Lipid Profile අවබෝධ කරගමු..
අද මම උඹලට දෙයක් කියල දෙනව..
මේක ගොඩක් දෙනෙක් වැරදියට අවබෝධ කරං ඉන්නෙ...
ඒ තමා කොලෙස්ටරෝල්.. එහෙමත් නැත්තං ලිපිඩ් ප්‍රොෆයිල් එක ගැන..
ඔන්න Report එකේ තියෙනව
LDL
HDL කියල
නරක කොලෙස්ටරෝල් සහ හොඳ කොලෙස්ටරෝල්..
නරකයි හොඳයි කියන කතාව හරි, ඒත් කොලෙස්ටරෝල් කියල කියන එක වැරදියි..
LDL අඩු වෙන තරමට හොඳයි.. ඒක හරි
HDL වැඩි වෙන තරමට හොඳයි.. ඒකත් හරි
වැඩේ තියෙන්නෙ මේවට හොඳ හරි නරක හරි කොලෙස්ටරෝල් කියල කියන එක.. ඒක වැරදියි..
LDL වලත් කොලෙස්ටරෝල් තියෙනව
HDL වලත් කොලෙස්ටරෝල් තියෙනව..
LDL කියන්නෙ low density lipoprotein..
HDL කියන්නෙ high density lipoprotein.. දැං කෝ එතකොට කොලෙස්ටරෝල්..
Lipoprotein කියන වචනෙ තේරුම Lipid සහ Protein.. ඒ කියන්නෙ ලිපිඩ සහ ප්‍රෝටීන.
එතකොට LDLවලත් HDLවලත් දෙකේම ලිපිඩ අණු සහ ප්‍රෝටීන තියෙනව
දැං අපි බලමු LDL එකේ කොහෙද කොලෙස්ටරෝල් තියෙන්නෙ කියල.. LDL එකේ විතරක් නෙමේ HDL එකෙත් කොලෙස්ටරෝල් තියෙනව..
ඔය තියෙන්නෙ LDL එකක් දැක්ක නේද ඕක ඇතුලෙ තමා කොලෙස්ටරෝල් අණු තියෙන්නෙ..
ඔය ගෝලෙ ඇතුලෙ තමා කොලෙස්ටරෝලුත් ට්‍රයිග්ලිසරයිඩුත් තියෙන්නෙ..
වටේ පොස්පොලිපිඩ සහ ප්‍රෝටීන වලින් මේ දෙක ආවරණය වෙලා තියෙන්නෙ..
ඉතිං අපි LDL වලට තනිකර කොලෙස්ටරෝල් කියල කියන එක වැරදියි නේ..
HDL එකෙත් LDL එකේ ව්‍යුහයමයි තියෙන්නෙ. ඒ කියන්නෙ මැද කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ්.. වටේට ප්‍රෝටීන සහ පොස්පොලිපිඩ..
දෙකේ වෙනස වෙන්නෙ මේවයෙ අනුපාත.. අනුපාත වලින් දෙක වෙනස්.. මේ බලන්ඩ
මේ දෙකේම කොලෙස්ටරෝල් තියෙනව..
ඒත් HDL වලට වඩා LDL වල කොලෙස්ටරෝල් අනුපාතය වැඩයි.. VLDL වල ට්‍රයිග්ලිසරයිඩ් අනුපාතය වැඩයි.. හොඳ කොලෙස්ටරෝල් නරක කොලෙස්ටරෝල් කියල දෙකක් නෑ.. එකම කොලෙස්ටරෝල් අණු ටිකක් තියෙන්නෙ.. කොච්චර කොලෙස්ටරෝල් ප්‍රමාණයක් තියෙනවද කියන එකෙන් තමා HDL සහ LDL වෙනස් වෙන්නෙ..

දැං එතකොට කොහොමද HDL හොඳ වෙන්නෙ.. LDL නරක වෙන්නෙ.. ඒක වෙන්නෙ මෙහෙයි..
නරකයි නරකයි කිව්වට අපේ ඇඟට කොලෙස්ටරෝල් යම් ප්‍රමාණයක් අවශ්‍යයි.. කොලෙස්ටරෝල් නිපදවන්නෙ අපේ අක්මාවෙන්. කොලෙස්ටරොල් වලට තනියම රුධිරයට කලවම් වෙලා ශරීරය පුරා යන්ඩ බෑ. එයාව එක්කගෙන යන්ඩ තමා ඔය ප්‍රොටීන ජාතියක් තියෙන්නෙ.. ප්‍රෝටීන කොලෙස්ටරෝල්ව අතිං අල්ලං ඇඟ පුරා යනව. අතිං අල්ලං ඉන්න කොට තමා අපි ලිපිඩ-ප්‍රෝටීන එහෙමත් නැත්තං LDL හරි HDL හරි කියල කියන්නෙ
LDL කරන්නෙ කොලෙස්ටරොල් අක්මාවෙන් ශරීරය පුරා ගෙනියන එක.. ඒකනෙ එයාගෙ කොලෙස්ටරෝල් වැඩි.. කොලෙස්ටරෝල් පටවං ඉන්නෙ.. ශරීරය පුරා ගෙනියන්ඩ.
HDL කරන්නෙ ශරීරයේ හැම තැනම තියෙන කොලෙස්ටරෝල් අක්මාවට ගෙනියන එක.. එයාට තව කොලෙස්ටරෝල් පටවගන්ඩ ඕන නිසා තමා, කොලෙස්ටරෝල් අඩු අනුපාතයක් තියෙන්නෙ..
දැං තේරෙනවනෙ මේ හොඳ නරක කතාව..
එතකොට LDL මඟින් රුධිර නාලවලට කොලෙස්ටරෝල් ගෙනිහින් ඒව තැන්පත් වෙලා අපිට කරදර වෙනව.. HDL කරන්නෙ රුධිර නාල වල තියෙන කොලෙස්ටරෝල් ඇහිඳං ගිහිං අක්මාවට ගිහිං දාන එක..
මීට පස්සෙ රිපෝට් එකක් කියවද්දි, නරක කොලෙස්ටරෝල් මෙච්චරකට (reference range එක) වඩා අඩුවෙල තියෙන්ඩ ඕනැයි, හොඳ කොලෙස්ටරෝල් මෙච්චරකට වඩා වැඩියෙන් තියෙන්ඩ ඕනැයි කියද්දි, මොන මඟුලකටද යකෝ ටෝටල් කොලෙස්ටරෝල් ආයෙ මෙච්චරකට වඩා අඩුවෙන් තියෙන්ඩ ඕන කියන්නෙ ?
කියල හිතෙන එකක් නෑ..

Last edited:

බම්ප් එක ගහගනින් පස්ස පැත්තෙ...
නොදකින් ඉඳපන් බලන්න. 