අල්කයිදා සහ ISIS හි නිර්මාතෘ

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අල්කයිදා සහ ISIS හි නිර්මාතෘ

    6zX1Ub3.png

    අල්කයිදාව මෙන්ම ISIS සංවිධානයත් ඇමෙරිකා එක්සත් ජනපද නිර්මාණයක් වන අතර මෙම ත්‍රස්ත මෙවලම සැලසුම් කලේ තෙල්වලින් පොහොසත් මැදපෙර දිග බෙදෙන්නට සහ ජයගන්නට මෙන්ම කලාපය තුල වැඩෙමින් පවතින ඉරානයේ බලය එරෙහිව ක්‍රියාත්මක වන්නටය.

    ත්‍රස්තවාදී කණ්ඩායම්වලට ආධාර දීම සම්බන්ධව එක්සත් ජනපදය සතුව දිගු ඉතිහාසයක් තිබෙන අතර ඉතිහාසය නොසලකා හරින සහ ප්‍රධාන පෙලේ නාලිකා ඔස්සේ පුවත් නරඹන බොහෝදෙනාට මෙම කරුණ විශ්මය දනවන්නකි.


    5yGFR2U.jpg

    සෝවියට්-ඇෆ්ගන් යුද්ධයේදී එක්සත් ජනපදය ඉස්ලාමීය සටන්කාමීන්ට හමුදා ආධාර සැපයීය


    CIA සංවිධානය පළමුවරට අන්තවාදී ඉස්ලාමය සමග පෙළ ගැසෙන්නේ සීතල යුද සමයේය.ඉන්පසු ඇමෙරිකාව, ලෝකය ඉතා සරලව දකියි.එහි එක් පාර්ශ්වයක් සෝවියට් දේශය සහ සෝවියට් අවිය ලෙස ඇමෙරිකාව සලකන තුන්වන ලෝකයයි.අනෙක් පස බටහිර ලෝකය සහ සෝවියට් දේශයට එරෙහිව තමන්ගේ මිත්‍ර පාර්ශ්වය වන යුදකාමී දේශපාලනික ඉස්ලාමයයි.

    රොනල්ඩ් රේගන් යටතේ එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක ඒජන්සියේ අධ්‍යක්ෂක,ජෙනරාල් විලියම් ඔඩම් පසුකාලයේ ප්‍රකාශ කර සිටියේ "එක්සත් ජනපදය බොහෝ කාලයක සිට ත්‍රස්තවාදය භාවිතා කර තිබෙනවා" කියාය.1978-79 සමයේ සෙනට් සභාව ජාත්‍යන්තර ත්‍රස්තවාදයට එරෙහිව නීතියක් සම්මත කරගන්නට උත්සාහ කලහ,එනම් ඔවුන් නිර්මාණය කල සියලුම වර්ගයේ ත්‍රස්තවාදයන්ට එරෙහිව.


    wJx1Q62.jpg

    සෝවියට්-ඇෆ්ගන් යුද්ධයේදී(1979-1989)ඇමෙරිකාව ලබා දුන් ගුවන් යානා නාශක අවි යොදාගෙන සෝවියට් හෙලිකොප්ටර් 300 ගණනක් විනාශ කරන්නට ඉස්ලාමීය සටන්කාමීන් සමත් වේ.


    සෝවියට් දේශයේ ව්‍යාප්තවාදයට බාධකයක් ලෙස සහ අරාබි රටවල් තුල මාස්ක්වාදය පැතිරයාම වැළැක්වීමට 1970 දශකයේදී CIA සංවිධානය ,ඊජිප්තුව තුල මුස්ලිම් සහෝදරත්වය යොදාගන්නා ලදි.එක්සත් ජනපදය එළිපිටම ඉන්දුනීසියාවේ සුකර්නෝට එරෙහිව ඉස්ලාමයට ආධාර කල අතර පාකිස්තානයේ සුල්ෆිකාර් අලි බූතෝට එරෙහිව ජමාට්-ඊ-ඉස්ලාමී ත්‍රස්ත කණ්ඩායමට සහාය ලබාදුන්නේය.අවසානයේදී ඔවුන් අල්කයිදාවටද උදවු කලේය.

    CIA සංවිධානය ඔසාමා බින් ලාඩන්ට උපත ලබා දුන් අතර ඔහුගේ සංවිධානය 1980 දශකයේදී පෝෂණය කරන්නටද වග බලා ගත්තේය.හිටපු බ්‍රිතාන්‍ය විදේශ ලේකම් රොබින් කූක්ට අනුව අල්කයිදාව යනු අවිවාදයෙන් තොරව බටහිර බුද්ධි අංශ ඒජන්සිවල නිර්මාණයකි.රොබින් කූක්ට අනුව අල්කයිදා යන්නේ තේරුම the database යන අරාබි අර්ථයයි.එනම් එය දහස්ගණන් ඉස්ලාමීය අන්තවාදීන්ගෙන් සමන්විත පරිගණක දත්ත සමුදායකි.ඔවුන් සෞදි අරාබියේ මූල්‍ය ආධාර මත CIA සංවිධානය විසින් පුහුණුකල ඇෆ්ගනිස්තානයේ රැදී සිටි රුසියානු හමුදා පරාජය කිරීමට යොදාගත් ඉස්ලාමීය ගරිල්ලන්ය.



    oJFhCLz.png
    අල්කයිදාව සහ ඒ හා සම්බන්ධ අනෙකුත් ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් ක්‍රියාත්මක වන ප්‍රදේශ​



    එක්සත් ජනපදය සහ අල්කයිදාව අතර සම්බන්ධය හැමවිටම ආදරය-තරහ අතර දෝලනය වූවකි.එය තීරණය වූයේ අදාල කලාපය තුල ඇමෙරිකානු ලැදිකමට ආධාර කිරීම හෝ නොකිරීම මතයි.එහිදී එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුව එම ත්‍රස්ත කණ්ඩායමට අරමුදල් සැපයීම හෝ ඔවුන්ව ඉලක්ක කර පහරදීම සිදුකරයි.එසේ වුවද ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්ති සම්පාදකයෝ කියා සිටින්නේ මුස්ලිම් අන්තවාදයට විරුද්ධවන්න කියාය.ඔවුන් දැන දැනම එය විදේශ ප්‍රතිපත්ති අවියක් ලෙස යොදාගනියි.


    KgS9kqk.jpg
    අල්කයිදාවේ හිටපු නායක ඔසාමා බින් ලාඩන්(වම්පස) ISIS සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩාඩි(දකුණු පස)​


    ISIS යනු අල්කයිදාවට සමාන ,එක්සත් ජනපදයේ නවතම අවියයි.ඇත්ත වශයෙන්ම දැන් එය තම ස්වාමියාට එරෙහිව ක්‍රියාත්මක වෙමින් තිබේ.ඇමෙරිකානු මාධ්‍යවේදීන් ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කිරීමට පෙර එය ජාත්‍යන්තරය තුල එතරම් විවේචනයට ලක් නොවීය.දැන් ඔවුන් එක්සත් රාජධානියට සමාන භූමි ප්‍රමාණයක් යටත් කරගෙන සිටියි.



    X4KaSeX.jpg
    ISIS සංවිධානයේ වර්තමාන ව්‍යාප්තිය දැක්වෙන සිතියමක්​


    ISIS සංවිධානය මෙතරම් ඉක්මණින් වැඩෙන්න මෙන්ම දැවැන්ත ප්‍රදේශයක පැතිර යන්නට ඉඩ ලැබුණේ කෙසේද යන්න තේරුම් ගැනීමේදී එම සංවිධානයේ ඇමෙරිකානු ආධාර සහිත මූලයන් දෙස අවදානය යොමුකිරීම කලයුතුය.2003 වසරේ ඇමෙරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කිරීම සහ යටත් කරගැනීම තුලින් ISIS වැනි මූලධර්මවාදී සුන්නි කණ්ඩායම් වලට බලය තහවුරු කරගන්නට අවශ්‍ය පුර්ව තත්ත්වයන් නිර්මාණය කරන ලදි.ඇමෙරිකාව ඉතා අඥාණව සදාම් හුසේන්ගේ අනාගාමික රාජ්‍ය සංවිධානය විනාශ කර එය බහුතර ෂියා පාලනයකට ලබාදුන්නේය.එක්සත් ජනපදයේ ක්‍රියාව සුන්නි ප්‍රදේශ තුල විශාල වශයෙන් විරැකියාව වර්ධනය කරන ලදි.සමාජවාදය ප්‍රතික්ෂේප කිරීම සහ කර්මාන්තශාල වසා දැමීම ඔස්සේ නිදහස් වෙළදපොල රැකියා අවස්ථා බිහිකරාවි යන්න ඇමෙරිකාවේ බලාපොරොත්තුව විය.ඇමෙරිකානු සහාය ලබන ෂියා ආණ්ඩුව යටතේ වැඩ කරන පන්තියේ සුන්නිවරුන්ගේ රැකියා ලක්ෂ ගණනක් අහිමිවිය.මෙය දකුණු අප්‍රිකාවේ පාලනය වෙනස් වූ පසු සුදු අප්‍රිකානුවන්ට තම වත්කම් එලෙසම තබාගන්නට ඉඩ දුන්නා සේ නොව ඉහළ පන්තියේ සුන්නිවරුන්ගේ වත්කම් සහ දේශපාලන බලය ක්‍රමයෙන් යටත් කරගැනීමක් සිදුවිය.ඇමෙරිකානු ප්‍රතිපත්තිය වූයේ ආගමික සහජීවනය සහ එකමුතුබව ඇතිකිරීම නොව ඉරාකයේ පවතින ඉස්ලාමීය නිකායික බේදය අවුස්සා සුන්නිවරුන්ගේ අතෘප්තිය සංසිදවීමට අවශ්‍ය පරිසරය ඇතිකර දීම සහ අල්කයිදාවට ඉරාකයේ මූලය අත්පත් කරදීමයි.




    DCvJlqH.jpg
    ත්‍රස්තවාදීන් විසින් ඉරාක හමුදා සමාජිකයින් ඝාතනය කරන අයුරු​


    lhOFZpL.jpg
    ISIS ත්‍රස්තවාදීන් විසින් ඉරාක හමුදා සමාජිකයින් ඝාතනය කරන අයුරු​


    m4fwuu7.jpg
    ISIS ත්‍රස්තවාදීන් ඇමෙරිකානු මාධ්‍යවේදීන් ඝාතනය කිරීම​


    ඉස්ලාම් බහුතරය සහිත රටවල නිකායික බේදය මතුවීම අවම කිරීමට සහජීවනය අවියක් ලෙස යොදාගැනීම කල හැකි මුත් එය ප්‍රායෝගික නොවන බව බොහෝ මුස්ලිම් රටවල වර්තමාන තත්ත්වයන් සලකා බලද්දී පෙනී යන කරුණකි.නමුත් මුස්ලිම් සුලුතරය සහිත රටවල සහජීවනය යොදාගැනීම දිවිනසා ගැනීමකි.මන්ද මුසලුන් යනු සහජීවනය පෙන්වා යටිකූටු වැඩ කරන ජාතියක් නිසාය.


    ISIS සංවිධානය ඉරාකය තුල මුලදී ක්‍රියාත්මක වූයේ අල්කයිදාවේ ශාඛාවක් ලෙසයි.2010 වසරෙන් පසුව එම කණ්ඩායම ISIS යන නමින් සිරියාව කේන්ද්‍රකරගෙන ක්‍රියාත්මක වේ.



    eLJ9xP5.jpg
    සිරියාවේ Tartus හි රුසියානු නාවික හමුදා කඳවුරක් පිහිටා තිබේ​


    මේවන විට සිරියාව තුල ප්‍රධාන වශයෙන්ම යුද්ධ කිහිපයක් ක්‍රියාත්මකය.එකක් සිරියානු ආණ්ඩුව සහ කැරළිකරුවන් අතරය.අනෙක ඉරානය සහ සෞදි අරාබිය අතරය.තවත් එකක් ඇමෙරිකාව සහ රුසියාව අතර ක්‍රියාත්මකය.මෙහි තුන්වැන්න නවතම සීතල යුද ගැටුමක් වන අතර එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්ති සම්පාදකයෝ රුසියාවේ මිතුරෙක් වන සිරියාවේ ජනපති බෂාර් අල් අෂාඩ්ට එරෙහිව ඉස්ලාමීය කැරලිකරුවන් සන්නද්ධ කිරීමේ අවදානම භාරගත්හ.මේ වන විට මෙම සිරියානු කැරලිකරුවන්ගෙන් වැඩි පිරිසක් ISIS ත්‍රස්තවාදීන් බවට පත්ව තිබෙන අතර ඔවුන් අත ඇමෙරිකානු M 16 රයිපල්ද තිබේ.


    gR4FC2B.jpg
    ඇමෙරිකානු M-16 රයිපල් සහිතව සිටින ISIS ත්‍රස්තවාදීන්​


    ඇමෙරිකාවේ මැද පෙරදිග ප්‍රතිපත්ති නිර්මාණය වන්නේ තෙල් සහ ඊශ්‍රායලය වටාය.ඉරාකය ආක්‍රමණය වොෂින්ටනයේ තෙල් පිපාසය ස්වල්ප ලෙස සංසිදවීමකි.නමුත් දැනට ක්‍රියාත්මක සිරියාව තුල ගුවන් ප්‍රහාර එල්ල කිරීම සහ ඉරානයට එරෙහිව ආර්ථික සම්බාධක යනු ඊශ්‍රායලය සතුටු කිරීමකි.එහි අරමුණ ඊශ්‍රායලයේ අසල්වැසි සතුරන් වන ලෙබනනයේ හිස්බුල්ලා සහ පලස්තීනයේ හමාස් ත්‍රස්ත සංවිධාන ඉවත් කිරීම වන අතර සිරියාවේ සහ ඉරානයේ සහාය මෙම සංවිධාන 2කට තීරණාත්මක සාධකයකි.


    ISIS යනු සිරියානු ආණ්ඩුව පෙරළා දමන්නට ඇමෙරිකාව යොදා ගත් ත්‍රස්ත උපාංගයක් පමණක් නොව එය ඉරානයට පීඩනයක් එල්ල කරන්නද යොදාගත්තා.

    අවසන් වරට ඉරානය විසින් වෙනත් ජාතියක් ආක්‍රමණය කලේ 1738දීය.1776 වසරේ නිදහස ලැබූ දා පටන් එක්සත් ජනපදය හමුදා ආක්‍රමණ සහ මෙහෙයුම් 53ක් සිදුකර තිබේ.බටහිර මාධ්‍ය පෙන්වාදෙන පරිදි සහ ඔබ විශ්වාස කරන පරිද්දේ කලාපීය ආරක්ෂාවට ඉරානයෙන් තර්ජනයක් නොමැත.2012 වසරේ ප්‍රකාශයට පත් කල බුද්ධි අංශ වාර්තාවකට අනුව එක්සත් ජනපදයේ තිබෙන බුද්ධි තොරතුරු ඒජන්සි 16ම අනුමත කර සිටියේ ඉරානයේ න්‍යෂ්ඨික අවි වැඩසටහන 2003 වසරේදී අවසන් කල බව සනාථ කල බවයි.සත්‍යය නම් ඉරානයේ ඕනෑම න්‍යෂ්ඨික පරමාර්ථයක් (සැබෑ හෝ සංකල්පිත) ඇමෙරිකාවේ විරෝධය ඉරානය දෙසට එල්ල වීමට හේතුවක් බවයි.


    පහත සිතියමෙන් පෙන්වා තිබෙන්නේ මැදපෙරදිග කලාපයේ විශේෂයෙන්ම ඉරාන ගල්ෆ් මුහුද අවට ප්‍රදේශයේ පිහිටා තිබෙන ඇමෙරිකානු හමුදා කඳවුරුය.මෙම කඳවුරු සෞදි අරාබිය,එක්සත් අරාබි එමීර් රාජ්‍යය,කුවේට්,බහරේන්,ඕමානය සහ ඉරාකය යන රටවල පිහිටුවා තිබේ.මීට අමතරව ඉරානයේ අසල්වැසි රාජ්‍යයක් වන ඇෆ්ගනිස්ථානයේදී ඇමෙරිකානු හමුදා කඳවුරු තිබෙන බව අමතක නොකල යුතුය.


    0M3SxS2.jpg
    නිල් පැහැයෙන් නාවික කඳවුරුද රතු පැහැයෙන් ගුවන් හමුදා කඳවුරුද පෙන්වා තිබේ​


    සෝවියට් දේශයෙන් කැඩී ගිය ජෝර්ජියා රාජ්‍යයේ සිට ඊශ්‍රායලයට හමුදා මෙහෙයුම් දියත් කිරීමේ හැකියාවක් තිබේ.

    ඉරානය තුල බලුකිස්ථාන්,කුර්දි සහ තුර්ක්මෙනිස්ථාන් ජනවර්ග වාසය කරයි.ඉන් සමහරකට ඉරාන රජය සමග අමනාපකම් තිබේ.මෙම සාධකය ඉරාන රජය තුල පීඩනයක් යෙදවීමට භාවිතා කිරීමේ හැකියාවන් සම්බන්ධව ඇමෙරිකානු-ඊශ්‍රායෙල සන්ධානය උනන්දු වන බවට සැකයක් නැත.


    D5h5dqa.png
    ඉරානය අවට ඇමෙරිකානු හමුදා බලය​


    ඇමෙරිකාව ISIS සංවිධානය තෙවැදෑරුම්ව භාවිත කරයි.පළමුවැන්න මැදපෙරදිග තම සතුරන්ට පහර දෙන්නට,දෙවැන්න විදේශයන් තුල එක්සත් ජනපද හමුදා මැදිහත්වීම් සිදු කිරීමට අවශ්‍ය බව මවා පෙන්වන්නට.තෙවැන්න ත්‍රස්ත තර්ජනය පෙන්වා තම රට තුල පෙර නොවූ විරූ අයුරින් ඔත්තු බැලීමේ හැකියාව දියුණු කිරීම සාධාරණීකරණය කරන්නට.


    OqUAPYV.jpg
    ISIS සංවිධානය ඉරාකයේදී අත්පත් කරගත් ඇමෙරිකානු හමීව් රථ,යුද ටැංකි.බර අවි සහ ට්‍රක් රථ සමග​


    රජයේ රහස්‍යබාවය සහ ඔත්තු බැලීමේ හැකියාව සීඝ්‍රයෙන් වැඩි කිරීමෙන් ඔබාමා රජයට තම රටවැසියන්ගේ ඔත්තු බැලීමට ඇති හැකියාවද වැඩිවේ.ආවේක්ෂණ හැකියාව වැඩි කරගන්නට ඔවුන් ත්‍රස්තවාදය නිදහසට කරුණක් ලෙස යොදා ගනියි.

    ත්‍රාසයට එරෙහිව යුද්ධය යනු අතිවිශාල භයානක ඇමෙරිකානු හමුදාවක් නඩත්තු කිරිමේ රැවටිල්ලයි.එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්ති සම්පාදනයේ වඩාත් බලවත්ම කණ්ඩායම් දෙක වන්නේ එක්සත් ජනපදයේ මැදපෙර දිග ප්‍රතිපත්ති හසුරවන ඊශ්‍රායලය සහ එම කණ්ඩායමේ ක්‍රියාවලින් ලාභ උපයාගන්නා එක්සත් ජනපද හමුදා නිෂ්පාදන කර්මාන්තයයි.2001 වසරේදී ඔක්තෝම්බර් හි ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ත්‍රාසයට එරෙහිව යුද්ධය ප්‍රකාශ කල පසු එය ඇමෙරිකානු බදුගෙවන්නන් මත ඇ.ඩො. ත්‍රිලියන 6.6ක් පමණ බදු බර පටවන ලද අතර ඔවුන්ගේ පුත්‍රයන් සහ දියණිවරුන් දහස්ගණනකට මරු කැඳවන ලදි.නමුත් එම යුද්ධ ඔස්සේ වොෂින්ටනයේ හමුදා ප්‍රභූන්ට ඩොලර් බිලියන ගණනක් උපයා දුනි.


    nw9gODa.jpg
    මැදපෙරදිග සහ කැස්පියන් කලාපවල එක්සත් ජනපද හමුදා කඳවුරු​


    මෙම යුද්ධ නිසා ඇමෙරිකානු සමාගම් 70කට වැඩි ගණනක් සහ තනි තනි පුද්ගලයන් පසුගිය වසර තුන තුල ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ සේවය කරන්නට ඇ.ඩො. බිලියන 27ක් කොන්ත්‍රාත්තු ලෙස උපයාගත් බව හි මෑත කාලීන අධ්‍යනයන්ගෙන් හෙළිව් තිබේ.එම අධ්‍යනයන්ට අනුව මෙම සමාගම්වලින් 75%ක පමණ සිටින සේවකයන් හෝ මාණ්ඩලික සාමාජිකයින් රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පක්ෂවල කාරක සභා ශාඛාවල ,කොන්ග්‍රසය හෝ හමුදාවේ ඉහළ තනතුරු දරන්නන්ට සේවය කල හෝ ඔවුන් සමග සමීප සම්බන්ධකම් සහිත අයයි.

    1997 එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තුමේන්තු වාර්තාවකට අනුව "එක්සත් ජනපදය සිදුකරන විදේශ මැදිහත්වීම් සහ එක්සත් ජනපදයට එරෙහි ත්‍රස්ත ප්‍රහාර ඉහල යෑම අතර අන්‍යෙන්‍ය සමබන්ධයක් පෙන්වන බව" කියා තිබේ.ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය ඇමෙරිකාවට ජය ගත හැකි එකම ක්‍රමය වන්නේ ත්‍රස්තවාදීන් පෙළඹවීම සහ ඔවුන්ට සම්පත් ලබාදීම නැවැත්වීමයි.ත්‍රස්තවාදය යනු රෝග ලක්ෂණයයි.මැද පෙරදිග ඇමෙරිකානු අධිරාජ්‍යවාදය යනු පිලිකාවයි.සරලව ,ත්‍රාසයට එරෙහිව යුද්ධය යනු ත්‍රස්තවාදයයි.



    Source:Globalresearch.ca

    -HarshaLulzSec-