නැවක් සහ නැවක එන්ජිමක්.
නැවක් සහ නැවක එන්ජිමක්.
MAN B&W 12K98ME (බර්මිස්ටර් සහ වේන්)... මේ එන්ජින් වල පින්තුර එව්වේ, සාගරයේ ජීවත් වෙන සමීර ප්‍රනාන්දු මල්ලී...
මෝටර් කාර්මික දැනුම තවත් ඈතට ඉගෙන ගත් විට, අති විශාල එන්ජින් වලටත් ඒ මුල් ධර්ම එසේම යෙදෙන බව සත්‍යයක් වෙනවා. ඒ නිසා මේ පෝස්ට් එක, මේ පිටුවේත් දමන්න කැමතියි. අප මෙතෙක් කතා කල එන්ජින් වල ඇති මුල ධර්ම මහා පරිමාණයෙන් නැව් වල භාවිතා කරන බව ඔබට පෙනේවි. නැව් වල ඇති එන්ජින් සම්බන්දව නම්, මේ පෝස්ට් එක නම් ගොඩක්ම අප්‍රමාණවත්. හරිනම්, නැව් ගැන කියන්න වෙනම පිටුවක් ඕනා වේවි. එච්චර කියන්න දේවල් තියෙනවා...
...ඉතින් නැව් හදන කොම්ප්නි ගැන මුලින් කීවොත්; ජර්මනියේ MAN කියන කොම්පැනියත් මේ වගේ අති විශාල නැව් එන්ජින් හදන්න ප්‍රසිද්ධයි. තව අති විශාල එන්ජින් හදන කොම්පැනියක් තමා 'සුල්සර්' කියන්නේ. ඔය දෙවන 'ස' යන්න ඇත්තටම ඉංග්‍රීසි හෝඩියේ අවසාන අකුර වගේ ශබ්ද කරන්න ඕනා. ඒ කොම්පැනිය ස්විස්ටර්ලන්තයේ කොම්පැනියක්. ඉතින් එක සැරේම හිතට එන්නේ, මුහුදක් නැති ස්විස්ටර්ලන්තයේ නැව් එන්ජින් හදන්නේ ඇයි කියලා නේ. එච්චර ඒ මිනිස්සු දුර දැක්කා. ඒ තරම් දක්ෂ මිනිස්සු කොටසක්. ඒ වාගේම ඔවුන් ඉතා සම්ප්‍රදානුකුලව සිතන මිනිසුන් කොටසක්. උදාහරණයක් කියන්නම්. මෙච්චර දියුණු රටේ, තවමත් මියුනිසිපිලිටි වල චන්දය දෙන්නේ, මිනිස්සු එක් වෙලා අත් උස්සලා. එයයි පැරණි ක්‍රමය. ලොකු පරිවර්තනයක් කරන විට ඇතිවන හානිය වැඩි බව ඒ මිනිස්සු දන්නවා. ඒ නිසා සම්ප්‍රදානුකුල වෙන එකේ වැදගත්කම ඒ අය දන්නවා. ලංකාවේ මැතිවරණයකදී එක පක්ෂයක් පැරදිලා අනෙක් පක්ෂය ආවාම වෙන දේ අපි දන්නවා...
... නැවත නැව් එන්ජින් කතාවට බහිමු. ලොකු ම වර්ගයේ නැව් වලට, වාෂ්ප ටර්බයින් යන්ත්‍ර භාවිතා කරනවා. 5,50,000 ටොන් නැව්, සුවස් ඇළ තනන්නට පෙර නිෂ්පාදනය කලා. පොඩි නැව් ගොඩක් හදනවාට වඩා, දැවැන්ත නැව් කීපයක් හදන එක ආර්ථික වශයෙන් ලාබයි. මැද පෙරදිගෙන් තෙල් අරගෙන අප්‍රිකාව වටේ ගිහින් යුරෝපයට යනවා කියන එක ලෙහෙසි වැඩක් නොවේ. ඒ කාලයේ හදපු නැව් වලින් දිගම නැව, ලෝකයේ උසම ගොඩනැගිල්ලක් වන මැලේසියාවේ පෙට්‍රොනාස් ටවර් එකේ උසට වඩා දිගයි. මේ නැව් දැන් බොහොමයක් සාගරයෙන් ඉවත් කලා. එක හේතුවක් තමා, මේවා ඒ කාලයේ හැදුවේ 'හල්' එකක්, ඒ කියන්නේ නැවේ පතුල් එකක් පමණක් ඇතිව. එවිට විශාල පාරිසරික තර්ජනයක් එන්නට පුළුවන්. ඒ කියන්නේ, බැරිවෙලාවත් නැවේ පතුල හිල් වුනොත් අති විශාල තෙල් ප්‍රමාණයක් මුහුදට එක් වෙන්න පුළුවන්. මේ ප්‍රශ්නයට වැඩි බරක් දුන් නිසා, දැන් ලොකු නැව් වල 'හල්ස්' දෙකක් ඇතිව හදනවා. ෆින්ලන්තයේ වොට්සිලා කියන සමාගමත් නැව් එන්ජින් හදනවා. අවුරුදු 30කට පෙර හදපු නැව් එන්ජින් අදත් භාවිතා වෙනවා. කොරියාව වගේ රටවල් කරන්නේ මේ සුල්සර්, වොට්සිලා බී+ඩබ්ලිව්, මෑන් වැනි කොම්පැනි වල සැලසුම් අරගෙන ඒ ආකාරයට එයාලගේ නැව් එන්ජින් තනන එකයි. අවුරුදු 100 ක් වගේ නැව් නිෂ්පාදය සඳහා ලැබූ අත්දැකීම් වලින් එන්ජිමක් හදන එක අළුතෙන් දෙයක් නිර්මාණය කරනවාට වඩා පහසුයි.'රෝදය නැවත නිෂ්පාදනය කරන එක තේරුමක් නැත' කියලා කියනවා නේ. (No meaning of re-inventing the tyre)...
... අප සාකච්චා කල මොට වාහන වල එන්ජිම් ස්ටාර්ට් කළ පමණින් වාහනයේ තෙල් පොම්පය ක්‍රියාත්මක වී , ඒ අවශ්‍ය තෙල් පීඩනය ඇති කලත්, නැව් වල එසේ නැහැ. මේ පින්තුර වල ඇති විශාල එන්ජිම් ස්ටාර්ට් කරන්නට පෙර ඔයිල් ප්‍රෙෂර් වැඩි අවශ්‍ය ප්‍රමාණයට වැඩි කරනවා. නැත්නම්, ක්ෂණිකව බෙයාරින් ගෙවී යන්න පුලුවන් නිසා. අනෙක, මේ එන්ජින් වල වේගය ඉතා අඩුයි. සමහරවිට 100 RPM වගේ. ඒ ඇති. මොකද වේගයට වඩා ටෝර්ක් එකයි අවශ්‍ය වන්නේ. සමහර එන්ජින් වල කනෙක්ටින් රොඩ් එක කෑලි දෙකකට තියෙන්නේ. හැකි තරම් පිෂ්ටනයේ තිරස් ගමන, ඒ කියන්නේ එය චලනය වන අතට අංශක 90ක් දෙසට වන චලනය එයින් අඩු වෙන්න නිර්මාණය කර ඇත්තේ. එවිට ගෙවීම අඩු වෙනවා. ඒ වාගේම සමහර එන්ජින් වල පිෂ්ටන් සෙමෙන් කැරකෙන්න හදා තියෙන්නේ. සාමාන්‍යයෙන් කාලයක් ගතවන විට එන්ජිමක පිෂ්ටනය ඕවල් යනවා. ඉතින් ලියවන පට්ටලයකට දාලා ඕවල් අරින්න ඕනා නේ. කාටද නැවක පිෂ්ටනය ලියවන පට්ටල් ගෙනියන්න පුළුවන්? ඒ නිසා එන්ජිම වැඩ කරන විටම ඒ දේ වෙන්න හදලා තියෙනවා. ඔය එන්ජිමේ හරස්කඩ අසල සිටින මිනිසාගේ රුපය සහ එන්ජිමේ පිෂ්ටනය තරම සංසන්දනය කලොත් ඔබට මේ ගැන වැටහීමක් ගන්න... පුළුවන්....
ෆ්‍රොම් මුණු පොත