චීනුන්ගේ ක්ලෝනකරණය සහ අනුකරණය
චීනය යනු වර්තමානයේදී ඇමෙරිකා එක්සත් ජනපදයට වඩා තාක්ෂණය අතින් පහල තැනක සිටින රටක් වුවත් ඔවුන් පසුගිය සමයේ සීග්‍රයෙන් බටහිර දියුණු තාක්ෂණයන් තම රටේ ප්‍රබලත්වය වැඩි කරගන්නට බහුලව යොදාගන්නා ලදි.ඔවුන් නුදුරු අනාගතයේදි එක්සත් ජනපදය සෑම අතින් ඉක්මවා යන රාජ්‍යයක් බවට පත්වේවි යැයි සමහරුන්ගේ අදහස.
පසුගිය දශක කිහිපය තුල ඔවුන්ගේ අනුකරණ සංස්කෘතිය(copycat culture) නිසා ජාත්‍යන්තරය තුල ඉහළ අවදානයකට පාත්‍රවිය.සමහර බටහිර නිරීක්ෂකයන් විශ්වාස කරන්නේ මෙම සංස්තෘතිකමය ආකෘතිය කොන්ෆියුසියස්වාදය තුල මුල් බැසගත් එහි අනුගාමිකයන් සම්ප්‍රදායිකව උගත් දේ නැවත නැවත අත්හදාබලමින් දියුණු කිරීම මත පදනම් වූවක් බවයි.
Northrop Grumman X-47B
චීනය මෙම ක්ලෝනකරණය තුල වඩාත් විශිෂ්ඨත්වයට පත්ව තිබෙන්නේ අවි පද්ධති නිෂ්පාදනයේදීය.චිනය ඔවුන්ගේ හමුදා ශක්තිය ප්‍රසාරණය කරන්නටත් වැඩෙමින් ඇති ඔවුන්ගේ කලාපීය බලය ආරක්ෂා කරගන්නටත් අනෙකුත් රටවල අවි අනුකරණය කරනු ලැබේ.ඇමෙරිකානු යුද ගුවන් යානා වන ලොක් හීඩ් මාර්ටින් සමාගමේ ප්‍රහාරක යානය(Lockheed Martin F-35 Joint Strike Fighter) සහ Northrop Grumman X-47B නම් නියමුවන් රහිත ප්‍රහාරක යානයේ ස්වරූපයට ඉතා සමාන අනුකරණයන් චීනය සතුව තිබේ.මෙම අනුකරණවලට අවශ්‍ය සමහරක් තාක්ෂණයන් ලබාගෙන තිබෙන්නේ චීනය සතු ප්‍රබල සයිබර් ඔත්තු බැලීමේ ව්‍යාපාරය ඔස්සේය.
චීනුන්ගේ Ghost netහි ගොදුරු
එක්සත් ජනපද ආරක්ෂක බලධාරීන්ට අනුව චීනයේ හමුදා හැකර්වරුන් විසින් සාර්ථකව අතිශය රහසිගත තාක්ෂණික තොරතුරු සහිත වාර්තාවන් විවිධ අවස්ථාවල සොරාගෙන තිබේ.මෙම තාක්ෂණයන් පසුකාලීනව චීනය නිපදවූ අවි සඳහා යොදාගෙන තිබෙන බවට සාක්ෂි පවා ලැබි තිබේ.
එ.ජ. බලධාරීන්ට අනුව චීනය එ.ජනපදයේ මිත්‍ර රාජ්‍යවලින් ඇමෙරිකානු අවි රහසිගතව මිලටගෙන තිබේ.මේ හේතුව නිසාම ලොක්හීඩ් මාර්ටින් සමාගමේ F-22 රැප්ටර් නම් stealth වර්ගයේ ප්‍රහාරක යානා අපනයනය නොකිරීමට එක්සත් ජනපදය තීරණය කර තිබේ.
චීනය රුසියාවේ සුකොයි-27 යානය(Su-27) අනුකරණය කරමින් ෂෙන්යැන්ග් ජේ-11බී (Shenyang J-11B)නම් යානය නිපදවා තිබේ.චිනය සොරාගත් තාක්ෂණය වැඩිදියුණු කිරීමට චීනයට අවි අලෙවියෙන් ලැබෙන මුදල් රුසියාව දිගටම යොදවනු ලැබේ.
චීනය සතුව මේවන විට එක්සත් ජනපද ප්‍රහාරක යානා,ප්‍රෙඩේටර් වර්ගයේ ඩ්‍රෝන් යානා(Predator),හම්ව් රථ,යුද ටැංකි සහ පාබල හමුදා අවිවල අනුකරණ පිටපත් තිබෙන බව හෙළිව තිබේ.
එසේවුවත් චීනයේ මෙම අවිවල අනුකරණ පිටපත් ඒවාහි මූලාකෘති තරම් ප්‍රබල හැකියාවන්ගෙන් යුක්ත යැයි කිව නොහැකිය.එක්සත් ජනපදයේ හමුදා සහ ඒ ආශ්‍රිත කර්මාන්තවල බලධාරීන් ප්‍රකාශ කර තිබෙන්නේ ක්‍රියාත්මක වෙමින් පවතින චීනයේ සයිබර් ඔත්තු බැලිමේ සංග්‍රාමය ඔවුන්ගේ හමුදාමය ශක්තිය ,අවි පද්ධති සීග්‍රයෙන් දියුණු කරන්නටත් එක්සත් ජනපදයේ පස්වන පරම්පරාවේ ප්‍රහාරක යානා වන F-22 සහ F-35 යානාවල දර්ශකයන් සමග චීන ප්‍රහාරක යානා සම තැන් ගැනීමටත් විශාල උපකාරයක් කරාවි යන්නයි.
චීනය සමාජවාදී රටක් වුවද ඔවුන් දැන් බටහිර ධනවාදී ආර්ථික ක්‍රමය දරුකමට ගෙන ඒ මත ඔවුන්ගේ ආර්ථිකය නිර්මාණය කර තිබේ.චීනයේ දළ දේශීය නිෂ්පාදිතයට එක්සත් ජනපදයේ මට්ටමට ලඟාවීමට හෝ යුරෝපයේ මට්ටමට සමාන වීමට හෝ හැකිවුවහොත් චීනයට ඔවුන්ගේ හමුදා පර්යේෂණ ඇතුලු අනෙකුත් හමුදාමය අයවැය වෙනුවෙන් යෙදවිය හැකි මුදල් ප්‍රමාණය එක්සත් ජනපදයට වඩා තුන්ගුණයකින් වැඩි කිරීමේ හැකියාවක් ලැබේවි.එසේම චිනයට ඔවුන්ගේ හමුදා පුහුණු කිරීම් සහ පද්ධති දියුණු කිරීමට වැඩි මුදලක් සහ ශ්‍රමයක් වැය කරන්නට හැකිවේවි.
එවිට සමාන හමුදා පද්ධති,අවි පද්ධති සමග චීනයට එක්සත් ජනපද හමුදා සමග සමතැන් ගන්නට හැකිවේවි.(විශේෂඥයින්ට අනුව චීනය හමුදා ශක්තිය අතින් එක්සත් ජනපදයට වඩා වසර 5ක් පිටුපසින් පසුවේ.).මෙය දෙවන ලෝක යුද්ධයේදී රුසියාව ජර්මනිය පරාජය කිරීමට සමාන කල හැකිය.ජර්මනිය සතුව ප්‍රමාණවත් අවි පද්ධති හෝ තාක්ෂණික ප්‍රබලත්වයක් රුසියාවේ සංඛ්‍යාවන්ට සමාන වන්නට නොතිබිණි.
Source:USNI
-HarshaLulzSec-

රුසියාවේ සුකොයි-27 යානය(Su-27) සහ චීනයේ ෂෙන්යැන්ග් ජේ-11බී (Shenyang J-11B)
චීනය රුසියාවේ සුකොයි-27 යානය(Su-27) අනුකරණය කරමින් ෂෙන්යැන්ග් ජේ-11බී (Shenyang J-11B)නම් යානය නිපදවා තිබේ.චිනය සොරාගත් තාක්ෂණය වැඩිදියුණු කිරීමට චීනයට අවි අලෙවියෙන් ලැබෙන මුදල් රුසියාව දිගටම යොදවනු ලැබේ.
චීනය සතුව මේවන විට එක්සත් ජනපද ප්‍රහාරක යානා,ප්‍රෙඩේටර් වර්ගයේ ඩ්‍රෝන් යානා(Predator),හම්ව් රථ,යුද ටැංකි සහ පාබල හමුදා අවිවල අනුකරණ පිටපත් තිබෙන බව හෙළිව තිබේ.
එක්සත් ජනපදයේ F-35 යානය සහ එහි චීන අනුකරණය Shenyang J-31