ඉතිහාසයෙන් වසන් කල මහා ප්‍රාඥයා
මේ ලිපිය පළ කරන්නේ මෙම ෆෝරමයේ සාමාජිකයෙක්ගේ ඉල්ලීමක් පරිදිය.ඇමෙරිකානු ටෙලි කතා මාලාවක් වන Alias (2001–2006) නැරඹුවේ නම් මයිලෝ රම්බෝල්ඩි යන නම ඔබට හුරුපුරුදු ඇති.බොහෝදෙනෙක් ඔහු මිත්‍යාවක්/මනඃකල්පිත චරිතයක් ලෙස සලකනු ලැබේ.නමුත් මයිලෝ රම්බෝල්ඩි සැබෑ ලෙසම ජීවත්වූ අයෙක් නම්, ඔහු ලියනාඩෝ ඩා වින්චි වැනි අග්‍රගන්‍ය නිර්මාණකරුවන් පවා ඉක්මවා යන චිත්න ශක්තියක් සහිත වුවෙකි.
රම්බෝල්ඩි ක්‍රි.ව. 1444 දී ඉතාලියේ පර්මා නගරයේ උපන්නෙකි.වයස අවුරුදු 12 වන තෙක් ආගමික අධ්‍යාපනය ලැබූ ඔහු ඉන්පසුව චිත්‍ර ශිල්පියෙක් සහ කැටයම්කරුවෙක් ලෙස රැකියාවේ යෙදී තිබේ.වයස අවුරුදු 18 දී ඔහු රෝමයට ගොස් තිබේ. එහිදී රෝමානු කතෝලික පල්ලියේ කාදිනල් ඇලෙක්සැන්ඩර් විසින් ඔහුව තමන්ගේ පෞද්ගලික වාස්තු විද්‍යාඥයා ,සහයකයා සහ අනාගතවක්තෘ ලෙස තබාගෙන ඇත.එම කාදිනල්වරයා ක්‍රි.ව. 1492 දී 6වන ඇලෙක්සැන්ඩර් පාප්තුමා ලෙස පත්වූ අතර ඔහු රම්බෝල්ඩි ප්‍රධාන වාස්තු විද්‍යාඥ තනතුරට පත් කරගෙන තිබේ.ඔහු ඩා වින්චි සහ නොස්ට්‍රඩාමුස්ගේ සමකාලීනයෙක් සේම චිත්‍ර ශිල්පියෙක්,ගෘහ නිර්මාණ ශිල්පියෙක්,මුර්ති ශිල්පියෙක්,ගණිතඥයෙක්,ඉන්ජිනේරුවෙක්,නව නිර්මාණකරුවෙක් සහ දුරදක්නා පරිකල්පන හැකියාවක් තිබූ අයෙකි.ඔහුගේ සමහරක් නිර්මාණ සොයාගැනීම් කොතරම් පෙරළිකාර වූයේද යත් ඒවා යතාර්ථයක් බවට පත් කරන්නට 21 සියවසේ තාක්ෂණයටත් නොහැකි බවයි කියවෙන්නේ.
ඔහුගේ ස්වාමියා වූ 6 වන ඇලෙක්සැන්ඩර් පාප්තුමා කෙසේ වෙතත් රම්බෝල්ඩිගේ විප්ලවාදී සොයාගැනීම් ක්‍රිස්තියානයේ විශ්වාසයන්ට එරෙහිව යන බව කියමින් Vespertini විසින් ඔහුව සිරගත කර තිබේ.රම්බෝල්ඩි සිරගත කරන්නේ 6වන ඇලෙක්සැන්ඩර් පාප්තුමා ක්‍රි.ව.1503 දී මිය යාමෙන් පසුව බව සඳහන් වුවද රම්බෝල්ඩි මිය යන්නේ ක්‍රි.ව.1496 බව කියවේ.එහි පරස්පර විරෝධීබවක් පෙනෙන්නට තිබේ.සමහර විට ඔහු පාප්තුමා සමග ගැටුම් ඇති කරගන්නට ඇති.ඒ ඔහුගේ විශ්වාසයන් සහ ක්‍රිස්තියානය අතර නොගැලපීම් නිසා වන්නට ඇති.කෙසේ නමුත් ඔහුව ගිනි තබා මරණයට පත් කරන්නට තීන්දුකල බව කියවේ.ඔහු ක්‍රි.ව. 1496 ශීත සෘතුවේ මියයන්නේ තනිවූ මිනිසෙක් ලෙසය.ඔහුට භාර්යාවක් හෝ උරුමක්කාරයෙක් නොසිටියේය.
රම්බෝල්ඩිගේ මරණයෙන් පසුව සැන් ලාසාරෝ හි තිබී ඔහුගේ රහසිගත වැඩපොලක් සොයාගන්නා වතිකානු ඒජන්තයන් එය විනාශ කරයි.ඔහුගේ සියලුම ලිපි,සටහන්,සැලසුම් ආදිය ඔවුන් පෞද්ගලික වෙන්දේසියකදී විකුණාදමනු ලැබේ.රම්බෝල්ඩිගේ සටහන්වලින් උපකරණ 22ක් සොයාගෙන තිබෙන බව සඳහන් වේ.ඒවායින් කිහිපයක මුල් කටු සටහන් මෙම ලිපියේ ඇතුලත්ය.ඔහුගේ මුල් සටහන්වල පැහැදිලිව පෙනෙන ඇසේ සලකුණ(<o>) තිබේ(සුදු පැහැයෙන්).
15 වන සියවසේ පටන් රම්බෝල්ඩිගේ ගුප්ත සැලසුම් වල සලකුණු ඉතාලියේ,ප්‍රංශයේ,නැගෙනහිර යුරෝපයේ සහ සෝවියට් දේශයෙන් එළිදරව් වේ.වෝටබරි හි කෞතුකාගාරයක් තුලින් සහ කනෙක්ටිකට්(1921) ප්‍රදේශයෙන්ද මේවා හමුවූබව සඳහන් වේ.ඔහුගේ සැලසුම්වලින් බොහෝමයක් අදටත් අවබෝධ කරගැනීම දුෂ්කරය.
ඔහුගේ නිර්මාණ ඔස්සේ ඩිජිටල් තොරතුරු යුගය ගැන බොහෝකලකට පෙර අනාවැකි පලකර තිබේ.ඒ 1489 දී පමණ යන්ත්‍ර භාෂාව හෙවත් ද්වීමය සංඛ්‍යා භාවිතයෙනි.ඔහු ද්වීමය සංඛ්‍යා යොදාගෙන කේතිත යන්ත්‍ර භාෂාවක් සැලසුම් කර තිබේ.එසේම ඔහු තම සටහන්වල රහස් භාෂාවක්(encrypt) භාවිතා කර තිබෙන අතර එය සංකේතමය භාෂාවක් වන අතර එය විකේතනය(decrypt) කරන අයෙකුට ඉතාලි භාෂාවෙන් සටහන කියවා ගත හැකි යැයි සැලකේ.ඔහුගේ ඇඳීම් සහ ලියවිලි ඉතාලි සහ ග්‍රීක භාෂාවලින් ලියවී තිබේ.අංක 47 රම්බෝල්ඩි විශේෂිත යැයි සැලකේ.
ලොව මුල්ම වෝටර්මාක් එක හෙවත් අයිතිය තහවුරු කරන සලකුණක් තම ලිපිවලට ඇතුලත් කර තිබෙන්නේ ඔහුය.එම සලකුණ ඇසකි ( <o> ).ඔහුගේ කඩදාසි නිපදවා තිබෙන්නේ අනර්ගතම පොලිමර් ෆයිබර්වලිනි(ලූනු සිවියට සමානය).ඔහුගේ ඇස සලකුණ ව්‍යාජ ලේඛන හඳුනාගැනීමට යොදාගත් එකකි.ඊට හේතුව ඒ සමයේ ප්‍රකාශන කොල්ලකෑම ඉහළ යෑම වන්නට ඇති. දැනට සොයාගෙන තිබෙන ඔහුගේ ලියවිලි සහ කටු සටහන් 22 වෙනුවට ව්‍යාජ ලේඛන 102ක් පමණ තිබෙන බව කියවේ.
රම්බෝල්ඩිගේ සැලසුම් සහ ඉගැන්වීම් ගැන නාසි ජර්මනිය විශාල වශයෙන් උනන්දු විය.නාසීන් එම කාලයේ ගුප්ත සහ සෛද්ධාන්තික දැනුම සොයාගිය බව රහසක් නොවේ.රම්බෝල්ඩිගේ සොයාගැනීම් බොහෝමයක් අදටත් අප්‍රකාශිතය.ඒ රම්බෝල්ඩිගේ නම පවා ඉතිහාසයෙන් මකා දමන්නට වතිකානුව ප්‍රමුඛ ක්‍රිස්තියානය ඔහුගේ අවසන් සමයේ ගෙනගිය ක්‍රියාදාමය නිසාය.එම කාලයේ පටන් රම්බෝල්ඩි යන නම පවා තහනම් කරන ලදි.ඔහුගේ සැලසුම් බොහෝමයක් 20 වන සියවසේ සොයාගැනීම් රැසකට පාදකවූ බවද කියවේ.ඔහුගේ ලියවිලිවල අඩංගු දැනුම දැන් Trilateral Commission සතුව තිබෙන බව කියවේ.1988 වසරේදී බ්‍රසීලයේ පුද්ගලයෙක් සතුවූ රම්බෝල්ඩිගේ සටහනක තැනින් තැනට ගෙන යා හැකි පණිවුඩ යවන යන්ත්‍රයක දැක්වෙන බවත් එය නූතනයේ ජංගම දුරකතන තාක්ෂණයට සමාන බවත් හෙළිවිය.රුසියානු ඉතිහාසඥයෙක් සහ cryptologist වූ Olgi C. Krystovnich විසින් 2001 වසරේදී මැඩ්රිඩ් හි පෞද්ගලික එකතුවකින් ලබාගත් රම්බෝල්ඩිගේ සටහනකින් 20 සියවසේ නිපදවූ ට්‍රාන්ස්සිටරයේ මුලාකෘතියක් සොයාගන්නා ලදි.
රම්බෝල්ඩි ඉතිරි කෘති බොහෝමයක් විනාශ කර හෝ විවිධ පුද්ගලයන් විසින් තබාගෙන සිටිනවා විය හැකිය.ඔහු ජීවත්වූ වසර 54 තුල කොතරම් සටහන් පොත් ලිවුවාද කියා නිශ්චයක් නැත.ඔහු මනඃකල්පිත චරිතයක් ලෙස සලකන්න තරම් බොහෝදෙනා යොමුවී තිබෙන්නේ රම්බෝල්ඩි යනු හිතාමතාම ඉතිහාසයෙන් මකා දැමූ චරිතයක් නිසා වන්නට පුලුවනි.
මයිලෝ රම්බෝල්ඩි යන චරිතය වර්තමානයේ බොහෝදෙනා හඳුනාගන්නේ ඇමෙරිකානු ටෙලි කතා මාලාවක එන කල්පිත වීරයෙක් ලෙස පමණි.ඔහු මනඃකල්පිත චරිතයක්ද සැබෑ ලෙසම ජීවත්වූ ඉතිහාසයෙන් වසන් කල මහා ප්‍රාඥයෙක්ද යන්න තීරණය කිරීම ඔබට භාරයි.
Special Thanks:dath kimbula
Source:Vatesatrum.tripod.com
-HarshaLulzSec-

මයිලෝ ජෙයිකොමො රම්බෝල්ඩි

6වන ඇලෙක්සැන්ඩර් පාප්තුමා

Device 01 (ක්‍රි.ව. 1462)
15 වන සියවසේ පටන් රම්බෝල්ඩිගේ ගුප්ත සැලසුම් වල සලකුණු ඉතාලියේ,ප්‍රංශයේ,නැගෙනහිර යුරෝපයේ සහ සෝවියට් දේශයෙන් එළිදරව් වේ.වෝටබරි හි කෞතුකාගාරයක් තුලින් සහ කනෙක්ටිකට්(1921) ප්‍රදේශයෙන්ද මේවා හමුවූබව සඳහන් වේ.ඔහුගේ සැලසුම්වලින් බොහෝමයක් අදටත් අවබෝධ කරගැනීම දුෂ්කරය.
Device 03 (ක්‍රි.ව. 1464)
ඔහුගේ නිර්මාණ ඔස්සේ ඩිජිටල් තොරතුරු යුගය ගැන බොහෝකලකට පෙර අනාවැකි පලකර තිබේ.ඒ 1489 දී පමණ යන්ත්‍ර භාෂාව හෙවත් ද්වීමය සංඛ්‍යා භාවිතයෙනි.ඔහු ද්වීමය සංඛ්‍යා යොදාගෙන කේතිත යන්ත්‍ර භාෂාවක් සැලසුම් කර තිබේ.එසේම ඔහු තම සටහන්වල රහස් භාෂාවක්(encrypt) භාවිතා කර තිබෙන අතර එය සංකේතමය භාෂාවක් වන අතර එය විකේතනය(decrypt) කරන අයෙකුට ඉතාලි භාෂාවෙන් සටහන කියවා ගත හැකි යැයි සැලකේ.ඔහුගේ ඇඳීම් සහ ලියවිලි ඉතාලි සහ ග්‍රීක භාෂාවලින් ලියවී තිබේ.අංක 47 රම්බෝල්ඩි විශේෂිත යැයි සැලකේ.
Device 04 (ක්‍රි.ව. 1466)
ලොව මුල්ම වෝටර්මාක් එක හෙවත් අයිතිය තහවුරු කරන සලකුණක් තම ලිපිවලට ඇතුලත් කර තිබෙන්නේ ඔහුය.එම සලකුණ ඇසකි ( <o> ).ඔහුගේ කඩදාසි නිපදවා තිබෙන්නේ අනර්ගතම පොලිමර් ෆයිබර්වලිනි(ලූනු සිවියට සමානය).ඔහුගේ ඇස සලකුණ ව්‍යාජ ලේඛන හඳුනාගැනීමට යොදාගත් එකකි.ඊට හේතුව ඒ සමයේ ප්‍රකාශන කොල්ලකෑම ඉහළ යෑම වන්නට ඇති. දැනට සොයාගෙන තිබෙන ඔහුගේ ලියවිලි සහ කටු සටහන් 22 වෙනුවට ව්‍යාජ ලේඛන 102ක් පමණ තිබෙන බව කියවේ.
Device 05 (ක්‍රි.ව. 1467)
Device 09 (ක්‍රි.ව. 1468)
Device 11 (ක්‍රි.ව. 1471)
රම්බෝල්ඩිගේ සැලසුම් සහ ඉගැන්වීම් ගැන නාසි ජර්මනිය විශාල වශයෙන් උනන්දු විය.නාසීන් එම කාලයේ ගුප්ත සහ සෛද්ධාන්තික දැනුම සොයාගිය බව රහසක් නොවේ.රම්බෝල්ඩිගේ සොයාගැනීම් බොහෝමයක් අදටත් අප්‍රකාශිතය.ඒ රම්බෝල්ඩිගේ නම පවා ඉතිහාසයෙන් මකා දමන්නට වතිකානුව ප්‍රමුඛ ක්‍රිස්තියානය ඔහුගේ අවසන් සමයේ ගෙනගිය ක්‍රියාදාමය නිසාය.එම කාලයේ පටන් රම්බෝල්ඩි යන නම පවා තහනම් කරන ලදි.ඔහුගේ සැලසුම් බොහෝමයක් 20 වන සියවසේ සොයාගැනීම් රැසකට පාදකවූ බවද කියවේ.ඔහුගේ ලියවිලිවල අඩංගු දැනුම දැන් Trilateral Commission සතුව තිබෙන බව කියවේ.1988 වසරේදී බ්‍රසීලයේ පුද්ගලයෙක් සතුවූ රම්බෝල්ඩිගේ සටහනක තැනින් තැනට ගෙන යා හැකි පණිවුඩ යවන යන්ත්‍රයක දැක්වෙන බවත් එය නූතනයේ ජංගම දුරකතන තාක්ෂණයට සමාන බවත් හෙළිවිය.රුසියානු ඉතිහාසඥයෙක් සහ cryptologist වූ Olgi C. Krystovnich විසින් 2001 වසරේදී මැඩ්රිඩ් හි පෞද්ගලික එකතුවකින් ලබාගත් රම්බෝල්ඩිගේ සටහනකින් 20 සියවසේ නිපදවූ ට්‍රාන්ස්සිටරයේ මුලාකෘතියක් සොයාගන්නා ලදි.
Trilateral Commission Logo
Device 12 (ක්‍රි.ව. 1471)
Device 22 (ක්‍රි.ව. 1495)
රම්බෝල්ඩි ඉතිරි කෘති බොහෝමයක් විනාශ කර හෝ විවිධ පුද්ගලයන් විසින් තබාගෙන සිටිනවා විය හැකිය.ඔහු ජීවත්වූ වසර 54 තුල කොතරම් සටහන් පොත් ලිවුවාද කියා නිශ්චයක් නැත.ඔහු මනඃකල්පිත චරිතයක් ලෙස සලකන්න තරම් බොහෝදෙනා යොමුවී තිබෙන්නේ රම්බෝල්ඩි යනු හිතාමතාම ඉතිහාසයෙන් මකා දැමූ චරිතයක් නිසා වන්නට පුලුවනි.
Alias (2001–2006)
මයිලෝ රම්බෝල්ඩි යන චරිතය වර්තමානයේ බොහෝදෙනා හඳුනාගන්නේ ඇමෙරිකානු ටෙලි කතා මාලාවක එන කල්පිත වීරයෙක් ලෙස පමණි.ඔහු මනඃකල්පිත චරිතයක්ද සැබෑ ලෙසම ජීවත්වූ ඉතිහාසයෙන් වසන් කල මහා ප්‍රාඥයෙක්ද යන්න තීරණය කිරීම ඔබට භාරයි.
Special Thanks:dath kimbula
Source:Vatesatrum.tripod.com
-HarshaLulzSec-

උඹ කාලෙක ඉදලා පොර ගැන හොයනවා වගේ නේ.මට නම් පුදුම හිතෙනවා මිනිහගේ කටු සටහන් දැක්කම.