ඔන්න G4 විකුනලා මාත් ආපු ගමන් ගත්තා V10 එකක්.ඊයේ තමා ගත්තේ.ඉතිං පොඩි review පාරක් එළකිරියේ දාන්න හිතුනා.මේක ටිකක් බර නම් වැඩයි G4 එකට වඩා..build quality එකනම් ආයේ අහන්න දෙයක් නැහැ..සුපිරි.දැනට LG ලා හදපු හොදම build quality ය තියෙන ෆෝන් එක තමා මේක.ලේසියෙන් බිම වැටුනට කැඩෙන්නේ නැහැ.ඒක හින්දා case එකක් නැතුවම උනත් පාවිච්චි කරන්න පුළුවන්.
V10 එකේ 64 GB, 4 GB RAM තියෙනවා.හැම මොඩෙල් එකක්ම එන්නේ 64 GB.MicroSD 200GB වෙනකන් ගහන්න පුළුවන්.
FINGERPRINT UNLOCK,KNOCK CODE තියෙනවා..
V10 එකේ display දෙකක් තියෙනවා..එක display එකක් 1440 x 2560 pixels (~515 ppi pixel density)දෙවැනි display එක 160 x 1040 pixels, 2.1 inches.සමහර අය දෙවැනි display එක ෆෝන් එක විකුණගන්න කරපු කපටි වැඩක් කියලා කිව්වට දෙවැනි display එක ඇත්තටම මටනම් සැහෙන්න වැදගත්.දෙවැනි display එක ෆෝන් එක off කරත් වැඩ.එහෙම ඕන නැත්නම් settings ගිහිල්ලා off කරන්නත් පුළුවන්.මේ display එකට යන බැටරි life ඒක ගොඩක් අඩුයි.අනික එන mails,missed calls,වෙලාව එහෙම ෆෝන් එක on නොකරම බලන්න පුළුවන්..මොකක් හරි ෆෝන් එකේ වැඩක ඉන්න වෙලාවට call එකක් ආවත් ඒක පෙන්නන්නේ දෙවැනි display එකෙන්.
V10 එකේ බැටරිය 3000 mAh(removable).බැටරි ලයිෆ් එක G4 එකට වඩා හොදයි.ඒත් 3500 mAh බැටරියක් මේකට ආවනම් සුපිරි.මොකද මේකේ අනිත් specs එක්ක බලනකොට එහෙම උනානම් අනිවා දවස් දෙකක් හොදටම use කරත් අදින්න පුළුවන්.හැබැයි මේකේ charging time එකනම් නියමයි.full charge වෙන්න යන්නේ හරියටම පැයයි විනාඩි පහයි..දැනට එක ෆෝන් එකකට විතරයි මේ ෆෝන් එකේ charging time එක දෙවැනි වෙන්නේ.(Quick Charge 2.0) fast charging ඇඩප්ටර් එකක් ෆෝන් එකටම එනවා..

ගොඩක් අය V10 ගැන කථා කරන දෙයක් තමා එකේ audio quality එක..Hi-Fi DAC sound කියන්නේ HTC BOOM SOUND වගේම එකක්(ඊටත් වඩා හොදයි)..දැනට ෆෝන් එකක තියෙන හොදම sound quality තියෙන ෆෝන් එකක් තමා V10.ෆෝන් එකත් එක්කම AKG earbuds එකක් හම්බවෙනවා.ඒක නිසා වෙන earbuds වලට වියදමක් යන්නේ නැහැ.මේක හොදටම ඇති.

මේකේ කැමරා එක G4 එකේ වගේම 16 MP.ඒ උනාට ඒකට වඩා features වැඩියි.ඉස්සරහ කැමරා දෙකක් තියෙනවා(5 MP)..කට්ටියක් එක්ක සෙල්ෆි ගන්න කොට wide view ගන්න තමා කැමරා දෙකක් දාලා තියෙන්නේ.
G4 එකේ වගේම MANUAL ෆොටෝස් ගන්න පුළුවන්.OIS,Laser autofocus,ඒ වගේම MANUAL MODE video recording කරන්නත් පුළුවන්.ඒ feature එක G4 එකේ නැහැ.
mic තුනක් තියෙන නිසා video record කරහම sound quality එක නියමයි.ඒ වගේම record කරන video එවලේම එඩිට් කරලා size එක අඩු කරලා facebook වගේ upload කරන්නත් පුළුවන්.ඒකට වෙන apps මුකුත් ඕන නැහැ..කැමරා එක ගැන කියන්න තව ගොඩක් දේවල් තියෙනවා..
ඔව් බං.මේකේ ෆෝන් ත්‍රෙඩ් දැම්මහම මට සල්ලි හම්බ උනානේ.


