නුඹ එක්ක මමත් දැන්...
නුඹ එක්ක මමත් දැන්...
කිරිසිනා පිරුණු මුව දිනෙන් දින මැලව යයි...
විඳින දුක් වේදනා නෙත් අගින් ගලා යයි...
අකීකරු කෙස් වැටිය ටිකෙන් ටික හැලීයයි...
දුව පනින බාලවිය ඇඳක් මත ගෙවීයයි...
ගිලන් රෝහලේ ඇඳ හුරු නවාතැන වෙලා...
බෙහෙත් කටු,මාත්‍රා පුරුදු ආහර වෙලා...
සුව නින්ද විවේකය නුහුරු නුපුරුදු වෙලා...
නුඹ එක්ක මමත් දැන් ගිලන් රෝගී වෙලා...
දස මසක් කුස දරා නොනිමි දුක් වින්ඳෙමී...
මතු දිනෙක ගිමන් හරිනා හීන දුටුවෙමී...
ඒත් විඳිනා දුකේ කෙළවරක් නොදකිමී...
සංසාරේ මිනිස් ජාතියක් යළි නොපතමී...
නුඹ එක්ක මමත් දැන්...
කිරිසිනා පිරුණු මුව දිනෙන් දින මැලව යයි...
විඳින දුක් වේදනා නෙත් අගින් ගලා යයි...
අකීකරු කෙස් වැටිය ටිකෙන් ටික හැලීයයි...
දුව පනින බාලවිය ඇඳක් මත ගෙවීයයි...
ගිලන් රෝහලේ ඇඳ හුරු නවාතැන වෙලා...
බෙහෙත් කටු,මාත්‍රා පුරුදු ආහර වෙලා...
සුව නින්ද විවේකය නුහුරු නුපුරුදු වෙලා...
නුඹ එක්ක මමත් දැන් ගිලන් රෝගී වෙලා...
දස මසක් කුස දරා නොනිමි දුක් වින්ඳෙමී...
මතු දිනෙක ගිමන් හරිනා හීන දුටුවෙමී...
ඒත් විඳිනා දුකේ කෙළවරක් නොදකිමී...
සංසාරේ මිනිස් ජාතියක් යළි නොපතමී...








