නියගලා~Glory Lily

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
නියගලා - Glory Lily

12208415_1482157722115101_8668680382064071006_n.jpg

චායාරුපය :: විජිත රත්නසිරි සොයුරා විසිනි

නියගලා උද්භිද විද්‍යාත්මකව Glosrosa superba නමින් හැදින්වෙන අතර colchicaceae පවුලට අයත් පැලෑටි වර්ගයකී. මෙය ඉංග්‍රිසියෙන් Glory Lily , Gloriosa Lily යන නම් වලින් හදුන් වනු ලැබේ.

කලා රසය තිබුනත් නියගලා මලේ
මලා නේද කෑවොත් නියගලා අලේ

යනුවෙන් නියගලා සම්බන්ධ කියමනක්ද වේ. වැලක් ආකාරයට වැඩේ. විෂ සහිත පැලැටියක් ලෙසට වර්ග කරන අතර මදක් සෙවන සහිත සිසිල් ස්ථාන වල වැඩේ..

නියගලා ශාකය පුරාම පැතිර ඇත්තේ, මිනිස් සිරුරට අහිතකර විෂ සහිත රසායනිකයක් නියගලා අල පමණක් නොව මල්, කොළ, මුල් ඇතුළු සෑම කොටසක්ම විෂ සහිතයි.

මෙයින් කුමන හෝ කොටසක් ශරීරගත වූවද, වමනය යෑම, බඩඑළිය යාම වැනි රෝග ලක්ෂණ මතු කරනවා. නියගලාවල තිබෙන විෂ මිනිස් සිරුරේ ජීර්ණ පද්ධතියේ සිටින සාමාන්‍ය බැක්ටීරියා හරහා ලේවලට ඇතුල් වෙනවා. අනතුරුව සෙප්ටිසීමියා කියන රෝගී තත්ත්වය ඇති වෙමින් මිය යනවා. මේ විෂ සඳහාද ප්‍රතිජීවක හෝ කිසියම් ඖෂධයක් කිසිදු රෝහලක නැහැ. මියනොගොස් ජීවිතය බේරුණද අතුරු ආබාධ සහිත ජීවත්වීමට සිදුවෙනවා. කොණ්ඩෙ යාම, තට්ටය පෑදීම වැනි ආබාධ දක්නට ලැබෙනවා.

(විස්තරය :- අ:ජා: ඇසුරිනි)
 

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,930
    113
    නියගලා ශාකය පුරාම පැතිර ඇත්තේ, මිනිස් සිරුරට අහිතකර විෂ සහිත රසායනිකයක්. නියගලා අල පමණක් නොව මල්, කොළ, මුල් ඇතුළු සෑම කොටසක්ම විෂ සහිතයි.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කලා රසය තිබුනත් නියගලා මලේ
    මලා නේද කෑවොත් නියගලා අලේ
     

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    හොඳ ලිපියක්..... +++

    නයිට්‍රජ්නීය සංයෝග බහුල මෙම ශාකය බොහෝ ඖෂද වර්ග නිපදවීමටත් යොදා ගන්නවා. රක්තවාතය, සර්ප දෂ්ට, ආතරයිටීස්,වකුගඩු රෝග සහ තවත් බොහෝ රෝග සදහා නිපද්වන බෙහෙත් සෑදීමට භාවිතා කරනවා
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    Mudrana සොයුර, විජිත රත්නසිරි කියන්නෙ ඔබගේ මිතුරෙක්ද?