රුසියානු ගුවන් යානාවලට අපලයක්ද?

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    රුසියානු ගුවන් යානාවලට අපලයක්ද?

    bD49Z2Nz81o1-360x203.jpg

    පසුගිය සතියේ වඩාත් කතාබහට ලක්වූ සිද්ධිය වූයේ ඊජිප්තුවේදී සිදුවූ රුසියානු ගුවන් යානා අනතුරයි.යාන්ත්‍රික දෝෂයක් නිසා මෙම අනතුර සිදුවූබවට බොහෝදෙනාගේ විශ්වාසය විය.නමුත් එය ISIS ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවක් යැයි විශ්වාස කරන පිරිසක්ද සිටියි.සිරියාවේ ISIS ත්‍රස්තවාදීන්ට රිදෙන්නට පහර දෙන රුසියාව සමග ඇමෙරිකාව ප්‍රමුඛ සමහර බටහිර රටවල් අමනාපයෙන් පසුවන බව රහසක් නොවේ.තවද ISIS ත්‍රස්තවාදීන්ද රුසියාවෙන් වාඩුව ගැනීමට අවස්ථාවක් එළඹෙන තෙක් සිටින බවට සැකයක් නැත.


    10d11-e693a-plane2bblown2bup.png


    Aaron Klein නම් ඊශ්‍රායලයේ ජීවත්වන යුදෙව්-ඇමෙරිකානු ජනමාධ්‍යවේදියා පසුගිය දිනෙක මෙම ගුවන් යානා අනතුර ගැන තොරතුරක් අනාවරණය කරන ලදි.ඔහු නිතර හමාස් ආදී ත්‍රස්ත සංවිධානවල සාමාජිකයින් සමග සම්මුඛ සාකච්ඡා පවත්වන අයෙකි.අනුව ගාසා තීරයේ සිටින ISIS සංවිධානය සම්බන්ධ කණ්ඩායමක් කියා තිබෙන්නේ රුසියානු මඟී ගුවන් යානය විනාශ කිරීමට ක්‍රියාත්මක වූ අයුරු ළඟදීම අනාවරණය කරන බවයි.


    778fc-2dfb9a5f-e1446623345690.jpg


    ISIS ධඡය යටතේ ගාසා තීරයෙ ක්‍රියාත්මක සලාෆි ජිහාඩ් ත්‍රස්තයන් මෙම ගුවන් යානා අනතුර සිදුකර තිබෙන බව ඔවුන් විසින්ම කියා තිබේ.ඔවුන්ට අනුව ගුවන් යානය බිම දමන ලද්දේ මිසයිල ප්‍රහාරයකින් නොවේය.නමුත් එය සිදුකල අයුරු ISIS සංවිධානය ඉදිරියේදී ප්‍රකාශ කරාවි යන්න ඔවුන්ගේ අදහසයි.


    cso-f8yvaaau3z8.png


    ISIS සංවිධානයේ ගාසා හි නායකයෙක් මෙසේ කියා තිබේ."රුසියානු ගුවන් යානය බිම දැමීමේදී අපේ සහෝදරයන් ඔවුන්ගේ උණ්ඩ සහ පුපුරණද්‍රව්‍ය වලට වඩා යොදා ගත්තේ ඔවුන්ගේ බුද්ධියයි.මෙය බුද්ධිමය යුද්ධයකි."

    මෙම ගුවන් අනතුර සිදුවීමෙන් පසු එහි වගකීම භාරගත්තේ සිනායි අර්ධද්වීපය තුල ක්‍රියාත්මක වන ජිහාඩ් ත්‍රස්ත කණ්ඩායමකි.ඔවුන් ISIS ධඡය යටතේ පසුගිය සමයේ සිට ක්‍රියාත්මක වේ.


    egypt-sinai-russian-plane-crash-black-box-flight-recorder-321879.jpg

    මෙට්‍රෝජෙට් එයාර් බස් ඒ321 යානයේ කළු පෙට්ටිය


    මයිකල් ක්ලාක් නම් Royal United Services Instituteහි අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ප්‍රකාශ කලේ අනතුරට අදාල දත්තවලට අනුව මෙය ගුවන් යානය ඇතුලත සිදුකල බෝම්බ පිපිරීමක් නිසා සිදු වු අනතුරක් බවයි.


    egypt-sinai-russian-plane-crash-site-suitcases-321878.jpg


    පසුගිය සෙනසුරාදා දිනයේ එක්සත් ජනපද බලධාරීන් ප්‍රකාශ කර සිටියේ මෙට්‍රෝජෙට් එයාර් බස් ඒ321 යානය සිනායි අර්ධද්වීපය ඔස්සේ ගමන් ගනිද්දී එහි ක්ෂණික උෂ්ණත්ව වැඩිවීමක් ඔවුන්ගේ චන්ද්‍රිකාවල අධෝරක්ත සංවේදක ඔස්සේ ග්‍රහණය කරගෙන තිබූ බවයි.ඔවුන්ට අනුව එය යානය තුල බෝම්බ පිපිරීමක් හෝ තෙල් ටැංකියේ ගින්නක් විය හැකිබවයි.

    අනතුර හා සම්බන්ධ වීඩියෝවක් යැයි කියන වීඩියෝ පටයක ගුවන් යානයේ අවසන් මොහොත පහත අයුරින් සටහන්ව තිබේ.


    320100.jpg



    මුල්ම වාර්තාවලට අනුව ගුවන් යානය කැබලි දෙකකට කැඩී තිබෙන අතර එය තාක්ෂණික දෝෂයක් නිසා නොව යානය තුලදී සිදුවූ පිපිරීමක් නිසා යැයි විශ්වාස කල හැකි යැයි මයිකල් ක්ලාස් කියා සිටියි.


    මෙම අනතුරින් දින 4කට පසුව එනම් අද දින තවත් රුසියානු ගුවන් යානයක් කඩා වැටී තිබේ.මේ සිදුවීම වාර්තා වන්නේ දකුණු සුඩානයෙනි.අනතුරින් 41 දෙනෙක් දැනට මියගොස් තිබෙන බව සඳහන් වේ.කඩා වැටී තිබෙන්නේ ඇන්ටනොව් වර්ගයේ යානයක් බවයි කියවෙන්නේ.






    322353.jpg

    කඩා වැටුණු ඇන්ටනොව් යානයේ ගමන් පථය


    322637.jpg



    322371.jpg



    322369.jpg



    322374.jpg




    Source:barenakedislam.com


    -HarshaLulzSec-