ඇත්~තෝර~(Senna alata)

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ඇත් තෝර (Senna alata)
12243114_1482469662083907_9062960249292038344_n.jpg

චායාරුපය :: විජිත රත්නසිරි සොයුරා විසිනි

සමේ රෝග නසන ඇත්තෝර

අප ශරීරය වසාගෙන සිටින ආරක්ෂකයා වූ සමට ඇතිවන පීඩාකාරී දද කුෂ්ඨ හොරි වැනි ලෙඩරෝග නසන ප්‍රධාන ඖෂධ වේදියා ලෙස ඇත්තෝර හැඳින්විය හැක.

සමට ඇතිවන කුෂ්ඨ දද ශරීරය පුරා වර්ධනය වේ. එවන් අවස්ථාවලදී බටහිර වෛද්‍ය ක්‍රම භාවිතා කළත් විවිධ වූ ඖෂධීය තෙල් වර්ග භාවිතා කරනු ලබයි . එම තෙල් නිෂ්පාදනය සඳහා වැඩි වශයෙන් යොදා ගෙන ඇත්තේ ඇත්තෝර ශාකයයි. විශේෂයෙන් තෝර ශාකයේ වර්ග කිහිපයක් ඇතිමුත් ලක්ෂණ හා හැඩ ගුණය අනුව ප්‍රෙභ්ද දක්නට ඇත. මෙහිදී පෙතිතෝර එක් වර්ගයක් වන අතර නිතර රසවත් ව්‍යාංජනයක් ලෙස ගනු ලබයි. ඇත්තෝර ශාකය අමෙරිකාව ජන්මභූමිය වී ඇති අතර ඉන්දියාව බෙංගාලය , ශ්‍රීලංකාව තුල බහුල ලෙස ව්‍යාප්තව ඇත. අප රටේ ජලාශ්‍රිත ප්‍රදේශවල ඇළ වේලි හා ගංගා දොළ ප්‍රදේශ වල බහුල ලෙස දක්නට ඇත. මේ ශාකය විශාල පඳුරක් ලෙසින් මීටර් 05 පමණ උසට වැඩේ. මෙම ශාකය සවිශක්තිය අඩු වන අතර ඝන බූවකින් වෙලි ඇත. පත්‍ර සෙන්ටිමීටර් 30 - 60 දික්වූ ආයාත හැඩයෙන් යුත් පත්‍රයකි . තවද මෙම ශාකයේ මල් කහපැහැතිය. මෙහි බීජ ලා දුඹුරු පැහැයෙන් මෙන්ම තද දුඹුරු පැහැයෙන් ද යුක්ත වේ .

ඖෂධයක් ලෙස ඇත්තෝර කොළ ඇට සහ මුල් ගනු ලැබේ. මේ ඖෂධ ශාකයේ කොළ, වා පිත් රෝග සඳහා ඉතා ගුණදායක වේ. තවද අක්මාව ශක්තිමත් කරන ගුණයද ගුල්ම අර්ශෂ් රෝග සඳහා ඉතා හිතකර වේ. ඇත්තෝර ශාකය අනෙකුත් ඖෂධීය ශාක සමග විවිධ ලෙඩ සඳහා යොදා ගනු ලබයි.අද වෙළඳ ලෝකය තුළ සම ආරක්ෂා කර ගැනීම සඳහා විශාල වශයෙන් රුව වඩන සබන් වර්ග මෙන්ම තෙල් වර්ග නිෂ්පාදන කර ඇත.තවද විවිධ වූ ඇඟ ගල්වන තෙල් වර්ග නිෂ්පාදන කර ඇත. ඒ සඳහා අඩංගුව ඇත්තේ ඇත්තෝර මිශ්‍රණයයි.මේ අයුරින් බලන කල අප රටට ආගන්තුක ශාකයක් වුවත් කිසිදු පොහොරක් භාවිතා කර හෝ කෘමි නාශකවලින් තොර අද අප රටේ දේශීය වෛද්‍ය විද්‍යාව තුළ මහත් පෙරළියක් කිරීමට ඇත්තෝර ශාකය සමත්ව ඇත෴

(විස්තරය - අ: ජා: ඇ‌සුරිනි)
 

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,474
    16,266
    113
    නියමයි.
    You must spread some Reputation around before giving it to mudrana again.
     

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    iawrudu ganak cream galath hari giye nathi aluham hari giye atthorawala ta
    soba dahama nikan de na de apita age na