Breaking News- සෝමා එදිරිසිංහ අභාවප්‍රාප්ත වේ

Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Breaking News- සෝමා එදිරිසිංහ අභාවප්‍රාප්ත වේ

    thumb500_soma_03.jpg


    ඊඒපි සමුහ ව්‍යාපාරයේ සභාපතිනි සෝමා එදිරිසිංහ මහත්මිය මිට සුළු වේලාවකට පෙර අභාවප්ප්‍රාත වුවාය. මිය යනවිට ඇය 76 වැනි වියේ පසුවූ අතර කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියාය.

    1939 වසරේ ජූලි 5 වැනිදා මීගොඩදී උපත ලැබූ සෝමා එදිරිසිංහ දේශබන්ධු, දේශශක්ති යන ගෞරව නාමද ලබා සිටියාය. ඇය මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ මීගොඩ රජයේ පාසලෙනි.

    ශ්‍රි ලංකා ව්‍යාපාරික ලෝකයේ ප්‍රමුඛස්ථානයක් හිමිකරගත් ඇය ස්වර්ණවාහිනි රූපවාහිනි නාලිකාව ඇතුළු ව්‍යාපාර රැසකට නායකත්වය ලබා දුන්නාය.

    සිය සැමියා වූ ඊ.ඒ.පී. එදිරිසිංහ මහතාගේ අභාවයෙන් පසුව ඇය ඊ.ඒ.පී. එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට නායකත්වය දෙමින් ශ්‍රී ලංකාව පුරා ව්‍යාපාරික කටයුතු මෙන්ම සමාජ සේවා කටයුතු වලද නිරත වූවාය. එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්, ස්වර්ණ මහල්, එදිරිසිංහ ඩිවලොපර්ස්, ඊ.ඒ.පී.සිනමා, ඊ.ටී.අයි. ෆිනෑන්ස්, සුව නෙත අක්ෂි රෝහල ආදී ආයතන රැසක හිමිකාරිත්වය හෙබවූ ඇය ජනසරණ, සිංහ සමාජ, පුනර්ජීව ඇතුළු සමාජ සේවා සංවිධාන රැසක නායකත්වය හෙබවූවාය.

    සෝමා එදිරිසිංහ මහත්මිය මෙරට සිනමා ක්ෂේත්‍රය වෙනුවෙන් විශාල සේවයක් කළ අතර ඇයගේ මූලිකත්වයෙන් ඊ.ඒ.පී සමාගම චිත්‍රපට 12 ක් නිෂ්පාදනය කළාය. ධවල පුෂ්පය, සෙයිලම, වීසිදැල, කිණිහිරියා මල්, රෝස වසන්තේ, සලෙලු වරම, ඉර මැදියම, අසනි වර්ෂා, හාර්ට් එෆ්එම්, සර් ලාස්ට් චාන්ස් වැනි චිත්‍රපට රැසක් ඇය නිෂ්පාදනය කළ අතර ඒ වෙනුවෙන් සරසවි සම්මාන 3ක්ද දිනා ගත්තාය.
    වසර 2005 දී විවෘත විශ්ව විද්‍යාලය විසින් ඇය ආචාර්ය පදවියෙන් පුදනු ලැබුවාය.


    උපුටා ගැනීම- Lankadeepa : http://www.lankadeepa.lk/index.php/top_story/358877
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කොයිතරම් සල්ලි තිබ්බත් ඉතින් කවදාහරි දාලා යන්න වෙන දවසක් එනවා..RIP.
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,100
    363
    83
    dn itn seen okkoma iwarai kala kan pala denwa kyne oka thmai pin klath ita wada pw kla ewage karume thamai mchn me
     

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    සල්ලි තිබුනට වෙලාව අවම කාටත් යන්න වෙනො එක තමයි යථාර්ථය