ලේසියෙන්ම 🍅🍅🍅 වවමුද ?

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ලේසියෙන්ම 🍅🍅🍅 වවමුද ?

ලේසියෙන්ම තක්කාලි වවමුද....:shocked:
🍅

2ic8dc9.jpg




  • පලවෙනියට මොනොවද ඕනි කරන දේවල් බලමු.

  1. පස්. (කොම්පොස්ට් හරි පොඩ්ඩක් සරු පස් ටිකක් හොයගන්න ඕනි.)
  2. පස් ටික දාලා හිටවන්න භාජනයක් ඕනි. (හිල් වුන මුට්ටියක්,මල් පෝච්චියක් ඒ වගේ යටින් වතුර බැහල යන විදිහට හදගන්න ඕනි.බිම වුනත් හිටවන්න පුලුවන් පොඩ්ඩක් පස් බුරුල් කරලා.)
  3. ඉදුනු තක්කාලි ගෙඩියක්. (අනන්තවත් ගෙදරට ගෙනපු තක්කාලි විසික් කරනවනේ ඔය ගෙයක් ගම්මු හැබයි ඉදුනු ගෙඩියක් වෙන්න ඕනි)
  4. පිහියක්. (කැපෙන පිහියක් ගම්මු නැත්තම් තක්කාලි ගෙඩිය කපද්දි තැලිලා ඇට ටික එලියට එයි.)


23h615k.jpg

  • හරි දැන් බලමු වැඩේ කරගන්න හැටි

🍅 පලවෙනියටම

අපි අර හොයගත්ත මුට්ටිය නැත්තම් මල් පෝච්චියට පස් ටිකක් පුරෝගන්නවා. ඒ කියන්නේ භාජනෙන් බාගයක් විතර. මෙන්න මේ වගේ.



20p8wu0.jpg


🍅 දෙවෙනියට


මෙන්න මේ තරම් මහතට තක්කාලි ගෙඩිය කපා ගන්න ඕනි.



2hftchz.jpg


🍅 තුන්වෙනියට


දැන් ඒ කපාපු තක්කාලි පෙති මෙහෙම අර පස් පුරෝපු පෝච්චියෙන් තියාගම්මු.



2uf94eg.jpg


🍅 හතරවෙනියට


ඊට පස්සේ තව පස් ටිකක් අරගෙන මේ වගේ අර පෙති වැහෙන්න පස් දාගන්න ඕනි. හැබයි මුලුමනින්ම වහන්න එපා. යන්තම් වැහුවහම ඇති. මොක්ද මොටයියට උඩට එන්න බැහැ ගොඩක් පස් දැම්මොත්.


35bwm69.jpg


🍅 පස්වෙනියට

දැන් තියෙන්නේ බලාගෙන ඉන්නද ? නැහැ. මේකට පොඩ්ඩක් වතුර එහෙම දාන්න ඕනි.හැබැයි වතුර දාද්දි හෙමින් දාන්න ඕනි හබරල කොල හිල් වෙන්න චූ කරනවා වගේ නැතුව. හැබැයි වැඩිය චොර වෙන්න වතුර දාන්න එපා. මොකද මොටයියෝ කුනු වෙන්න බලනවා වතුර වැඩි වුනොත්.
සතියකට දෙහෙකට පස්සේ මෙන්න මෙහෙම තියෙයි. :P




eq759d.jpg

පී.ස්.

මේ පැල ලොකුවීගෙන සාමාන‍ය ප්‍රමානයට එද්දි වෙනම පැල කරගන්න ඔනේ. මුල් පෝච්චියේ ගහ අතට එන්නෙ නැති වෙන්න වතුර දාලා පස බුරුල් කරලා පැල වෙනම හිටවන්න. නැත්නම් එක ගොඩේ හැදුනොත් පෙලක් පැල හැදෙන්නේ නැතුව යනවා. ඒ එකලග වෙන නිසා එතන ප්‍රශ්නයක් වෙනවා වැඩිය ඒක ගැන හිතන්න එපා.



309k6m8.jpg



මෙන්න වීඩියෝ එකකුත්







ඔවා සුද්දගේ රටේ වැඩ ලංකාවේ ඔච්චර කරන්න දෙයක් නැහැ. තක්කාලි ගෙඩිය දෑත බදල ගහපන් බිම එක ගහක් හරි පැලවෙනවා කුරුල්ලෝ හරි පොලොවේ ඉන්න සතෙක් හරි කෑවේ නැතොත්.

ගත්තේ මෙතනින්
ට්‍රයි එකක් දාලා බලන කට්ටියට වැදගත් වේයි නෙහ්
අනිත් කට්ටිය බම්ප් එකක් දාලා යන්න.
ස්තූතියි !!!
2l90hox.jpg
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මගේ 30කේ පොස්ට් එකට :P විස් කොරලා ත්‍රේඩ් එකක් දාපු
27ysabp.jpg
ට ස්තූතියි.
.
රිප්ලයි දාපු කට්ටියටත් තුති
:love::love:

11176a0.jpg
 
Last edited:

your_love

Well-known member
  • Apr 7, 2012
    14,050
    1
    11,087
    113
    හැබැයි වතුර දාද්දි හෙමින් දාන්න ඕනි හබරල කොල හිල් වෙන්න චූ කරනවා වගේ නැතුව.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පට්ට මචං Thanks
    අපේ ගෙදර ඉබේ පැලවෙච්ච තක්කාලි ගහක ගෙඩියක් හැදිලා ලඟදි කෑවා වවන්න ඕනෙ මේ ක්‍රමේට :yes:
     
    • Like
    Reactions: kellsupun