ලාංකීය සැප

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    ශ්‍රී ලාංකිකයා ,
    එහෙමත් නැත්තන් අපේ රට , ශ්‍රී ලංකාව ,
    pray for paris ,
    30 අවුරුදු යුද්ධය ...

    මේ වගේ මාතෘකාවල් කිහිපයකින්ම ත්‍රෙඩ් කිහිපයක් ඊයේ දවස පුරා එළකිරියේ දැක්ක නිසා අද පුංචි කතාවක් කියන්නයි යන්නේ. මෙගා නාටිටියක් නෙවෙයි , එත් ටිකක් දිග වෙයි.දිග ලිපියක් උනොත් සමාවෙන්න ඕනේ. තාම ජීවිතේ පුංචි එකා කාලේ ගෙවන මගේ මතයේ මොකක් හරි අඩුපාඩුවක් තියේ නං ඒක නිවැරදි කරලා දෙන චේතනාවෙන් හරි කමක් නෑ මේක කියෝනව නං පිං.

    මේ එළකිරියේ බහුතරයක් , මං මුස්ලිම් ආගම ගැන දරන මතයත් එක්ක අනිවා ගැටෙන බව මං දන්නවා . මගෙන් කැපෙන රෙප් වලින් , ලැබෙන කමෙන්ට්ස් වලින් ඒක මට තේරෙනවා. ඒ වගේම අපේ රටේ බහුතරයකගේත් තියෙන මතවාදය ඕකම තමයි කියලත් මට දැනෙනවා. එත් 1000ක් වැරදි පාරේ ගියත් තමන් හරි පාරේ යනවා නං බය නැතුව යන්න ඕනේ කියන එක හිතේ තියන් මං නං ඕව නොදැක්ක වගේ ඉන්නවා. කතාව ඕක නෙවෙයි. අපි ඕක අමතක කරමු. ඔය මුස්ලිම් , ආගම් , ත්‍රස්තවාදය , අන්තවාදය කියන හැමදේම අපි අමතක කරමු. කතාව වෙන තැනකින් පටන් ගමු.

    Flag-of-SL.jpg


    අපි , එහෙම නැත්තන් ශ්‍රී ලාංකිකයෝ,
    අපිට වරදින්න හේතුව මොකක්ද ?
    එතකොට ඔයා මගෙන් අහන්න පුළුවන් අපිට වැරදිලා ද ? මං දැනන් හිටියේ නැහැනේ කියල ..
    මං කියනවා ඔව් අපිට වැරදිලා. මොකද අපිට හරි ගියා නං එදා සුද්දගෙන් අපේ රටට නිදහස ලැබෙනකොට හිටියට වඩා හැම අතින්ම දියුණු වුනු , හැම අතින්ම ශ්‍රේෂ්ට ජාතියක් වෙන්න ඕනේ. මොකද ඒ නිදහස ගන්න තමයි අපි දත කාගෙන , පොර බැදගෙන , මිනි මරාගෙන , ගිවිසුම් ගහගෙන එච්චර මහන්සි වුනේ .. එත් .......... ඇත්තටම සුද්ද අපිට නිදහස දෙද්දී , අපි ඒ නිදහස දරා ගන්න පුළුවන් ජාතියක් බවට පත් වෙලා හිටියද ?
    නැත මිත්‍රවරුනි නැත.

    To be continued...........


    ***********************
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කැපිලා රිදෙනකොට තේරෙයි ගැහුවෙ වීදුරුවකට කියලා..:sorry:

    හා කමක් නෑ ඉතුරු ටිකත් දාහං..:dull:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    සුද්දා ... එහෙමත් නැත්තන් පර ගැත්තන්ගෙන් අපේ රට ආක්‍රමණය වෙන්න කලින් , මේ රට බොහොම එකමුතු ජාතියක් හිටපු , කහවනු ලක්ෂයක් දෙනවා කිව්වත් තමන්ගේ මිනිහව පාවා නොදීපු ජාතියක් බව අනිවා ඔබත් මමත් ඉතිහාස පාඩම් වලින් ඉගෙන ගෙන තියෙන නිසා දන්නවා.

    ඔහොම හිටපු ජාතිය පරදේසක් කාරයොන්ගේ ආක්‍රමණ වලට දීර්ග කාලයක් තිස්සේ ලක් වෙනකොට මේ ශ්‍රී ලාංකික ජාතිය කියන්නේ බොහොම එකමුතු ජාතියක් බව සුද්දට තෙරුනයි කියලත් අපි ඉතිහාස කතා වලින් අහල තියෙනවා .. එත් මිත්‍රවරුනි , ඔය හැමදේම අපි දැනන් හිටියත් අපි හැමෝම අපේ මුල අමතක කරන ලෙඩේ නිසා අමතක කරපු , විශේෂම , වැදගත්ම , අපිට වඩාත්ම කෙල වුනු දේ පිළිබඳව අමතකර කොරා නොවේද ? ඒ මොකක්ද ? පර දේසක්කාරයෝ මේ රට අල්ලගන්නකොට තමන්ට මේ රට පාලනය කරන්න බැරි බව තේරුම් යනකොට , උන් අපේ රටේ පාලනය අතට ගන්න ලේසියෙන්ම හදා ගත්තු උපක්‍රමය මොකක්ද ? ඒ තමයි , ජාතින් බෙදා වෙන් කර පාලනය කරන්නට ගැනීම . එදා දෙමළා , සින්හලයා , ලෙබ්බේලා වශයෙන් සුද්දාගේ උවමනාවට බෙදුණු අපිව , සුද්දා අවුරුදු සිය ගණනක් තිස්සේ පාලනය කරයි කියන එක ඔබත් මමත් හොඳටම දන්නවා ..

    ඔන්න ඔය සන්තැසියම තමයි මිත්‍ර වරුනි ශ්‍රී ලාංකීය nation එකේ හෙනයට හිටියේ.

    සුද්දා අපේ රට 1948 අපිට බාර දුන්නත් , අපි කාටවත් ඔය සන්තැසිය මතක නැති වීම නිසා මේ වෙනකොටත් නිදහස ලබල අවුරුදු 67ක් යන තුරුම අපි එකම තැන පල් වේවි ගඳ ගගහා සිටින්නට එකම හේතුව ඕක පමණයි.

    "රටක් පාලනයට ජාතින් බෙදා වෙන් කර පාලනය කිරීමේ ක්‍රමය ඉතාමත් උචිත උවත් එයින් වාසි අත් වෙන්නේ එම රට පාලනය කරන පිරිසට පමණක් වන අතර එම රටට නොවන බව"

    උබලට මතක් කරලා දෙන්නයි කියලත් මේ වෙලාවේ මගේ මොලෙන් සිග්නල් එකක් ලැබුන. අන්න ඒ මට මොලෙන් ලැබුණු සිග්නල් එක ආයේ පාරක් කියෝලා බැලුවොත් තේරෙයි , මේ හේතුව නිසාම නේද මෙතුවක් කල් ශ්‍රී ලංකාවේ පත් වෙච්ච හැම රජයක් ම වාසි ලබා ගත්තත් මේ රටට යහපතක් නොවුනේ ඇයි කියල.

    To be continued........

    ************************

    [FONT=&quot]
    [/FONT]
     
    Last edited:
    • Like
    Reactions: rejectzion

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    ඉතින් ........... ඔය සුද්දාගෙන් පාලනය ගත්තට පස්සේ අපි පාලනය කරගන්න බැරුව රෙද්දේ රෙවා ගත්ත හැටි අමතක කරමුකෝ. ඊළඟට මං කියන්නං අපේ මේ ශ්‍රී ලාංකීය ජාතිය එතැන් පටන් කොහොමද කෙලවා ගත්තේ සහ , ඉදිරියට කෙලවා ගන්නේ කියල. අපේ මේ ශ්‍රේෂ්ට ජ්‍යෙෂ්ට ලෝකෙටම එකක් වන වෙන කොහෙවත් නැති ශ්‍රී ලාංකීය ජාතිය කෙලවා ගත ලොකුම තැන තමයි , තමන්ගේ 1948 ජයග්‍රහණයෙන් උදම් අනමින් සිටීම සහ දුර දිග නොබලා කටයුතු කිරීම. ඒ මම කිව්ව දේ තාමත් ශ්‍රී ලාංකිකයාගේ ලක්ෂණයක් බව කරුණාවෙන් සලකන්න.

    sinhalese-girl-from-ceylon-c1895.jpg


    ඒ කිව්වේ මේකයි , ශ්‍රී ලාංකිකයෝ ... (විශේෂයෙන් සිංහලයෝ-සිංහලයේක් කියන්නේ කවුද කියල පස්සේ කියන්නං) 1948 පස්සේ තමන්ගේ සංස්කෘතිය , ඉතිහාසය බදාගෙන , ඉඹගෙන , ගැට ගහගෙන තමන්ට දැන් දීර්ග ගමනක් යන්න පුළුවන් බවට හීන මැවුව .. එත් ඇත්තටම උනේ මේකයි , අපි ඒක බදා ගත්ත වැඩි උනා ... සමාජය ඇහිරෙන්න පටන් ගත්ත . 1948න් පස්සේ මිනිස්සු තමන්ගේ ප්‍රශ්න / හැඟීම් අනෙකාගෙන් හංගාගනිමින් තමන්ව රවට්ටා ගන්න පටන් ගත්ත. සංස්කෘතිය ඕනාවට වඩා බදා ගැනීමට යාම නිසා ඔය විදිහට මිනිස්සුන්ගේ හැඟීම් , සිතුවිලි මිනිස්සු තමා තුලම හිර කරගන්න පටන් ගත්තට පස්සේ , ඔන්න එනවා හොඳම කෑල්ල ... මිනිස්සු තුල කුහක කම / මාන්නය / මහන්තත්ත කම / තන්හාව ඉහවහා යන්න පටන් ගත්ත. ඒක තනි මිනිහෙක් වශයෙන් නං කමක් නෑ , එත් ඕක ජාතියක් වශයෙන් ඇති වුනු ක්‍රියාවලියක් ... අන්න එතනයි මිත්‍රවරුනි අපිට කෙලවුනු ඊළඟ තැන. But , ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ , ඔය කෙල වුනු කෙලවීමට තවත් හෙන ගෙඩියක් පාත් වෙන්නේ මේ ආකාරයටයි.

    To be continued ....

    ***********************************
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    ඒ හෙන ගෙඩිය තමා , ඔය විදිහට , හැඟීම් / සිතුවිලි තමන් තුලම හිර කරගනිමින් තමන්ව රවට්ට ගන්න පෙළඹුන අපේ ශ්‍රී ලාංකිකයාගේ තන්හාව / කුහකකම වැඩි වෙනකොට අපේ ජේ ආර් ලොක්ක චූන් එකේ පාත් කරනවා විවෘත ආර්ථිකය කියල එකක්. විවෘත ආර්ථිකය රටකට ගැලපෙන හොඳ ආර්ථික ක්‍රමයක් වුනත් , සුද්දාගේන් පුක්ෂණය වී සංස්කෘතියෙන් ජීවය සෙවූ ජාතියකට ඒක එහෙම වුනේ නෑ .. ඔන්න ඔය විවෘත ආර්ථික නිසා ඇතිවුණු තරඟය නිසා අර මිනිස්සුන්ගේ මොලගෙඩි ඇතුලේ තියෙන තන්හාව / කුහක කම / ඊරිසියාව ලේසියෙන්ම පිට කරගන්න මාර්ගයක් හම්බුනා. මිනිස්සු අතර තරඟය ට මිනිස්සු addict උනා ...



    jayawardene.jpg


    ඔන්න එතැන් පටන් තමයි මිත්‍රවරුනි නැවතත් මේ ලාංකීය ජාතිය ගොඩ ගන්න අමාරු ලිඳකට ජබුක් ගාල වැටුනේ. මම මේ තාක් කිව්ව ඒවායේ ප්‍රතිඵලයක් විදිහට ජාතින් අතර ගැටුම් නිර්මාණය වුනා , ජාතික ප්‍රශ්නයක් ඇතිවුනා ... අර සුද්දාගේ බෙදා වෙන් කර පාලනය කිරීමේ ක්‍රමය රහ වැටීමත් , ඉහත කී සංස්කෘතියේ අනිසි බලපෑම නිසා ඇති වුනු තන්හාව / කුහක කම ආදී හැඟීම් නිසාත් රටේ පාලකයන් රටේ ජාතික ප්‍රශ්නයක් ඇති කරන්නට පටන් ගත්තා .. ඒ වගේම අර ඉහත කී සංස්කෘතියේ අනිසි බලපෑම නිසා ඇතිවුණු තන්හාව / කුහකකමෙන් පෝෂණය වුනු අනුවණ නූගත් ජනතාවත් පාලකයන්ගේ ගැට වලට අහු වුනා.



    To be continued.......

    **********************************
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    ඉතින් මිත්‍ර වරුනි එතනින් පස්සේ වෙච්ච දේවල් නොදැන ඉන්න තරං වයසක කෙනෙක් මේ කිරියේ නැතුව ඇතියි කියල හිතනවා... අවුරුදු තිහක් යුද්ධ කරල , අපි හෙම්බත් වුනා , යුද්ධයේ නීරස අත්දැකීම් නිසා අපි නැවතත් එකමුතු ජාතියක් වෙන්නට පටන් ගත්තා... අපි වෙනුවෙන් අපි , රණබිමේ විරුවෝ සැමදා ආදී මොරාල් අප් කරන ගීත ටෙලිවිශෝන් වල නිතරම විකාශය වුනා , අපි යුද්ධයට එරෙහිව නැගී සිටියා , එවකට සිටි හොඳ පාලක රජයක් සහ ත්‍රිවිධ හමුදාවේ නායකත්වයක් නිසා කුරිරු යුද්ධය නිමා කරන්නට අපිට හැකි වුනා.. ඒ යුද්ධයේ ජයග්‍රහණයට මේ ලංකාවේ හැම අස්සක් මුල්ලක් නෑරම හිටිය හැම කෙනෙක්ගෙම pray එක බලපෑවා කියල මං කියනවා. අපි හැමෝගෙම මානසික ශක්තියත් ඒ යුද්ධයේ ජයග්‍රහණයට හේතු වුනා , මොකදා එදා අපි හැමෝම හිටියේ එකම චේතනාවෙන් ...


    360_sri_lanka_0102.jpg


    To be continued ...........


    *****************************************[FONT=&quot][/FONT]
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    ඉතින් ඔන්න ඔහොම අවුරුදු තිහක් ගත වුනු යුද්ධය එදා ඉවර කරාට පස්සේ අපේ හිත් වල ආයෙත් බලාපොරොත්තුවක් ඇති වුනා , අපිට නැවුම් හැඟීමක් දැනුනා ... හැමදේම අලුතින් පටන් ගත්ත වගේ දෙයක් තේරුණා .. අපි හරිම සන්තෝසෙන් හිටිය ..
    එත් ටික කාලයක් යද්දී ... වෙන මොකක්දෝ එකක් වුනා , අපේ හිත් වල තිබුණු බලාපොරොත්තු කඩ වෙනවා වගේ දැනුනා , අපි ආයෙත් දේකට බෙදෙන්න ගත්ත .. සමහරු කිව්වා මේ රට දියුණු වෙනවා දැන් , ඉස්සරහට අපි ශ්‍රේෂ්ට ජාතියක් වෙනවා කියලා .. තවත් සමහරු කියනවා මේ සේරම ණය, මේ සේරම අපි ආපහු ගෙවන්න ඕනේ .. මේ දේවල් වලට කලින් අපිට කරන්න වෙන දේවල් තියෙනවා කියල ..
    ඕන්න බලන්න මිත්‍රවරුනි දැන් මම කියන්න හදන්නේ එතැනදී අපිට වෙච්චි සන්තැසිය මොකක්ද කියලයි ..



    MR-sarcasm1.jpg


    The history repeat it self… ඒ කිව්වේ මේ කතාව මුල කොටස ආයෙත් පොඩ්ඩක් කියවල බලහන් කියන එකයි....
    අපි 2009 කුරිරු යුද්ධයෙන් අපේ රටට නිදහස අත් කරගත්තත් , අපේ ඒ පාලකයන්ට බැරි වුනා තාමත් අපේ රටට තියෙන ලොකුම ප්‍රශ්නය අර සුද්දා අපේ රටේ ඇති කරපු බෙදා වෙන් කිරීමේ පාලන ක්‍රමය සහ , නිදහසෙන් පස්සේ සංස්කෘතියේ අනිසි බලපෑම නිසා ඇති වුනු මිනිස්සු තුල ඇති තන්හාව / කුහකකම / ඊරිසියාව (මානව සම්පතෙහි පිරිහීම) බව තේරුම් ගන්න. ඒ නිසා , ඔන්න යුද්ධය නිමා වුනත් යුද්ධය ඇති වෙන්න හේතුවක් වෙච්චි පාලන ක්‍රමය නැවතත් අපේ පාලකයෝ ක්‍රියාත්මක කරන්න උනා ... කලින් වගේම මෙවරත් , රටේ පාලක රජයට වාසි ඇති වුනත් , එකෙන් රටට ඇති වෙච්ච හොඳක් නං නෑ ................


    To be continued...........



    *****************************************
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    හොඳයි මිත්‍ර වරුනි හොඳයි , කතාවේ අවසාන භාගයයි මේ .......
    මිත්‍ර වරුනි ... යුද්ධයෙන් පසුව පැවතී මේ ඉහතින් සඳහන් කල පාලන රජය පෙරලා දමන්න ශ්‍රී ලංකාව තුල නැවතත් විප්ලවයක් ඇති වුනු බව ඔබත් මමත් හොඳටම දන්නවා , ඒ වගේම දැක්කා ...
    මාගේ මේ කතාවේ එම විප්ලවයෙන් පසුව ඇතිවුණු රජය , එනම් වර්තමාන රජය ගැන සඳහන් කිරීම කාලය කා දැමීමක් වන්නේ එම රජය පිලිබඳ සඳහන් කිරීමට තාමත් කල් වැඩි නිසයි.
    එත් මිත්‍රවරුනි මේ කතාවේ මේ තාක් දුරට ඔබ කියවන් ආව නං මේ රජය විසින් මේ වන විට විසඳුම් සෙවිය යුතු සැබෑ ප්‍රශ්න දෙක වන සුද්දා විසින් දායාද කෙරු ජාතින් බෙදා වෙන් කොට පාලනය කිරීමේ ක්‍රමය සහ අපි විසින් සංස්කෘතිය කරට ගැනීම නිසා ඇති කරගත් ශ්‍රී ලාංකීය මානව සම්පතෙහි පිරිහීම(ඊරිසියාව / තන්හාව / කුහකකම ඉහ වහා යෑම) යන සැබෑ ප්‍රශ්න දෙකට විසඳුමක් සෙවීමට වර්තමාන පාලක රජයටත් උවමනාවක් ඇත්දයි කියන එක ගැන නං මට සැකයි...



    Awantha_Artigala_Cartoon_2.jpg


    කතාව එසේ අතීතයේ ඉඳන් වර්තමානය දක්වා ආවට පස්සේ , මං දැන් කියන්න යන්නේ ශ්‍රී ලාංකිකයෙකුගේ වර්තමාන තත්වයයි. ඒ වගේම වර්තමාන තත්වය නිසා අනාගතයේ අපි අපිටම කෙල කරගැනීම පිලිබඳ අනාවැකියයි.

    To be continued.......

    *********************************
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    අද වෙනකොට .. ශ්‍රී ලාංකිකයෝ කිව්ව අපි , බෙදිලා ඉන්නවා ,
    සිංහල
    දෙමල
    මුස්ලිම්
    වශයෙන්...



    ඔතනින් ... සුළු ජාතින් කියන කොටස අපි පොඩ්ඩක් පැත්තකින් තියල , අපි මහා ජාතිය ගැන කතා කරමු. මගේ මේ කතාවේ අරමුණත් , අවසානයේ මහා ජාතිය නිසා මේ රටට කෙල වෙන හැටි පැහැදිලි කිරීමයි.

    සිංහල , ගොඩක් උන් කියනවා සී හල / සිව් හෙළ / සිංහ ලේ කියල, ඇත්තටම සිංහල බෞද්ධ , සිංහල කතෝලික වශයෙනුත් සිංහල අපි බෙදෙනවා. තවත් සමහරු කියනවා තමන්ගේ මුතුන් මිත්තෝ කවුරු හරි සින්හයෙක්ට ජාතක වෙච්ච නිසා තමයි අපිට සිංහල කියන්නේ කියල ... :rofl: :rofl: (ඒ මොන විහිළුවක්ද .. එහෙම කියන්න හේතුව අර මං කිව්ව සංස්කෘතිය බදා ගැනීම නිසා ඇතිවුණු මහන්තත්ත කමේ ප්‍රතිඵලයක්)



    fe7204194ce12a176e345b4d96a03e9a.jpg


    හරි , ආපහු කතාවට ආවොත් ...වර්තමාන සිංහල ජාතිය යනු , බියගුළු / ඊරිසියාකාර / අනුවණ / දුර නොබලන / ඍනාත්මක ජාතියක් කියන එක තමයි මේ මුළු කතාවෙන්ම මට කියාගන්න ඕනා වුනේ ... මේ හැමදේටම හේතුව අර ජාතියක් වශයෙන්ම එකතු වෙලා අනුන්ට ඊරිසියා කිරීම / කුහක කමින් සිටීමයි ... එනම් සුද්දා අපට දීපු කරුමය කැමැත්තෙන්ම අතින් අරන් පශ්චාත් භාගෙන් තියාගෙන තාමත් අපි ඉන්නවා ... ඒ වගේම මේ හේතුව නිසා , අනාගත ලංකාවට කෙල වෙන බවටත් මම මේ දැන් අනාවැකියක් කියනවා ...
    අපේ මේ ලෝකෙන් උතුම්ම රටයි කියල කියන මේ සිරි ලංකාවට කවදා හරි කෙල වෙනවා නම් ඒ වෙන්නේ වෙන කිසිඳු සුළු ජාතියක් නිසා නොවේ අපේ මේ මහා ජාතිය නිසාමයි .. ඒකට හේතුව මොකක්ද ?



    To be continued.........


    *******************************************
     
    Last edited:
    • Like
    Reactions: Sry.com

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    කෙල වීමට හේතුව නම් මේකයි , දැන් මං සම්බන්ධ වෙන්නේ මං කතාවේ මුලින් කියපු මුස්ලිම් ප්‍රශ්නෙට. මොකද ඒක අපේ අනාගතේ සම්බන්ධ ප්‍රශ්නයක්.. අනාගතයේ ත්‍රස්තවාදයක් ඇති වෙනවානම් සහ අපිට තර්ජනයක් ඇති වෙනවා නම් ඒ මුස්ලිම් ආගම සම්බන්ධව පමණයි...


    මම මේ කොටන්නේ මෙතුවක් කාලකෙට මට අපේ සිංහලයින්ගෙන් දැක ගන්න ලැබුණු ලක්ෂණ සහ පාරේ තොටේ යනවිට සහ , මගේ පවුලේ උදවියගෙන් පවා ලැබුණු අත්දැකීම් අනුවයි.
    අපි කවුරුත් දන්නා පරිදි අද වෙනකොට අපේ මේ ලෝක ගෝලය ඇතුලේ තියෙන තියෙන මුස්ලිම් කියන ආගම මුලධර්මවාදීන් විසින් තමන්ගේ පෞද්ගලික සුබ සිද්ධිය උදෙසා අන්තවාදයෙන් ත්‍රස්තවාදයක් දක්වා වර්ධනය කරගෙන තියෙනවා .. ඒක අපි හැමෝම දන්නවා .. ඒකට එක හේතුවක් වෙන්න ඇති මේ ලෝකේ තමන්ගේ ආගම පොතේ තියෙන විදිහටම අකුරටම පිළිපදින මිනිස්සු වැඩිපුරම ඉන්න ආගම මුස්ලිම් වෙන එක. කොහොමින් කොහොම හරි , අපේ මේ ශ්‍රී ලාංකීය ජාතිය , එයිනුත් විශේෂ කොට සිංහලයා අපේ මේ රටට කෙල කරන්න පටන් ගන්න තැන තමයි , මෙන්න මේ මුස්ලිම් ත්‍රස්තවාදයට අධික බියක් දැක්වීම කියන එක.


    Fear_makes_the_wolf_bigger_than_he_is.PNG


    මම අර කලිනුත් කිව්වා නේ අපේ ශ්‍රී ලාංකිකයෝ හරිම රිනාත්මකයි කියල .. එකෙනුත් උපරිම සිංහල ජාතිය. මට මේ කිරියේ කරක් ගහනකොටත් , සමහරු එක්ක කතා කරනකොටත් නිතරම ඇහෙන සුපුරුදු වාක්‍යයක් තමයි මේ තියෙන්නේ,

    “අපෝ ඔය මුස්ලිම් උන් නං කවද හරි අපේ රට අල්ලගෙන තමා නවතින්නේ”


    මට , සිංහලයෙක් හැටියට , මගේ ජාතියට දෙන්න තියෙන්නේ එකම එක උපදෙසයි ... ඔබ මෙහෙම හිතන කෙනෙක් නං ... ඔබ දැන්මම පරාජය භාර අරගෙන ඉවරයි ... ඔබ රිනාත්මක වෙලා ඉවරයි .. ඔබ ඔබේ රට පාවා දීල ඉවරයි ... ඔබෙන් ඔය ඉස්මතු වෙන්නේ එදා සුද්දා අපිට දීපු දායාදය සහ අපේ මානව සම්පතේ පිරිහීමයි ... ඒ කියන්නේ ඔබ සුද්දගේ ගැටේට අහු වෙලා ඉවරයි ..

    To be continued....

    ******************************************
     
    Last edited:
    • Like
    Reactions: kash123

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    එහෙනං අපි දැන් කරන්න ඕනේ මොකක්ද ? අපි දැන් කරන්න ඕනේ දේ තමයි , අපිට තියෙන සැබෑ ප්‍රශ්නය තේරුම් ගැනීම. අපිට තියෙන සැබෑම ප්‍රශ්නය වෙන්නේ අපිම තමා .. මේ හැම ප්‍රශ්නයක්ම අපේ ආවේගයන්/ අපේ හැඟීම් / අපේ ආකල්ප නිසා ඇති වෙච්ච ඒවාම බව අපි තේරුම් ගන්න ඕනේ. තමන් ඉන්න තැනින් එලියට බැහැල තමන් මෙච්චර කල් හිටපු තැන හරි තැනක් ද කියල බලන්න හැකියාවක් තියෙන ජාතියක් බවට පත් වීම තමයි අපි කරන්න ඕනේ ..
    ඡන්දේ කාලෙට දේශපාලකයෝ කියනවා අපි මේ රටේ ආකල්ප වෙනසක් , සමාජ පරිවර්තනයක් ඇති කරන්න ඕනේ කියල .. එත් ඒ සමාජ පරිවර්තනය , ඒ ආකල්ප වෙනස තමා තුලම ඇති කරගත යුතු මිනිස්සුම තමයි ඒවා කරන්න ඕනේ කියල කෑ ගහන්නේ ... ඒ හින්ද ඉස්සෙල්ල ඇත්තටම තේරුම් ගන්න ඕනේ අපිම තමයි මෙතන ප්‍රශ්නේ කියල...



    knowing-yourself-is-the-beginning-of-all-wisdom.jpg


    දැන් අපි සුද්දගේ ගැටේට අහු වෙලා ඉවරයි , අපි ජාතින් වශයෙන් බෙදිලා ඉවරයි ... එහෙනං දැන් අපි කරන්න ඕනේ අනුන්ගේ ජාතින් වල ඇද කුද වලට ඇඟිල්ල නොගහ තම තමන්ගේ රාජ කාරිය තමන්ගේ රටට හරියට ඉෂ්ඨ කරන එකයි . මේ ශ්‍රී ලංකාව කියන රටේ තම තමන්ගේ රාජකාරිය තම තමන් හරියට කරොත් අපේ රටත් දියුණු කරගන්න පුළුවන් වෙයි ... එතකොට ජාතියක් වශයෙන් අපේ රාජකාරිය වෙන්නේ උදේට නැගිටලා කම්පියුටරේ ඉස්සරහට ඇවිල්ල මුස්ලිම් / දෙමල හෝ වෙන කිසියම් ජාතියක මිනිහෙක්ට බැනල තමන්ගේ ජාතිය ගැන පම්පොරියක් ගහල එහෙම්මම නින්දට යන එක නෙවෙයි .. මොකද පම්පෝරි ගගහ ඉන්න මිනිහ හැමදාම ඉදිමෙනවා විතරයි , පිටින් ඇවිල්ල කට්ටක් වැදිලා හිල් වෙනකං උට වට පිට පෙන්නේ නෑ ... ඉතින් අපිට දැන් තියෙන ප්‍රශ්නෙත් ඕකම තමයි .. මේ රටේ ජාතින් අතර කිසිම ගැටුමක් නෑ , එහෙම ගැටුමක් තියෙනවයි කියල ඔයා විශ්වාස නොකරන තාක් කල් , මොකද , අවසානයේ මේ රටේ නැවතත් යුද්ධයක් ඇති වුනොත් ... ඒකට ඔයාටත් වග කියන්න වෙන එක වෙනවාමයි ...

    කවදා හරි දවසක , මේ රටේ පාලනයට පත් වෙන රජයක් මේ රටට තියෙන නියම ප්‍රශ්න දෙක තේරුම් අරගෙන ඒවාට විසඳුම් හොයන තාක් කල් ... මේ රටේ ජාතික ප්‍රශ්නය වන ජාතින් අතර ප්‍රශ්නය විසන්දෙන්නෙත් නැහැ .ජාතින් අතර ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ කියන්නේ මේ රටට කවදාවත් සාමයක් නැහැ. එච්චරයි.

    ඉතින් ඊට කලින් මට පුළුවන් විදිහට මං දන්නා දේ කියන්න දරන පුංචි වෑයමක් තමයි මේ. මං මේ කියපු දෙයින් ඔයාලට බලපෑමක් උනත් නැතත් මං මේක දැම්මේ මගේ ආත්ම තෘප්තියට :) මාව ටිකක් පොලිෂ් කර ගන්න .. ඉතින් මට සන්තෝසයි.. :)

    ******************** *********************** ************************
    ත්‍රෙඩ් එකේ සාරාංශය:-
    ඉන්න තැනින් නැගිටලා බලපන් .. තමන් යන්නේ හරි පාරේද කියල.
    පාර වැරදි නං ඒක වැරදි බව කොන්ද පණ ඇතුව පිළිගන්න පුළුවන් කියල සහතික කරගනින් .
    ---------------------------------------------------------------------
    පැරිසියේ බෝම්බ පුපුරනකොට , අපිට කරපුවට හොඳ වැඩේ කියල උන්ට හිනා වෙන්න එපා , මොකද උනුත් මිනිස්සු.
    සිරියාවෙන් සරණාගතයෝ යනකොට , තොපිලට හොඳ වැඩේ කියල උන්ට හිනා වෙන්න එපා , මොකද උනුත් මිනිස්සු.
    ටෝයියෝ දිනනකොටයි , බයියෝ පරදිනකොටයි දෙපැත්ත බෙදිලා මරා ගන්න එපා , මොකද අපි ඔක්කොම මිනිස්සු.
    අද ඔයා අනුන්ට හිනා වෙනකොට - ගරහනකොට - හෙට දාහක් දෙනා ඔයාට හිනා වෙන වැඩක් ඔයාට සිද්ද වෙයි .

    ඒ නිසා ධනවාදී / සමාජවාදී / අන්තාවාදී / ජාතිවාදී /සේරම පැත්තකට දාල .. ඉස්සෙල්ලේ මානවවාදී වෙයන්.
    මනුස්සකම තියෙන පැත්තට කවදාවත් කෙල වෙන්නේ නැති බව මතක තියාගන් ( අත්දැකීමෙන් කිව්වේ)
    .
    .
    .
    .
    .
    නිමි.

    :love::):love::):love::):love:
     
    Last edited:
    • Like
    Reactions: Hasitha CJ

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,845
    792
    113
    @Thusithaya
    yamak ganna thiyanawa khomath mata lankawe ewun ekka office ekkada wada karana ekath epa wenawa hama welama negtive natam wade passata danawa mookak hari kiyala
     

    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    නියමයි. එලටම කියල තීනවා. උදේ පාන්දර මරු motivation එක. REP++
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කවුරුත් මැරිච්ච මිනිසුන්ට හොද වැඩේ කියල නැහැ බන්. එත් ප්‍රංශය අතුලුය් රටවල් පාඩමක් ඉගන ගත්ත එක හොදයි. එයාල උඩගෙඩි දුන්නේ ඔයවගේම ව්‍යසන මාලාවකට කියලා අනිත් රටවල. තායිලන්තය පිලිපීනය ඉන්දුනීසියාව හමාරටකම වගේ තර්ස්ත්යන්ට මුදල් එකතු කරන තෝතැන්නක් උනේ යුරෝපය. එකෙන් වැඩි සහයක් හම්බුනේ ප්‍රංශයෙන්. අපිට එංගලන්තය දෙමල මිනිසුන් වැඩි නිසයි එංගලන්තය කොටින්ට ලොකුවට සපෝට් කළා කියන්නේ. වපුරපුවා තමයි මචං නෙලා ගන්න වෙන්නේ.

    සුද්දෝ යනකොට ඉන්දියාව බෙදුව, ඒවගේම ලංකාවත් බෙදන්න තමයි හැදුවේ එත් දෙමල මිනිසුන්ට ඒ කාලයේ වෙනම රටක් අවශ්‍ය උනේ නැහැ මෙතරම් තදින්. එකට ඉඩ පැදුවේ කව්ද?? දෙමල ධෙෂපලකයෝ එට පස්සේ බණ්ඩාරනායක, පුපුරවලා දැම්මේ ජේආර්. එදා දෙමලු මරලා උන්ගේ සල්ලි පහරගත්ත යු එන පි එකම පස්සේ දෙමාළුන්ට වෙනම රටක් දෙන්න ගිය. ඕකයි රටේ ඉතිහාසය

    මුස්ලිම් ප්‍රශ්නය ගැන කතා කරනවනම් එක සම්දානෙන් විසදන්න බහ කවදාවත්. මුස්ලිම් කියන්නේ කිසිම වෙනත් ජාතියක් හෝ ආගමක් පිළිනොගන්නා ජාතියක්.