැන්...
    නිරුදක කතරේ සිහිලැල් දියබිද....
    දිවියට අරුතක් එක් කල ජීවය...
    සිහිනය නුඹ මා හැඟුමන් පිබිදූ


    මේ ලිපිය ලියන්න හිටියේ බොහෝ දවසකට කලින්,, හැබැයි වසර පහක ප්‍රේමයේ වියෝවත් සමඟ කාලයක් ගත වුනා සිත එකඟ කර ගන්න.. ඔය ඉහත නිසදැස ඇය මේ ලිපියට එක් කරන්න හඳපු නිර්මානයක්.
    ස්තූතියි සියලු දෙනාටම....