එමෙලියා ඉයර්හාට්ගේ අභිරහස

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    එමෙලියා ඉයර්හාට්ගේ අභිරහස

    gfGSloj.jpg

    එමෙලියා ඉයර්හාට්ගේ මරණය අභිරහසක් බව බොහෝදෙනා දනියි.නමුත් ඇය ගැන නොදන්නා පිරිසක්ද සිටින නිසා ඇගේ අභිරහස ගැන කතා කරන්නට පෙර කෙටියෙන් හෝ ඇය ගැන සඳහනක් කිරීම අවශ්‍ය යැයි සිතමි.


    එමෙලියා මේරි ඉයර්හාට් උපත ලබන්නේ 1897 ජූලි 24 දා ඇමෙරිකා එක්සත් ජනපදයේ කැන්සාස් ප්‍රාන්තයේදීය.ඇමෙරිකානු ගුවන් නියමුවරියක් වන ඇය තනිවම අත්ලාන්තික් සාගරය ගුවන් යානයක් ආධාරයෙන් තරණය කල කාන්තාව ලෙස ඉතිහාස ගතව තිබේ.ලේඛිකාවක්ද වන ඇය තම ගුවන් ගවේෂණ චාරිකා සම්බන්ධව ලියූ ග්‍රන්ථ ඉහළ අලෙවියක්ද පෙන්වීය.ලොක් හීඩ් සමාගම ඇය වෙනුවෙන්ම නිපදවූවා යැයි කියන ගුවන් යානයකින්(Electra) ඇය සහ ෆ්‍රෙඩ් නූනන් ලොව වටා ගුවන් ගමනක් අරඹන ලදි.ඒ 1937 වසරේදීය.1937 ජූලි 2 දා ඔවුන් දෙදෙනාම මධ්‍යම පැසිෆික් සාගරයේදී අතුරුදහන් විය.ඒ පැසිෆික් සාගරයේ හෝලන්ඩ් දූපත් ආසන්නයේ බවයි එක්සත් ජනපදය ප්‍රකාශ කර සිටියේ.නමුත් ඔවුන්ගේ ගුවන් යානය හෝ සිරුරු කිසිදා හමුනොවීය.

    MdFu3f5.png
    එමෙලියාගේ ලොව වටා චාරිකාවේ සැලසුම​


    VrnLleS.jpg
    එමෙලියා සහ ෆ්‍රෙඩ්​


    d7bftOH.gif
    Howland Island​




    එමෙලියා ඉයර්හාට්ගේ අභිරහස

    ලොව පුරා අතිශය ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබුණු එමෙලියා හිටි හැටියේම අතුරුදහන් වීමත් ගුවන් යානය හෝ ඔවුන්ගේ සිරුරු සම්බන්ධව හෝඩුවාවක් හෝ නොමැතිවීම අභිරහසක් බවට පත්විය.නිල ප්‍රවෘත්තිය අනුව ඇය පැසිෆික් සාගරය තරණය කරද්දී මිය ගිය බව කියවුණි.සමහරුන් කියා සිටියේ ඔවුන්ගේ ගුවන් යානය හෝලන්ඩ් දූපතට කඩා වැටුණුබවයි.නමුත් දූපතෙන් කිසිදු හෝඩුවාවක් සොයාගත නොහැකිවිය.

    Qy9TGXU.jpg
    Lockheed Model 10 Electra​


    na5ZXOG.jpg



    ඇගේ අතුරුදහන් වීම ගැන කතා කරද්දී ඉදිරිපත්ව තිබෙන ප්‍රසිද්ධතම තර්කය ඔවුන්ගේ ගුවන් යානය ජපනුන් විසින් අල්ලාගන්නා ලද බවයි.ඇය සහ සගයා ඔවුන් මියයන තෙක් සිරගත කර තිබූබවත් එම කටකතාවලින් කියවේ.

    OCmti6B.jpg



    hYcuERD.jpg






    සෙයිපන් ගම් වැසියන් සහ ඇමෙරිකානු හමුදාවේ ඇසින් දුටු සාක්ෂිකරුවන්ට අනුව ඔවුන් දෙදෙනා ජපානයේ අත් අඩංගුවට පත්ව තිබේ.කෙට්ටු අසනීපගතියෙන් පෙලුණු කොණ්ඩය කොටට කපා තිබූ සුදු ජාතික කාන්තාවක් හමුදා ආරක්ෂාව යටතේ සිටිනවා එම කාලයේ දරුවන්ව සිටි සෙයිපන් දූපතේ කාන්තාවන් දැක තිබෙන බව ප්‍රකාශ කර තිබේ.සුදු පැහැති ගලක් සහිත මුදුවක් එම කාන්තාව ජපාන සෙබලුන්ට දී තිබේ.එමෙලියා සහ සගයා සිර කර තිබුණා කියන කුටි වෙත යන්නට එම වැසියන් දැනටත් සංචාරකයන්ට මඟ පෙන්වයි.එසේම ඔවුන් වැළලුවේ යැයි කියන ස්ථානයද එම දූපත් වැසියන් එහි එන සංචාරකයන්ට පෙන්වන බව සඳහන් වෙ.තවද ඇමෙරිකානු මැරයින් භටයන් කිහිපදෙනෙක්ද එමෙලියා සම්බන්ධව සාක්ෂි ගෙන එයි.දූපතේ තිබී එක් සෙබලෙකුට ඉයර්හාට්ගේ බ්‍රීෆ්කේස් එකක් හමුවී තිබේ.එහි ඇගේ ගමන් බලපත්‍ර සහ වීසා පත්‍ර තිබී ඇත.තවත් සෙබලෙක් රිදී පැහැති එන්ජින් දෙකේ ගුවන් යානයක් දැක තිබේ එය එමෙලියා ගමන් කල Lockheed Model 10 Electra යානයට සමානය.දූපතේ ගුවන් යානා නැවතුමක තිබූ එය විනාශ කරන්නට කියා එම සෙබලුන්ට ඉහළින් නියෝගයක් ලැබී තිබේ.තවත් සෙබලෙක් කියා සිටියේ ඔහු විකේතනය කල පණිවුඩයකට අනුව එමෙලියාගේ ගුවන් යානය ඊළඟ සවස් යාමයේ විනාශ කල බවයි.ඇගේ ගුවන් යානය යාත්‍රාංගනයෙන් ඉවතට ගෙන ගොස් භූමිතෙල් දමා විනාශ කරනවා ඔහු සහ මිතුරෙක් සැඟවී සිට නිරීක්ෂණය කල බව කියයි.(1944 වසරේදී)






    QsXUb4K.jpg
    Saipan දූපත​



    එමෙලියා දෙවන ලෝක යුද්ධයට පෙර එක්සත් ජනපදය වෙනුවෙන් ඔත්තුබැලීමේ නිරත වූබව සමහරුන්ගේ මතයයි.ඒ නිසාම ඇය ජපන් ග්‍රහණයේ තිබූ සෙයිපන් දුපතේදී අත් අඩංගුවට පත්වූ බව කියවේ.මෙම දූපත පසුකාලයේදී ඇමෙරිකානු හමුදාවන් විසින් ආක්‍රමණය කරන ලදි.

    7hYX9cd.jpg

    එමෙලියා සහ එ.ජනපද ජනපති හෝර්බර් හූවර්






    Source:Yournewswire.com

    -HarshaLulzSec-
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Bookmark කරගත්තා බ්‍රෝ. තෑන්ක්ස්. ලඟදි මෙයාගේ ෆ්ලයිට් එකේ කෑල්ලක් හම්බුනා කියලා නිවුස් එකක් දැක්කා.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල මචෝ.. මේ වගේ ත්‍රේඩ් තව දාපන්..:yes:

    උඹට රෙප් දෙන්න ට්‍රයි කරන්නෙ සති දෙකක විතර හිටං.. දෙන්න බෑ ඕයි..:(
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    :D

    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.

    කලින් හිට්ලර්ට් රෙප් දුන්න නිස මෙකට දාන්න බැහැලු
     
    Last edited:

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    Is mystery surrounding Amelia Earhart's 1937 disappearance about to be solved? Robot closes in on 'underwater anomaly' off remote South Pacific island


    • Amelia Earhart and navigator Fred Noonan disappeared over the Pacific Ocean when they traveled from Papua New Guinea to Howland Islands
    • Search party led by Ric Gillespie thinks that the aircraft made emergency landing on uninhabited island now called Nikumaroro
    • The International Group for Historic Aircraft Recovery has found what they say is a plane fragment, and sonar shows 'anomaly' in the water
    • Group is on 24-day expedition, though are encountering difficulties getting their underwater drone and camera to work

    link

    watch from 6:13


     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    එල මචෝ.. මේ වගේ ත්‍රේඩ් තව දාපන්..:yes:

    උඹට රෙප් දෙන්න ට්‍රයි කරන්නෙ සති දෙකක විතර හිටං.. දෙන්න බෑ ඕයි..:(

    :D

    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.

    කලින් හිට්ලර්ට් රෙප් දුන්න නිස මෙකට දාන්න බැහැලු

    මොන රේප් ද බන් .උඹලාගේ කමෙන්ට් එක ඊට වඩා වටිනවා.:yes: