බොන්සායි කලාව

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,654
    7,861
    113
    මෙන්න මෙතන...
    ජපන් බොන්සායි කලාව

    බොන්සායි කලාව කියන්නේ මොකද්ද?​

    බොන්සායි කියන ජපන් වචනය බොහෝ දෙනා අහල ඇති. බොන්සායි කලාවට ජපන් ජාතිකයන් උරුමකම් කීවත් මේක ආරම්භ වුනේ චීනයේ. ඒ මීට වසර දහස් ගණනකට ඉස්සර. ඒත් මේක ලෝකෙට දුන්නෙ නම් ජපානය.සරලවම කියනව නම් බොන්සායි කියන්නේ පැතලි බඳුන් වල කුරු ශාක වගා කිරීමේ කලාවටයි. ශාකය කුරු වුනත් ස්වභාවික විශාල පැරණි ශාකයක හැඩය ඒ අයුරින්ම එයට ලබා දෙන්න පුලුවන්.හැඩය පමණක් නොවේ පැරණි ශාක වල ඇති කැලැල්, මැරුණු අතු වල ලක්ෂණ ආදිය ද ඒ අයුරින්ම නිර්මාණය කල හැක.

    බොන්සායි ගසක් නිර්මාණය කිරීම අප හිතන තරම් පහසු නැත. ඒ සඳහා දැනුමට අමතරව හොඳ ඉවසීමක් හා උත්සාහයක් අවශ්‍ය වේ. එසේම බොන්සායි සඳහා සම්මත නීති පද්ධතියක් ඇත. මේවා අනුගමනය අනිවාර්‍ය නැත. නමුත් සම්මත නීති අනුගමනය කිරීමට උත්සාහ ගතහොත් ඉතා උසස් බොන්සායි නිර්මාණයක් කරගත හැක.

    ඇත්තෙන්ම කියනවනම් බොන්සායි කියන්නේ මිනිසාගේ සිත නිවන අගනා නිර්මණයක්.​

    bonsai_agaci_2.jpg

    බොන්සායි සඳහා සුදුසු ශාක​

    ශ්‍රී ලංකාව නිර්තන කලාපීය රටක් නිසා බොන්සායි කිරීම සඳහා සුදුසු ශාක ඕනෑ තරම අප අවට පරිසරයෙනම සපයා ගත හැක. නමුත් මෙහිදී විශාල පත්‍ර හට නොගන්නා බහු වාර්ශික ශාක යොදා ගැනීම සුදුසුය. මෙහිදී කුඩා බීජ පැල මෙන්ම වායව අතු බැදීම(Air layering), අතු කැබලි සිටුවීම වැනි වරධක ප්‍රචාරණ ක්‍රම මගින් ශාක සපයා ගත හැක.
    යොදාගත හැකි ශාක-

    01. කුඹුක්
    02. දිවුල්
    03. සියඹලා
    04. නුග
    05. බෝ
    06. අට්ටික්කා
    07. බෙන්ජමිනා
    08. පළු
    09. කළුවර
    10. හැලඹ
    11. බුරුත
    12. මයිල
    13. රතඹලා(පොඩි)
    14. මී
    15. පිල
    16. නා
    17. බුරුත
    18. වෙරළු
    19. උගුරැස්ස
    20. ඇහැටු
    21. දෙළුම්
    22. හීන්තඹල
    23. පානක්කා
    24. ඩියුරැන්තස්
    25. ඇට්ටේරියා
    26. ගඟවැරැල්ල​

    ‍බොන්සායි කලාවේ දී සාමාන්‍යයන් අනුගමනය කෙරෙන නීති​

    බොන්සායි ශාකයක් නිර්මාණයේදී සාමන්‍යයන් අනුගමනය කෙරෙන නීති පද්ධතියක් ඇත. මෙම නීති අනුගමනය කිරීම අනිවාර්‍ය නැතත් මෙම නීති වලට අනුව බොන්සායි ශාකයක් නිර්මාණය කිරීමට උත්සාහ ගැනීමෙන් ඉතා අලංකාර බොන්සායි ශාකයක් නිර්මාණය කරගත හැක. කෙසේ වෙතත් ලොක‍යේ නිරමාණය වී ඇති උසස් යැයි සම්මත බොන්සායි නිර්මාණ වලින් බොහෝමයක් සම්මත නීති ඒ අකාර‍යෙන්ම පිළිපැද නැත.

    ලෝකයේ සම්මත බොන්සායි නීති

    *බොන්සායි ශාකයේ සමස්ථ හැඩය අසමමිතික ත්‍රිකෝණාකාර හැඩයක් ගත යුතුය.
    *ශාකයේ අතු විහිදීම අරම්භ විය යුත්තේ ශාකයේ මුළු උසින් 1/3 පමණ ගිය පසුය.
    *ශාකයේ පහල සිට පළමු අත්ත දකුණට විහිදුන හොත් දෙවන අත්ත වමටත් තෙවන අත්ත පසුපසටත් විහිදේ. මෙම අතු පිහිටීම ශකයේ ඉහලට යන තුරැම පවත්වාගත යුතුය.
    *ශාකයේ එකම ස්ථානයකින් අතු දෙකක් නොවිහිදිය යුතුය.
    *ශාකයේ නැවුම් (Bends) පවතී නම් අතු ආරම්භ විය යුත්තේ නැවුමේ උත්තල(Convex) පැත්තේය.
    *ශාකයේ පහල සිට ඉහලට යන විට අතුවල මහත ක්‍රමයෙන් අඩුවිය යුතු අතර අතු අතර පරතරය ක්‍රමයෙන් අඩුවිය යුතුය.
    *මෙම එක් එක් අතු තුලද අනු ශාකා සමග ත්‍රිකෝණාකාර හැඩයක ගත යුතුය.
    *මෙහිදී අනුශාකා තිරස්ව දෙපසට පමණක් විහිදිය යුතුය. එනම් ඉහලට හෝ පහලට නොවිහිදිය යුතුය. එවිට අතුවල අලංකාර පත්‍ර තලාවක්(Foliage pad) නිරමාණය වේ.
    *ශාකයේ පහලම අතු ඉහල අතුවලට සාපේක්ශව වැඩිපුර පහලට නැඹුරැ කල යුතුය.
    *ශාකයේ කද ඉහලට යන වි‍ට ක්‍රමයෙන් සිහින් වී යා යුතුය.
    *ශාකයේ මුළු පෙනුම සමබර විය යුතුය.
    *ශාකයට එක අග්‍රස්ථයක් පමණක් තිබිය යුතුය.
    *අග්‍රස්ථය තරමක් නරඹන්නා දෙසට නැඹුරැ විය යුතුය.
    *බොන්සායි වල විවිධ රෑපකායන්ට ගැලපෙන හැඩය සහිත බදුන් යොදා ගත යුතුය.
    *මේ සදහා සිමෙන්ති, පිගන් මැටි. පොසිලේන් වලින් සෑදූ නොගැඹුරැ බදුන් යොදා ගනී.


    බොන්සායි ගැන වැඩිදුර ඉගෙනගන්න කැමති කෙනෙක් ඉන්නවනම් පහල ලින්කුවෙන් ගිහින් එකක් තියෙනවා..ඒක බාගන්න..

    බොන්සායි අත්පොත​


    මෙන්න බොන්සායි පින්තූර ටිකක්​

    921px-Bald_Cypress,_1987-2007.jpg


    692px-Cotoneaster_bonsai_by_Mike.jpg


    bonsai-como-regalo.jpg


    408948777_7df427513a_b.jpg


    rudi_L_PREMNA_GROUP.jpg


    8f623c8b5d73482d9b944055c2eedd51.jpg


    e7a7b29f11bd0643661ba1611b5c62a4.jpg


    Big%20Bonsai.JPG


    IMG0629-S.jpg


    asian-plants.jpg


    bonsai-tree-care.jpg


    bonsaitree.jpg


    57547ddd9c2a1de869c31436632628cd.jpg


    11Fubanyan.jpg


    Ficusbenghalensis9.jpg


    Japanese-Bonsai-Trees.jpg


    f6cddf95a625613e3ee192e0085db2e1.jpg


    Banyan_Ficus_microcarpa_bonsai.jpg


    tree6.jpg




    හොදයි නම් බම්පියක්වත් දාගෙන යන්න මචන්ලා..​
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ


    පට්ට මචෝ.... මං මාර ආස කරන දෙයක්..

    පොත බා ගත්තා...හදන විදිය තියනවා නම් ට්‍රයි එකක් දාල බලන්නම්:)
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,654
    7,861
    113
    මෙන්න මෙතන...


    පට්ට මචෝ.... මං මාර ආස කරන දෙයක්..

    පොත බා ගත්තා...හදන විදිය තියනවා නම් ට්‍රයි එකක් දාල බලන්නම්:)

    හදන විදිය තියෙනවා මචන්..ට්‍රයි එකක් දාපන්..මම ඉස්කෝලේ යන කාලේ කරල තියෙනවා මචන්..පට්ට​