ස්ටාලින්ග්‍රාඩ් සටනේ දුර්ලභ ඡායාරූප

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ස්ටාලින්ග්‍රාඩ් සටනේ දුර්ලභ ඡායාරූප

    stalingrad.jpg

    මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නේ ස්ටාලින්ග්‍රාඩ් සටනේ මුල් සමයේ ඡායාරූප කිහිපයකි. සටන ආරම්භයේදී ජර්මානුවන් සිතා සිටියේ එය ජයග්‍රහණය කල හැකි එකක් කියාය.ඊට හේතුව සටනේ මුල් කාලයේ රුසියානුවන්ගෙන් ප්‍රබල ප්‍රතිප්‍රහාර එල්ල නොවීමයි.


    ජර්මානු සෙබලුන් බෝම්බ ප්‍රහාරවලට ලක්වූ රුසියානුවන්ගේ ප්‍රදේශයක් දෙස බලා සිටින අයුරු. 1942

    BhIfUHI.jpg





    ස්ටාලින්ග්‍රාඩ් හි ජර්මන් සෙබලුන් මිහිදන් කල ස්ථානයක්

    cYcITVH.jpg




    මෙහි දැක්වෙන්නේ 1942 වසරේ ස්ටාලින්ග්‍රාඩ් නගරය දිස්වූ අයුරුය.වටලා තිබූ නගරයට රුසියනුවන් අතිරේක සෙබලුන් සහ අනෙකුත් සැපයුම් ලබා දුන්නේ වෝල්ගා ගඟ ඔස්සේ නෞකා සහ බෝට්ටු මගිනි.එම රුසියානු නෞකාවලට සහ තොටුපලකට ජර්මන් ගුවන් යානා බෝම්බ හෙළන අයුරු මෙහි දැක්වේ.


    4mXsfMl.jpg




    ජර්මනියේ 6වන හමුදාව ස්ටාලින්ග්‍රාඩ් නගරයට කඩා වැදීමට පෙර ඔවුන්ගේ ගුවන් හමුදාව නගරය බිමට සමතලා කරන්නට මෙන් දරුණු ලෙස බෝම්බ හෙළන්නට විය.ඉතා පහසුවෙන් නගරය යටත් කරගත හැකියැයි සිතා සිටි නාසි හමුදාවට ඉන්පසුව සිදුවුයේ නටඹුන් වූ නගරයේ රුසියානුවන්ගේ ගරිල්ලා ප්‍රහාරයන්ට මුහුණ දෙන්නටය.නමුත් නාසි හමුදාවට වැනි ගරිල්ලා සටන් සම්බන්ධව පුහුණුවක් හෝ ඒවාට මුහුණ දීමේ සූදානමක් හෝ නොතිබිණි.

    9TpL9tZ.jpg





    1942 පෙබරවාරි 2 දා ජර්මන් හමුදා රුසියානු හමුදාවට යටත්වීමෙන් පසුව.ජර්මනියේ 6 වන හමුදාවේ සෙබලුන් 260,000 වැඩි පිරිසක් මෙසේ යටත්විය.

    GZYc07i.jpg





    ජර්මන් හමුදාවල බෝම්බ හෙළීම නිසා ස්ටාලින්ග්‍රාඩ් නගරයට අත්වූ ඉරණම

    OGsn7kf.jpg





    රුසියානුවන් වෝල්ගා නදිය තරණය කරද්දී ජර්මන් ගුවන් යානා ඔවුන්ට ප්‍රහාරයක් එල්ල කල අවස්ථාවක්.

    aYbGA4n.jpg





    ජර්මන් සෙබලුන්ව මිහිදන් කල ස්ටාලින්ග්‍රාඩ් නගරයේ ස්ථානයක්

    fnBYLAn.jpg





    1942 වසරේ සරත් සෘතුව සමයේ.ජර්මන් සෙබලුන් රුසියානු T-34 යුද ටැංකියක් අසල

    Ohnw41f.jpg





    සටන් භූමියට Pak-38 නම් යුද ටැංකි නාශක තුවක්කුවක් රැගෙන එන ජර්මන් සෙබලු

    3FkftlP.jpg





    ජර්මනියේ 6 වන හමුදාවේ සෙබලුන් ස්ටාලින්ග්‍රාඩ් නගරය දෙසට යමින්

    daYOTb7.jpg





    ස්ටාලින්ග්‍රාඩ් නගරයේ වීදියක් ඔස්සේ ගමන් කරන ජර්මන් සෙබලුන්

    1IhfPMB.jpg





    ජර්මානුවන්ගේ Pak-38 යුද ටැංකි නාශක අවියෙන් වෙඩි තබන අවස්ථාවක්

    KYsylCO.jpg





    ස්ටාලින්ග්‍රාඩ් හි ජර්මන් සෙබලෙක් ගං ඉවුරේ MG-34 මැෂින් තුවක්කුවක් මානාගෙන සිටින අයුරු

    MpeK748.jpg





    ස්ටාලින්ග්‍රාඩ් හි ජලය පානය කරමින් සිටින ජර්මන් සෙබලුන්

    ck4eSe9.jpg





    ප්‍රහාරක ඉරියව්වේ සිටින ජර්මන් Panzer 4 යුද ටැංකියක්

    draNn3x.jpg





    විනාශ කල සෝවියට් T-26 යුද ටැංකියක් මත දැමූ රුසියානු සෙබලෙකුගේ මළ සිරුරක් සමග සිටින ජර්මන් සෙබලුන් පිරිසක්

    x3aRhcs.jpg





    ස්ටාලින්ග්‍රාඩ් හි ජර්මන් යුද ටැංකියක්.1942

    Zi2eqqC.jpg





    ස්ටාලින්ග්‍රාඩ් හිදී රුසියානුවන්ට හසුවු ජර්මන් සැඟවුණු වෙඩික්කරුවෙක්

    U24aHX4.jpg





    389 වන පාබල සේනාංකයේ ජර්මන් සෙබලුන් ස්ටාලින්ග්‍රාඩ් හි රතු ඔක්තෝම්බර් කර්මාන්තශාලාව අසල

    ymho81o.jpg





    ජර්මන් ගුවන් හමුදාවේ දරුණු බෝම්බ දැමීම් හමුවේ ගිනි ගන්නා ස්ටාලින්ග්‍රාඩ් නගරය.

    i747UWP.jpg





    ජර්මන් හමුදා නිලධාරියෙක් මෙහෙයුමකට පෙර 389 පාබල සේනාංකයේ සෙබලුන් අමතන අයුරු.

    Dvdo079.jpg





    රුසියානු PPSh-41 සබ්-මැෂින් තුවක්කුවක් මානාගෙන සිටින ජර්මන් හමුදා නිලධාරියෙක්

    8lRMz15.jpg





    ස්ටාලින්ග්‍රාඩ් හිදී ජර්මානුවන්ට හසුවූ සෝවියට් සෙබලුන්

    4tiEAdN.jpg





    හමුදා කවුන්සිලයේ සාමාජික නිකිටා ක්‍රෂ්චෙව් සෝවියට් අණදෙන නිලධාරින් සමග ස්ටාලින්ග්‍රාඩ් හි

    mcmIagk.jpg





    MG 34 මැෂින් තුවක්කු සහිතව ස්ටාලිග්‍රාඩ් හි රුසියානු පාලන ප්‍රදේශයකට ප්‍රහාර එල්ල කරන්නට සූදානමින් සිටින ජර්මන් සෙබලුන්

    MT39Zmm.jpg





    ජර්මන් ප්‍රහාරක යානා ස්ටාලින්ග්‍රාඩ් නගරයට දෙසට යන අතරතුර

    sj57fHP.jpg





    සෝව්යට් උසස් අණදෙන නිලධාරියෙක් වූ ඇලෙක්සැන්ඩර් රොඩිම්සෙව් ස්ටාලින්ග්‍රාඩ් හි

    PrH9QQQ.jpg





    සුප්‍රසිද්ධ ජර්මන් මාධ්‍යවේදී සහ ඡායාරූප ශිල්පී බෙනෝ වුන්ඩ්ෂැමර් ජර්මන් හමුදාව සමග ස්ටාලින්ග්‍රාඩ් හි

    so0sNQ3.jpg





    ස්ටාලින්ග්‍රාඩ් හිදී හසුවූ රුසියානු සෙබලෙක්ගෙන් ජර්මන් සෙබලුන් ප්‍රශ්න කරන අයුරු

    7b9fo39.jpg





    තුවාල ලද රුසියානු තරුණියකට ප්‍රතිකාර කරන ජර්මන් සෙබලෙක්

    vAOvrCu.jpg





    රුසියානුවන්ට වෙඩි තබන ජර්මන් සෙබලෙක්

    yDUg4Ds.jpg




    Source:Uncensoredhistory.blogspot.com

    -HarshaLulzSec-
     
    Last edited: