ඕවර්ටේක් කරන පරණ වෑන් එක නිසා දෙපාර්ශවයටම පාර පැහැදැලි නැතුව ගියා..
ටිපර කාරය එහෙම තියෙද්දි පාර හරහා දැම්ම..
බයික් එකේ ආපු පුද්ගලයත් ටිපර් එක දකින්ඩ ඇත්ත අන්තිම මොහොතෙ..
කරුමෙට ඒ වෙලාවෙම බස් එකකුත් ආව..
මේ වගේ වැරදි සිය ගාණක් එක දවසට වෙනව..
ඒත් හැම දේම ඒ වෙලාවටම සෙට් වෙන්නෙ නැති නිසා, මාරක අනතුරක් වෙන්නෙ නෑ..
හවසට ගෙදර ඇවිල්ල හැමෝම හිතනව, මම හොඳට පාරෙ ගියා කියල..
තනි ඉර කපල සමහරක් වාහන වංඟු වලදි ඉස්සර කරනව.. වෙලාවට කවුරුත් ඉස්සරහින් එන්නෙ නෑ..හරිනං ලංකාවෙ දවසකට මාරක අනතුරු 100 ක් වත් වෙන්ඩ ඕන. කට්ටිය පාරෙ යන විදියට.. වෙලාව හොඳ නිසා මොකුත් වෙන්නෙ නෑ..