අපේ රටත් කා ලොවත් කා දමන අන්තර්ජාතික ප්‍ර&#349

madhawas1

Active member
  • Jul 5, 2015
    542
    249
    43
    අපේ රටත් කා ලොවත් කා දමන අන්තර්ජාතික ප්‍ර&#349

    අන්තර්ජාතික ප්‍රජාව යන නාමය ගෝලීය දේශපාලන, ආර්ථික කතිකාවට හෝ අන්තර්ජාතික සබඳතා අධ්‍යයන ක්‍ෂේත්‍රයට හෝ අලුත් දෙයක්‌ නොවේ. එය යටත් විජිත සහිත පැරණි අධිරාජ්‍ය ක්‍රමය බිඳ වැටීමේ, පරාධීන ජාතීන් ස්‌වාධීනත්වය දිනා ගැනීමේ හා එක්‌සත්ජාතීන් වැනි ලෝක සංවිධාන බිහිවීමේ ක්‍රියාවලියට සමගාමීව ලෝක දේශපාලන ශබ්ද කෝෂයට පිවිස, 90 දශකය මුල සෝවියට්‌ දේශය ප්‍රමුඛ ලෝක සමාජවාදි රාජ්‍ය පද්ධතිය බිඳ වැටීමෙන් පසු වේගයෙන් ප්‍රචලිත වූ වදනකි. ඉන් අනතුරුව කවර කලාපයක හෝ කවර රටක හෝ හටගත් දේශපාලන, ආර්ථික, ආරක්‌ෂක වර්ධනයන්ට බාහිර මැදිහත්වීම් සිදු වූයේ අන්තර්ජාතික ප්‍රජාවේ නාමයෙනි. වර්තමානයේ දී මේ කියන "අන්තර්ජාතික ප්‍රජාව ලෝකය පාලනය කරන ප්‍රධාන බලවේගය බවට පත්ව සිටී.

    ශ්‍රී ලංකාවේ සන්නද්ධ බෙදුම් වාදය ආරම්භ වූ අවධියේ සිට ඉඳ හිට ඇසුණු අන්තර්ජාතික ප්‍රජාව යන පදය බෙදුම් වාදයේ වර්ධනයත් සමඟ විටින් විට කියෑවෙන්නට ඇසෙන්නට පටන් ගත්තේ ය. වාර්ගික පදනමක්‌ මත වෙනම රාජ්‍යයක්‌ බිහිකිරීම සඳහා සටන් වැදුණු සෙසු කණ්‌ඩායම් විනාශ කොට එල්ටීටීඊ ඉදිරියට පැමිණි විට, "අන්තර්ජාතික ප්‍රජාව" අපට කරන බලපෑම් වැඩි වන්නට විය. ශ්‍රී ලංකාවේ "ජනවාර්ගික අර්බුදයක්‌" ඇති බවත් එල්ටීටීඊ ය එහි ප්‍රකාශනයක්‌ බවත් මේ ප්‍රශ්නයට මිලිටරි විසඳුමක්‌ නැති බැවින් සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට එළඹෙන ලෙසත් ඔව්හු අපට කියන්නට පටන් ගත්හ. ගතවූ කාලයේ මෙරට පාලනය කළ කවර හෝ රාජ්‍යයක්‌ එල්ටීටීඊ සම`ග සටන් මගට පිවිසි සැම විටම ඔව්හු හැකි සෑම ආකාරයකින්ම ඊට බාධා කළහ. එල්ටීටීඊ යට එරෙහි මිලිටරි ක්‍රියා මාර්ග "අන්තර්ජාතික ප්‍රජාව" විසින් හඳුන්වනු ලැබුයේ "දැරිsය නොහැකි යුද්ධය" ලෙසිනි.

    2001 දෙසැම්බර් මස මහ මැතිවරණයෙන් එක්‌සත් ජාතික පෙරමුණ බලයට පැමිණි විගස අන්තර්ජාතික ප්‍රජාව මෙරට ඇතැයි ඔවුන් කියූ ජනවාර්ගික ප්‍රශ්නයට සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවීමට සෘජුවම මැදිහත් වූහ. ඔවුන්ගේ උපදෙස්‌, අනුබලය හා ආශිර්වාදය ඇතිව අගමැති රනිල් වික්‍රමසිංහ 2002 පෙබරවාරියේදී එල්ටීටීඊ සම`ග සටන් විරාම ගිවිසුමක්‌ අත්සන් තැබීය. "අන්තර්ජාතික ප්‍රජාවේ" සාමාජිකයකු ලෙස පෙනී සිටි නෝර්වේ රාජ්‍යයේ එරික්‌ සෝල්හයිම් රනිල් පිරිබාහරන් "සාම ක්‍රියාදාමයේ' දී භාරකරු ලෙස පත් විය. එල්ටීටීඊ ය සටන් විරාම ගිවිසුම 5461 වාරයක්‌ කඩ කළ ද "අන්තර්ජාතික ප්‍රජාව" සාම ක්‍රියාදාමය අත් නොහැර අල්ලා ගෙන සිටියහ.

    2005 දී පාලන බලය හිමිකර ගත් මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයා එල්ටීටීඊ විනාශ කිරීමේ යුද්ධය ආරම්භ කළ විගස යළි අවදි වූ "අන්තර්ජාතික ප්‍රජාව" එය නතර කිරීමට සෑම උත්සාහයක්‌ම ගත්හ. සියලු බාධක මධ්‍යයේ එල්ටීටීඊය විනාශ කර රටට සාමය උදා කළ පසු මානව හිමිකම් යගදාව දෑතට ගත් ඔව්හු අවුරුදු පතා මානව හිමිකම් කවුන්සිලයට යෝජනා ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා නගන්නට වන්හ. වත්මන් යහපාලන ආණ්‌ඩුවද ඔවුන් සමග එක්‌වීම නිසා "යුද අපරාධ" විභාග කිරීමට පමණක්‌ නොව මෙරට දේශපාලන, පරිපාලන, අධිකරණ, නෛතික හා ආරක්‌ෂක සමස්‌ත ව්‍යqහයම "අන්තර්ජාතික ප්‍රජාවේ" උවමනාවන්ට අනුරූපව යළි සකස්‌ කිරීමේ සැලැස්‌මක්‌ ශ්‍රී ලංකා ජාතියේ හිසමත පැටවී තිබේ.

    "මහින්ද රාජපක්‌ෂ අන්තර්ජාතික ප්‍රජාව අමනාප කර ගත්තා. අපි ඔවුන් මිතුරු කර ගත්තා". "රාජපක්‌ෂ යුගයේ දි අන්තර්ජාතික ප්‍රජාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බෙදි සිටියා. අද ඒ සැමදෙනාම අපි එක්‌ක". "අද අපිට ලෝකයේ සතුරන් නැහැ" හැම රටක්‌ම අප සමඟ මිතුරුයි" "ලෝක නායකයන්, විදේශ ආයෝජකයන් දැන් අපේ රටට එන්න පොරකනවා". මේ ජනවාරි 8 පෙරළියෙන් පසු ජනාධිපති, අගමැති, අධිකරණ ඇමති, විදේශ ඇමති, කැබිනට්‌ ප්‍රකාශක ප්‍රමුඛ යහපාලන ආණ්‌ඩුවේ නායකයන්ගෙන් අපට නිතර අසන්නට ලැබුණු ප්‍රකාශ කිහිපයකි.

    ඉතින් මේ කියන අන්තර්ජාතික ප්‍රජාව යනු කවුරුන් ද? ඔවුන් කරන්නේ කුමක්‌ ද? අන්තර්ජාතික ප්‍රජාව ලෙස පෙනී සිටින බලවේග, ඔවුන් සමග එකට සිට ගන්නා ජාතික හා අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සමාජය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු බුද්ධිමතුන්, ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යකරුවන් සහ අපේම යහපාලන ආණ්‌ඩුව වහරන සහ අනුවණ අයුරින් අන්තර්ජාතික ප්‍රජාව අපට දිස්‌ වනුයේ ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදය, සාමය, මානව හිමිකම්, නිදහස සහ සාධාරණත්වය හා යුක්‌තිය වෙනුවෙන් දැඩි ලෙස කැපවූ අනවරත අරගලයක නිරත ලෝක බලයක්‌ ලෙසිනි. එය එසේ ද? තතු ඇසුරින් විමසා බලමු.

    වචනාර්ථය ගත් කල දැන් කෝටි 700 ඉක්‌මවන ලෝක ජනගහනය අන්තර්ජාතික ප්‍රජාව යන පදයෙන් අදහස්‌ වෙයි. ගෝලීය සහ තනි තනි රටවල දේශපාලන හා ආර්ථික වර්ධනයන්ට සමස්‌ත ලෝක ජනගහනයේම (ළමයින් හා මහල්ලන් ද ඇතුළුව) මැදිහත්වීමක්‌ ප්‍රායෝගිකව කිසි සේත්ම සිදු විය නොහැකි බැවින් ලෝකයේ පිළිගත් රාජ්‍යයන් සහ ඒවායේ දැනුවත් සමාජ ස්‌ථරය එනම් ගෝලීය, කලාපීය සහ තනි තනි රටවල වර්ධනයන් කෙරෙහි උනන්දුවක්‌ දක්‌වන පිරිස අන්තර්ජාතික ප්‍රජාව ලෙස වචනාර්ථයෙන් ගැනීම ප්‍රායෝගික සහ සාධාරණ ලෙස පෙනී යයි. රාජ්‍යයන්, බලයේ සිටින ආණ්‌ඩු මගින්ද දැනුවත්/සංවේදි සමාජ ස්‌ථරය, සිවිල් සමාජය, රාජ්‍ය නොවන සංවිධාන, බුද්ධිමතුන්, ජනමාධ්‍ය හා මාධ්‍යවේදීන්, කලාකරුවන් ආදින්ගේ වේශයෙන් ද අප හඳුනාගත් අන්තර්ජාතික ප්‍රජාව නිර්මාණය කරයි.

    ගෝලීය හෝ කලාපීය ගැටලු නැතහොත් තනි තනි රටවල අභ්‍යන්තරික වර්ධනයන් පිළිබඳව ලෝකයේ රාජ්‍යයන්ගේ බලයේ සිටින ආණ්‌ඩුවල මතය ප්‍රකාශ වනුයේ ස්‌වෙච්ඡා රාජ්‍යයන් 193 කින් සැදුම්ලත් එක්‌සත් ජාතීන් මගිනි. එසේ ප්‍රකට වන මතය තුළ දැනුවත් / සංවේදි සමාජ ස්‌ථරයේ මතය ද අඩු වැඩි වශයෙන් ගැබ්ව තිබෙන්නට පිළිවන. නැතහොත් දැනුවත් ස්‌ථරය, පොත්, ජනමාධ්‍ය, අන්තර්ජාලය, දේශන, සම්මන්ත්‍රණ සාකච්ඡා සහ නන්විධ කලා නිර්මාණ, උද්ඝෝෂණ, විරෝධතා මාර්ගයෙන් සිය මතය සමාජගත කරයි. වචනාර්ථය ගත් කල පමණක්‌ නොව ස්‌වාභාවික යුක්‌ති ධර්මය අනුව ද අන්තර්ජාතික ප්‍රජාව ලෙස සැලකිය යුත්තේ මේ පිරිසය.

    අද අප ජීවත් වනුයේ අතිශයින් ගෝලීයකරණය වූ ලෝක සමාජයක බැවින් ගෝලීය, කලාපීය හෝ තනි තනි රටවල වර්ධනයන් අදාළ රටේත් සමස්‌ත මානව සංහතියේත් ප්‍රගමනයට ඉවහල් වන අයුරින් හැඩ ගැස්‌වීමෙහිලා යම් සාධාරණ සීමාවක්‌ ඇතුළත මේ සැබෑ අන්තර්ජාතික ප්‍රජාවට තීරණාත්මක බලයක්‌ තිබීම අවශ්‍ය වන්නේය" පිළිගත යුත්තේය. එසේ වුවද යථාර්ථය නම් සැබෑ අන්තර්ජාතික ප්‍රජාවට න්‍යායිකව ම ප්‍රායෝගිකව එවැනි බලයක්‌ හිමි වී නැත. තිබෙන බලය පවා ඊට ඉහළින් සිටින අධිකාරි බලයකට යටත්ව පවතී. ඒ බව සනාථ කරන නිදසුන් බොහෝය. නිදසුන් තුනක්‌ පමණක්‌ සඳහන් කරමු.

    01. 1967 සය දින අරාබි ඊශ්‍රායල් යුද්ධයේ දි ඊශ්‍රායලය අල්ලාගත් අරාබි ප්‍රදේශ ආපසු භාර දෙන මෙන් නියම කළ යෝජනාවක්‌ (අංක 242) 1967 නොවැම්බර් 22 දින එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක මණ්‌ඩලය විසින් සම්මත කරනු ලැබීය. එක්‌සත් ජාතීන්ගේ ආයතන පද්ධතිය තුළ සිය තීරණ බලාත්මක කිරීමේ අධිකාරය හිමි එකම ආයතනය ආරක්‌ෂක මණ්‌ඩලයයි. එසේම ආරක්‌ෂක මණ්‌ඩල යෝජනා ක්‍රියාත්මක කිරීමට එක්‌සත් ජාතීන්ගේ සියලු සාමාජික රටවල් බැඳී සිටී. එහෙත් යෝජනා අංක 242 තවමත් ක්‍රියාත්මක වී නැත.

    02. ඇමෙරිකා එක්‌සත් ජනපදය 1961 දී කියුබාවට පැන වූ ආර්ථික සම්බාධක ඉවත් කරන ලෙස ඉල්ලමින් එක්‌සත් ජාතීන්ගේ මහා මණ්‌ඩලය 1992 සිට සෑම වසරකම අති මහත් බහුතර ඡන්දයෙන් යෝජනාවක්‌ සම්මත කළේය. සැබෑ අන්තර්ජාතික ප්‍රජාව මහා මණ්‌ඩලය මගින් ප්‍රදර්ශනය කළ ලෝක ජනමතය දිගින් දිගටම නොසලකා සිටි එක්‌සත් ජනපදය තමන් කියුබාවට පැන වූ සම්බාධක 2014 දී ඉවත් කළේ සම්බාධක පැනවීමෙන් අපේක්‌ෂිත අරමුණු ඉටු නොවූ බව පසක්‌ වීම නිසා මිස ලෝක මතයට ගරු කිරීමට නොවේ.

    03. ශ්‍රී ලංකාවේ ආරක්‌ෂක හමුදා එල්ටීටීඊ සමග කළ සටනේදී මානව හිමිකම් නීතිය හා මානුෂවාදි නීතිය බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවට පිළිගත හැකි සාක්‌ෂි ඇති බැවින් ඊට වගකිව යුතු අයට දඬුවම් කරන ලෙසත් ශ්‍රී ලංකාවේ දේශපාලන, නෛතික, ආරක්‌ෂක හා පරිපාලන ක්‍රියාදාමයේ ව්‍යqහාත්මක ප්‍රතිසංස්‌කරණ සිදු කරන ලෙසත් නියම කරන යෝජනාවක්‌ (ඛමී29) 2015 ඔක්‌තෝබර් 01 දින ශ්‍රී ලංකාවේ සම අනුග්‍රාහකත්වයෙන් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කොට ගන්නා ලදී. මේ යෝජනාවට පාදක වූයේ ශ්‍රී ලංකාවේ සිදු වූ බව කියන යුද අපරාධ ගැන විමර්ශනයක්‌ කරන ලෙස ඉල්ලමින් එක්‌සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලදුව මානව හිමිකම් කවුන්සිලය 2014 මාර්තු 27 දා සම්මත කොට ගත් යෝජනාවය. දෙවනුව කී යෝජනාව සම්මත වූයේ කවුන්සිලයේ මුළු සාමාජිකයන් 47 දෙනාගෙන් 23 දෙනෙකුගේ ඡන්දයෙනි. 12 දෙනෙක්‌ විරුද්ධව ඡන්දය දුන්හ. 12 දෙනෙක්‌ වැළකී සිටියහ. එහි තේරුම කවුන්සිලයේ සාමාජිකයන්ගෙන් 24 දෙනෙක්‌ම අමෙරිකාවේ යෝජනාව සමග එකඟ නොවූ බවය. සරල අංක ගණිතය අනුව යෝජනාව සම්මත වුවද ජපානය, රුසියාව ඇතුළු රටවල් 24 ක මතය සලකා බැලීමට පවා භාජන නොවී යටපත් වූ බව පැහැදිලි සත්‍යයකි. (යෝජනාවට පක්‌ෂ වූ රටවල් බොහොමයක්‌ එක්‌සත් ජනපදයේ අතවැසියන් බව රහසක්‌ නොවේ) මෙසේ සම්මත වූ යෝජනාවක්‌ අන්තර්ජාතික ප්‍රජාවේ මතය ලෙස ගැනීම සාධාරණ වන්නේ කෙසේ ද?

    එක්‌සත් ජාතීන් මගින් සහ ඉහත සඳහන් කළ වෙනත් මාර්ගවලින් නියෝජනය වන සැබෑ එහෙත් බල රහිත අන්තර්ජාතික ප්‍රජාව හැරුණු විට ඒ සුජාත නාමයෙන් පෙනී සිටින තවත් "අන්තර්ජාතික ප්‍රජාවක්‌" සිටී. මේ "අන්තර්ජාතික ප්‍රජාව" ඉතා ධනවත්ය" ඉතා බලවත්ය. රටවල් කිහිපයක්‌ හැරුණු විට මුළු ලෝකයම ඔවුන්ගේ අණසකට යටත්ය. ලොව සියලු රටවල දළ දේශීය නිෂ්පාදනය එකට එකතු කළ විට ඉන් සියයට 86 ක්‌ අයත් වනුයේ ඔවුනටය. ඔවුන්ගේ අවි බලය කෙතරම් ද යත් සමස්‌ත මානව ශිෂ්ටාචාරය කෙටි කලක්‌ තුළ විනාශ කර දැමීමේ හැකියාව ඔවුනට තිබේ. එක්‌සත් ජාතීන් සහ මානව හිමිකම් කවුන්සිලය වැනි ඊට අයත් අතුරු ආයතන, ලෝක බැංකුව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල, ලෝක වෙළෙඳ සංවිධානය ඔවුන්ගේ අණසක යටතේ පවතී. හියුමන් රයිට්‌ස්‌ වොච්, ඇම්නස්‌ටි ඉන්ටර්නැෂනල්, µ්‍රSඩම් හවුස්‌, ඉන්ටර්නැෂනල් ක්‍රයිසිස්‌ ගෲප් වැනි අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සමාජය යන නාමයෙන් පෙනී සිටින දේශීය රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාත්මක වනුයේ මේ අන්තර්ජාතික ප්‍රජාව සපයන අරමුදල්වලිනි. ලෝක ජනමාධ්‍ය කර්මාන්තයෙන් සියයට 70 ක්‌ පමණ ඔවුනට අයත් බැවින් ලෝකයේ දේශපාලන, ආර්ථික සිදුවීම් තමන්ට අවශ්‍ය පරිදි වාර්තා කිරීමටත් විවරණය කිරීමටත් ඔවුනට පිළිවන.

    මේ අන්තර්ජාතික ප්‍රජාවට රාජ්‍යයන් 193 කින් සමන්විත එක්‌සත් ජාතීන්ගේ මුළු සාමාජිකත්වය තබා ඉන් දහයෙන් එකක්‌වත් සෘජුවම අයත් නැත. එය නිර්මාණය වී ඇත්තේ රටවල් අතළොස්‌සකිනි. කෝටි 130 ක්‌ වන ලොව වැඩිම ජනගහනය සහිත චීනය, දෙවැනි විශාලතම ජනගහනය වන කෝටි 120 ක්‌ වෙසෙන ඉන්දියාව, ලොව විශාලතම දේශය වන රුසියාව ඔවුන් අතර නැත. මේ අන්තර්ජාතික ප්‍රජාව නිර්මාණය වනුයේ කැනඩාව, ඇමෙරිකා එක්‌සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, බෙල්ජියම ඇතුළු යුරෝපා සංගමයේ මුල් සාමාජිකයන් 12 දෙනා සහ ජපානය එක්‌වීමෙනි. සාබීර් අමීන් නමැති ප්‍රකට ඊජිප්තු දේශපාලන ආර්ථික විද්‍යාඥයා මේ රාජ්‍යයන් සමූහය නූතන ලෝකය පාලනය කරන ත්‍රිමූර්තිය (කැනඩාව, ඇමෙරිකාව, බටහිර යුරෝපය හා ජපානය) ලෙස හඳුන්වයි.

    මානව ඉතිහාසයේ 15 හා 16 වැනි සියවස්‌ වල සිට මහා අධිරාජ්‍ය ගොඩනගනු ලැබුයේ තිමූර්තියට අයත් බටහිර යුරෝපීය ජාතීන් විසිනි. මේ අධිරාජ්‍ය ගොඩ නගනු ලැබුයේ ආක්‍රමණයෙන්, ඝාතනයෙන් සහ වංචාවෙනි. ක්‍රිස්‌ටෝපර් කොලොම්බස්‌ 1492 දී ඇමෙරිකාව හඳුනා ගැනීමෙන් පසු සිය වසකට මඳක්‌ වැඩි කලක්‌ ඇතුළත මෙක්‌සිකෝවේ පමණක්‌ ස්‌වදේශික (ඉන්දිය) ජනගහනය සියයට 90 කින් පහත වැටිණ. ඔවුන් ස්‌වාභාවිකව මිය ගියා නොවේ. ඔව්හු යුද්ධයෙන් ඝාතනය වූහ" සාගින්නෙන් මිය ගියහ. නැතහොත් වහළුන් ලෙස යුරෝපයට ගෙන යනු ලැබූහ. 1898 ස්‌පාඤ්ඤයට එරෙහි යුද්ධයත් සමග අමෙරිකා එක්‌සත් ජනපදයද අධිරාජ්‍ය ව්‍යාපෘතියට එක්‌ විය. තමන් යටත් කරගත් රටවල සම්පත් නිර්දය ලෙස කොල්ලකෑමෙන් අධිරාජ්‍ය ස්‌වාමිවරු කෙටි කලක්‌ තුළ ඉහළ ආර්ථික සමෘද්ධියක්‌ අත් කර ගත්හ. ජපානය 19 වැනි සිය වසේ සිට මිලිටරිවාදි රාජ්‍යයක්‌ ලෙස නැගී සිටින්නට විය.

    සංකීර්ණ හේතු සාධක රැසක්‌ නිසා කෙමෙන් දුබල වූ යටත්විජිත සහිත අධිරාජ්‍ය ක්‍රමය 20 වැනි සිය වස මැද භාගයේදී එනම් දෙවැනි ලෝක සංග්‍රාමයේ අවසානයත් සමග බිඳ වැටෙන්නට පටන් ගත්තේය. ඊට සමගාමීව දක්‌නට ලැබුණු සුවිශේෂි වර්ධනයක්‌ වූයේ ධනවාදි ලෝකයේ නායකත්වය "හිරු නොබසින අධිරාජ්‍යය" (බ්‍රිතාන්‍යය) වෙතින් ඇමෙරිකා එක්‌සත් ජනපදය වෙත මාරුවීමය. දැන් එක්‌සත් ජනපදය යුරෝපීය බලවතුන් හා ජපානය සමග එක්‌ව අලුත නිදහස දිනූ පැරණි යටත් විජිත තවදුරටත් තම දේශපාලන, ආර්ථික හා මිලිටරි අණසක යටතේ තබා ගනු පිණිස සැලසුම් සම්පාදනය කරන්නට විය. අධිරාජ්‍යවාදයේ බලපෑමෙන් මිදි ස්‌වාධීන මගක්‌ ගත් රටවල ආණ්‌ඩු පෙරළා දමා තමන්ට අවනත ආණ්‌ඩු පත් කර ගැනීම, සිය දේශපාලන, ආර්ථික, සංස්‌කෘතික මාදිලිය සෙසු රටවල් මත පැටවීම, වියට්‌නාමයේ දි මෙන් යුද්ධ කිරීම, අනභිභවනීය යුද බලයක්‌ ගොඩනගා ගැනීම නව උපායමාර්ගයේ ප්‍රධාන අංග වූයේය. එදා මේ සැලැස්‌ම සපුරා ක්‍රියාත්මක කිරීමට ප්‍රබල බාධකයක්‌ තිබිණ. ඒ සෝවියට්‌ දේශය නම් වූ වෙනස්‌ ආර්ථික සමාජ ක්‍රමයක්‌ සහිත බලසම්පන්න රාජ්‍යයයි.

    1989 දී බර්ලින් තාප්පය බිඳ දැමීමෙන් සලකුණු වූ සමාජවාදි රාජ්‍ය පද්ධතිය අහෝසි කිරීමේ ක්‍රියාවලිය 1991 දී සෝවියට්‌ දේශය බිඳ වැටීමෙන් සම්පූර්ණ විය. ඒ සමග එක්‌සත් ජනපදය ප්‍රමුඛ ත්‍රිත්වය ලෝකය පාලනය කිරීම සඳහා වූ සිය සැලැස්‌ම නව තත්වයට අනුරූපව වෙනස්‌ කරමින් ක්‍රියාවට නැංවීම පටන් ගත්තේය. තම සැලැස්‌මට අනුගත නොවන රටවල ආණ්‌ඩු පෙරළා දමා කීකරු ආණ්‌ඩු පත්කර ගැනීම හෙවත් 'රෙජිම් ෙච්න්ඡ්' ප්‍රධාන උපාය විය. ඇෆ්ගනිස්‌තානය, ඉරාකය, සර්බියාව, සිරියාව යන රටවල දි මිලිටරි බලය ද ජෝර්ජියාව, යුක්‌රේනය, කසක්‌ස්‌තානය යන රටවලදි "වර්ණ විප්ලවද" ඒ සඳහා උපයෝගී කර ගනු ලැබීය.

    ලෝක පාලක ත්‍රිමුර්තිය මේ සියල්ල කරනුයේ "අන්තර්ජාතික ප්‍රජාව" යන සුජාත නාමයෙන් පෙනී සිටිමිනි. සිය ක්‍රියා කලාපය සාධරණීකරණය සඳහා සැම විටම ගෝලීය ත්‍රස්‌තවාදය පිටු දැකීම, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, මානුෂවාදි මැදිහත් වීම හා යහපාලනය වැනි කිසිවකුටත් එරෙහි විය නොහැකි තේමා පාඨ භාවිත කරනු ලැබේ. එපමණක්‌ නොව එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සාහසික ලෙස උල්ලංඝනය කරමින් එක්‌සත් ජාතීන්, මානව හිමිකම් කවුන්සිලය, අන්තර්ජාතික අපරාධ අධිකරණය වැනි ලෝක සංවිධාන සිය අරමුණු සපුරා ගැනීමේ මෙවලම් ලෙස උපයෝගී කර ගැනේ. මිලිටරි බලයෙන් "රෙජිම් ෙච්න්ඡ් මි සිදු කළ රටවල් සොහොන් බිම් බවට පත්ව තිබේ. 2003 සිට ඉරාකයේ පමණක්‌ මරණ සංඛ්‍යාව දස ලක්‌ෂය ඉක්‌මවයි. ඔවුන් මැදිහත් වූ සෙසු රටවල් දේශපාලන අස්‌ථාවරත්වයට හා ආර්ථික පරාධීනත්වයට ගොදුරු වී සිටී.

    "අන්තර්ජාතික ප්‍රජාව ලෙස පෙනී සිටිමින් සෙසු රටවලට ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ යහපාලනය දේශනා කරනුයේ ලේ වැකුණු අතීතයක්‌ හා වර්තමානයක්‌ සහිත මේ රටවල් සමූහයයි.


    උපුටා ගැනීම දිවයින 30-11-2015