ලියුකේමියාව_පැරදවූ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ලියුකේමියාව_පැරදවූ

ලියුකේමියාව පැරදවූ ශ්‍රී ලාංකික වෛද්‍යවරයා

151107171409_dr_samarasinghe_304x304_bbc_nocredit.jpg


වෛද්‍ය සුජිත් සමරසිංහ

ලෝක වෛද්‍ය විද්‍යා ඉතිහාසයට එක් වන එක්තරා අසිරිමත් සිදුවීමක් පිළිබඳව ලන්ඩනයේ රෝහලකින් වාර්තා වෙයි.
වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් අත්හදා බලන ලද නව ප්‍රතිකාර ක්‍රමයකින් ලෝකයේ පළමු වරට සුව කළ නොහැකි ලියුකේමියා රෝගයෙන් පෙළුණු අවුරුද්දක් වයසැති ගැහැණු දරුවකු සුවය ලබා ඇති බවයි ලන්ඩනයේ ග්‍රේට් ඔර්මන්ඩ් ස්ට්‍රීට් රෝහලෙන් වාර්තා වන්නේ.
මේ නව ක්‍රමය අත් හදා බැලීම පිටුපස ශ්‍රී ලාංකික සම්භවයක් ඇති වෛද්‍යවරයෙකු සිටීම ලොව පුරා සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ට අභිමානවත් හැඟීමක් ගෙන දෙන කාරණයක්.

මාස පහක පමණ කාලයක තිස්සේ ලෙයිලා නමැති බිලිඳිය සුව කළ නොහැකි ලියුකේමියා රෝගයෙන් ඉතා තදබල ලෙස පීඩා විඳිමිනුයි සිට ඇත්තේ.
සුව නොවන බවට ප්‍රත්‍යක්ෂ වීමෙන් පසු වේදනා නාශක ඖෂධ පමණක් ලබා දෙමින් රඳවා තබා ගන්නා ලෙසයි මව්පියන්ට උපදෙස් ලැබී ඇත්තේ.

නව ක්‍රම වේදයක්

කෙසේ නමුත් ඩිසයිනර් ඉමියුන් සෙල්ස් (designer immune cells) නම් ක්‍රමවේදය යොදා ගනිමින් ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් පවසන්නේ ඇය ගේ තත්වය යහපත් අතට හැරෙමින් පැවතීම ආශ්චර්යක් බවයි.
මේ සුවිශේෂ ප්‍රතිකාරය සිදු කළ වෛද්‍ය කණ්ඩායමේ විශේෂඥ වෛද්‍ය සුජිත් සමරසිංහ කියන විදියට ලෙයිලා ට ජීවත් වෙන්න වාසනාව තිබී ඇත්තේ තවත් මාස කිහිපයක් පමණි. වෙනත් කිසිදු ප්‍රතිකාර ක්‍රමයක් පිලිබඳ අදහසක් ද තිබී නොතිබුණි.
“ලෙයිලාට මාස කිහිපයක් වයස කාලෙදියි අයව මුලින්ම අරගෙන ආවේ ප්‍රතිකාර සඳහා. ඉතා බිලිඳු වියේ හිටපු ඇය තදබල ලෙස ලියුකෙමියාවෙන් එහෙම නැතිනම් සුදු රුධිරානු පිළිකාවකින් පෙළෙමින් හිටියේ. සම්මත ප්‍රතිකාර ක්‍රම සියල්ලම අපි කරලා බැලුව. කීමෝ තෙරපි සහ බොර්න් මැරෝ වගේ දේවල්.එත් ලියුකේමියාව නැවත ඇතිවුණා. ඒ නිසා අපි මේ සුවිශේෂී දෙයක් කළා. පරිත්‍යාග කරන්නෙකු ගෙන් සුදු රුධිර සෛල අරගෙන විද්‍යාගාරය තුළ නවීකරණයකට ලක් කරලා ලෙයිලා ගේ ලියුකේමියා සෛල විනාශ කල හැකි විශේෂ ජාන විශේෂයක දාල ඇයට එන්නත් මගින් ලබා දුන්න.” යනුවෙන් වෛද්‍ය සමරසිංහ තම අත්දැකීම විස්තර කළේය.


151106121004_layla_richards_leukaemia__patient__624x351_greatormondstreethospital.jpg



නව බලාපොරොත්තුවක්

වෛද්‍ය සුජිත් දිගින් දිගටම විස්තර කළ මේ ක්‍රමය මගින් ලේයිලාගේ රුධිරයේ සියලු ම ලියුකේමියා සෛල මරා දමන්න හැකියාව ලැබී තිබීම අනාගතයේ දී ලියුකේමියා නමැති රෝගය තුරන් කිරීමේ හැකියාව පිලිබඳ බලාපොරොත්තු දල්වන්නක්.
ඔහු පැවසූ ආකාරයට ලයිලාට යන්තම් වයස මාස තුනක් වන කාලයේ දීයි මුල් වරට ඇය ගේ මේ රෝගී තත්වය වෙනුවෙන් ප්‍රතිකාර කිරීම ආරම්භ කර ඇත්තේ.

2333.jpg


ඇයගේ පළමු උපන් දිනය සැමරීමට දිනක් තිබිය දී වෛද්‍යවරුන් ලයිලා ගේ දෙමව්පියන්ට උපදෙස් දුන්නේ තවත් කල හැකි දෙයක් නොමැති බැවින් වේදනා නාශක පමණක් ලබා දී ඇයව තබා ගන්නා ලෙසටයි.



151107172010_layla_richards_512x288_bbc_nocredit.jpg


මෙවැනි රුධිරය ආශ්‍රිත රෝගියෙකුට මීට ප්‍රථම කර තිබූ වෙනත් එකම ප්‍රතිකාරය විදියට දැනසිටියේ “මොලකියුලර් සිසර්ස්” නමැති ක්‍රමයෙන් ඩිසයිනර් ඉමියුන් සෛල නිපදවීමයි. මේ සෛල ලයිලාගේ රුධිරයට ඇතුල් කර සති 12 කින් නැවත ඉවත් කිරීමෙන් පසුවයි ඇගේ රෝගී තත්වය සුව අතට හැරී ඇත්තේ.
මෙම ප්‍රතිකාර ක්‍රමය ශ්‍රී ලංකාව ඇතුළු ලෝකය පුර සිටින අනෙකුත් පිළිකා රෝගීන් සඳහා හැකියාව ඇතිද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් වෛද්‍ය සුජිත් සමරසිංහ පැවසුවේ මෙය තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින බවයි.
කෙසේවුවද මේ ප්‍රතිකාර ක්‍රමය ළමුන් සඳහා පමණක් නොව වැඩිහිටියන් සඳහා ද යොදා ගැනීමේ හැකියාව පවතින බව පවසන වෛද්‍ය සමරසිංහ පරීක්ෂණ මගින් සනාථ කිරීමෙන් පසු ලියුකේමියා සඳහා පමණක් නොව වෙනත් පිළිකාවන් මෙන්ම රුධිර සංකුලතා සඳහාද, පරම්පරාවෙන් උරුම වී ඇති ඇතැම් රෝග සඳහා ද යොදා ගනු ලැබිය හැකි බවයි පැවසුවේ.
 
Last edited: