පාසැල් නිල ඇඳුම් රෙදි වෙනුවට මුදල් වවුචර්
පාසැල් නිල ඇඳුම් රෙදි වෙනුවට මුදල් වවුචර් ලබා දීම
රජයේ අරමුදල් වියදම් කර පාසැල් සිසු සිසුවියන් හට මෙතෙක් ලබා දුන් පාසැල් නිල ඇඳුම් රෙදි වෙනුවට මුදල් වවුචර් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අමාත්‍යවරයා තීරණය කර තිරණය කළ බව වාර්තා විය.
ඕනෑම භාන්ඩයක් හෝ සේවාවක් ලබා ගැනීම සඳහා ප්‍රසම්පාදන ප්‍රතිපාදන රජය පනත් මගින් සම්මත කර ගෙන තිබේ. අමාත්‍යංශය කර්තව්‍ය වෙන්නේ රාජ්‍ය ආයන ඒ සඳහා ශක්තිමත් නොමැති නම් පුද්ගලික අංශයෙන් ටෙන්ඩර් කැඳවා හොඳම ලන්සුවට ටෙන්ඩරය ලබා දීමයි.
මෙහි හොඳම ටෙන්ඩරය යනු තත්වයෙන් උසස් රෙදි කැබැල්ලක් නිවැරදි ප්‍රමාණයෙන් පාසැල් ළමුන්ට ලැබීමේ සිට මුදල් වියදම් කරනු ලබන රජයට (ජනතාවට) වඩා වාසිදායක මිල ලැබීම දක්වා වේ.
අමත්‍යවරයාට හෝ එම අමාත්‍යංශයේ ප්‍රසම්පාදන කමිටුවේ ඉහල නිලධාරීන්ට ලැබෙන කොමිස් මුදල මෙහිදි අදාල කර ගත යුතු නොවේ.
මෙම කාර්යය සුවිශාල කාර්යයකි.
ජනතාවට රජයක් අවශ්‍ය වෙන්නේ ඇයි..?
මේගැටළුව පිළිබඳ අප සළකා බැලිය යුත්තේ එතැන සිටයි.
තනි තනි පුරවැසියාට ඉටු කර ගැනීමට අපහසු නමුත් විශාල බලයක් සහිත ආයතනයක් විසින් සංවිධානය කර අවුලක් නොවී සංවිධානය කළ හැකි කාර්යයන් රටකට ඕනෑ තරම් තිබේ.
යුද්ධ අවස්ථාවක ජනතාවගේ ආරක්ෂාව සැපයීම සඳහා සතුරා සමග සටන් වැදීම වැනි කාර්යන්ගේ සිට සුභ සාධන ක්‍රියා සාධාරණත්වයකින් යුතුව ජනතාවට සැපයීම දක්වා විශාල විෂය පඨයක් මේ ජනතා අවශ්‍යතා ලැයිස්තුව තුල අන්තර්ගතව තිබේ.
එම අවශ්‍යතා ඉටුකරවා ගැනීම සඳහා වරින් වර ජනතාව විසින් දේශපාලකයින්ගෙන් සමන්විත ආණ්ඩු පත් කරවන අතර එම ආණ්ඩුවල වගකීම වෙන්නේ රජයේ පරිපාලනය යොදා ගනිමින් ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමයි.
මෙම වගකීම ඉටු කිරීමේ දී සිදුවෙන අක්‍රමිතා වෙතොත් එහි වගකීම අදාල අමත්‍යංශයේ අමාත්‍යවරයාගේ ය. ඔහු ඉතා නිවැරදි ස්ථාවරයක සිටිමින් අක්‍රමිතා වැළැක්විය යුතුය. මේ වගකීමේ බැබෑරුම්කම නිසා රෙදි මිල දී ගැනීමේ සිට පැකට් කිරීම දක්වා වූ ක්‍රියාවලියෙන් අධ්‍යාපන අමාත්‍යවරයා පැන ගොස් තිබෙන බවත් එම වගකීම ළමුන්ට දී ඇති බවත් පැහැදිලි ය.
ළමුන් හට නිල ඇඳුමේ රෙදි කැබැල්ල වෙනුවට මුදල් ලබා දීම සමහරුන්ට අනුව නම් හොඳ තීරණයකි.
නමුත් විවෘත වෙළඳ පොළ වෙත ඇති වෙන ලක්ෂ හතලිහක රෙදි ඉල්ලුමක් ක්ෂණිකව ඇතිවීමේ ප්‍රතිඵලය කිසිවෙකු විසින් හෝ විශ්ලේෂණය කර නොමැත.
සාමාන්‍ය රීතිය අනුව ක්ෂණිකව ඇතිවෙන ඉල්ලුම නිසා භාණ්ඩ හිඟයක් ඇති වෙන අතර මිල ඉහල යයි.
පාරිභෝගිකයා වූ පාසැල් ළමයාව ඉල්ලුම් සැපයුම් න්‍යායේ සැඟවී සූරා කෑමට වෙළෙන්දාට අවස්ථාව ලැබෙන්නේ මෙම අවස්ථාවේදී ය. ළමුන් මුදල් උපයන්නේ නැති නිසා සැබෑ ලෙසම සූරා කෑමට ලක් වෙන්නේ පාසැල් ළමුන්ගේ දෙමව්පියන් ය.
දේශපාලන කිඹුලන්ගේ නොමසුරු දායකත්වයෙන් ආණ්ඩුව පත්කිරීමට ඡන්දය දුන් ජනතාව සූරා කෑම සඳහා වරම් ලැබේ.
අකිල විරාජ් ඇමතිවරයා තම බලතල තමා සන්තකයේ තබා ගෙන වගකීම් පමණක් ළමුන්ට දී තිබේ.
යකෝ ඔය ආණ්ඩුත් ළමයින්ට දීපල්ලා කියා කීමට අපට සිදු වෙන්නේ ආණ්ඩුවේ ළදරු ක්‍රියා දකින විට ය
-රවිනාත් විජේසේකර-