තෙබු_(Costus speciosus)

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
තෙබු (Costus speciosus)
12250057_1481693942161479_7727510782048753021_n.jpg

චායරුපය :: විජිත රත්නසිරි සොයුරා සතුයි

මෙය තෙතමනය සහ සෙවන සහිත පරිසරයක වැඩීමට ප්‍රිය කරන ශාකයකි. සුලබව හමුවන්නේ ද එවැනි ස්ථානවලයි. හරිත පැහැයෙන් යුතු මෙහි පත්‍ර වලයක ආකාරයට පිහිටා තිබේ. රතු පැහැති කඳ මාංසල බවකින් යුක්තය. කඳ සුදු පැහැති වර්ගයක්ද ඇති අතර එහි කොළ තද ඇඹුල් රසකින් යුක්තය. සාපේක්ෂය එහි කොළවල කොළ පැහැය අඩුය. ආහාර සහ ඖෂධ සඳහා සුලභව භාවිතා කරන්නේ කඳ රතු පැහැති වර්ගයයි. පුෂ්ප මංජරියක හට ගන්නා මෙහි සුදු පැහැති මල අලංකාරවත්ය. ලපටි තෙබු කොළ මැල්ලුම් සහ සලාද ලෙසත් ව්‍යාංජනයක් ලෙසත් ආහාරයට ගත හැකිය. තෙබු ශාකයේ නවීකරණය කරන ලද ප්‍රභේද විසිතුරු ශාක ලෙස ගෙවතු අලංකරණය සඳහා භාවිතා කරනු දැකගත හැකිය. තෙබු ZINGIBERACEAE කුලයට අයත් ශාකයකි.

ඉංග්‍රීසි බසින් crape ginger නමින් හඳුන්වනු ලබන මෙම ශාකය Costus speciosus හා Cheilocostus speciosus වශයෙන් උද්භිද විද්‍යාත්මක නාමයන් දෙකකින් යුක්ත වේ. අග්නිදිග ආසියාව මෙම ශාකයේ නිජ භූමිය වන අතර ඉන්දුනීසියාවේ සුන්ඩා දූපතේ මේවායේ බහුල ව්‍යාප්තියක් දක්නට ලැබේ. කුක්, ෆිජි සහ හවායි වැනි පැසිෆික් දූපත්වලද මෙම ශාකය දක්නට ලැබෙන අතර ඒවායේ මෙය හඳුන්වා ඇත්තේ ආක්‍රමණශීලී ශාකයක් ලෙසිනි. එබැවින් එම දූපත්වල මේවාට වැඩෙන්නට ඇති ඉඩකඩ අඩුවෙමින් පවතී. ඖෂධීය ශාකයක් ලෙස මෙය ඉන්දියාවේ බහුලව වගාකෙරෙන අතර, අනෙකුත් රටවල විසිතුරු පැලෑටියක් ලෙස ද වගාකෙරේ.

ආසියානු කලාපයේ මෙය ඖෂධීය ශාකයක් ලෙස ප්‍රචලිතව පැවතිය ද, බටහිර සංස්කෘතිය තුළ මෙයට හිමිව ඇත්තේ එතරම් වැදගත් ස්ථානයක් නොවේ. ෆ්ලොරිඩා සරසවිය මේ ශාකය පිළිබඳ අධ්‍යයනය කොට ඇති අතර, ඒ එහි ඖෂධීය ගුණය පිළිබඳ නොව, එය විසිතුරු පැලෑටියක් ලෙස වගා කරන්නේ කෙසේද යන්න පිළිබඳව ය. ඒ හැරුණු විට බටහිර ලෝකයට මෙහි වෙනත් වටිනාකමක් නැති බැව් පෙනේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මෙම ශාකය විවිධ වූ ඖෂධීය ගුණාංගයන්ගෙන් යුක්ත ය. ළාදුරු, උණ, ඇදුම, බ්‍රොන්කයිටිස් හෙවත් ස්වාස නාල ප්‍රදාහය හා බඩවැලවල පණුවන් නැසීම සඳහා ද යොදාගනු ලබයි. මෑතකදී කළ පර්යේෂණවලට අනුව හෙළිවී ඇත්තේ දියවැඩියාවට ද මෙය ප්‍රත්‍යක්ෂ ඔසුවක් බව ය. දැනට සිදුකොට ඇති පර්යේෂණවලට අනුව තෙබු පත්‍රයක ප්‍රෝටීන් 19%ක්ද, කාබෝහයිඩ්‍රේට් 44%ක්ද, ලිපිඩ 4%ක්ද තිබේ. තන්තු සංයුතිය 12%කි. එමෙන්ම කැල්සියම්, මැගිනීසියම් හා සෝඩියම් 2% බැගින් ද, පොටෑසියම් 1%ක්ද, බොහෝ විටමින් වර්ග ද ඇති බැව් හෙළිවී තිබේ. තෙබු පත්‍ර යොදා විවිධ ආහාර වර්ග පිසීම ආසියානු රටවල සුලභව දක්නට ලැබේ.

ඉපැරණි ඉන්දීය ග්‍රන්ථයක් වූ ‛කාම සූත්‍රයේ’ දැක්වෙන අයුරින් මෙය ලිංගික ආකර්ෂණය ඇතිකිරීම සඳහා ද යොදාගනු ලබයි. මෙම ශාකය බැක්ටීරියා හා දිළීරවලට ඔරොත්තු දීමේ ගුණයෙන් යුක්ත බැව් සොයාගෙන තිබේ. එසේ හෙයින් මිනිසුන්ය වැළඳෙන බැක්ටීරියා හා දිලීර ආසාදන සඳහා ද මෙයින් ඖෂධ නිපදවා ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ.

(විස්තරය :- අ: ජා: ඇසුරින්)
 
U Dinesh

Member
Apr 24, 2014
72
1
0
good post

තෙබු (Costus speciosus)
12250057_1481693942161479_7727510782048753021_n.jpg

චායරුපය :: විජිත රත්නසිරි සොයුරා සතුයි

මෙය තෙතමනය සහ සෙවන සහිත පරිසරයක වැඩීමට ප්‍රිය කරන ශාකයකි. සුලබව හමුවන්නේ ද එවැනි ස්ථානවලයි. හරිත පැහැයෙන් යුතු මෙහි පත්‍ර වලයක ආකාරයට පිහිටා තිබේ. රතු පැහැති කඳ මාංසල බවකින් යුක්තය. කඳ සුදු පැහැති වර්ගයක්ද ඇති අතර එහි කොළ තද ඇඹුල් රසකින් යුක්තය. සාපේක්ෂය එහි කොළවල කොළ පැහැය අඩුය. ආහාර සහ ඖෂධ සඳහා සුලභව භාවිතා කරන්නේ කඳ රතු පැහැති වර්ගයයි. පුෂ්ප මංජරියක හට ගන්නා මෙහි සුදු පැහැති මල අලංකාරවත්ය. ලපටි තෙබු කොළ මැල්ලුම් සහ සලාද ලෙසත් ව්‍යාංජනයක් ලෙසත් ආහාරයට ගත හැකිය. තෙබු ශාකයේ නවීකරණය කරන ලද ප්‍රභේද විසිතුරු ශාක ලෙස ගෙවතු අලංකරණය සඳහා භාවිතා කරනු දැකගත හැකිය. තෙබු ZINGIBERACEAE කුලයට අයත් ශාකයකි.

ඉංග්‍රීසි බසින් crape ginger නමින් හඳුන්වනු ලබන මෙම ශාකය Costus speciosus හා Cheilocostus speciosus වශයෙන් උද්භිද විද්‍යාත්මක නාමයන් දෙකකින් යුක්ත වේ. අග්නිදිග ආසියාව මෙම ශාකයේ නිජ භූමිය වන අතර ඉන්දුනීසියාවේ සුන්ඩා දූපතේ මේවායේ බහුල ව්‍යාප්තියක් දක්නට ලැබේ. කුක්, ෆිජි සහ හවායි වැනි පැසිෆික් දූපත්වලද මෙම ශාකය දක්නට ලැබෙන අතර ඒවායේ මෙය හඳුන්වා ඇත්තේ ආක්‍රමණශීලී ශාකයක් ලෙසිනි. එබැවින් එම දූපත්වල මේවාට වැඩෙන්නට ඇති ඉඩකඩ අඩුවෙමින් පවතී. ඖෂධීය ශාකයක් ලෙස මෙය ඉන්දියාවේ බහුලව වගාකෙරෙන අතර, අනෙකුත් රටවල විසිතුරු පැලෑටියක් ලෙස ද වගාකෙරේ.

ආසියානු කලාපයේ මෙය ඖෂධීය ශාකයක් ලෙස ප්‍රචලිතව පැවතිය ද, බටහිර සංස්කෘතිය තුළ මෙයට හිමිව ඇත්තේ එතරම් වැදගත් ස්ථානයක් නොවේ. ෆ්ලොරිඩා සරසවිය මේ ශාකය පිළිබඳ අධ්‍යයනය කොට ඇති අතර, ඒ එහි ඖෂධීය ගුණය පිළිබඳ නොව, එය විසිතුරු පැලෑටියක් ලෙස වගා කරන්නේ කෙසේද යන්න පිළිබඳව ය. ඒ හැරුණු විට බටහිර ලෝකයට මෙහි වෙනත් වටිනාකමක් නැති බැව් පෙනේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මෙම ශාකය විවිධ වූ ඖෂධීය ගුණාංගයන්ගෙන් යුක්ත ය. ළාදුරු, උණ, ඇදුම, බ්‍රොන්කයිටිස් හෙවත් ස්වාස නාල ප්‍රදාහය හා බඩවැලවල පණුවන් නැසීම සඳහා ද යොදාගනු ලබයි. මෑතකදී කළ පර්යේෂණවලට අනුව හෙළිවී ඇත්තේ දියවැඩියාවට ද මෙය ප්‍රත්‍යක්ෂ ඔසුවක් බව ය. දැනට සිදුකොට ඇති පර්යේෂණවලට අනුව තෙබු පත්‍රයක ප්‍රෝටීන් 19%ක්ද, කාබෝහයිඩ්‍රේට් 44%ක්ද, ලිපිඩ 4%ක්ද තිබේ. තන්තු සංයුතිය 12%කි. එමෙන්ම කැල්සියම්, මැගිනීසියම් හා සෝඩියම් 2% බැගින් ද, පොටෑසියම් 1%ක්ද, බොහෝ විටමින් වර්ග ද ඇති බැව් හෙළිවී තිබේ. තෙබු පත්‍ර යොදා විවිධ ආහාර වර්ග පිසීම ආසියානු රටවල සුලභව දක්නට ලැබේ.

ඉපැරණි ඉන්දීය ග්‍රන්ථයක් වූ ‛කාම සූත්‍රයේ’ දැක්වෙන අයුරින් මෙය ලිංගික ආකර්ෂණය ඇතිකිරීම සඳහා ද යොදාගනු ලබයි. මෙම ශාකය බැක්ටීරියා හා දිළීරවලට ඔරොත්තු දීමේ ගුණයෙන් යුක්ත බැව් සොයාගෙන තිබේ. එසේ හෙයින් මිනිසුන්ය වැළඳෙන බැක්ටීරියා හා දි
 
vidura99

Well-known member
  • Oct 16, 2009
    14,318
    1,363
    113
    Colombo

    කොල මැල්ලුම

    අවශ්‍ය ද්‍රව්‍ය ( 10 දෙනෙකු සදහා)
    තෙපු කොල ග්‍රෑම් 250
    සිහින්ව ගාගත් පොල් බෑයක පොල් nidusuwatha.com (ිදුසුවත.com) වෙතින් උපුටා ගැනීමකි
    පොල් තෙල් හො එළවළු තෙල් ස්වල්පයක්
    ලුණු
    අමු මිරිස් කරල් 6
    ලොකු ළූණු ගෙඩි 1
    කරපිංචා කිනිති 2
    උම්බලකඩ
    කහ nidusuwatha.com (ිදුසුවත.com) වෙතින් උපුටා ගැනීමකි
    රතු ළූණු ගෙඩි 5
    සාදන ක්‍රමය
    තෙපු කොල හොදින් සෝදා කුඩු කැබලි වලිට කපා ගන්න. සිහින්ව ගාගත් පොල් කහ සමග අමරා ගන්න. ලොකු ළූණු, අමු මිරිස් කුඩාවට කපා ඒවාද මිශ්‍ර කරන්න. අවශ්‍ය පමණ ලුනු ද දමා හොදින් කලවම් කරගන්න.
    ඉන් පසුව තෙල් ලිප තබා කුඩාවට කපා ගත් රතු ළූණු, කරපිංචා, අමු මිරිස් තෙලට දමා බැදෙන විට සකසා ගත් තෙපු කොල හා පොල් මිශ්‍රණයද දමා කූරු ගාන්න. විනාඩි 6 ක් පමණ කූරු ගාමින් මද ගින්නේ තැම්බෙන්නට හැර ලිපෙන් බා ගන්න. හැම වයසටම සුදුසුයි. මතකය ඇති කරවන බව හා අන්ත්‍ර වල තුවාල සුව කරන බව ආයුර්වේදයේ සදහන් වේ.

    soure: http://www.nidusuwatha.com/DietMenu/ThepuKola.htm
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රෙප් දෙන්න නම් විදියක් නෑ මාමේ.... අර ත්‍රෙඩ් එකට දීලම ඉවර වෙලා