ඇඩොල්ෆ් හිට්ලර්ගේ අභිරහස

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඇඩොල්ෆ් හිට්ලර්ගේ අභිරහස

    cjtFFan.jpg

    දෙවන ලෝක යුද සමයේ නාසි ජර්මනියේ පාලකයා වූ ඇඩොල්ෆ් හිට්ලර් 1945 වසරේ අප්‍රේල් මස 30 වන දා වෙඩි තබාගෙන සියදිවි නසාගන්නා ලදි.ඒ සෝව්යට් හමුදා ජර්මනියේ බර්ලින් නගරයට කඩා වැදීමත් සමගයි.එකල ජර්මන් චාන්ස්ලර්වරයාගේ නිල කාර්යාලය වූ හි බංකරයකදී හිට්ලර් හිසට වෙඩි තබාගෙන සියදිවිනසා ගනිද්දී ඔහුගේ බිරිඳ ඊවා බ්‍රවුන් සයිනයිඩ් ශරීරගත කරගෙන මරු වැළඳ ගත්තාය.මෙය ලොව පුරා ප්‍රචලිත මෙන්ම බොහෝදෙනා පිළිගන්නා හිට්ලර්ගේ මරණයයි.නමුත් දහස් ගණන් නාසි නිලධාරීන් සහ යුද අපරාධකරුවන් දකුණු ඇමෙරිකාවට පලා යද්දී හිට්ලර් පමණක් බර්ලිනයේ බංකරයක් තුල සිය බිරිඳ සමග දිවිනසා ගත්තේ ඇයි?එවැනි ප්‍රශ්නයක් ඔබේ සිත තුලින් නැඟෙන්නේ නැද්ද?නමුත් සමහරෙක් එම මරණය එසේ සිදුවුනා යැයි පිලිගන්නේ හිට්ලර් යුද්ධය අවසානය වන තෙක් ජර්මනිය තුලම රැඳී සිට ගෞරවනීය ලෙස(පලායන්නෙක් සේ නොව ) මිය ගියා යන මතය උඩය.නමුත් බර්ලිනයේ බංකරය තුල සැබැවින්ම හිට්ලර් නොසිටියේ නම්? සෝවියට් හමුදා හිට්ලර්ගේ බිරිය වූ ඊවා බ්‍රවුන්ගේ මරණය ඡායාරූප ඔස්සේ සනාථ නොකලේ ඇයි?

    hMYtZOT.jpg
    රුසියානුවන් හිට්ලර්ගේ මල සිරුර සමග​


    B0nUrPt.jpg

    වෙඩි තබාගෙන දිවිනසා ගත්තා යැයි කී හිට්ලර්ගේ මල සිරුර



    සෝවියට් හමුදා හිට්ලර් සිටි බංකරයට ඇතුල්වන විට නොසිටි බවත් එහි සිටියේ හිට්ලර්ගේ ප්‍රතිරූපකයක් පමණක් බවත් සැබෑ හිට්ලර් ඔහුගේ භාර්යාව සමග ඒවන විටත් පලාගොස් සිටි බවත් ඒබව දැනගත් රුසියානුවන් අවට ප්‍රදේශය බෝම්බ දමා විනාශ කරන ලද බවත් සමහරුන්ගේ තර්කයයි.හිට්ලර් දක්ෂිණ ධ්‍රැවයට පලා ගියබවට විශ්වාස කරන පිරිසක් සේම ඔහු පියාඹ පීරිසියකින් පලාගියේ යැයි තර්ක කරන අයද සිටියි.

    kHM6tlC.jpg
    ඊවා බ්‍රවුන් සහ ඇඩොල්ෆ් හිට්ලර් ඔවුන්ගේ සුරතල් සුනඛයන් සමග​



    ප්‍රසිද්ධකල ඇමෙරිකාවේ FBI ආයතනයේ රහස් ලියවිල්ලකට අනුව ඇමෙරිකානුවන් හිට්ලර්ගේ මරණය විශ්වාස නොකල අතර දෙවන ලෝක යුද්ධය අවසන් වී මාසගණනාවක් ,අවුරුදු ගණනාවක් ගතවන තෙක් ඔවුන් ඒ සම්බන්ධව සොයා බලා තිබේ.නිල වාර්තාවලට අනුව හිට්ලර්ගේ මිනිය සමග ඊවා බ්‍රවුන්ගේ මිනියද හමූ අතර ඒවා ගිනි තබා විනාශ කිරීමට පෙර ජර්මන් නිලධාරීන් ඒ දෙදෙනාගේ මරණ සම්බන්ධව නිවේදනය කර තිබේ.ඉන් වසර 23කට පසුව සොයාගත් හිට්ලර්ගේ යැයි කියන හකු ඇටයක් ඔහුගේ දත් සම්බන්ධ වාර්තාවලට ගැලපෙන බව රුසියාවෙන් වාර්තා විය.නමුත් රුසියානුවන් හිට්ලර්ගේ යැයි කියූ කපාල අස්ථිය 2009 වසරේදී ඩීඑන් ඒ පරීක්ෂාවකට ලක්කල ඇමෙරිකානු පර්යේෂකයන් පිරිසක් හෙළි කලේ එය වයස අවුරුදු 40කට අඩු කාන්තාවකගේ කියාය.රුසියානුවන් සතු හිට්ලර්ගේ යැයි කියන හකු ඇටය මේවන තෙක් එවැනි පරීක්ෂාවකට ලක් කර නොමැත.ඊට හේතුව විය හැක්කේ සැබවින්ම එය හිට්ලර්ගේ අස්ථි කොටසක් නොවන නිසාය යැයි සැක කල හැකිය.

    hmGVQGC.jpg
    හිට්ලර්ගේ යැයි කියන කපාල අස්ථියක්​


    මාධ්‍යවේදියෙක්,ඉතිහාසඥයෙක් සහ කතෘවරයෙක් වන ජෙරාඩ් විලියම්ස්ට අනුව ප්‍රශ්නය තිබෙන්නේ නිල ඉතිහාසයේය.එනම් හිට්ලර්ගේ මරණය තහවුරු කර තිබෙන්නේ තුන්වන පාර්ශ්චයන්හි තොරතුරු මතයි.ඇසින් දුටු සාක්ෂිකරුව කිසිවෙක් යම් අයෙක් වෙඩි තබාගත් බවක් දැක නොමැත.තවද හිට්ලර් සහ ඊවා ඔවුන්ගේ පෞද්ගලික වාසස්ථානයේ බංකරය ඇතුලට නොගිය බවද ඔවුන් පවසා තිබේ.නමුත් බංකරය තුලින් මිනී පිටතට ගෙන එනවා ඔවුන් දැක තිබුණද ඒවාහි හිට්ලර් හෝ ඊවා නොසිටි බව ඔවුන් කියයි.එසේ නම් හිට්ලර් සහ ඊවා වෙනුවට වෙනත් දෙදෙනෙක් මරා මවා පෑමක් සිදුකර තිබෙන බවයි.

    3JrIcpL.jpg
    හිට්ලර් සහ ඊවා​


    ලන්ඩන් හි ආර්ථික විද්‍යා පාසලේ මහාචාර්යවරයෙක් වන සොන්ක් නයිට්සෙල් කියන්නේ හිට්ලර්ගේ මරණය සම්බන්ධ බ්‍රිතාන්‍යය වාර්තාවට මූලාශ්‍ර වූ සාක්ෂිකරුවන් විශ්වාස කල නොහැකිබවයි.ඔහුට අනුව බංකරය තුල වූ සිරකරුවන් සෝවියට් ප්‍රශ්න කිරීම් හමුවේ බොරු සාක්ෂි සපයන්නට ඇතැයි කියාය.බොහෝ විට සිදුවන්නට ඇත්තේ හිට්ලර්ගේ පෞද්ගලික ලේකම් වූ මාර්ටින් බෝමන්ගේ විචිත්‍ර වූ සැලැස්මකට අනුව හිට්ලර් ජර්මනියෙන් පලා යෑමයි.හිට්ලර් සහ ඊවා පළාගිය පසු ඊට සමාන වෙනත් දෙදෙනෙක් මරා ඔවුන්ගේ සිරුරු සෝවියට් හමුදාව අතට පත්වන්නට ඉඩ හරින්නට ඇති.සමහරක් මතයන්ට අනුව නාසීන් ජනාවාස පිහිටුවීමට සැලසුම් යොදා තිබූ දක්ෂිණ ධ්‍රැවයට හිට්ලර් පලා යන්නට ඇතැයි කියවේ.





    හිට්ලර්ගේ පළා යෑම ගැන හෙළිකරන FBI ආයතනයේ ලියවිලි

    FBI ආයතන විසින් ඔවුන්ගේ වෙබ් අඩවියේ පළකර තිබෙන ලියවිල්ලකට අනුව දෙවන ලෝක යුද්ධයෙන් පසුව හිට්ලර් ජර්මනියෙන් පලාගොස් දකුණු ඇමෙරිකාවේ ඇන්ඩීස් කඳුකර ප්‍රදේශයේ හොඳින් ජීවත්වූ බව එක්සත් ජනපද රජය දැන සිට තිබේ.

    නමුත් මෙපමණ කාලයක් ලෝකය විශ්වාස කලේ සෝවියට් දේශය විසින් සනාථ කල හිට්ලර්ගේ සියදිවිනසා ගැනීමයි.ඒ අනුව මෙතරම් කාලයක් රුසියානුවන් ලෝකය මුලා කර තිබේද?මෙම ලියවිලිවලට අනුව හිට්ලර් ඇන්ඩීස් කඳුකර ප්‍රදේශයේ සාමකාමී,ගැමි දිවි පෙවෙතක් ගත කර තිබේ.

    GfE0Dml.png


    U8f1u3X.png
    FBI Documents​







    බුද්ධි තොරතුරු

    මෙම ලියවිලි ඔස්සේ අනාවරණය කරන්නේ හිට්ලර්ගේ සහ ඊවාගේ දිවිනසා ගැනීම් අසත්‍යයක් බව පමණක් නොවේ.හිට්ලර්ට ස්විස්ටර්ලන්තයේ OSS ඇමෙරිකානු ඔත්තු සේවයේ අධ්‍යක්ෂක ඇලන් ඩල්ස්ගේද උපකාර ලැබි තිබෙන බව ඉන් හෙළි කරයි.ලොස් ඇන්ජලිස් FBI හි තවත් ලියවිල්ලකට අනුව එම ඔත්තු සේවා ඒජන්සිය විසින් රහසිගත සබ්මැරීනයක් යොදාගෙන ඉහළ මට්ටමේ නාසි නිලධාරීන් පිරිසක් ආජන්ටිනා වෙරළට ගෙනැවිත් තිබේ.

    wwqDKP0.jpg
    ඇලන් ඩල්ස්​




    අහිරහස් තොරතුරු සපයන්නා කවුද?​

    1945 අගෝස්තු මස FBI ආයතනයට ලැබුණු ලොස් ඇන්ජලීස් ලිපියෙන් දේශපාලන රැකවරණ වෙනුවෙන් තොරතුරු හුවමාරු කරගන්නට නාඳුනන තොරතුරු සපයන්නෙක් එකඟ වී තිබේ.ඔහු බොහෝවිට ඔත්තු සේවා ඒජන්තයෙක් විය හැකිය.ඔහු හිට්ලර් ආර්ජන්ටිනාවේ සිටින බව දැන සිට තිබේ.ජර්මන් සබ්මැරීනය ගැන දැන සිටි විශ්වාසවන්ත පුද්ගලයන් හතරදෙනාගෙන් එක් අයෙක් ලෙසත් ඔහුව හඳුන්වයි.පෙනෙන හැටියට නම් ආර්ජන්ටිනා වෙරළට සබ්මැරීන දෙකක් පැමිණි තිබෙන අතර දෙවැන්නේ සිට තිබෙන්නේ හිට්ලර් සහ ඊවාය.ආජන්ටිනා රජය හිට්ලර්ගේ පැමිණීම සම්බන්ධව කැමැත්තක් දක්වා නොමැති නමුත් ඔවුන් හිට්ලර්ට සැඟවී ජීවත් වන්නට උදව් කර තිබේ.හිට්ලර් සහ පිරිස දකුණු ඇමරිකාවට ගොඩබැස්ස පසුව ගමන් කල දිශාව,පසුකල ගම්මාන සේම හිට්ලර්ගේ විශ්වාස කල හැකි ශාරීරික තොරතුරුද ඇමෙරිකාවට සපයන්නට අදාල පුද්ගලයාට සිදුවිය.මෙම පුද්ගලයා කවුදැයි FBI ලිපිගොනුවල සඳහන් නොවේ.FBI ආයතනය හිට්ලර් සම්බන්ධ සියලු හෝඩුවාවන් සඟවන්නට උත්සාහ කර තිබේ.ආර්ජන්ටිනා වෙරළට පැමිණි ජර්මන් සබ්මැරීනය මෙන්ම ජර්මන් නිලධාරීන් දුටු පිරිස් ඉවත් කරන ලද අතර කිසිවෙක් ඒ සම්බන්ධව පරීක්ෂණ නොකලේය.

    VzmbgD8.jpg
    හිට්ලර්ද​




    තවත් සාක්ෂි

    හිට්ලර් සහ ඊවා බ්‍රවුන් දිවි නසා නොගත් බවත් ඔවුන් ආර්ජන්ටිනාවට පැමිණිබවත් අනාවරණය කරන ඇසින් දුටු සාක්ෂි තිබූබව ලියවිලිවල දැක්වේ.1945 වසරේදී බුවන්ස් අයර්ස් හි නාවික හමුදාවේ ඉහළ නිලධාරියෙක් ඇමෙරිකාවට දන්වා සිටියේ හිට්ලර් සහ ඊවා ආර්ජන්ටිනාවේ සිටින්නට ඉහල සම්භාවිතාවයක් තිබෙන බවයි.මේබව සනාථ කරන පුවත්පත් වාර්තාවල බැවේරියානු ආකෘතියට තැනූ මැදුරක් ඇන්ඩීස් කඳුපාමුල තිබේ යැයි සඳහන් විය.ගෘහ නිර්මාණ ශිල්පියෙක් වූ ඇලජැන්ඩ්‍රෝ බිස්ටිලෝට අනුව මුල් කාලීන ධනවත් ජර්මන් සංක්‍රමණිකයන්ගේ ආධාරයෙන් ගොඩ නැගූ හිට්ලර්ගේ නිවස සැලසුම කිරීම සහ ඉදිකිරීම් ඔහු විසින් සිදුකර තිබේ.



    බිදහෙළිය නොහැකි හිට්ලර්ගේ පලායෑම​

    හිට්ලර්ගේ පලා යෑම සම්බන්ධව තිබෙන ප්‍රබලම සාක්ෂිය නම් රුසියාව ඔහුගේ මරණය සම්බන්ධව කියන මුසාවයි.සෝවියට් දේශය ජර්මනියට පිවිසි පසු හිට්ලර්ගේ දේහය රුසියාවට ගෙන ගියබව කියවෙන මුත් යළි කිසිදිනෙක එය ලෝකයට නිරාවරණය නොකලේය.පුරාවිද්‍යාඥයෙක් වූ නිකොලස් බෙලාටොනි හට හිට්ලර්ගේ යැයි සැලකුණ කපාල අස්ථියක් 2009 වසරේදී ඩී.එන්.ඒ පරීක්ෂාවක් සිදුකරන්නට ඉඩ ලැබුණි.එම පරීක්ෂණයේ ප්‍රථිපලය වූයේ එම කපාල අස්ථියේ ඩී.එන්.ඒ හිට්ලර්ගේ හෝ ඊවා බ්‍රවුන්ගේ පවුලේ ඩී.එන්.ඒ සමග නොගැලපීමයි.එසේ නම් බර්ලිනයේ බංකරය තුල තිබී රුසියානුවන් සොයා ගත්තේ කුමක්ද? හිට්ලර් සිටියේ කොහේද?

    හිටපු ජෙනරාල්වරයෙක් මෙන්ම ජනපතිවරයෙක්ද වූ ඩී.අයිසන්හවර් මෙන්ම ස්ටාලින් පවා හිට්ලර්ගේ අතුරුදහන් වීම ගැන මහත් සැලකිල්ලක් දක්වා තිබේ.1945 වසරේ පළවූ Stars and Stripes නම් පුවත්පත ජෙනරාල් අයිසන්හවර් උපුටා දක්වමින් සඳහන් කර තිබුණේ හිට්ලර්ට සුරක්ෂිතව සුවයෙන් ආජන්ටිනාවේ ජීවත් වීමේ හැකියාව තිබෙන බවයි.



    මෙය විය හැකිද?

    හිට්ලර්ගේ පලායෑමට ජාත්‍යන්තර බුද්ධි තොරතුරු ඒජන්සිවල උපකාරය ලැබුණුබව මෙම තොරතුරුවලින් හෙළිවේ.ඉහත FBI ලියවිල්ල සත්‍යයක් නම් ඇමෙරිකානු රජයද හිට්ලර්ගේ පලා යෑම සම්බන්ධව දැන සිටියා පමණක් නොව ඔහුට රහසිගතව ආර්ජන්ටිනාවේ ජීවත් වන්නටද පහසුකම් සලසා දී තිබේ.




    හිට්ලර් බ්‍රසීලයේ ජීවත්වූ අයුරු​

    සිමොනි ඩයස් රචිත Hitler in Brazil – His Life and His Death ග්‍රන්ථයට අනුව හිට්ලර් බ්‍රසීලයේ මාටො ග්‍රොසෝ පලාතේ කුඩා නගරයක පදිංචි වීමට පෙර ආර්ජන්ටිනාවේ සිට පැරගුවේ රාජ්‍යයට පැමිණි තිබේ.ඔහු තම නියම නම වෙනුවට ඇඩොල්ෆ් ලයිසිග් යන්න භාවිතා කර තිබෙන අතර ප්‍රදේශයේ ස්වදේශිකයන් 12,000ක් පමණ ඔහුව "මහළු ජර්මානුවා" නමින් හඳුන්වා තිබේ.පහත රූපයේ දැක්වෙන්නේ හිට්ලර් 1984 වසරේ මිය යාමට වසර 2කට පෙර තම කලු ජාතික මිතුරිය "Cutinga" සමග සිටින අයුරුය.

    Moo5YMO.jpg
    හිට්ලර් සහ ඔහුගේ කලු ජාතික පෙම්වතියගේ යැයි සැලකෙන ඡායාරූපය​


    සිමොනි ඩයස්ට අනුව හිට්ලර් මෙම ප්‍රදේශයට පැමිණ තිබෙන්නේ වතිකානුවේ සිටින ඔහුගේ මිතුරන් ලබා දුන් නිදන් පෙන්වන සිතියමක් ඔස්සේ වස්තුව සොයාගැනීමටයි.සිමොනි කියන පරිදි හිට්ලර් තම අනන්‍යතාවය සැඟවීමට තම පෙම්වතිය වූ Cutinga යොදාගෙන තිබේ.බ්‍රසීලයානු යුදෙව්වෙක් වන සිමොනි, හිට්ලර් බර්ලිනයේදී වෙඩි තබා ගත්තේ යැයි කියන කතාව පිලිගන්නේ නැත.ඇය කියන්නේ ජීවතුන් අතර සිටින හිට්ලර්ගේ ඥාතීන්ගේ ඩී.එන්.ඒ සමග ඇඩොල්ෆ් ලයිසිග් ගේ ඩී.එන්.ඒ සසඳා බලන්න කියාය.

    1YbOdAA.jpg
    The Book of Hitler's Pope​





    ආර්ජන්ටිනා වෙරළට ගොඩ ගැසූ ජර්මන් සබ්මැරීනය

    දෙවන ලෝක යුද සමයට අයත් යැයි සැලකෙන මෙම සබ්මැරීනය හමුවී තිබෙන්නේ මෙම මාසයේ මුල් සතියේ පමණ ආර්ජන්ටිනා වෙරළේ පාපැදි සවාරියක යෙදී සිටි නෝර්වේ සංචාරකයන් පිරිසකටය.මෙය ජර්මනියේ සබ්මැරීනයක් බවයි විශේෂඥ මතය.පසුගිය සැප්තැම්බර් මාසයේ චිලී දේශයේ සිදුවූ රික්චර් පරිමාණ 8.3 භූමිකම්පාව නිසා මෙය වෙරළට ගොඩ ගසන්නට ඇතැයි ඔවුන් පවසයි.ආර්ජන්ටිනාවේදී ජර්මන් සබ්මැරීනයක් සොයාගත් පළමුවතාව මෙය බවයි වාර්තා වන්නේ.බොහෝවිට මෙය ජර්මනිය දෙවන ලෝක යුද්ධය පරාජය වීමත් සමග දකුණු ඇමෙරිකාවට පලා ආ නාසි ප්‍රබලයන් ගෙන ආ සබ්මැරීනයක් වීමට ඉඩ තිබෙන බව පැවසෙන්නේ.

    03v3xuP.jpg
    ආර්ජන්ටිනාවේ නැගෙනහිර වෙරළේදී නෝර්වීජියානු සංචාරකයන් පිරිසකට හමුවූයේ යැයි කියන ජර්මන් සබ්මැරීනය​



    ඓතිහාසික සොයාගැනීමක්

    බුවනොස් අයර්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් සහ ඉතිහාසඥයෙක් වන ෆ්‍රනෑන්ඩෝ මාර්ටින් ගෝමස් පවසන්නේ මෙය බලාපොරොත්තු නොවූ දෙයක් බවයි.මෙය විශේෂයෙන්ම නාසි නිලධාරීන් දකුණු ඇමෙරිකාවට ගෙන ඒමට සැලසුම් කල සබ්මැරීනයක් යැයි ඔහු පවසයි.

    RnjiFPF.jpg
    ජර්මනියේ සබ්මැරීනයක්​



    "දෙවන ලෝක යුද සමයේදී නාසි හමුදා ආර්ජන්ටිනාවට ගොඩබැස තිබෙන බවට මෙය සාක්ෂියකි.අප ඇස්තමේන්තු කරන පරිදි අවම වශයෙන් නාසින් 5,000ක් පමණ යුද්ධයෙන් පසුව ආර්ජන්ටිනාවට පලා එන්නට ඇති.නමුත් මෙවැනි වර්ගයේ (කුඩා) සබ්මැරීනයක් විශේෂිත පුද්ගලයන් කිහිපදෙනෙක් ගෙන යාමට යොදාගන්නට ඇතැයි විශ්වාස කල හැකිය" යනුවෙන් මහාචාර්යවරයා තවදුරටත් ප්‍රකාශ කරන ලදි.

    Idg0Gan.jpg
    හිට්ලර් ජර්මනියේ සිට ආර්ජන්ටිනාවට පලා ආ ගමන් මාර්ගය(තහවුරු කර නොමැත)​



    දකුණු ඇමෙරිකාවේ නාසීන්

    ඇස්තමේන්තු කර තිබෙන පරිද්දෙන් දෙවන ලෝක යුද්ධය අවසානයේදී නාසි යුද අපරාධකරුවන් 9,000කට වඩා දකුණු ඇමෙරිකාවේ බ්‍රසීලය,ආර්ජන්ටිනාව,පැරගුවේ සහ උරුගුවේ යන රටවල රැකවරණය පතා පලාවිත් තිබේ.මෙම රටවල් දෙවන ලෝක යුද්ධය සමයේ ඊට සම්බන්ධ නොවූ රාජ්‍යයන් වේ.දකුණු ඇමෙරිකාවේදී අත් අඩංගුවට පත් නාසි යුද අපරාධකරුවෙක් වන්නේ Herman Freudenstadtය.ඔහු හිට්ලර්ගේ ළමා කාලයේ මිතුරෙක් මෙන්ම SS පොලිසි හමුදාවේ ප්‍රධානියෙක්ද විය.ඔහු 1987 වසරේ ආර්ජන්ටිනාවේදී අත් අඩංගුවට පත්වේ.මෙලෙස දකුණු ඇමෙරිකාවට පැන ආ නාසි යුද අපරාධකරුවන් අතර ඇඩොල්ෆ් අයික්මාන් සහ ජෝෂප් මෙන්ගල් නම් වෛද්‍යවරයාද සිටියහ.

    MBM1XK2.jpg

    ඇඩොල්ෆ් අයික්මාන් සහ ජෝෂප් මෙන්ගල්




    හිට්ලර්ගේ පලා යෑම ගැන කියවෙන ග්‍රන්ථ කිහිපයක්


    gmjuWdd.gif


    sKZW7Ea.jpg




    Source:Multi Sources

    -HarshaLulzSec-
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    සමහර කතා පුදුමත් හිතෙනවා බන්..සමහර වෙලාවට උඹ කියල තියෙන දේවල් ඇත්ත වෙන්නත් පුළුවන්.. අපි නොදන්න කොච්චර දේවල් වෙලා ඇතිද ඒ කාලේ.. ගොඩක් අය විශ්වාස කරනවා වගේ time travel කරන machine එකකින්වත් ගියාද දන්නේ නෑ පොර.. කොහොම උනත් මගෙත් අදහස නම් පොර වෙඩි තියාගෙන මැරුණා කියන එක නම් බොරුවක්..
     

    Mangalam

    Member
    Sep 8, 2015
    171
    25
    0
    හොද ත්‍රෙඩ් එක මචන්
    දෙවන ලෝක යුද්ධෙදි ජිට්ලර්ට ගැහුවෙ රැසියාව තනියම වගේ තමයි. මිත්‍ර පාර්ශවය කියල තිබුනට කරපු දෙයක් නෑ. ගෙදර අයිතිකාරයා ගෙදරට ආපු හොරත් එක්ක ගහ ගන්නකොට අල්ලපු ගෙදර එවුන් ඇවිත් කඩු පොලු විසි කරලා ගහපන් මචන් කිව්ව වගේ තමයි ඇමරිකාව තාමත් කරනවා වගේ එහෙන් මෙහෙන් ඇඩ් එක දුන්නා. ඊට පස්සේ ෆිල්ම්ස් හැදුවා ලෝකෙට ඇමරිකාව ප්‍රමෝට් කරලා. හිට්ලර්ට වැඩේ අප්සට් ගියේ සීතල කාලෙ රැසියාවට ගහන්න ගිහින් තමයි. මුල් ටිකේ රැසියාව පැරදීගෙන ගියත් ආපහු රැල්ල අනිත් පැත්ත ගැහුවම හිට්ලර්ට කරගන්න දෙයක් නැතිවුනා. හිට්ලර් බේරැනා කියන එක ඇමරිකාවෙ මයින්ඩ් ගේම් එකක් වෙන්න පුලුවන්. එකට යුද්ධ කරානම් හිට්ලර් මරන්න , මොකද ඊට පස්සේ FBI හිට්ලර්ට උදව් කලේ. නැත්තම් දැනගෙන හිටිය නම් හිට්ලර් හිටපු තැන ඇයි හිට්ලර්ව ඇත්තටම මරල ක්‍රෙඩිට් එක ගත්තෙ නැත්තේ. එහෙම වුනා නම් රැසියාවට ලජ්ජා කරල ඇමරිකාවට පොර වෙන්න තිබුණනෙ. මේක ඇමරිකාව රැසියාවේ පොරත්වය අඩුකරවන්න හදපු ෆිල්ම් එකක ස්ක්‍රිප්ට් එක මට හිතෙන්නෙ. අනික හිට්ලර් කියන්නෙ එසේ මෙසේ මිනිහෙක් නෙවෙයි. සාමකාමි ගැමි ජීවිතයක් ගත කර කර ඉන්නෙ නෑ ජර්මනිය ඔක්කොම එකතු වෙලා දූෂනය කරනකොට. පලවෙනි ලෝක යුද්ධෙදි ජර්මනිය පැරදුනා කියල දැනගත්තම හිට්ලර් අඩලා තියනව සති ගානක් නොකා නොබී. මන් නම් හිතන්නෙ වොල්ක්ස්වාගන්, පෝර්ෂ්, බිස්මාර්ක්, යූ බෝට්ස් හදන්න තරම් නිර්මාණශීලි මොළයක් තිබුන ලෝකෙන් භාගයක් දවසෙන් දෙකෙන් අල්ලපු හිට්ලර් ඉතුරැවුනා නම් තුවන ලෝක යුද්ධයක් ඒ කාලෙම පටන් අරගන්නවා ෂුවර් එකටම