අගමැති ගැන....

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,654
    7,861
    113
    මෙන්න මෙතන...
    SLGovLogo.gif


    අතිගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය


    New_Prime_Minister.jpg

    --------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    තුන්වන වරටත් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දේශපාලන පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂතයේ නායකත්වය ද දරයි. ඔහු ආසියා ශාන්තිකර ප්‍රජාතාන්ත්‍රිකයන්ගේ සංගමයේ සභාපතිත්වය ද දරන අතර, 2005 වර්ෂයේ සිට ජාත්‍යන්තර ප්‍රජාතාන්ත්‍රික සංගමයේ නිල බලයෙන් පත් වූ උපසභාපතිත්වය ද දරයි.

    දේශපාලනයේ ආරම්භය

    වෘත්තියෙන් නීතීඥයෙකු වූ ඔහු විශ්වවිද්‍යාල සිසුවෙකු වශයෙන් උගත් සමයේ පටන් එ.ජා.ප. තරුණ පෙරමුණේ කටයුතු කොට වයස 28ට එලැඹි 1977 වර්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත්විය. එකල ශ්‍රී ලංකාවේ ලාබාළතම අමාත්‍යවරයා වූ ඔහු ජනාධිපති ජයවර්ධනයන් යටතේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරය හෙබවීය. ඉතා කෙටි කලකින් ඔහුගේ සුවිශේෂී දක්‍ෂතා හා අද්විතීය කාර්ය ශූරත්වය හඳුනා ගනු ලැබ, ඔහු යෞවන කටයුතු හා රැකියා කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍ය ධූරයට පත් කරන ලදී. පසුකාලීනව ඔහු වෙත අධ්‍යාපන අමාත්‍ය ධූරය ලබා දෙන ලදී. ඉන් පසු 1989 දී, කෘතහස්ත ව්‍යවස්ථා විශාරදයෙකු වූ ඔහු, ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ සභානායක ධූරයට පත් කරන ලදී. ඔහු කර්මාන්ත, විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කළේය.

    ජාතික ජයග්‍රහණ

    එ.ජා.ප. ය නැවත නැවතත් බලයට පත් වූ 17 වසරක කාලය තුළ ජවසම්පන්න තරුණ දේශපාලනඥයකු වූ රනිල් වික්‍රමසිංහ මැතිතුමා රටේ සංවර්ධනය කෙරෙහි තීරණාත්මක බලපෑමක් කිරීමට සමත් විය. (ඉංග්‍රීසි, තාක්‍ෂණවේදය හා පරිගණක කුසලතා විෂයයෙහි විශේෂ අවධානයක් යොමු කරමින්) පාසල් අධ්‍යාපනයෙහි හා අධ්‍යාපන පරිපාලනයෙහි ගුණාත්මක ප්‍රගතියක් අත්පත් කර ගැනීමේ අරමුණෙන් 1980 ගණන්වලදී ඔහු විසින් ආරම්භ කරන ලද රැඩිකල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හේතු කොට ඔහු අද දක්වා ද මෙරට බිහි වූ සාර්ථකම අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් සළකනු ලැබේ. යෞවන සමාජ හා යොවුන් පුර හරහා සිදු කරන ලද නිර්මාණාත්මක, දිරිමත් කරවන සුළු මෙන්ම කුසලතා සංවර්ධන වැඩසටහන් මගින් ඔහු විසින් ශ්‍රී ලාංකික තරුණ පිරිස් බලගන්වන ලදී. පසුකාලීනව, කර්මාන්ත, විද්‍යා හා තාක්‍ෂණ කටයුතු අමාත්‍යවරයා වශයෙන් ඔහු කාර්මික ජනපදවල යටිතල පහසුකම් සංවර්ධනය හා ආයතනගත කිරීම් හරහා ග්‍රාමීය ප්‍රදේශයන්හි මූල්‍යමය සීමා ඉවත් කිරීම හා කාර්මික ප්‍රවර්ධනය සිදු කිරීමේ අරමුණින් 1989 දී ආරම්භ වූ ශ්‍රී ලංකාවේ ආර්ථික නිදහස්කරණයෙහි හෙවත් ආර්ථික ලිබරල්කරණයෙහි දෙවන වටය ක්‍රියාත්මක කිරීමෙහි පුරෝගාමියා විය. බියගම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් ඔහු විසින් තම ඡන්ද කොට්ඨාශය අති නවීන කාපට් කළ මාර්ග, විදුලියකරණ යෝජනා ක්‍රම, ජල හා සනීපාරක්‍ෂක ව්‍යාපෘති, පාසල් හා ප්‍රජා මධ්‍යස්ථාන හා අනෙකුත් යටිතල පහසුකම් සහිතව අදහාගත නොහැකි තරමේ සංවර්ධනයක් කරා රැගෙන යන ලදී. පුළුල් පරාසයක විහිදෙන්නා වූ කර්මාන්ත ගණනාවක දහස් ගණනක් වූ තරුණ තරුණියන් වෙත රැකියා අවස්ථා සම්පාදනය කරනු පිණිස ඔහු විසින් බියගම නිදහස් වෙළඳ කලාපය ද පිහිටුවන ලදී.

    අග්‍රාමාත්‍ය

    1993 දී ජනාධිපති ප්‍රේමදාසයන්ගේ අකල් වියෝවෙන් පසු, ඩී.බී. විජේතුංග මහතාගේ කෙටි ජනාධිපති ධූර කාලය තුළ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍ය තනතුරට පත් කරන ලදී. රනිල් වික්‍රමසිංහයන් විසින් සිදු කරන ලද ආයෝජනයන් හේතු කොට එකී දශකයේදී අප රට විසින් ඉහළම මට්ටමේ ආර්ථික වර්ධනයක් අත්පත් කර ගන්නා ලදී.

    එක්සත් ජාතික පක්‍ෂ නායක

    1994 මැතිවරණයේදී එ.ජා.ප. ය ලැබූ පරාජයෙන් පසු රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයට හා පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකත්වයට පත්විය. ඔහුගේ නායකත්වය යටතේ එ.ජා.ප. ය ආයතනික හා බිම් මට්ටමෙහි පුළුල් ප්‍රතිව්‍යූහගතකරණයකට ලක් වූ අතර, ජනවාර්ගිකත්වය, ස්ත්‍රී-පුරුෂ සමාජ භාවය හා තාරුණ්‍යය යන අංශයන්හි වැඩි සාධාරණ තුලනයක් නියෝජනය කරනු පිණිස තව දුරටත් පක්‍ෂය ප්‍රජාතන්ත්‍රීයකරණය කරන ලදී.

    නැවතත් අග්‍රාමාත්‍ය ධූරයට

    2001 දී, රනිල් වික්‍රමසිංහයන්ගේ නායකත්වය යටතේ නැවතත් එක්සත් ජාතික පක්‍ෂය බලයට පත්වූ අතර, ඔහු නැවත ද අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන්නේය. රාජ්‍ය පාලනය දරමින් සිටි අවධියේ දී තම ප්‍රතිවාදී පක්‍ෂයෙන් බලයට පත් ජනාධිපති ධූරයක් පවතින තත්ත්වයක් තුළ මෙන්ම පාර්ලිමේන්තුවේ ප්‍රබල විරුද්ධ පක්‍ෂයක් පවතින තත්ත්වයක් තුළ වුවද, රනිල් වික්‍රමසිංහයන් විසින් දවසේ පැය විසිහතර පුරා විදුලි බලය සැපයීම, දුබල ආර්ථිකය පණ ගැන්වීම, රටේ පැවැති බහුවිධ ජනවාර්ගික බාධක බිද දැමීම, යුද වැදී සිටි එල්.ටී.ටී.ඊ.ය සාම සාකච්ඡා මේසයට කැඳවීම, ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාවේ හොඳ හිත හා මූල්‍ය සහයෝගය උත්තේජනය කරවීම යන අංශයන්හි සැලකිය යුතු සාර්ථකත්වයක් අත්පත් කර දෙන ලදී.

    පවුල් පසුබිම

    රනිල් වික්‍රමසිංහ මැතිතුමා 1949 මාර්තු මස 24 දින උපත ලැබීය. එස්මන්ඩ් හා නාලිනී වික්‍රමසිංහයන්ගේ දෙවන පුත්‍රයා වන ඔහුට සොහොයුරන් තිදෙනෙකු හා සොයුරියකද සිටී. ප්‍රමුඛ පෙළේ පුවත්පත් ආයතන හිමිකරුවකු හා ජාත්‍යන්තර පුවත්පත් ආයතනයේ වරෙක සභාපතිවරයා වශයෙන් කටයුතු කළ එස්මන්ඩ් වික්‍රමසිංහ (පුවත්පත් නිදහස ආරක්‍ෂා කිරීම සඳහා අද්විතීය දායකත්වයක් ලබා දුන් පුද්ගලයන් හට වාර්ෂිකව පිරිනැමෙන සම්මානයක් වන) නිදහස් ස්වර්ණ පන්හිඳ (Golden Pen Freedom) සම්මානයෙන් ද පිදුම් ලැබුවෙක් විය. සී/ස. ශ්‍රී ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම නම් වූ ශ්‍රී ලංකාවේ විශාලතම ප්‍රකාශන මන්දිරයේ ආරම්භකයා වූ, පුවත්පත් ආයතනයාධිපතිවරයෙකු මෙන්ම නිදහස සඳහා වූ අරගලයේ මෙරට සුප්‍රකට චරිතයක් වූ ඩී.ආර්. විජේවර්ධනයන්ගේ දියණිය වූ නාලිනී වික්‍රමසිංහ වූ කලි 1950 ගණන්වල සිට 1980 ගණන් දක්වා සිංහල නාට්‍ය, ශිල්ප කලා හා සංස්කෘතිය පුනර්ජීවනය කිරීමෙහිලා ඉමහත් දායකත්වයක් ලබා දුන් කලා හිතකාමී චරිතයක් විය. වත්මනෙහි ඉංග්‍රීසි අධ්‍යයනාංශයේ මහාචාර්යවරියක මෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයේ ස්ත්‍රී-පුරුෂ සමාජභාව හා කාන්තා අධ්‍යයන කටයුතු විෂයයෙහි ජාත්‍යන්තර කීර්තියට පත් ලේඛිකාවක හා දේශකයෙකු වන මෛත්‍රී වික්‍රමසිංහ සමග 1995 දී ඔහු විවාහ විය.

    අධ්‍යාපනය

    ඔහු කොළඹ රාජකීය විද්‍යාලයෙන් තම ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලැබීය. කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලැබූ ඔහු 1972 දී ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිනීතිඥයෙකු වශයෙන් නීති සේවයට බැඳුණු අතර, ඉන් පසුව වසර 5 ක කාලයක් නීතිඥවරයෙකු වශයෙන් කටයුතු කළේය. මෑත කාලීනව එතුමා ඇමරිකා එක්සත් ජනපදයේ කේම්බ්‍රිජ්හි මැසචුසෙට්ස් ආයතනයේ ජාත්‍යන්තර අධ්‍යයන කේන්ද්‍රයේ රොබට් ඊ. විල්හෙල්ම්ස් අධි සාමාජිකත්වය ද ලැබුවේය.

    වගකීම් හා ලැදිකම්

    දේශපාලනයෙන් පරිබාහිරව, රනිල් වික්‍රමසිංහයන් ශ්‍රී ලංකාවේ ඓතිහාසික විහාරස්ථානයන්ගෙන් එකක් වන කැලණිය රජමහා විහාරයේ දායක සභාවේ සභාපති වශයෙන් ද, ගංගාරාමය, වාලූකාරමය හා වේරගොඩැල්ල (සේදවත්ත) විහාරස්ථානයන්හි දායකයෙකු වශයෙන් ද කටයුතු කරයි. ඔහු ශ්‍රී ලංකාවේ ඉතිහාසය, බුද්ධාගම හා ලෝක දේශපාලනය පිළිබඳව බොහෝ ලේඛන හා දේශන ඉදිරිපත් කර ඇත. ඔහු තමා ඇසුරේ සුරැකිව තබා ගෙන සිටින අයිපෑඩය මගින් පොත්පත් හා වෙබ් අඩවිවල පළවන ලිපි, කලාපීය දේශපාලනය, ජාත්‍යන්තර කටයුතුවලට හා ලෝක ඉතිහාසයට අදාළ ප්‍රවෘත්ති මහත් අභිරුචියකින් නිරන්තරයෙන් කියවීම සිදු කරන පාඨකයෙකු ද වේ. ඔහු ගෝලීය හා දේශීය මට්ටමේ සියලූ දැනුම් ක්ෂේත්‍රයන්හි ඉදිරිපෙළ සංවර්ධනයක් දැකීමට මහත් අභිලාෂ ඇත්තෙකි. සිංහල සංගීතය, බටහිර සම්භාව්‍ය හා ඔපෙරා මෙන්ම බොලිවුඩ් ගීත ද රසවිඳීමට රුසියෙකි. මෙරට මෙන්ම රට රටවල ආහාර-පාන රස විඳීමට කැමැත්තෙකි. විවේකයක් ලද විට තම බිරිඳ සමග ඓතිහාසික ආකර්ශනයක් සහිත ස්ථාන නැරඹිමට යාම සඳහා ද රුචි ඇත්තෙකි.​


    මෙය දේශපාලනික ත්‍රෙඩ් එකක් නොවන බව කරුණාවෙන් සලකන්න..හුදෙක් දැනගැනීම සදහා පමණි...​
     
    • Like
    Reactions: J Sparrow

    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    අපිත් ඔය site එක පැයෙන් පැය බලපු කාලක් තිබුනා....
    දැන් ඕකයි tamilnet එකයි දෙකම එකමද දන්නෙ නෑ... :rofl::rofl:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,143
    8,191
    113
    රූකඩ රාජ්ජේ

    මෙය දේශපාලනික ත්‍රෙඩ් එකක් නොවන බව කරුණාවෙන් සලකන්න..හුදෙක් දැනගැනීම සදහා පමණි...​





    මේ පොන්නයා ගැනනම් දැනගන්න ඕනේ නෑ මචන්.


    defence.lk එකේ මූ ගැන දාන්න මු ආමි එකේ වැඩ කරාද? defence.lk එකේ මූ ගැන දාන්න ඕනෙම දේ දාලා නෑ.

    මිලේනියම් සිටි බුද්ධි අංශ පාවා දීම .

     
    • Like
    Reactions: xcorat

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අපිත් ඔය site එක පැයෙන් පැය බලපු කාලක් තිබුනා....
    දැන් ඕකයි tamilnet එකයි දෙකම එකමද දන්නෙ නෑ... :rofl::rofl:

    :dull::dull:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,504
    5,926
    113
    kawda mey ponnaya.. issara unp anduwak enawa kiyanne.. arthike diyunu wenawa kiyala.. usd eka 150 panala..ane manda munta sapa thama watenna ona. dan import karana badu ganan yai hitu kiyala.... mahindaya horakan kara witharai.. mun horkamuth karala ratath kawa..
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой


    මේ පොන්නයා ගැනනම් දැනගන්න ඕනේ නෑ මචන්.


    defence.lk එකේ මූ ගැන දාන්න මු ආමි එකේ වැඩ කරාද? defence.lk එකේ මූ ගැන දාන්න ඕනෙම දේ දාලා නෑ.

    මිලේනියම් සිටි බුද්ධි අංශ පාවා දීම .


    Ela Kathawa Machan
     

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    kawda mey ponnaya.. issara unp anduwak enawa kiyanne.. arthike diyunu wenawa kiyala.. usd eka 150 panala..ane manda munta sapa thama watenna ona. dan import karana badu ganan yai hitu kiyala.... mahindaya horakan kara witharai.. mun horkamuth karala ratath kawa..

    Ponnayo usd eka wadi mahindage waradin thamai. Expprt nathi nisa usd eka wadi. Mahinda kale oka control kara ratata pennanna. Eka nisa ratata kela una.

    Dan naki ponnaya hambanthotaya wela ube ammata gahanawa. Uba mehe thread balanawa
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,504
    5,926
    113
    Ponnayo usd eka wadi mahindage waradin thamai. Expprt nathi nisa usd eka wadi. Mahinda kale oka control kara ratata pennanna. Eka nisa ratata kela una.

    Dan naki ponnaya hambanthotaya wela ube ammata gahanawa. Uba mehe thread balanawa

    ane wesiye.. thoge arthike.. oka gihini kiyapiya thoge ammatai ..watey un hukana thoge ganitai.. ganiyek inawada danne nah..ponna nakiyata..

    ah bola huththiye.. exports wadi karanna thama ratey anek pahasukam dunne.. construction nawathila.. godak project nawathila.. thoi danna arthikey..

    tho bath parcel ekata ranil ponnaya passe giyata api depaththama dakinawa.. mahinda horakan karath ratey wada una.. dan wenawa pake wada..


    mahinda naya gaththa thama.. thope raviya maha bank deal eka nisai wesiye usd eka wadi.. huthak kiyanawa metha. gas gemba..
     
    Last edited:
    • Like
    Reactions: dasss

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ane wesiye.. thoge arthike.. oka gihini kiyapiya thoge ammatai ..watey un hukana thoge ganitai.. ganiyek inawada danne nah..ponna nakiyata..

    ah bola huththiye.. exports wadi karanna thama ratey anek pahasukam dunne.. construction nawathila.. godak project nawathila.. thoi danna arthikey..

    tho bath parcel ekata ranil ponnaya passe giyata api depaththama dakinawa.. mahinda horakan karath ratey wada una.. dan wenawa pake wada..


    mahinda naya gaththa thama.. thope raviya maha bank deal eka nisai wesiye usd eka wadi.. huthak kiyanawa metha. gas gemba..

    ohoma kiyann epa bn:lol:
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    Ponnayo usd eka wadi mahindage waradin thamai. Expprt nathi nisa usd eka wadi. Mahinda kale oka control kara ratata pennanna. Eka nisa ratata kela una.

    Dan naki ponnaya hambanthotaya wela ube ammata gahanawa. Uba mehe thread balanawa

    මූල්ය අර්බූදය ඇති කලේ රාජපක්ෂ පාලනය ද ?
    මාර්තු 08 දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්රකාශයක් කරමින් අගමැතිතුමා පැවසුවේ රාජපක්ෂ ආණ්ඩුව විසින් සැඟ වූ ණය ප්රමාණයක් සොයා ගත් බවත් එම ණය ගෙවීම සඳහා බදු වැඩි කිරීමට සිදු වී ඇති බවයි. ආණ්ඩුවේ ඇමතිවරු එම බදු රාජපක්ෂ බදු ලෙස නම් කළා. ඒ වගේම ලංකාව දැවැන්ත ණය අර්බූදයක මෙන්ම විදේශ ණය ආපසු ගෙවීමට ප්රමාණවත් විදේශ විනිමය නොමැති බැවින් විදේශ මූල්ය අර්බූදයක ද සිර වී සිටින බව අගමැතිතුමා එදා පිලි ගත්තා.
    පසුගිය වසර පහ තුල දී ග්රීසිය, අයිස්ලන්තය, ස්පාඤ්ඤය සහ පෘතුගාලය වගේ ලංකාවත් දැවැන්ත ණය අර්බූදයක සහ විදේශ විනිමය අර්බූදයක සිර වී ඇති බව සත්යයක්. නමුත් එහි වගකීම රාජපක්ෂ ආණ්ඩුව මත පැටවීම සාධාරණ ද? ඒ ගැන නිගමනයකට එළැඹෙන්න ප්රථම ඇත්තටම සිදු වුණේ කුමක්දැයි අපි දැන් විමසා බලමු.
    ලෝකය පිළිගත් මිනුම් දඬු අනුව රටක ණය බර මනින්නේ සමස්ත ණය ජාතික ආදායමෙන් ප්රතිශතයක් ලෙස කොපමණ ද යන්න ගණනය කිරීමෙන්. ණය ලබා ගැනීම නොවේ ප්රශ්නය. ණය බරක් වීමයි ප්රශ්නය. ණයක් බරක් වන්නේ තමන්ගේ ආදායමට සරිලන ආකාරයෙන් ණය ලබා නොගත්තොත්. මගේ වාර්ෂික ආදායම ලක්ෂ 12යි. මම ලක්ෂ 12ක ණය මුදලක් ගත්තොත් මගේ ණය බර 100%යි. මිය ගිය නිසා අපි නවලෝක මුදලාලි ගමු. නවලෝක මුදලාලි ගන්නේ ලක්ෂ 12ක් නොවේ. ලක්ෂ සීයක්. දැන් මගේ ණය වගේ අටගුණයක් වැඩියි. හැබැයි එතුමාගේ වාර්ෂික ආදායම ලක්ෂ දාහක් නම් ණය බර වන්නේ 10%යි. මගේ ණය බරට වඩා එතුමා ණය බර අඩුයි මොකද ණය ආපසු ගෙවීම සඳහා එතුමාට ඉහළ ආදායමක් තිබෙන නිසා.
    ඒ අනුව ණය බර 105%ක් වුණු 2003 වසර ලංකාවේ ණය බර වැඩියෙන්ම වාර්තා වුණු වසරයි. ඒ අගමැති රනිල් වික්රමසිංහ මැතිතුමාගේ පසුගිය ආණ්ඩු සමයයි. 2004 දී ණය බර 103%ක්. නමුත් ජනපති රාජපක්ෂ ධූරයෙන් සමු ගන්නා විට එය 76% දක්වා පහත වැටී තිබුණා. මතක තියා ගන්න ලෝකයේ ආර්ථික දැවැන්තයන් වන ඇමෙරිකා එක්සත් ජනපදය, බ්රිතාන්යය, ප්රංශය, ජපානය සහ ඔස්ට්රේලියාව වැනි රටවල ණය බර සීඝ්රයෙන් ඉහළ ගිය සමයකයි ලංකාව සිය ණය බර සීඝ්රයෙන් පහත දමා ගැනීමට සමත් වන්නේ. එහි අරුත වන්නේ ජනපති රාජපක්ෂ ණය ගත් නමුත් එය එලදායක ලෙස යෙදූ බැවින් ණය වැඩි වීමේ වේගයට වඩා ආර්ථිකය වර්ධනය වුණු බවයි.
    2009 දී කොටි ත්රස්තවාදය පරාජය කර ආපසු හැරී බලන විට අපට තිබුණේ වසර තිහක් එක තැන පල් වුණු රටක්. ණය බරින් මිරිකී තිබුණු ලංකාවක්. මතකනෙ තමුන්නාන්සේලා ආණ්ඩුවට සමු දුන්නේ 103%ක ණය බරක් අපට ඉතිරි කරලා. නමුත් රටේ ආදායම ඉහළ නංවන්නේ නැතුව ණය බරින් මිදීමට බෑ. රට සංවර්ධනය නොකර ආදායම ඉහළ නංවන්න බෑ. රටේ යටිතල පහසුකම් දියුණු නොකර රට සංවර්ධනය කරන්න බෑ. එබැවින් රාජපක්ෂ ආණ්ඩුව ණය ලබා ගනිමින් ඒවා මාර්ග පද්ධතිය, වාරිමාර්ග පද්ධතිය දියුණු කිරීමට යොදා ගත්තා. ඊට අමතරව කෙරවලපිටිය, නොරොච්චොලේ සහ ඉහළ කොත්මලේ වැනි විදුලි බලාගාර ඉදි කිරීමට යොදා ගත්තා. එහි ප්රතිඵලය වුණේ කෘෂිකර්මය, කර්මාන්ත සහ ප්රවාහනය දියුණු වී ආර්ථිකය පිම්මේ වර්ධනය වීමයි.
    රාජපක්ෂ ආණ්ඩුවේ අවසාන වසර වන 2014 දී පවා රටේ ණය අර්බූදයක් තිබුණේ නෑ. එම වසරේ දී ණය සේවා ගෙවීම් ඒ කියන්නේ ණය වාරික සහ පොලී ගෙවීම් 2013 වසරට සාපේක්ෂව පහත වැටුණා. එම වසර තුල ඩොලරයට විනිමය අනුපාතය රුපියල් 1.45කින් ඉහළ ගිහින් තිබිය දීත් ණය සේවා ගෙවීම් රුපියල් බිලියන 1,162.9 සිට 1,076.3 දක්වා පහත වැටුණා. ඒ අනුව, 2014 දී ණය සේවා ගෙවීම් 2013ට සාපේක්ෂව රුපියල් බිලියන 87ක් අඩුයි. මම නොවේ මෙහෙම කියන්නේ. තමුන්නාන්සේලා මැණිකක් වගේ රකින අර්ජුන් මහේන්ද්රන් නායකත්වය දෙන ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති Public Debt Management in Sri Lanka 2014 නමැති වාර්තාවයි එහෙම කියන්නේ.
    2014 දී පහත වැටුණු ණය සේවා ගෙවීම් 2016 දී බි 1,200 ඉක්වා යෑමට නියමිතයි. ඊට හේතු වූයේ වත්මන් ආණ්ඩුව අධික ලෙස ණය ගැනීමයි. 2014 අවසානයේ දී රුපියල් බිලියන 7,391ක් වූ ආණ්ඩුවේ ණය 2015 අග දී රුපියල් බිලියන 8,475ක් දක්වා ඉහළ ගියා. ආණ්ඩුවේ ණය රු බි 1,084කින් එනම් ට්රිලියනයකටත් වඩා වැඩි ප්රමාණයකින් ඉහළ ගිහින් තිබෙනවා. ට්රිලියනයක් කියන්නේ සෙල්ලම් ගණනක් නොවේ. බිලියන දහසක්.
    ආණ්ඩුව මෙහෙම ණය ලබා ගත් නමුත් කරපු සංවර්ධනයක් දැකීමට නෑ. අද උදේ මම මුදල් ඇමතිතුමාගෙන් ඇහුව්වා ලංකා ඉතිහාසයේ වැඩිම ණය මුදල ලබා ගත් 2015 වසරේ ආරම්භ කළ එක ප්රධාන සංවර්ධන ව්යාපෘතියක් නම් කරන්න කියලා. එතුමා එතකොට කොහෙද යන්නේ – මල්ලේ පොල් වර්ගයේ උත්තරයක් දීලා ඇඟ බේරා ගත්තා. තිත්ත ඇත්ත නම් මේ ණය කන්දරාවෙන් ආරම්භ කළ එකම සංවර්ධන ව්යාපෘතියක් වත් නැති බවයි. එසේ නම් මෙම දැවැන්ත ණය කන්දරාවෙන් ආණ්ඩුව කලේ කුමක්ද? ආණ්ඩුවට නඩත්තු කළ නොහැකි සහන කන්දක් ක්රියාත්මක කිරීමට ගොස් දැවැන්ත ලෙස ණය වූවා පමණක් නොවේ, ආර්ථිකය බිඳ දමා තිබුණු සහන ත් අද අහිමි කර තිබෙනවා.
    රාජපක්ෂ ආණ්ඩුව රු 3,500ක වැටුප් වැඩි වීමක් ආණ්ඩුවේ සේවකයින්ට යෝජනා කළ විට එජාපය නිකන් හිටියේ නෑ. කෙලින්ම පොරොන්දු වුණා රු දස දහසක් වැටුප් වර්ධනයක්. අන්තිමට ඔවුන්ට කිසිම වැටුප් වැඩිවීමක් ලැබුණේ නෑ. ලැබුණේ හුදු දීමනාවක් විතරයි. රොකට් වේගයෙන් ජීවන වියදම ඉහළ ගොස් තිබෙන නිසා ඒකත් දැන් පුස්සක් වෙලා. ගොවීන් රු 35ට වී කිලෝවක් විකුණන විට එජාපය රු 50ක සහතික මිළක් පොරොන්දු වුණා. දැන් පොරොන්දු වුණු රු 50 පමණක් නොව එතෙක් ලැබුණු රු 35 ද අහිමි වී රු20ට ද වී විකිණිය නොහැකි තත්වයක් ඇති වෙලා තිබෙනවා.
    ඒ වගේම මෙම ආණ්ඩුව බලයට එන විට තේ කිලෝවක් රු 70/-ටත් රබර් කිලෝවක් 280/- ටත් විකිණෙමින් තිබුණා. සංධානයට ආකර්ෂණය වී සිටින ජනතාවට තමන්ට ඇද ගන්න තේ කිලෝවට රු 90/-ක් පොරොන්දු වුණා. රබර් කිලෝවක් සඳහා රු 350/- මිළක් එජාපය පොරොන්දු වුණා. දැන් සිදු වී ඇත්තේ කුමක්ද? අද තේ සඳහා රු50ක් ලබා ගන්න බෑ. රබර් සඳහා රු 180/- ලබා ගන්න බෑ. විශ්රාම වැටුප්, සමෘද්ධි සහනාධාර, වැඩිහිටි සහනාධාර සහ මහපොල ශිෂ්යත්වාධාර ඉහළ නැංවීම පිළිබඳ දුන්නු පොරොන්දු වලටත් අත් වූයේ මෙවැනිම ඉරණමක්.
    මෙම තත්වය යටතේ හෙලි වන තිත්ත ඇත්ත කුමක්ද? පැවැති වාතාවරණය තුල ජනතාවට ලබා දිය හැකි ඉහළම ප්රතිලාභ සෑම අංශයක දී ම ලබා දීමට රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කර ඇති බවයි. එයින් සෑහීමකට පත් නොවුණු ජනතාව වැඩි ප්රතිලාභ අපේක්ෂාවෙන් එජාපය බලයට ගෙන ඒමෙන් සිදු වුණේ “තණ්හාය ජායති සොකො“ යන බුදු වදන සිහිපත් වීමයි. බුදුන් වහන්සේ කේන්ති ගන්නේ නැති නිසා තණ්හාස ජායති සොකො කියලා දේශනා කරලා නිහඬව සිටියා. නමුත් පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාව වැඩි තණ්හාව නිසා අමාරුවේ වැටෙන්න යන බව අපි කිව්වා. අපි කෙතරම් කිව්වත් ජනතාව ඇහුව්වේ නෑ. බැරිම තැන අපි “තණ්හාය ජායති සොකො යකො“ කියලා කිව්වා. තණ්හාවෙන් කන් බිහිරි වී සිටි ජනතාවට ඒත් ඇහුනේ නෑ. ඇත්තෙන්ම ජනතාවට අත් වුණේ දිනපතා රන් බිජුව බැගින් ලබා දුන් රන් තාරාවගේ රන් බිජු සියල්ල එක විට ලබා ගැනීමට සිරුර පලා බැලූ මෝඩ මිනිසාට අත් වුණු ඉරණමයි.
    ආණ්ඩුව මෙම අර්බූදයට හේතුව ලෙස චීන ආර්ථිකයේ බිඳ වැටීමක් මෙන්ම ලෝක ආර්ථික අර්බූදය හුවා දක්වන බව පේනවා. ඒක හරියට නටන්න බැරි මිනිසා පොලව ඇදයි කියනවා වගේ වැඩක්. ඇත්තෙන්ම චීනයේ දැවැන්ත ආර්ථික කඩා වැටීමක් නෑ. අධික වේගයෙන් වර්ධනය වුණු චීන ආර්ථිකය දැන් පරිනත වෙමින් වර්ධන වේගය මන්දගාමී වෙලා තිබෙනවා. ඒ අනුව 2014 දී 7.3%කින් වර්ධනය වුණු චීන ආර්ථිකය 2015 දී වර්ධනය වූයේ 6.9%කින්. ආර්ථික වර්ධන වේගය 0.4%කින් පහත වැටීම ආර්ථිකයේ කඩා වැටීමක් ලෙස කිසිසේත්ම හඳුන්වන්න බෑ.
    ලෝක ආර්ථික අර්බූදයට සැබැවින්ම මුහුණ දුන්නේ රාජපක්ෂ ආණ්ඩුවයි. 2008 දී ලෝක ආර්ථික අර්බූදය ඇති වී 2009 දී උච්චස්ථානයට පැමිණියා. ඒ වන විට ලංකාව ලොව බිහිසුණුම මෙන්ම ධනවත්ම ත්රස්තවාදි සංවිධානය සමග යුද්ධයක සිර වී තිබුණා. එක පැත්තකින් යුද්ධය තීරණාත්මක අඩියක. අනිත් පැත්තෙන් ලෝක ආර්ථික අර්බූදය. හරියට දෙකොන දැල්වුණු විලක්කුවක් වගේ. ඒත් යුද්ධයත් ජයග්රාහීව අවසන් කළා. දේශීය ආර්ථිකයත් බිඳ වැටීමකට තුඩු නොදෙන අයුරින් කළමනාකරණය කර ගැනීමට රාජපක්ෂ ආණ්ඩුව සමත් වුණා. එජාපය සිය ආදර්ශය ලෙස සළකන සිංගප්පූරුව පවා 2009 දී සෘණ ආර්ථික වර්ධන වේගයක් වාර්තා කළා. ලංකාවේ ප්රධාන ගැනුම්කරුවන් වන එක්සත් ජනපදය සහ යුරෝපය සෘණ ආර්ථික වර්ධන වේගයන් වාර්තා කර තිබිය දී ලංකාව 3.5%ක වර්ධනයක් වාර්තා කළා. 2009 දී ලොව 29 වන තැනට වාර්තා වුණු ඉහළම ආර්ථික වර්ධන වේගය වාර්තා කලේ ලංකාවයි. වැඩ හැකි අයට ඇද පොලවේ ද නටන්න පුළුවන් බව ජනපති රාජපක්ෂ 2009 දී පෙන්වා දීලා තිබෙනවා.
    ආර්ථිකයට දරා ගත නොහැකි සහනාධාර කන්දක් පැටවීමට අමතරව මෙම ආර්ථික බිඳ වැටීමට තවත් හේතු දෙකක් බල පා තිබෙනවා. ආණ්ඩුවට ස්ථිර ප්රතිපත්තියක් නොමැති වීම හේතුවෙන් ආයෝජකයින්ගේ විශ්වාසය බිඳ වැටීම දෙවන හේතුවයි. මේ ආණ්ඩුව ආයෝජකයින් ගැන පුරසාරම් දොඩපු විධිය අපට මතකයි. රාජපක්ෂලා කොමිස් ඉල්ලපු නිසා ආයෝජකයෝ එන්නේ නෑ. බටහිර ආයෝජකයෝ මුදල් කුට්ටි අතේ තියාගෙන බලා ගෙන ඉන්නවා එජාප ආණ්ඩුවක් එනතුරු ලංකාවේ ආයෝජනය කරන්න. එහෙමයි කිව්වේ. කතාව දෝලාවෙන් ගමන පයින් කියලා තේරුණේ බලයට ආවාට පස්සේ. 2015 වසර තුල විදේශීය ආයෝජකයින් මෙරට ආයෝජනය කරනවා වෙනුවට කොටස් වෙළඳපොලේ ආයෝජනය කර තිබූ රුපියල් බිලියන 4.4ක් මෙරටින් අරන් ගියා. 2015 දී කොටස් වෙළඳපොලේ විදේශ ගැනුම් සහ විකුණුම් අතර වෙනස රුපියල් බිලියන 4.4ක්.
    ඇමෙරිකාව සහ යුරෝපය ද ණය ලබා ගන්නා ලොව අංක එකේ ණයහිමියා වන චීනය අමනාප කර ගැනීම තෙවන හේතුවයි. ලංකාව මුහුණ දී ඇති අර්බූදයෙන් මිදීමට අවශ්ය කරන ඩොලර් බිලියන කිහිපයක ණයක් ලබා දීමේ හැකියාව ඇත්තේ චීනයට විතරයි. එජාපය විපක්ෂයේ ඉන්න කාලයේ දී චීනයට හැකි උපරිමයෙන් අපහාස කළා. ලංකාව චීන කොලනියක් කරනවා කිව්වා. පගාව ගන්න ලෙහෙසි නිසා චීනයෙන් ණය ලබා ගන්නවා කිව්වා. චීන ජනපති මුල්ගල තැබූ වරාය නගර ව්යාපෘතිය පූර්ව දැනුම් දීමකින් තොරව නැවැත්තුවා. මේ ආණ්ඩුව සිතා මතා ලෝකයේ ධනවතා අපේ හිතවතා චීනය තරහා කර ගත්තා.
    මේ ආණ්ඩුව බලාපොරොත්තු තබා සිටියේ ඇමෙරිකාව, යුරෝපය සහ ඉන්දියාව පිළිබඳවයි. නරේන්ද්ර මෝදි ඉන්දියාවේ අගමැතිතුමා ලංකාවේ සංචාරය කරලා යහපාලනය ෂෝක් කිව්වා. හැබැයි ආධාර ලබා දුන්නේ නෑ. ඇමෙරිකාවේ රාජ්ය ලේකම් ජෝන් කෙරි ලංකාවට ඇවිත් යහපාලනය ෂෝක් කිව්වා. හැබැයි ආධාර ලබා දුන්නේ නෑ. දුන්නේ නෑ නොවේ දෙන්න නෑ. මේ රටවල් යැපෙන්නෙත් චීනයෙන්. ලෝකයේ රටක් ගොඩ ගන්න පුළුවන් මට්ටමේ ඉන්නේ චීනය සහ ජර්මනිය විතරයි. ඒ පාර අපේ ජනාධිපතිතුමා මාධ්ය සංදර්ශන තබමින් ජර්මනියේ සංචාරය කළා. කීය ද ලැබුණේ? යුරෝ මිලියන 18යි. ඩොලර් මිලියන 20යි. ඩොලර් මිලියන 5000ක් ඕනෑ වී ඉන්න ලංකාවට ඩොලර් මිලියන 20ක් දෙනවා.
    බටහිර මත තැබූ බලාපොරොත්තු බිඳ වැටීමෙන් පස්සේ පමා වී හෝ ඔන්න දැන් චීනයේ අගය වැටහිලා තිබෙනවා. චීනය හැර වෙන සරණක් නැත කියා අගමැතිතුමා දැන් ජප කරනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා චීනයට සමීප වී සිටියේ ලංකාවට මුදලින් ආධාර ලබා දෙන්න පුළුවන් චීනයට විතරයි කියලා දැන් ආණ්ඩුව පිලි අරන්. දැන් සදහටම නතර කරනවා කිව්ව වරාය නගර ව්යාපෘතිය ආයෙත් ආරම්භ කරන්න තීරණය කරලා. තව සති දෙකකින් අපේ අගමැතිතුමා චීනයේ සංචාරය කරන්න නියමිතයි. ආර්ථික අර්බූදය හමුවේ බිඳ වැටෙන්නේ හුදෙක් මේ ආණ්ඩුව පමණක් නොවේ. අපේ ආදරණීය මව්බිමයි. ආණ්ඩුවයි රටයි අර්බූදයට යනවා බලාගෙන කාලකන්නි සතුටක් විඳීම අපිට හුරු නෑ. ඒ නිසා අපි අගමැතිතුමාගේ චීන සංචාරයට හදවතින්ම සුබ පතනවා.
    machan me kathawa kaleth uba wage software
    engineer kenek.hebai eya 1988 commers walin island 1st una.thawa eya lowyer kenek.hebai meya me kiwwa dewal kawuruwath boru kiwwe ne.eya mewa sakshith ekk pennuwa nisa.e nisa katata ende nikan kiyann epa hariyt eththak noden.
     
    • Like
    Reactions: Lokka Ayya

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    විවේකයක් ලද විට තම බිරිඳ සමග ඓතිහාසික ආකර්ශනයක් සහිත ස්ථාන නැරඹිමට යාම සඳහා ද රුචි ඇත්තෙකි.

    nose-pick-booger-smiley-emoticon.gif
     
    Last edited:

    Calvin_83

    Active member
  • Feb 10, 2015
    522
    39
    28
    Colombo


    මේ පොන්නයා ගැනනම් දැනගන්න ඕනේ නෑ මචන්.


    defence.lk එකේ මූ ගැන දාන්න මු ආමි එකේ වැඩ කරාද? defence.lk එකේ මූ ගැන දාන්න ඕනෙම දේ දාලා නෑ.

    මිලේනියම් සිටි බුද්ධි අංශ පාවා දීම .


    sirawatama....:):):)
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ආර්ථික ඔස්තාර් ඔන්න අද ඩොලර් එක 150.15ට ම උස්සල දීල ඔස්තාර්. :baffled: