රහස් නියෝජිතයන්ගේ රහස් උපාංග එකතුව
මීට පෙර ලොව පැරණිම කුඩා කැමරා සහ කුඩාම මෙන්ම රහසිගතව ගෙනයා හැකි අවි සම්බන්ධව ලිපි කිහිපයක් ගෙනවා ඔබට මතක ඇති.මෙම ලිපිය ඒ සියල්ලට වඩා ඔබේ සිත් ගනිවි යැයි සිතමි.ලොව පුරා රටවල විහිදී සිටින ඔත්තු සේවාවල නියෝජිතයන් තම රහස් මෙහෙයුම් උදෙසා විවිධාකාරයේ අවි,කැමරා,සංවේදක උපාංග සහ තවත් රහසිගත උපකරණ යොදාගන්නා බව රහසක් නොවේ.බටහිර සිනමාව තුල මෙවැනි උපාංග බහුලව යොදාගනියි.ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාව,ගෙට් ස්මාර්ට්,මිෂන් ඉම්පොසිබල්,කින්ස් මෑන් ආදී චිත්‍රපට ඒ අතරින් කැපී පෙනේ.නමුත් චිත්‍රපටවල පෙන්වන තරම් දියුණු රහස් උපාංග ,අවි සැබෑ ලෝකයේදී චරපුරුෂයන්,කුලී ඝාතකයන් සහ හමුදාවන් යොදගන්නවාදැයි ප්‍රශ්නයක් මතුවිම නිරන්තරයෙන් සිදුවේ.ඔවුන්ගේ තාක්ෂණය කොතරම් දියුණු වුද ඒවා ලෝකයා හමුවේ එළිවන්නේ කලාතුරකිනි.ඒ කෙසේවෙතත් මෙම ලිපියෙන් දැනට භාවිතාවන එවැනි Spy Gadgets කිහිපයක් ගැන ඔබව දැනුවත් කරනු ඇත.
CMOS camera - වම්පසින් දැක්වෙන්නේ ලොව කුඩාම වර්ණ කැමරාව යැයි කියන ඇ.ඩො.150 පමණ වටිනා කැමරාවකි.මෙහි සිදුර අඟලෙන් 1/16 යැයි කියවේ.කැමරාව ප්ලග් එකක් සහ දත්ත සම්ප්‍රේෂක සමග පැමිණේ.
Electric Suitcase - දකුණුපසින් දැක්වෙන්නේ ඔබ මින් පෙර අසා හෝ නොමැති සුට්කේස් එකකි.එහි ඩෙසිබල් 107ක් ප්‍රබල එලාම් එකක් තිබේ.සොරෙක් ඔබේ සූට්කේස් එක උදුරාගත හොත් ඒ සමග එන දුරස්ථපාලකයේ බටනයක් එබීමෙන් පෙර කී එලාමය නාදවේ.එම උපක්‍රමය අසාර්ථකව සොරා සුට්කේසය රැගෙන ගිය හොත් දෙවන බටනය එබීමෙන් සොරාට වෝල්ට් 80,000ක විදුලි සැරයකට නිරාවරණය වීමට සිදුවන බව සඳහන්ය.මෙය කි.ග්‍රෑ. 3ක් බර බැටරි 16කින් සමන්විත වන අතර ඒ සමග දුරස්ථපාලකයන් 2ක්ද ලැබේ.
Cigarette pack camera - සිගරැට් පැකැට් කැමරාව.මෙය ව්‍යාජ සිගරැට් පැකැට්ටුවක රැඳවූ කැමරාවකි.බොහෝ රටවල මෙය තරමක් දුරට යල්පැන ගිය රහස් කැමරාවකි.නමුත් අවන්හලක වැනි ස්ථානයක රහසිගත නිරීක්ෂණයන්ට මෙය ප්‍රයෝජනවත් උපකරණයකි.
Key fob camera - කී ෆොබ් කැමරාව.මෙය සාමාන්‍යය Key fob එකක සැඟවු කැමරාවකි.මෙය ඔබට අවශ්‍ය තැනක තබා එහි කැමරාව ක්‍රියාත්මක කරන්න.එහි අඩංගු 2GB මතකය තුල වීඩියෝව රෙකෝඩ් වේ.ඊට මිනිත්තු 150ක් දක්වා වීඩියෝ හෝ 4000ක් දක්වා ඡායාරූප රඳවා ගත හැකිය.
Flexible fibre cameras - නම්‍යශීලී ෆයිබර් කැමරා.මෙවැනි කැමරා රහසිගත හමුදා මෙහෙයුම් ආදියේ යොදාගන්නා බව චිත්‍රපටවලදී ඔබ දැක ඇතුවාට සැකයක් නැත.සැබෑ ලෝකයේදීත් එය එසේමය.ප්‍රාණ ඇපකරු සිද්ධීන් හෝ වෙනත් අපරාධ සිද්ධීන්වලදී අපරාධකරුවන්ගේ ක්‍රියා රහසිගතව නිරීක්ෂණයට මෙවැනි කැමරා යොදාගනියි.දොරකට යටින් ,රාක්කයක හෝ බිත්තියක සිදුරක් තුලින් යවා කාමරයක් තුල සිදුවන දේවල් රහසේම නරඹන්නට ප්‍රයෝජනවත් කැමරාවකි.
SunGlasses & Caps - මෙවැනි ආකාරයේ කැමරා ඔබ ඕනෑතරම් චිත්‍රපටවල දැක ඇති.නමුත් ඒවා සැබවින්ම පවතියි.මේවාහි සැක නොසිතෙන ලෙස ඉතාම කුඩා කැමරා රඳවා තිබේ.කැමරාවක් සහිත අවි කණ්නාඩි සහ හිස් වැසුම් හොලිවුඩ් චිත්‍රපටවල සුලභව් භාවිතා වේ.
Tie camera - සමහරක් රහස් මෙහෙයුම්වලදී ඔත්තුකරුවන්ට උසස් යැයි කියන සමාජයේ ධනවතුන් සමග හැසිරෙන්නට සිදුවේ.එවිට ඔවුන්ට ඉහත කී සමහර උපාංග යොදාගැනීමේ අපහසුතාවයන් මතුවිය හැකිය.නමුත් මෙම බටන් එකක ආකාරයේ කැමරාව ඔබේ ඇඳුමේ දවටාගෙන යා හැකිය.එය ටයි පටියේ රැඳවිය හැකි ඉතාම උසස් තත්ත්වයේ වීඩියෝ දර්ශන සපයන කැමරාවකි.මෙම වර්ගයේ කැමරාව සමග සවුන්ඩ් චිපයක්ද පැමිණෙන අතර ඕනෑම මාදිලියේ ඇඳුමකට ගැළපෙන සේ නිමවූ බටන් මිලට ගත හැකිය.
Spy Watches and pens - රහස් ඔරලෝසු සහ පෑන්
Spy Watches - Ebay වැනි ඕන්ලයින් වෙළඳපොලවල් තුල වඩාත් ජනප්‍රිය ස්පයි ගැජට් එකක් ලෙස මේ ආකාරයේ අත් ඔරලෝසු හඳුන්වා දිය හැකිය.ජෙම්ස් බොන්ඩ් චිත්‍රපටවලද මෙවැනි අත් ඔරලෝසු බහුලව භාවිතා කෙරේ.වම්පස දැක්වෙන අත් ඔරලෝසුවේ අංක දෙක පිටුපස සැඟවුණු කැමරාවකි.
දකුණුපස අත් ඔරලෝසුවේ කුඩා වීඩියෝ කැම්කොඩරයක් ඔබ්බවා තිබේ.එහි 8GB දක්වා දත්ත ගබඩා කල හැකි මතකයක් සහිතය.පටිගත කරගන්නා දර්ශන පරිගණකයකින් නැරඹිය හැකිය.
Ticka - පැරණි කාලයේ රහස් කැමරා ඉතා අලංකාර මෙන්ම ඒ සමයේ පැවති හොඳම තාක්ෂණය ඒවා සඳහා යොදාගෙන තිබේ.පහත දැක්වෙන්නේ 1907 වසරේ නිකුත් කල Ticka නම් ඔරලෝසුවයි.
Spy pens - මෙහි දැක්වෙන්නේ නූතන කාලයේ පෑන් කැමරාය.
Spy Printers & Spy Scanners - පහත දැක්වෙන්නේ පෑනක ප්‍රමාණයේ රහස් ප්‍රින්ටරය සහ ස්කෑනරයක්
Peephole reverser - වම්පස රූපයේ දැක්වෙන්නේ දොරක යතුරු සිදුරකින් හෝ කාමරයක් තුල සිදුවන දෑ නැරඹිය හැකි උපාංගයකි.
Wireless earphone - දකුණුපස රූපයෙන් ඉතාම කුඩා කනේ රැඳවිය හැකි රැහැන් රහිත earphone එකක් දක්වා තිබේ.මෙය සමග කුඩා සම්ප්‍රේෂකයක්ද පැමිණේ.සම්ප්‍රේෂකය ඔබේ සාක්කුවේ හෝ ඇඳුමේ හෝ ශරීරයේ තැනක රැඳවිය හැකිය.රහසිගතව සන්නිවේදනය කිරීමට මෙම උපාංගය යොදාගනියි.
Telephone voice changers - දුරකථන හඬ වෙනස්කරණය.මෙවැනි ආකාරයේ උපාංග සමහර විට සෙල්ලම් බඩු ලෙස කුඩා ළමුන්ට අලෙවිකරයි.නමුත් නවීනතම ආකාරයේ voice changer උපාංග චර පුරුෂයන් යොදා ගනියි.වර්තමානයේ මෙවැනි උපකරණ ටෙලිෆෝන් සහ ජංගම දුරකතන සමග සුදුසු පරිදි ක්‍රියාත්මක වන සේ නිපදවා අලෙවියට තබා ඇත.හඬ උස් පහත් කිරීම,පිරිමි ගැහැණු කටහඬවල් මෙන්ම කුඩා ළමයෙක් ලෙසද මෙහි හඬ වෙනස් කල හැකිය.
Bug detector - අනාවරකයන්.සමහර අවස්ථාවල දඬයක්කරුවා දඬයම විය හැකිය.එනම් ඔබ යම් අයෙකු පිලිබඳව රහසිගතව සොයා බලන්නට ඉහත කී ඉලෙක්ට්‍රොනික උපාංග යොදාගන්නේ නම් ඔබේ සතුරාද එවැනි උපකරණවලි සන්නද්ධව ඔබ ගැන විමසිල්ලෙන් පසුවනවා වන්නටද පුලුවනි.මෙවැනි Bug detector යොදාගෙන ,රැහැන් සහිත සහ රහිත කැමරා කාමරයක හෝ වාහනයක සවිකර තිබෙනවා දැයි සොයාගත හැකිය.(මේක නම් කසාදෙට කලින් අඹුසැමියෝ වෙන්න කාමර හොයන්න එළකිරියට එන අයට ප්‍රයෝජනවත් වෙයි. )
White noise generator - ඔබේ පෞද්ගලික සහ රහසිගත සංවාදයන්ට යම් අයෙක් සැඟවුණු මයික්‍රෝෆෝන් යොදාගෙන සවන් දෙනවා වන්නට පුලුවනි.එවිට ඔබේ උදව්වට එන්නේ මෙවැනි ඝෝෂාකාරී තරංඟ උත්පාදනය කල හැකි උපාංගයකි.මෙම ගැජට් එක මගින් නිපදවන Noise එක බැලැන්කේට්ටුවක් මෙන් ක්‍රියා කරමින් වෙනත් අයෙකුට ඔබේ සංවාදයන්ට රහසිගත සවන්දීමේ හැකියාව අවම කරයි.බොහෝවිට සිදුවන්නේ සතුරු පාර්ශ්චයට සංවාදය පැහැදිලිව ශ්‍රවණය නොවීමකි.
Dissolving paper - ජලයේ දියවන කඩදාසි.මේ ගැන සමහර විට ඔබ අසා ඇති.ඉතා රහසිගත තොරතුරු අඩංගු ලිපි ගොනු සතුරන් අතට පත්වීම වැළැක්වීමට ඒවා පුලුස්සා දැමීම පහසුම ක්‍රමයක් වුවද එවැන්නක් කල නොහැකි අවස්ථාවක?.විශේෂයෙන් නිපදවූ කඩදාසි වර්ගයක්(සෝඩියම් කාබොක්සිල් මීතයිල් සෙලියුලෝස්) වන මෙහි ටයිප් කිරීමට හෝ ලිවීමට හැකිය.අවශ්‍ය විටෙක එම කඩදාසි සීතල,උණුසුම් ජලයේ ,හුමාලයේ හෝ වෙනත් ජලීය ද්‍රාවණයක් තුල දිය කර හැරිය හැක.
Envelope x-ray spray - වම්පස රූපයේ දැක්වෙන්නේ විනිවිද නොපෙනන කඩදාසියක් තාවකාලිකව පාරභාසක තත්ත්වයට ගෙන ආ හැකි දියරයකි.ලියුම් කවරයක් වැනි දෙයක් තුල බහා ඇති ලිපියක් එය විවෘත නොකර කියවා ගැනීම වැනි කාර්‍යයක් සඳහා මෙම දියරය යොදා ගත හැකිය.නමුත් තත්ත්පර 30 කට පසුව කඩදාසිය යළි විනිවිද නොපෙනෙන ලෙස සකස් වේ.
Clue spray - මෙම දියරය ඕනෑම මතුපිටකට ඉස්ස විට පියවි ඇසට නොපෙනෙන තුනී පටලයක් නිර්මාණය වේ.ඒ මත යම් අයෙක් ස්පර්ශ කල විට එය ඔහුගේ /ඇයගේ ශරීරයේ හෝ ඇඳුම් හෝ තැවරේ.එම සලකුණ දින 5ක් ගතවන තුරු ඉවත් නොවේ.අත්වල ගෑවී ඇත්නම් සෝදා හැරිය විට පවා ඉවත් නොවේ.නමුත් දියරය ඉස්ස පසු එය පියවි ඇසට නොපෙනේ.එය පෙන්නේ පාරජම්බුල කිරණ පහනකින් පමණි.
Spy weaponry - රහස් අවි
Stun pen - සිහිනැති කරවන පෑන.එය සාම්ප්‍රදායික මාර්කර් පෙන් එකක ප්‍රමාණයෙන් පැමිණේ.එක් වරක් මෙම පෑනෙන් ඔබේ සතුරාට තදින් ඇන්න හොත් ඉන් නිකුත් කරන වෝල්ට් 500,000ක් ප්‍රබල විදුලි සැරයෙන් ඔහුට සිහි නැතිවී බිම ඇද වැටේවි.මෙහිදී අධික වේදනාවක් සහ මාංශපේෂි හැකිලීමක් සිදුවේ.
Pepper spray rings - ගම්මිරිස් කුඩු විදින මුදු.මෙම මුදුවේ පසෙකින් තිබෙන බටනය එබීමෙන් සාන්ද්‍රණය කල ගම්මිරිස් දියරය ඔබට අඩියක් දුරින් සිටින අයෙකුගේ මුහුණට තත්පර 2-3ක් කාලයක් ස්ප්‍රේ කල හැකිය.මෙහි ප්‍රථිපල වන්නෙ ඔබේ සතුරාගේ පෙනීම සුලුවෙලාවකට නැතිව යෑම,හුස්ම ගැනීම අපහසුව,කිවිසුම් යාම සහ ඔක්කාරය ආදියයි.මින් සමහරක් තත්ත්වයන් මිනිත්තු 45 පමණ කාලයක් පැවතිය හැකිය.
pen and lipstick knives - පෑන් සහ තොල් සායම් රඳවන වල සැඟවුණු පිහි.බැලූ බැල්මට සාමාන්‍යය පෑනක් හෝ තොල් සායම් රඳවනයක් සේ පෙනුනත් කොපුව ඉවත් කල විට එය මාරාන්තික තලයක් සහිත බව පෙනේවි.මෙහි තිබෙන තොල් සායම් රඳවනයේ පිහි තල අඟල් 1 1/2ක් දිගකින් යුක්තය.
Sonic nausea - අතිධ්වනි ඔක්කාර අවිය.මෙවැනි උපකරණයක් පළමුවරට දුටුවේ කික් ඈස් -2 (Kick-Ass -2)චිත්‍රපටයේදීය.වෝල්ට් 9ක පමණ බැටරියකින් බලය ලබාගන්නා මෙම මාරාන්තික(වටේ ඉන්න උන්ට )අවිය උත්පාදනය කරන අතිධ්වනි ශබ්ද තරංගවලය නිරාවරණය වන අයෙකුට ක්ෂණිකව හිසේ කැක්කුම,දහඩිය දැමීම,සමබරතාවය නැතිවීම ,ඔක්කාරයට ඒම සහ අවසන් වශයෙන් පාලනයකින් තොරව වමනය යෑම ආදී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවේ.මෙය සෙනඟක් විසුරුවා හැරීම වැනි දෙයකට භාවිතා කල හැකිය.(ලංකාවේ පොලිසිය දැක්කොත් විනාශයි නේ.)
ඇත්තටම මේ ලිපියෙන් කතා කලේ ස්පයි ගැජට් කිහිපයක් ගැන විතරයි.අද වන විට එ.ජනපදය,ඊශ්‍රායලය,බ්‍රිතාන්‍යය රුසියාව සහ චීනය ආදී ප්‍රබල ඔත්තු සේවා සහිත රටවල අති නවීන Spy Gadgets ඕනෑ තරම් ඇති.නමුත් ලෝකයා හමුවේ හෙළිදරව් වී තිබෙන්නේ ඉන් සුළු ප්‍රමාණයක් පමණි.21 වන සියවන වන විට ලෝකය ඩිජිටල් ඔත්තු බලන්නන්ගේ කෙළිබිමක් බවට පත්ව තිබෙන බව රහසක් නොවේ.පුලුවන් වුනොත් ඔත්තු බැලීමට සහ සතුරා අඩපණ කිරීමට යොදාගන්නා සයිබර් අවි සම්බන්ධව කෙටියෙන් හෝ ලිපියක් පළ කරන්නට පොඩි බලාපොරොත්තුවක් තියෙනවා.කෙසේ නමුත් ස්පයි ගැජට් ගැන උනන්දුවන අයට ඒවා ගැන දැන කියා ගන්න වගේම මිල දී ගෙන පාවිච්චි කරන්නත් දැන් අන්තර්ජාලය ඔස්සේ ඕනෑ තරම් මූලාශ්‍ර සොයා ගත හැකිය.ඉතින් ඒ වැඩේ ඔබට භාරයි.
Source:Darkroastedblend.com
-HarshaLulzSec-

Coin with Chip - වම් පස රූපයෙන් කාසියක් ඇතුලත සඟවාගෙන රැගෙන යා හැකි මයික්‍රෝ චිපයක් පෙන්වා තිබේ.මෙය වෙළඳපොලේ ඇ.ඩො.30 පමණ වේ.
Cigarette Lighter Camera - දකුණුපස දැක්වෙන්නේ ලයිටරයක සැඟවූ කැමරාවකි.
Cigarette Lighter Camera - දකුණුපස දැක්වෙන්නේ ලයිටරයක සැඟවූ කැමරාවකි.
CMOS camera - වම්පසින් දැක්වෙන්නේ ලොව කුඩාම වර්ණ කැමරාව යැයි කියන ඇ.ඩො.150 පමණ වටිනා කැමරාවකි.මෙහි සිදුර අඟලෙන් 1/16 යැයි කියවේ.කැමරාව ප්ලග් එකක් සහ දත්ත සම්ප්‍රේෂක සමග පැමිණේ.
Electric Suitcase - දකුණුපසින් දැක්වෙන්නේ ඔබ මින් පෙර අසා හෝ නොමැති සුට්කේස් එකකි.එහි ඩෙසිබල් 107ක් ප්‍රබල එලාම් එකක් තිබේ.සොරෙක් ඔබේ සූට්කේස් එක උදුරාගත හොත් ඒ සමග එන දුරස්ථපාලකයේ බටනයක් එබීමෙන් පෙර කී එලාමය නාදවේ.එම උපක්‍රමය අසාර්ථකව සොරා සුට්කේසය රැගෙන ගිය හොත් දෙවන බටනය එබීමෙන් සොරාට වෝල්ට් 80,000ක විදුලි සැරයකට නිරාවරණය වීමට සිදුවන බව සඳහන්ය.මෙය කි.ග්‍රෑ. 3ක් බර බැටරි 16කින් සමන්විත වන අතර ඒ සමග දුරස්ථපාලකයන් 2ක්ද ලැබේ.
Hidden Cameras - රහසිගත කැමරා
Screw camera - ඉස්කුරුප්පු කැමරාව.මෙම ඉකුරුප්පු ඇණය තුල රැහැන් රහිත වීඩියෝ කැමරාවක් සැඟවී තිබෙන බව කිසිවෙකුට සිතාගත නොහැකිවේවි.
Cigarette pack camera - සිගරැට් පැකැට් කැමරාව.මෙය ව්‍යාජ සිගරැට් පැකැට්ටුවක රැඳවූ කැමරාවකි.බොහෝ රටවල මෙය තරමක් දුරට යල්පැන ගිය රහස් කැමරාවකි.නමුත් අවන්හලක වැනි ස්ථානයක රහසිගත නිරීක්ෂණයන්ට මෙය ප්‍රයෝජනවත් උපකරණයකි.
Key fob camera - කී ෆොබ් කැමරාව.මෙය සාමාන්‍යය Key fob එකක සැඟවු කැමරාවකි.මෙය ඔබට අවශ්‍ය තැනක තබා එහි කැමරාව ක්‍රියාත්මක කරන්න.එහි අඩංගු 2GB මතකය තුල වීඩියෝව රෙකෝඩ් වේ.ඊට මිනිත්තු 150ක් දක්වා වීඩියෝ හෝ 4000ක් දක්වා ඡායාරූප රඳවා ගත හැකිය.
Flexible fibre cameras - නම්‍යශීලී ෆයිබර් කැමරා.මෙවැනි කැමරා රහසිගත හමුදා මෙහෙයුම් ආදියේ යොදාගන්නා බව චිත්‍රපටවලදී ඔබ දැක ඇතුවාට සැකයක් නැත.සැබෑ ලෝකයේදීත් එය එසේමය.ප්‍රාණ ඇපකරු සිද්ධීන් හෝ වෙනත් අපරාධ සිද්ධීන්වලදී අපරාධකරුවන්ගේ ක්‍රියා රහසිගතව නිරීක්ෂණයට මෙවැනි කැමරා යොදාගනියි.දොරකට යටින් ,රාක්කයක හෝ බිත්තියක සිදුරක් තුලින් යවා කාමරයක් තුල සිදුවන දේවල් රහසේම නරඹන්නට ප්‍රයෝජනවත් කැමරාවකි.
Body-worn hidden cameras - පැළඳිය හැකි රහස් කැමරා
SunGlasses & Caps - මෙවැනි ආකාරයේ කැමරා ඔබ ඕනෑතරම් චිත්‍රපටවල දැක ඇති.නමුත් ඒවා සැබවින්ම පවතියි.මේවාහි සැක නොසිතෙන ලෙස ඉතාම කුඩා කැමරා රඳවා තිබේ.කැමරාවක් සහිත අවි කණ්නාඩි සහ හිස් වැසුම් හොලිවුඩ් චිත්‍රපටවල සුලභව් භාවිතා වේ.
Tie camera - සමහරක් රහස් මෙහෙයුම්වලදී ඔත්තුකරුවන්ට උසස් යැයි කියන සමාජයේ ධනවතුන් සමග හැසිරෙන්නට සිදුවේ.එවිට ඔවුන්ට ඉහත කී සමහර උපාංග යොදාගැනීමේ අපහසුතාවයන් මතුවිය හැකිය.නමුත් මෙම බටන් එකක ආකාරයේ කැමරාව ඔබේ ඇඳුමේ දවටාගෙන යා හැකිය.එය ටයි පටියේ රැඳවිය හැකි ඉතාම උසස් තත්ත්වයේ වීඩියෝ දර්ශන සපයන කැමරාවකි.මෙම වර්ගයේ කැමරාව සමග සවුන්ඩ් චිපයක්ද පැමිණෙන අතර ඕනෑම මාදිලියේ ඇඳුමකට ගැළපෙන සේ නිමවූ බටන් මිලට ගත හැකිය.
Spy Watches and pens - රහස් ඔරලෝසු සහ පෑන්
Spy Watches - Ebay වැනි ඕන්ලයින් වෙළඳපොලවල් තුල වඩාත් ජනප්‍රිය ස්පයි ගැජට් එකක් ලෙස මේ ආකාරයේ අත් ඔරලෝසු හඳුන්වා දිය හැකිය.ජෙම්ස් බොන්ඩ් චිත්‍රපටවලද මෙවැනි අත් ඔරලෝසු බහුලව භාවිතා කෙරේ.වම්පස දැක්වෙන අත් ඔරලෝසුවේ අංක දෙක පිටුපස සැඟවුණු කැමරාවකි.
දකුණුපස අත් ඔරලෝසුවේ කුඩා වීඩියෝ කැම්කොඩරයක් ඔබ්බවා තිබේ.එහි 8GB දක්වා දත්ත ගබඩා කල හැකි මතකයක් සහිතය.පටිගත කරගන්නා දර්ශන පරිගණකයකින් නැරඹිය හැකිය.
Ticka - පැරණි කාලයේ රහස් කැමරා ඉතා අලංකාර මෙන්ම ඒ සමයේ පැවති හොඳම තාක්ෂණය ඒවා සඳහා යොදාගෙන තිබේ.පහත දැක්වෙන්නේ 1907 වසරේ නිකුත් කල Ticka නම් ඔරලෝසුවයි.
Spy pens - මෙහි දැක්වෙන්නේ නූතන කාලයේ පෑන් කැමරාය.
Spy Printers & Spy Scanners - පහත දැක්වෙන්නේ පෑනක ප්‍රමාණයේ රහස් ප්‍රින්ටරය සහ ස්කෑනරයක්
Peephole reverser - වම්පස රූපයේ දැක්වෙන්නේ දොරක යතුරු සිදුරකින් හෝ කාමරයක් තුල සිදුවන දෑ නැරඹිය හැකි උපාංගයකි.
Wireless earphone - දකුණුපස රූපයෙන් ඉතාම කුඩා කනේ රැඳවිය හැකි රැහැන් රහිත earphone එකක් දක්වා තිබේ.මෙය සමග කුඩා සම්ප්‍රේෂකයක්ද පැමිණේ.සම්ප්‍රේෂකය ඔබේ සාක්කුවේ හෝ ඇඳුමේ හෝ ශරීරයේ තැනක රැඳවිය හැකිය.රහසිගතව සන්නිවේදනය කිරීමට මෙම උපාංගය යොදාගනියි.
Telephone voice changers - දුරකථන හඬ වෙනස්කරණය.මෙවැනි ආකාරයේ උපාංග සමහර විට සෙල්ලම් බඩු ලෙස කුඩා ළමුන්ට අලෙවිකරයි.නමුත් නවීනතම ආකාරයේ voice changer උපාංග චර පුරුෂයන් යොදා ගනියි.වර්තමානයේ මෙවැනි උපකරණ ටෙලිෆෝන් සහ ජංගම දුරකතන සමග සුදුසු පරිදි ක්‍රියාත්මක වන සේ නිපදවා අලෙවියට තබා ඇත.හඬ උස් පහත් කිරීම,පිරිමි ගැහැණු කටහඬවල් මෙන්ම කුඩා ළමයෙක් ලෙසද මෙහි හඬ වෙනස් කල හැකිය.
Bug detector - අනාවරකයන්.සමහර අවස්ථාවල දඬයක්කරුවා දඬයම විය හැකිය.එනම් ඔබ යම් අයෙකු පිලිබඳව රහසිගතව සොයා බලන්නට ඉහත කී ඉලෙක්ට්‍රොනික උපාංග යොදාගන්නේ නම් ඔබේ සතුරාද එවැනි උපකරණවලි සන්නද්ධව ඔබ ගැන විමසිල්ලෙන් පසුවනවා වන්නටද පුලුවනි.මෙවැනි Bug detector යොදාගෙන ,රැහැන් සහිත සහ රහිත කැමරා කාමරයක හෝ වාහනයක සවිකර තිබෙනවා දැයි සොයාගත හැකිය.(මේක නම් කසාදෙට කලින් අඹුසැමියෝ වෙන්න කාමර හොයන්න එළකිරියට එන අයට ප්‍රයෝජනවත් වෙයි. )
White noise generator - ඔබේ පෞද්ගලික සහ රහසිගත සංවාදයන්ට යම් අයෙක් සැඟවුණු මයික්‍රෝෆෝන් යොදාගෙන සවන් දෙනවා වන්නට පුලුවනි.එවිට ඔබේ උදව්වට එන්නේ මෙවැනි ඝෝෂාකාරී තරංඟ උත්පාදනය කල හැකි උපාංගයකි.මෙම ගැජට් එක මගින් නිපදවන Noise එක බැලැන්කේට්ටුවක් මෙන් ක්‍රියා කරමින් වෙනත් අයෙකුට ඔබේ සංවාදයන්ට රහසිගත සවන්දීමේ හැකියාව අවම කරයි.බොහෝවිට සිදුවන්නේ සතුරු පාර්ශ්චයට සංවාදය පැහැදිලිව ශ්‍රවණය නොවීමකි.
Dissolving paper - ජලයේ දියවන කඩදාසි.මේ ගැන සමහර විට ඔබ අසා ඇති.ඉතා රහසිගත තොරතුරු අඩංගු ලිපි ගොනු සතුරන් අතට පත්වීම වැළැක්වීමට ඒවා පුලුස්සා දැමීම පහසුම ක්‍රමයක් වුවද එවැන්නක් කල නොහැකි අවස්ථාවක?.විශේෂයෙන් නිපදවූ කඩදාසි වර්ගයක්(සෝඩියම් කාබොක්සිල් මීතයිල් සෙලියුලෝස්) වන මෙහි ටයිප් කිරීමට හෝ ලිවීමට හැකිය.අවශ්‍ය විටෙක එම කඩදාසි සීතල,උණුසුම් ජලයේ ,හුමාලයේ හෝ වෙනත් ජලීය ද්‍රාවණයක් තුල දිය කර හැරිය හැක.
Envelope x-ray spray - වම්පස රූපයේ දැක්වෙන්නේ විනිවිද නොපෙනන කඩදාසියක් තාවකාලිකව පාරභාසක තත්ත්වයට ගෙන ආ හැකි දියරයකි.ලියුම් කවරයක් වැනි දෙයක් තුල බහා ඇති ලිපියක් එය විවෘත නොකර කියවා ගැනීම වැනි කාර්‍යයක් සඳහා මෙම දියරය යොදා ගත හැකිය.නමුත් තත්ත්පර 30 කට පසුව කඩදාසිය යළි විනිවිද නොපෙනෙන ලෙස සකස් වේ.
Clue spray - මෙම දියරය ඕනෑම මතුපිටකට ඉස්ස විට පියවි ඇසට නොපෙනෙන තුනී පටලයක් නිර්මාණය වේ.ඒ මත යම් අයෙක් ස්පර්ශ කල විට එය ඔහුගේ /ඇයගේ ශරීරයේ හෝ ඇඳුම් හෝ තැවරේ.එම සලකුණ දින 5ක් ගතවන තුරු ඉවත් නොවේ.අත්වල ගෑවී ඇත්නම් සෝදා හැරිය විට පවා ඉවත් නොවේ.නමුත් දියරය ඉස්ස පසු එය පියවි ඇසට නොපෙනේ.එය පෙන්නේ පාරජම්බුල කිරණ පහනකින් පමණි.
Spy weaponry - රහස් අවි
Stun pen - සිහිනැති කරවන පෑන.එය සාම්ප්‍රදායික මාර්කර් පෙන් එකක ප්‍රමාණයෙන් පැමිණේ.එක් වරක් මෙම පෑනෙන් ඔබේ සතුරාට තදින් ඇන්න හොත් ඉන් නිකුත් කරන වෝල්ට් 500,000ක් ප්‍රබල විදුලි සැරයෙන් ඔහුට සිහි නැතිවී බිම ඇද වැටේවි.මෙහිදී අධික වේදනාවක් සහ මාංශපේෂි හැකිලීමක් සිදුවේ.
Pepper spray rings - ගම්මිරිස් කුඩු විදින මුදු.මෙම මුදුවේ පසෙකින් තිබෙන බටනය එබීමෙන් සාන්ද්‍රණය කල ගම්මිරිස් දියරය ඔබට අඩියක් දුරින් සිටින අයෙකුගේ මුහුණට තත්පර 2-3ක් කාලයක් ස්ප්‍රේ කල හැකිය.මෙහි ප්‍රථිපල වන්නෙ ඔබේ සතුරාගේ පෙනීම සුලුවෙලාවකට නැතිව යෑම,හුස්ම ගැනීම අපහසුව,කිවිසුම් යාම සහ ඔක්කාරය ආදියයි.මින් සමහරක් තත්ත්වයන් මිනිත්තු 45 පමණ කාලයක් පැවතිය හැකිය.
pen and lipstick knives - පෑන් සහ තොල් සායම් රඳවන වල සැඟවුණු පිහි.බැලූ බැල්මට සාමාන්‍යය පෑනක් හෝ තොල් සායම් රඳවනයක් සේ පෙනුනත් කොපුව ඉවත් කල විට එය මාරාන්තික තලයක් සහිත බව පෙනේවි.මෙහි තිබෙන තොල් සායම් රඳවනයේ පිහි තල අඟල් 1 1/2ක් දිගකින් යුක්තය.
Sonic nausea - අතිධ්වනි ඔක්කාර අවිය.මෙවැනි උපකරණයක් පළමුවරට දුටුවේ කික් ඈස් -2 (Kick-Ass -2)චිත්‍රපටයේදීය.වෝල්ට් 9ක පමණ බැටරියකින් බලය ලබාගන්නා මෙම මාරාන්තික(වටේ ඉන්න උන්ට )අවිය උත්පාදනය කරන අතිධ්වනි ශබ්ද තරංගවලය නිරාවරණය වන අයෙකුට ක්ෂණිකව හිසේ කැක්කුම,දහඩිය දැමීම,සමබරතාවය නැතිවීම ,ඔක්කාරයට ඒම සහ අවසන් වශයෙන් පාලනයකින් තොරව වමනය යෑම ආදී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවේ.මෙය සෙනඟක් විසුරුවා හැරීම වැනි දෙයකට භාවිතා කල හැකිය.(ලංකාවේ පොලිසිය දැක්කොත් විනාශයි නේ.)
දිග වැඩිද ත්‍රෙඩ් එක? කට්ටියට එපා වෙයිද මන්දා.එහෙනම් ඔන්න ලිපිය අවසන් කරන්න යන්නේ.
ඇත්තටම මේ ලිපියෙන් කතා කලේ ස්පයි ගැජට් කිහිපයක් ගැන විතරයි.අද වන විට එ.ජනපදය,ඊශ්‍රායලය,බ්‍රිතාන්‍යය රුසියාව සහ චීනය ආදී ප්‍රබල ඔත්තු සේවා සහිත රටවල අති නවීන Spy Gadgets ඕනෑ තරම් ඇති.නමුත් ලෝකයා හමුවේ හෙළිදරව් වී තිබෙන්නේ ඉන් සුළු ප්‍රමාණයක් පමණි.21 වන සියවන වන විට ලෝකය ඩිජිටල් ඔත්තු බලන්නන්ගේ කෙළිබිමක් බවට පත්ව තිබෙන බව රහසක් නොවේ.පුලුවන් වුනොත් ඔත්තු බැලීමට සහ සතුරා අඩපණ කිරීමට යොදාගන්නා සයිබර් අවි සම්බන්ධව කෙටියෙන් හෝ ලිපියක් පළ කරන්නට පොඩි බලාපොරොත්තුවක් තියෙනවා.කෙසේ නමුත් ස්පයි ගැජට් ගැන උනන්දුවන අයට ඒවා ගැන දැන කියා ගන්න වගේම මිල දී ගෙන පාවිච්චි කරන්නත් දැන් අන්තර්ජාලය ඔස්සේ ඕනෑ තරම් මූලාශ්‍ර සොයා ගත හැකිය.ඉතින් ඒ වැඩේ ඔබට භාරයි.
මෙන්න තියෙනවා ඕන Spy Gadgets තරම්.හැබැයි ගිනි ගණන්.අඩුවට ඇති Ebay වල.
Source:Darkroastedblend.com
-HarshaLulzSec-