ඔබට ආරක්ෂාව සලසන හුරුබුහුටි කැමරාව “ULO”

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ඔබට ආරක්ෂාව සලසන හුරුබුහුටි කැමරාව “ULO”

    අදවනවිට දූෂිත සමාජයක ජීවත්වන අපහට තම තමන්ගේ ආරක්ෂාව තම තමන් විසින්ම සලස්වා ගැනීමට සිදුව තිබෙනවා. මෙම අපරාධ ආදිය අවම කිරීමටත් අපරාධකරුවන් අත්තඩංගුවට ගැනීමටත් සහයවන CCTV කැමරා විශාල මෙහෙවරක් සිදුකරනවා.

    Logo_2.jpg


    ULO යනු CCTV කැමරාවලට අමතරව විශේෂාංග වැඩිදියුණු කළ සුවිශේෂී ආරක්ෂක කැමරාවකි. මෙහි ඇති විශේෂත්වය වන්නේ එහි හැඩයයි. හුරුබුහුටි විශාල ඇස් ඇති, බකමූනෙකුගේ පෙනුම ඇති මෙය ආරක්ෂක කැමරාවක් යැයි කිසිවෙකු නොසිතනු ඇත. ඇස් දෙකෙහි, චලනයන්ට සංවේදී කැමරා දෙකක් ඇති අතර ulo ඕනෑම ස්ථානයක පහසුවෙන් රැදවිය හැකියි.
    මෙහි විශේෂාංග කිහිපයකි. එනම්,

    alert.gif


    Uloහි හිසට දෙවරක් තට්ටු (tap) කිරීමෙන් alert mode ක්‍රියාත්මක වේ. මෙහිදී Ulo විමසිල්ලෙන් පසුවන අතර යම් සෙල්වීමක් සිදුවනවිට එය record කර එම වීඩියෝව, GIF පිංතූරයක් ලෙස ගෙහිමියාගේ email ලිපිනයට යැවීම සිදුකරයි. Gif පිංතූරක් ලෙස යැවෙන නිසා ඔබට Data ගැන වදවිය යුතු නැත

    on%20off1b8fbbbc3dcb0630830449601df314a5_original.gif


    live%20dbl.gif


    live video streaming විශේෂාංග මගින් ulo ස්ථානගත කර තිබෙන ස්ථානයේ සිදුවන දෑ, සජීවීව වෙනත් තැනක සිට නැරඹිය හැකියි. උදාහරණයක් වශයෙන් ඔබගේ දරුවා නිවසේදී සිදුකරන්නේ මොනවාදැයි, ඔබට කාර්යාලයේ සිට සජීවීව බැලිය හැකියි.

    photo%20al.gif


    ULO මගින් අදාල ස්ථානය, රහසිගතව ඡායාරූපගත කළ හැකියි. ඒ සදහා ඔබගේ ස්මාට් ජංගම දුරකථනය උපකාර කර ගත හැක.



    themanahara
     
    • Like
    Reactions: laMir and dark92b