ජර්මනිය ස්ටාලින්ග්‍රාඩ් සටන පැරදුනේ ඇයි
එකල ස්ටාලින්ග්‍රාඩ් නගරය දැන් හැඳින්වෙන්නේ වෝල්ගොග්‍රාඩ් නමිනි.ඉතිහාසඥයින්ට අනුව මෙතෙක් ලොව පැවති විශාලතම සංග්‍රාමය සිදුවූයේ මෙම නගරයේය.කවුරුත් දන්නා දෙවන ලෝක යුද සමයේ සිදු වු ස්ටාලින්ග්‍රාඩ් සටන මෙයයි.මේ සූදානම් වෙන්නේ ස්ටාලින්ග්‍රාඩ් සටන ගැන විස්තරයක් කරන්න නම් නෙමෙයි.මොකද ඒ සටන තනි ලිපියකින් විස්තර කල නොහැකි තරම් විශිෂ්ඨ ගණයේ එකක්.
එකල සෝවියට් දේශයේ පාලකයා වූයේ ජෝශප් ස්ටාලින්.නගරය නම් කර තිබුණේද ඔහුගේ නමින්ය.නගරය යටත් කරගෙන ස්ටාලින් ලැජ්ජාවට පත් කිරීම ඔස්සේ රුසියානු නායකය රුසියානුවන් තුල පරාජිත මානසිකත්වයක් ඇති කිරීම හිට්ලර්ගේ අරමුණක් වන්නට ඇතැයි ඇතමුන්ගේ මතය.නමුත් මෙම ආක්‍රමණයේ ප්‍රමුඛ අරමුණ වෙන එකකි.ස්ටාලින්ග්‍රාඩ් යනු උපායමාර්ගික වශයෙන් වැදගත් ස්ථානයකි.උතුරුදිග රුසියානු ප්‍රදේශවලට අවශ්‍ය තෙල් අවශ්‍යතා සහ කාර්මික නිෂ්පාදන විශේෂයෙන් යුද අවි සහ වාහන සැපයෙන්නේ ස්ටාලින්ග්‍රාඩ් ප්‍රදේශයෙනි.මහන මැෂිමේ සිට යුද ටැංකිය තෙක් සියලුම දේ මෙම ප්‍රදේශයේ ඇති කර්මාන්තශාලා තුල නිපද විය.
ඇස්තමේන්තුවලට අනුව ස්ටාලින්ග්‍රාඩ් සටනේදී සිවිල් වැසියන් ,හමුදා සෙබලුන් මිලියන 2කට වඩා මිය ගියහ.මෙතරම් ජන සංහාරයක් සිදුවූ වෙනත් නගරයක් මිහිපිට නැතිව ඇති.
හිට්ලර්ට පළමුව අවශ්‍ය වූයේ රුසියානු අගනගරය වන මොස්කව් අල්ලාගැනීම වුවද අවසන් තත්පරයේදී Operation Typhoon මෙහෙයුම ප්‍රමාද කරන ලදි.ඔහු Heinz Guderian හට නියෝග කලේ තම හමුදාවෙන් භාගයක් රැගෙන ජෙනරාල් වොන් පවුලුස් සමග ස්ටාලින්ග්‍රාඩ් ආක්‍රමණය කරන්න කියාය.එම ආක්‍රමණය 1942 ජුලි මස ඇරඹී 1943 ජනවාරි මස අවසන් විය.සමහර ඉතිහාසඥයින්ට අනුව එය 1942 නොවැම්බර් සිට 1943 ජනවාරි දක්වා පමණක් ඇඳිගොස් තිබේ.ජර්මනියේ මෙම රුසියානු ආක්‍රමණයේ සමහරක් කරුණු සම්බන්ධව නොගැලපීම් තිබේ.
History channel රූපවාහිනී සේවයේ විකාශනය වූ වැඩසටහනකින් මෙම සටන සම්බන්ධව නවතම කරුණු රැසක් අනාවරණය කෙරිණි.ඒවා ඉතිහාසය නැවත සලකා බලන්නට තරම් වැදගත් කරුණුය.ඉන් කිහිපයක් පහත දැක්වේ.
ස්ටාලින්ග්‍රාඩ් නගරයේ බොහෝ නගර නිර්මාණය කර තිබුණේ වානේ වලින් බලගැන්වු කොන්ක්‍රීට් යොදාගෙනය.පිපිරීම් පිලිබද විශේෂ ඥයෙක් වන ඩේවිඩ් හැඩන් වෝල්ගොග්‍රාඩ් නගරයට ගොස් සිදුකල නිරීක්ෂණයන්ගෙන් පෙනී ගියේ මෙම බලගැන්වු කොන්ක්‍රීට් නිසා බෝම්බ හෙළීම් හමුවේ ගොඩනැගිලි සම්පුර්ණයෙන්ම විනාශ නොවූ බවයි.තවද ගොඩනැගිලිවල තිබු විශාල ජනේල නිසා බෝම්බ දැමීමෙන් ඇතිවූ පිපිරිම්වල ශක්තිය පහසුවෙන් පිටතට නිකුත් ව තිබේ.මේ හේතු නිසා නගරයට බෝම්බ දැමීමෙන් විශාල හානියක් සිදුනොවීය.
කාර්‍ය මණ්ඩලය 5කින්ද මි.මී.37 අවියකින්ද සන්නද්ධ Panzer Kampfwaggen III යුද ටැංකිය ස්ටාලින්ග්‍රාඩ් සටනේ ප්‍රධාන යුද ටැංකිය විය.එහි ප්‍රධාන අවිය ගොඩනැගිලි වනසන්න තරම් ප්‍රබල නොවීය.නගරය බෝම්බ දමා සුන්බුන් ගොඩ කල පසු ඒ තුල ගමන් කිරිම අසීරු විය.පාබල හමුදා මෙන් නොව සන්නාහ සන්නද්ධ සෙබළුන්ට ප්‍රහාර එල්ල කරන්නට විවෘත භූමියක් අවශ්‍ය විය.නමුත් වැනි ප්‍රදේශ ස්ටාලින්ග්‍රාඩ් නගරයේ තිබුණේ සුළු වශයෙනි.
රුසියානුවන් සොයාගත් Molotov නම් මධ්‍යසාර මුසු දියරය ඔවුන් සිටි ගොඩනැගිලිවල සිට ජර්මන් යුද ටැංකිවලට වත් කර ගිනි තබන ලදි.එවිට ගින්න පැතිර යාම නිසා යුද ටැංකිය තුල සිටිය වුන් පිටතට ඒ නිසා ඔවුන් රුසියානු සැඟවුණු වෙඩික්කරුවන්ගේ පහසු ඉලක්ක බවට පත්විය.මෙම දියරය ටර්පන්ටයින්,ගැස්ලීන්,ඉවීමට ගන්නා තෙල් ආදිය යොදාගෙන නිපදවා තිබේ.
ජර්මන් පාබල හමුදා ගොඩනැගිලි අතරින් යද්දී ඒවාහි ජනේල පිටුපස සැඟවුණු වෙඩික්කරුවෙක් බැගින් සැඟවී සිටීමට හැකිවිය.එවැනි වෙඩික්කරුවෙකුට ගොඩනැගිල්ලේ කාමරයෙන් කාමරයට යමින් සෙබල සමූහයම වුවත් මරාදැමීමට හැකියාව තිබිණි.සීත සෘතුව නිසා ජර්මන් සෙබලුන් ගමන් කලේද සෙමින් නිසා වෙඩික්කරුවන්ට පහසුවෙන් ඔවුන්ව ඉලක්ක කල හැකිවිය.
එකල රුසියානු පරම්පරාව සතුව තුවක්කු පාවිච්චිය සම්බන්ධව දැනුමක් තිබිනි.ඔවුන් රයිෆල් සමාජයන් ඇතිකරගෙන සිටි අතර ඒ ඔස්සේ වැඩි පිරිසක් තුවක්කු පාවිච්චිය ඉගෙනගෙන තිබිණි.නමුත් ජර්මානුවන් දැන සිටියාට වඩා මේ රුසියානු ගැහැණු සහ පිරිමි වෙඩි තැබිමට මෙන්ම ඉලක්කයට නිවැරදිව වෙඩි තබන්නත් දැන සිටියහ.රුසියානුවන්ගේ Mosin–Nagant අවිය ,ජර්මානුවන්ගේ Karabiner 98k අවියට වඩා පහසුවෙන් සීරුමාරු කල හැකිවිය.මෙය සටනකදී එතරම් වැදගත් නොවේ යැයි සිතුනද සැඟවුණු වෙඩික්කරුවෙකුගේ කාර්යයේදී මේ සුළු වාසිය පවා වැදගත් වන්නේ සටන්කරුවන් නොවු ගැහැණුන්ට පවා වෙඩි තැබීමේ හැකියාව තිබීමත් ඔවුන්ගේ සංඛ්‍යාව වැඩි වීමත් ඉන් වැඩි පිරිසකට නිවැරදිව ඉලක්කය ගැනීමට හැකිවීමත් ආදිය නිසාය.
එසේම ජර්මානුවන්ට රුසියානු ශීත සෘතුවට මුහුණදී අත්දැකීම්ද නොතිබිණි.නමුත් සෑම වසරකම රුසියානුවන් ඊට මුහුණ දෙයි.ජර්මන් තුවක්කුවල තෙල් කැටි ගැසුණු නමුත් රුසියානුවන් ඔවුන්ගේ තුවක්කු තෙල් ගැසොලින් සමග මිශ්‍ර කර භාවිතා කල නිසා ප්‍රශ්නයක් නොවීය.ජර්මානුවන් නිදාගත්තේද ඔවුන්ගේ අවි සමග නිසා ඒවා ශරිරයේ තාපයද උරාගැනීම නිසා ඔවුන් තවත් ශීතලට පත්කරන ලදි.
ජර්මානුවන් බැනියමක්,කපු කමිසයක්,ලොම්වලින් තැනූ කබායක් ,සළුවක් සහ ලෝහමය හෙල්මයක් සහිත විය.නමුත් ශීතල කාලගුණික තත්ත්වයක් හමුවේ වඩා උණුසුම අවශ්‍ය හිස ආරක්ෂා කරන්නට ලෝහමය හෙල්මටය සුදුසු නොවීය.රුසියානු සෙබලුන් කපුවලින් තැනූ විශාල ප්‍රමාණයේ යට ඇඳුම්,ලොම්වලින් මැසූ කබායක්,ශරීරයම වැසෙන සේ නිර්මාණය කල දැවැන්ත පිටත කබායක් සමග ලොම්වලින් සැදූ තොප්පියක්ද පාවිච්චි කරන ලදි.
රුසියානුවන් සටන් කලේ ඔවුන්ගේ රට ආරක්ෂා කිරීමටය.ජර්මානුවන් සිටියේ ඔවුන්ගේ නිවෙස්වලින් සැතපුම් දහස්ගණනක් ඈතිනි.
Source:History Channel
-HarshaLulzSec-

ඇයි හිට්ලර් ස්ටාලින්ග්‍රාඩ් නගරයටම පහර දුන්නේ?

ජර්මානුවන් ස්ටාලින්ග්‍රාඩ් නගරය දෙසට ගමන් කල අයුරු පියවරෙන් පියවර
හිට්ලර්ට පළමුව අවශ්‍ය වූයේ රුසියානු අගනගරය වන මොස්කව් අල්ලාගැනීම වුවද අවසන් තත්පරයේදී Operation Typhoon මෙහෙයුම ප්‍රමාද කරන ලදි.ඔහු Heinz Guderian හට නියෝග කලේ තම හමුදාවෙන් භාගයක් රැගෙන ජෙනරාල් වොන් පවුලුස් සමග ස්ටාලින්ග්‍රාඩ් ආක්‍රමණය කරන්න කියාය.එම ආක්‍රමණය 1942 ජුලි මස ඇරඹී 1943 ජනවාරි මස අවසන් විය.සමහර ඉතිහාසඥයින්ට අනුව එය 1942 නොවැම්බර් සිට 1943 ජනවාරි දක්වා පමණක් ඇඳිගොස් තිබේ.ජර්මනියේ මෙම රුසියානු ආක්‍රමණයේ සමහරක් කරුණු සම්බන්ධව නොගැලපීම් තිබේ.
History channel රූපවාහිනී සේවයේ විකාශනය වූ වැඩසටහනකින් මෙම සටන සම්බන්ධව නවතම කරුණු රැසක් අනාවරණය කෙරිණි.ඒවා ඉතිහාසය නැවත සලකා බලන්නට තරම් වැදගත් කරුණුය.ඉන් කිහිපයක් පහත දැක්වේ.
මහා පරිමාණ බෝම්බ හෙළීම් ස්ටාලින්ග්‍රාඩ් නගරය සම්පුර්ණයෙන්ම බිම හෙළීමට අසමත් විය
ස්ටාලින්ග්‍රාඩ් නගරයේ බොහෝ නගර නිර්මාණය කර තිබුණේ වානේ වලින් බලගැන්වු කොන්ක්‍රීට් යොදාගෙනය.පිපිරීම් පිලිබද විශේෂ ඥයෙක් වන ඩේවිඩ් හැඩන් වෝල්ගොග්‍රාඩ් නගරයට ගොස් සිදුකල නිරීක්ෂණයන්ගෙන් පෙනී ගියේ මෙම බලගැන්වු කොන්ක්‍රීට් නිසා බෝම්බ හෙළීම් හමුවේ ගොඩනැගිලි සම්පුර්ණයෙන්ම විනාශ නොවූ බවයි.තවද ගොඩනැගිලිවල තිබු විශාල ජනේල නිසා බෝම්බ දැමීමෙන් ඇතිවූ පිපිරිම්වල ශක්තිය පහසුවෙන් පිටතට නිකුත් ව තිබේ.මේ හේතු නිසා නගරයට බෝම්බ දැමීමෙන් විශාල හානියක් සිදුනොවීය.
බෝම්බ හෙළීම නිසා යුද රථ,යුද ටැංකිවලට ගමන් කල නොහැකි සහ ඒවාට බිඳ දැමීමට නොහැකි සුන්බුන් බහුල සංග්‍රාම භූමියක් නිර්මාණය විය
කාර්‍ය මණ්ඩලය 5කින්ද මි.මී.37 අවියකින්ද සන්නද්ධ Panzer Kampfwaggen III යුද ටැංකිය ස්ටාලින්ග්‍රාඩ් සටනේ ප්‍රධාන යුද ටැංකිය විය.එහි ප්‍රධාන අවිය ගොඩනැගිලි වනසන්න තරම් ප්‍රබල නොවීය.නගරය බෝම්බ දමා සුන්බුන් ගොඩ කල පසු ඒ තුල ගමන් කිරිම අසීරු විය.පාබල හමුදා මෙන් නොව සන්නාහ සන්නද්ධ සෙබළුන්ට ප්‍රහාර එල්ල කරන්නට විවෘත භූමියක් අවශ්‍ය විය.නමුත් වැනි ප්‍රදේශ ස්ටාලින්ග්‍රාඩ් නගරයේ තිබුණේ සුළු වශයෙනි.
ජර්මන් Panzer Kampfwaggen 3 යුද ටැංකිය
රුසියානුවන් සොයාගත් Molotov නම් මධ්‍යසාර මුසු දියරය ඔවුන් සිටි ගොඩනැගිලිවල සිට ජර්මන් යුද ටැංකිවලට වත් කර ගිනි තබන ලදි.එවිට ගින්න පැතිර යාම නිසා යුද ටැංකිය තුල සිටිය වුන් පිටතට ඒ නිසා ඔවුන් රුසියානු සැඟවුණු වෙඩික්කරුවන්ගේ පහසු ඉලක්ක බවට පත්විය.මෙම දියරය ටර්පන්ටයින්,ගැස්ලීන්,ඉවීමට ගන්නා තෙල් ආදිය යොදාගෙන නිපදවා තිබේ.
Molotov
ජර්මන් පාබල හමුදා ගොඩනැගිලි අතරින් යද්දී ඒවාහි ජනේල පිටුපස සැඟවුණු වෙඩික්කරුවෙක් බැගින් සැඟවී සිටීමට හැකිවිය.එවැනි වෙඩික්කරුවෙකුට ගොඩනැගිල්ලේ කාමරයෙන් කාමරයට යමින් සෙබල සමූහයම වුවත් මරාදැමීමට හැකියාව තිබිණි.සීත සෘතුව නිසා ජර්මන් සෙබලුන් ගමන් කලේද සෙමින් නිසා වෙඩික්කරුවන්ට පහසුවෙන් ඔවුන්ව ඉලක්ක කල හැකිවිය.
රුසියානු සැඟවුණු වෙඩික්කරුවන්
රුසියානුවන් පහසුවෙන්ම ජර්මන් වෙඩික්කරුවන් සහ පාබල හමුදා සෙබලුන්ව ජය ගන්න ලදි
එකල රුසියානු පරම්පරාව සතුව තුවක්කු පාවිච්චිය සම්බන්ධව දැනුමක් තිබිනි.ඔවුන් රයිෆල් සමාජයන් ඇතිකරගෙන සිටි අතර ඒ ඔස්සේ වැඩි පිරිසක් තුවක්කු පාවිච්චිය ඉගෙනගෙන තිබිණි.නමුත් ජර්මානුවන් දැන සිටියාට වඩා මේ රුසියානු ගැහැණු සහ පිරිමි වෙඩි තැබිමට මෙන්ම ඉලක්කයට නිවැරදිව වෙඩි තබන්නත් දැන සිටියහ.රුසියානුවන්ගේ Mosin–Nagant අවිය ,ජර්මානුවන්ගේ Karabiner 98k අවියට වඩා පහසුවෙන් සීරුමාරු කල හැකිවිය.මෙය සටනකදී එතරම් වැදගත් නොවේ යැයි සිතුනද සැඟවුණු වෙඩික්කරුවෙකුගේ කාර්යයේදී මේ සුළු වාසිය පවා වැදගත් වන්නේ සටන්කරුවන් නොවු ගැහැණුන්ට පවා වෙඩි තැබීමේ හැකියාව තිබීමත් ඔවුන්ගේ සංඛ්‍යාව වැඩි වීමත් ඉන් වැඩි පිරිසකට නිවැරදිව ඉලක්කය ගැනීමට හැකිවීමත් ආදිය නිසාය.
එසේම ජර්මානුවන්ට රුසියානු ශීත සෘතුවට මුහුණදී අත්දැකීම්ද නොතිබිණි.නමුත් සෑම වසරකම රුසියානුවන් ඊට මුහුණ දෙයි.ජර්මන් තුවක්කුවල තෙල් කැටි ගැසුණු නමුත් රුසියානුවන් ඔවුන්ගේ තුවක්කු තෙල් ගැසොලින් සමග මිශ්‍ර කර භාවිතා කල නිසා ප්‍රශ්නයක් නොවීය.ජර්මානුවන් නිදාගත්තේද ඔවුන්ගේ අවි සමග නිසා ඒවා ශරිරයේ තාපයද උරාගැනීම නිසා ඔවුන් තවත් ශීතලට පත්කරන ලදි.
ජර්මානුවන් ලෙඩ රෝගාදියට සූදානම්ව නොපැමිණිය අතර තමන්ට නිරාහාරව සිටින්නට වේ යැයිද ඔවුන් නොසිතූ නමුත් රුසියානුවන් සියලුදේට සූදානමින් පසුවිය
ජර්මානුවන් නිරාහාරව මිය ගිය අතර රුසියානුවන් ටයිෆස් සහ tularemia රෝගවලට එන්නත් නිපදවා තිබුණි.නමුත් ජර්මානුවන් එම රෝගවලින් මියගියහ.
ජර්මානුවන්ගේ පිටත කබායට වඩා රුසියානුවන්ගේ පිටත කබාය උණුසුම් විය
සෝවියට් හමුදාවට කොටුවූ ජර්මන් සෙබලු
ජර්මානුවන්ගේ පිටත කබායට වඩා රුසියානුවන්ගේ පිටත කබාය උණුසුම් විය
ජර්මානුවන් බැනියමක්,කපු කමිසයක්,ලොම්වලින් තැනූ කබායක් ,සළුවක් සහ ලෝහමය හෙල්මයක් සහිත විය.නමුත් ශීතල කාලගුණික තත්ත්වයක් හමුවේ වඩා උණුසුම අවශ්‍ය හිස ආරක්ෂා කරන්නට ලෝහමය හෙල්මටය සුදුසු නොවීය.රුසියානු සෙබලුන් කපුවලින් තැනූ විශාල ප්‍රමාණයේ යට ඇඳුම්,ලොම්වලින් මැසූ කබායක්,ශරීරයම වැසෙන සේ නිර්මාණය කල දැවැන්ත පිටත කබායක් සමග ලොම්වලින් සැදූ තොප්පියක්ද පාවිච්චි කරන ලදි.
හෙල්මට් සහිතව සිටින ජර්මන් සෙබලුන් සහ ලෝම හිස්වැසුම් සහිතව සිටින රුසියන් සෙබලුන්

+5