ස්ටාලින්ග්‍රාඩ් සටනට සාරාංශයක්

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ස්ටාලින්ග්‍රාඩ් සටනට සාරාංශයක්

    73J7kIk.jpg

    ස්ටාලින්ග්‍රාඩ් සටන යනු දෙවන ලෝක යුද්ධයේ අතිශය වැදගත් සටන්වලින් එකකි.1942 ජූලි 17 සිට 1943 පෙබරවාරි 2 දා තෙක් මෙම සටන පැවතියේ යැයි ඉතිහාසයේ සඳහන් වේ.එය සම්පුර්ණ යුද්ධයේම හැරවුම් ලක්ෂයක් වූ බව බොහෝ තැන්වල කියවේ.සෝවියට් දේශයේ මෙම තීරණාත්මක ජයග්‍රහණය ජර්මනියේ සෝවියට් ආක්‍රමණය අවසන් කර දැමූ අතර එතැන් පටන් නාසි හමුදා නැගෙනහිර පෙරමුණේ සිට බර්ලිනය වන තෙක් පසු බැස්සා මිස ජයග්‍රහණයක් නොලැබීය.ස්ටාලින්ග්‍රාඩ් සටන රුසියානුවන් තුල ධෛර්යය ඇති කරන්නට සමත් වූ අතර එහිදී ඔවුන් ලැබූ ජයග්‍රහණය ඔවුන්ව බර්ලිනය තෙක් ගෙන යාමට තරම් ශක්තිමත් එකක් විය.මෙම ලිපියෙන් ස්ටාලින්ග්‍රාඩ් සටනේ වැදගත් කරුණුකාරණා කිහිපයක් විමසා බැලේ.




    ස්ටාලින්ග්‍රාඩ් සටන

    බොහෝ ඉතිහාසඥයින්ට අනුව ස්ටාලින්ග්‍රාඩ් සටන යුරෝපය තුල දෙවන ලෝක යුද්ධයේ හැරවුම් ලක්ෂයයි.ස්ටාලින්ග්‍රාඩ් සටන පරාජය වීම, ජර්මන් හමුදාව රුසියාව තුල විනාශ වන්නටත් ඔවුන් සම්පුර්ණ පසුබැසීමකට ලක්වන්නටත් හේතුවිය.නමුත් ඇත්ත වශයෙන්ම ජර්මනියේ 6 වන හමුදාවට ස්ටාලින්ග්‍රාඩ් සමග පැටලෙන්නට කිසිදු උවමනාවක් නොතිබිණි.හිට්ලර් ස්ටාලින්ග්‍රාඩ් නගරයට පහරදෙන්නට නියෝග කරන්නට පෙර නාසි හමුදාවේ A, B කණ්ඩායම් ඉතා සාර්ථකව නිරිත දිග රුසියාවේ කොකේසස් ප්‍රදේශයට ගමන් කරමින් සිටියේය.උපාය මාර්ගිකව බැලීමේදී,ඔබ ඉදිරියට ගමන් කරද්දි ඔබේ පසු භාගයේ පරාජය නොකල ප්‍රධාන නගරයක් ඉතිරි කර යෑම ඥාණවන්ත ක්‍රියාවක්ද නොවේ.කෙසේ වෙතත් සමහර ඉතිහාසඥයින්ට අනුව නගරයේ නමත් ඔහු වෛරයෙන් පසුවූ ජෝශෆ් ස්ටාලින් අතරත් සම්බන්ධය මෙම නියෝගයට තවත් හේතුවක් වන්නට ඇති.එම හේතුවම මුල් කරගෙනම නගරය උපරිම වෙර යොදා රැකගන්න යැයි ස්ටාලින්ද නියෝග කරන්නට ඇති.


    GkgxFhe.png


    මෙම සටන පැවතුනේ 1942 වසරේ ශීත සෘතුවත් 1943 ත් අතර සමයේය.1942 සැප්තැම්බර් මාසයේදී ජර්මන් 6වන හමුදාවේ ජෙනරාල් පවුලුස් 4වන පැන්සර් හමුදාවේ සහායද සහිතව ස්ටාලින්ග්‍රාඩ් නගරය දෙසට ගමන් කරන්නට විය.ඔහුගේ මූලික ඉලක්කය වූයේ කොකේසස් ප්‍රදේශයේ තෙල් කෙත් අත්පත් කරගැනීම වූ අතර ඒ සඳහා හිට්ලර් ,පවුලුස්ට ස්ටාලින්ග්‍රාඩ් යටත් කරගන්නා ලෙස නියෝග කරන ලදි.ජර්මානුවන්ගේ අවසන් ඉලක්කය වූයේ අසර්බයිජානයේ බාකු නගරයයි.



    Br0azrr.png



    ස්ටාලින්ග්‍රාඩ් රුසියාවේ දකුණු ප්‍රදේශයේ ප්‍රධාන නගරයක් මෙන්ම සන්නිවේදනය,ගමනාගමනය ආදියේ වැදගත් සන්ධිස්ථානයක් විය.තවද එය කාර්මික නිෂ්පාදන රැසකට අදාල කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් සහිත ප්‍රදේශයක් විය.විශේෂයෙන් රුසියාවේ යුදෝපකරණ අවශ්‍යතා සැපයුනේ මෙම කලාපයෙනි.



    xOM097b.png


    ogI8sns.png


    S2q2VIq.png



    1942 සැප්තැම්බර් වන විට සාර්ථකව නගරය තුල ගමන් කරන්නට ජර්මන් හමුදාව සමත් විය.ඒ වන විට ජර්මනියේ Operation Barbarossa මෙහෙයුම නිසා රුසියාව දුර්වල තත්ත්වයක සිටි බව ජර්මනිය දැන සිටියේය.නමුත් තම නායකයාගේ නමින් වූ මෙම නගරය වැටෙන්නට රුසියානුවන් ඉඩ නොදුන්නේ සරලව කිව හොත් ඔවුන්ගේ චිත්ත ධෛර්යය නිසාය.එසේම රුසියානුවන් ඔවුන්ගේ කොකේසියානු තෙල් බිම් ජර්මානුවන් අතට පත්වීමට ඉඩ නොදුන්නේය.ස්ටාලින්ගේ නියෝගය වූයේ "පියවර පසුපසට නොගන්නා ලෙසයි ".එම නියෝග නොපිළිපැදි රුසියානුවන්ට වෙඩි කා මිය යන්නට සිදුවූ බවද කියවේ.




    සටනට සහභාගී වූ සෙබලුන් සංඛ්‍යාව

    ජර්මන් හමුදාව මෙම සටනට සෙබලුන් 270,000ක්,කාලතුවක්කු 3,000ක්,යුද ටැංකි 500ක් සහ ගුවන් යානා 600ක් යොදාගත් බව සඳහන්.සෝවියට් දේශය සතුව සෙබලුන් 187,000ක්,කාලතුවක්කු 2,200ක්,යුද ටැංකි 400ක් සහ ගුවන් යාන 300ක් තිබිණි.

    සෝවියට් දේශයේ ප්‍රති ප්‍රහාර ආරම්භ වූ විට ජර්මන් හමුදාව සෙබලුන් 1,011,000ක්,කාලතුවක්කු 10,250ක්,යුද ටැංකි 675ක් සහ ගුවන් යානා 732කින් ශක්තිමත් විය.සෝවියට් දේශයේ පිරිස් බලය ජර්මන් පාර්ශ්චවයට සමාන වුවද ඔවුන්ගේ සැපයුම් මාර්ග ජර්මනියට වඩා ආසන්නයේ තිබීම නිසා රුසියාවේ වෙඩි බලය ඉතා විශාල විය.සෝවියට් හමුදාව සෙබලුන් 1,103,000ක් ,කාලතුවක්කු 15,500ක්,යුද ටැංකි 1,463ක් සහ ගුවන් යානා 1,115කින් සමන්විත විය.

    lPX9B5d.jpg




    ස්ටානින්ග්‍රාඩ් සටනේ මරණ සහ තුවාල ලැබීම්​

    මෙම සටනේ සැබෑ මරණ සංඛ්‍යාව කිසිදා හෙළි නොවිණි.කෙසේ වෙතත් ඇස්තමේන්තුවලට අනුව ජර්මන් හමුදාවේ සෙබලුන් 750,000කට වඩා මියගිය ගොස් හෝ අතුරුදහන්ව හෝ තුවාල ලබා ඇත.සෝවියට් වාර්තාවලට අනුව රුසියානුවන් 478,741ක් මියගොස් හෝ අතුරුදහන්ව හෝ ඇත.650,878ක් තුවාල ලබා තිබිණි.
    මෙම සටනේ මරණ ගණන කොපමණදැයි අනුමාන කරගන්නට දිය හැකි උදාහරණය වන්නේ සම්පුර්ණ දෙවන ලෝක යුද්ධය තුල එක්සත් ජනපද හමුදාවේ සෙබලුන් 416,800ක් මිය යෑමයි.
    සිවිල් මරණ සංඛ්‍යාව ගැන ප්‍රමාණවත් වාර්තා නැති මුත් එය 4000-40,000ත් අතර වෙතැයි ඇස්තමේන්තු කර තිබේ.මෙම සටනේදී සිවිල් මරණ අඩුවී හමුදා මරණ වැඩි වූයේ ජර්මනිය ස්ටාලින්ග්‍රාඩ් නගරයට බෝම්බ දැමීමත් නටඹුන්වු නගරය සිවිල් වැසියන් අතහැර යාමත් නිසාය.

    PoZSwM5.jpg




    යුද සිරකරුවෝ

    සටන අවසානයේදී ජර්මන් සෙබලුන් 91,000ක් සෝවියට් හමුදාවට යටත් විය.නමුත් යුද්ධයෙන් පසු එම 91,000න් යළි ජර්මනිය වෙත යන්නට වාසනාවන්ත වූයේ 6,000ක් පමණි.

    1kLhxmD.jpg

    සෝවියට් හමුදාවට යටත් වූ ජර්මන් සෙබලෙක්



    සටනේ ප්‍රධාන සේනාධිපතිවරු

    ස්ටාලින්ග්‍රාඩ් සටනේ රුසියානු ජෙනරාල්වරයා වූයේ ජෝර්ජි සුකෝව්ය.ඔහුගේ අණ යටතේ ජර්මානුවන් නගරයෙන් පසුබස්සවන්නට රුසියානුවන්ට හැකිවිය.ස්ටාලින්ග්‍රාඩ් සටනේ ජර්මානු 6වන හමුදාව මෙහෙයවූයේ ෆෙඩ් රිච් පාවුලුස්ය.සටන පරාජය වන බව දැනගත් හිට්ලර් පාවුලුස්ව ෆීල්ඩ් මාර්ෂල් ධූරය තෙක් උසස් කරන ලද්දේය.ඔහු සෝවියට් හමුදාවට යටත්වූ අතර ධූරයෙන් උසස් කිරීම ඔස්සේ හිට්ලර් බලාපොරොත්තු වූ පාවුලුස් ගේ දිවිනසා ගැනීම සිදු නොවුණි.පසුකාලයේ ඔහු සෝව්යට් දේශයේ සිට නැගෙනහිර ජර්මනියට පැමිණියේය.

    nQY4yIJ.jpg




    ස්ටාලින්ග්‍රාඩ් සටනට සහභාගී වූ රටවල්

    සටනේ ප්‍රධාන පාර්ශ්ව දෙක වූයේ රුසියාව සහ ජර්මනියයි.ජර්මනියේ සහායට රුමේනියාව,ඉතාලිය,හංගේරියාව සහ ක්‍රොයේෂියාව යන රටවල් එක්විය.




    වෝල්ගෝග්‍රාඩ්

    වර්තමානයේ ස්ටාලින්ග්‍රාඩ් නගරය වෝල්ගග්‍රෑඩ් නමින් හඳුන්වයි.​

    GLsOZUf.jpg
    වෝල්ගොග්‍රාඩ් නගරය වර්තමානයේ​




    ස්ටාලින්ග්‍රාඩ් සටන පරාජය වන්නට හේතුවූ හිට්ලර්ගේ අත්වැරදීම්​

    හිට්ලර් විසින් මෙම සටනේදී සිදුකල වැරදීම් රැසක ප්‍රථිපලය ලෙස එහි පරාජය පමණක් නොව සම්පුර්ණ දෙවන ලෝක යුද්ධයම පරාජය වන්නට ජර්මනියට සිදුවිය.


    1.හිට්ලර්ගේ රුසියානු ආක්‍රමණය හෙවත් Operation Barbarossa ආරම්භ වූයේ බොහෝ ප්‍රමාද වීය.ජර්මනිය විසින් රුසියාව ආක්‍රමණය කරද්දී ශීත සෘතුව ඇරඹී තිබිණි.ශීතල නිසාම ජර්මනියට සෙබලුන් රැසක් අහිමි විය.


    2.ජර්මන් හමුදා රුසියානු ශීත සෘතුවට සූදානම්ව සිටියේ නැත.ජර්මනියේදී ඔවුන් ශීතල නිසා හටගත් තුවාල,හාමතේ සිටීම ආදිය නිසාද ටයිපස් උණ,පාචනය ආදී රෝග නිසාද මරණයට පත්විය.


    3.හිට්ලර් ආක්‍රමණය සිදු කලේ උපායමාර්ගික කරුණක් මත පදනම් ව නොව පෞද්ගලික හේතු නිසාය.යුදෙව්වන්ගේ ලෝක කුමන්ත්‍රණයේ කොටසක් ලෙස රුසියාව සැලකූ හිට්ලර්,විශ්වාස කලේ සමාජවාදය ආරම්භ කලේ යුදෙව්වන් බවයි.එසේම ඔහු ජෝශප් ස්ටාලින්ට වෛර කලේය.

    ypMYoJn.jpg




    ස්ටාලින්ග්‍රාඩ් සටන මෙතරම් වැදගත් ඇයි?

    ජර්මන් හමුදාවේ මෙම පරාජය විශාල ව්‍යසනයකි.සම්පුර්ණ හමුදා කණ්ඩායමක් ස්ටාලින්ග්‍රාඩ් සටනේදී මිය ගිය අතර 91,000ක් තරම් විශාල පිරිසක් රුසියානු සිරකරුවන් බවට පත්විය.එතරම් පිරිස් බලයක් මෙන්ම යුදෝපකරණ තොගයක් අහිමි වීම ජර්මනියට විශාල පාඩුවක් විය.තවද රුසියානු ඉදිරිගමන වලක්වාලන්නට ඉන්පසු ජර්මනියට ප්‍රමාණවත් පිරිස් බලයක් නොතිබුණි.

    කර්ස්ක් සටන(Kursk) හැර 1943 පෙබරවාරි සිට නැගෙනහිර පෙරමුණෙන් පසුබසින්නට ජර්මානුවන්ට සිදුවිය.හිට්ලර් ස්ටාලින්ග්‍රාඩ් සටනේ පරාජයෙන් පසුව ජාතික දිනයක් ප්‍රකාශ කරන ලදි. ඒ සටනේදී මියගිය සෙබලුන් වෙනුවෙන් නොව දිවි නසාගන්නවා වෙනුවට සෝවියට් හමුදාවට යටත් වූ පාවුලුස් ජර්මනියට ගෙන ආ ලැජ්ජාව නිසාය.හිට්ලර් මෙම ජෙනරාවරයා යටත්වීමෙන් පසු ෆීල්ඩ් මාර්ෂල් ධූරය තෙක් උසස් කලේ ඔහු ජීවත් වෙනවා දකින්නට නොවේ.නමුත් හිට්ලර් අපේක්ෂා කල සේ ඔහු දිවිනසා නොගත් නිසා කෝපයට පත්ව පාවුලුස් සියලුම තනතුරුවලින් පහලට ඇඳ දමන ලදි.


    jViWlrz.jpg




    ස්ටාලින්ග්‍රාඩ් සටනේ පරාජයෙන් පසුව හිට්ලර් සිදුකල ප්‍රකාශය​

    "The God of War has gone over to the other side."



    ස්ටාලින්ග්‍රාඩ් සටන සම්බන්ධව උනන්දුවක් දක්වන පිරිසට නරඹන්නට නිර්දේශ කල හැකි වාර්තා චිත්‍රපටයක්​

    Battle of Stalingrad | Battlefield Detectives Documentary





    The Battle Of Stalingrad




    Source:Reckontalk.com

    -HarshaLulzSec-
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    Thanks for share with us.
    But, You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කලින් ලිපි වගේම සුපිරියි මචන්

    අද නම් රෙප් දෙන්න පුලුවන් වුනා
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    ww2

    nice post machn i'm also interested about WW2......rep added මචං world war 2 එක පුදුම විදිහට භයානක එකක් බන්.......නොමන්ඩි beach එක 425000 මැරෙනවා............ D day කියන්නෙ බං.. එකම දවසෙද කියලනම් දන්නෙ නෑ හරියට....
     
    • Like
    Reactions: HarshaLulzSec

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    nice post machn i'm also interested about WW2......rep added මචං world war 2 එක පුදුම විදිහට භයානක එකක් බන්.......නොමන්ඩි beach එක 425000 මැරෙනවා............ D day කියන්නෙ බං.. එකම දවසෙද කියලනම් දන්නෙ නෑ හරියට....

    ස්ටාලින්ග්‍රාඩ් වාර්තා කඩනවා.