ඊනියා අහිංසාවාදයේ නිරුවත - මහත්මා ගාන්ධි
ඇතුලට ඇවිල්ලාම බලපිය යකූ...!
කවුද මේ මහත්මා ගාන්ධි කියන්නේ.....? කෙසඟ සිරුරක්, මුඩු හිසක් එක්ක අවුරුදු 70ක විතර පෙනුමක් තියෙන, සුදුපාට සලුවක් ඇඟේ දවටගෙන, දිග රිටකුත් එක්ක ඇවිදපු මහල්ලෙක්. යකඩ සපත්තුවට පෑගිලා පොඩිවෙලා තිබුණ භාරත දේශයට නිදහස අරන් දීපු ඉන්දියාවේ "ජාතියේ පියා". එතුමාගේ අහිංසාවාදී ප්‍රතිපත්ති ඉදිරියේ බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයම දෙදරලා ගියා. ඒත් එක්කම මුලු ලෝකයටම එතුමා "අහිංසාවාදයේ පියා" වුණා. අදටත් ලෝක සාමය ගැන කතා කරනකොට මෙතුමාගේ නම නොකියාම බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ.....! ජාතින් අතර සමගියේ වැදගත්කම, සමානාත්මතාවයේ අගය, ප්‍රචණ්ඩත්වයේ බිහිසුනු බව වගේ විෂයන් ගැන ලෝකෙට පොත් පත් ලියපු, ඒ ශ්‍රේෂ්ඨ භාරත රත්නයේ සැබෑ ස්වරූපය ගැන තමයි මේ ත්‍රෙඩ් එක ලියවෙන්නේ...........!
මහත්මා ගාන්ධි කියන තරුණ නීතීඥ මහත්තයා 1893දී තමන්ගේ අඹු දරුවනුත් එක්ක දකුණු අප්‍රිකාවට ගියා කියන එකත්, එහෙදී අධිරාජ්‍යවාදීන් අතින් හිරිහැරයට ලක්වෙන ඉන්දියානුවන් ගැන අනුකම්පා හිතලා දකුණු අප්‍රිකාව ඇතුලේ තමන්ගේ පලවෙනි දෙශ්පාලන පක්ෂය විදිහට "ඉන්දියානු කොංග්‍රසය" ආරම්භ කරපු එකත් අපි කවුරුත් දන්න දෙයක්...! නමුත්, මේ උත්ත්මයාගේ රැකියාව වුණේ මොකක්ද කියන එක නම් එච්චර ප්‍රසිද්ධ දෙයක් නෙමෙයි. මෙතුමා සේවය කලේ එවකට හොර ජාවාරම් වලට නම් දරාපු ආයතනයක් වෙච්ච "අබ්දුල්ලාහ් & කෝපරේෂන්ස්" කියන සමාගමේ. ලන්ඩන් සරසවියකින් ඉහල පෙලේ උපාධියක් ගත්තු නීතීඥයෙක් විදිහට මෙතුමා සෑහෙන ඉහල වැටුපක් මේ වෙනුවෙන් ලැබුවා කියලා සඳහන් වෙනවා.
"වර්ණ භේදය" එහෙමත් නැත්නම් "කුල ප්‍රශ්නය" කියන එක අද ව්ගේම එදාත් ඉන්දියාවේ දරුණුවටම තිබුණ ප්‍රශ්නයක්. ඉතින් මේ දුක් විඳින කුලහීන දාලිත්වරු ගැන මහා කරුණාවෙන් බලපු අපේ ගාන්ධි තුමා 1932 අවුරුද්දේ "තිලක් ස්වරාජ්" කියන නමින් අරමුදලක් ආරම්ඹ්හ කරලා තියෙනවා. ඉන්දියාව පුරාම හිටපු මනුස්සකම අගයන මිනිස්සු තමන්ට පුලුවන් හැටියට අධාර කරලා අවසානයේදි එක්කෝටි තිස් දෙලක්ෂයකට ආසන්න මුදලක් එකතු වෙලා තියෙනවා. (ඒ කාලේ ඒ වගේ මුදලක වටිනාකම දැන් වගේ නම් ඉන්දියානු රුපියල් කෝටි 100කටත් වැඩි වෙන්න ඕනේ.) ඒත්, මේ මුදලින් එකම එක පැන්සයක තරම් වත් දෙයක් දාලිත්වරු වෙනුවෙන් වැය නොවුණ බව ප්‍රසිද්ධ රහසක්....!
"ප්‍රචන්ඩත්වය" සම්පූර්ණයෙන්ම බැහැර කරපු අහිංසාවාදයේ තාත්තා දෙවන ලෝක යුද්ධ කාලයේදී බ්‍රිතාන්‍ය හමුදා ශක්තිමත් කරන්න ඉන්දියාවෙන් හමුදා සේනාංක යවන්න මුල් වුණ බව දන්නේ කීයෙන් කී දෙනාද? අහිංසාවාදය ගැන පුන පුනා කියපු එතුමා යුද්ධයක භයානක කම ගැන නොදැන හිටියාද???
සරල බව, අල්පේච්ඡතාවය ගැන මුලු ඉන්දියාවටම දේශනා කරපු, තමන්ම වියා ගත්තු සවදේශීය සළුවලින්ම තමන්ගේ විලි වහගන්න ඉන්දියානුවන්ව පොලඹවපු ගාන්ධිතුමා ත්මන්ගේ මුලු දවසම වගේ දුගී දුප්පත් මිනිස්සු අතර ගතකලාට රාත්‍රී කාලය ගෙවුවේ තමන්ගේ සුඛෝපභෝගී "බිර්ලා මන්දිරයේ" බව අහලා තියෙනවාද? තමන්ගේ ඕනෑ එපාකම් ඉෂ්ට කරගන්න කාන්තාවන් තුන් දෙනෙක් එතුමාට හිටපු බව දන්නවාද??
ඉන්දියානු නිදහස් සටනේ සැබෑ වීරයෙක් වුණ "සුභාස් චන්ද්‍රබෝෂ්" හෙවත් "නෙතාජී" ව තමන්ගේ පුතෙක් විදිහට හඳුන්වපු ගාන්ධිතුමා නේතාජීව තමන්ගේ කොංග්‍රස්ස් පක්ෂයෙන් නෙරපීම පිණිස උපවාස කරපු කෙනෙක්. එතුමාව දුටු තැන අත් අඩංගුවට ගන්න නියෝග නිකුත් කරලා තියෙනකොට ඊට සම්පූර්ණ සහය ලබා දෙන්නත් ගාන්ධි තුමා පොරොන්දු වෙලා තියෙනවා. බ්‍රිතාන්‍ය රජයට එරෙහිව කරපු බොහෝ සටන් වලදීත් සටන අතරමග නවතලා සටන වක්‍රාකාරයෙන් පාවාදීම මෙතුමාගේ පුරුද්දක් බව කිය වෙනවා. එතනදි සටනට සහභාගි වුණු අහිංසක සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිත වල වගකීම ගැන මෙතුමාගෙන් කිසිම ප්‍රකාශයක් ලැබිලා නැහැ. මේ දෙබිඩි පිලිවෙත් වලට මෙතුමාගේ දරුවන් පවා විරුද්ධ වෙලා තියෙනවා.
එවකට හිටපු සැබෑ සටන්කාමී වීරයන් වුණු "භගත් සිං" වගේ චරිත වල නැගීම ගැන මහත්මා ගාන්ධිතුමා දැඩි බියකින් පසුවුණ බව කියවෙනවා. මතුපිටින් පමණක් අධිරාජය විරෝධියෙක් වුණු ගාන්ධිතුමා මොවුන්ට කිසිම සහයක් දක්වලා නැහැ. ඉන්දියාවේ නිදහස වෙනුවෙන් වෙඩිකාපු ජීවිත පරිත්‍යාග කරපු බොහෝ වීරයින් ඉතිහාසයෙන් වැලලී යාමට ඒකත් එක හේතුවක් වුණා.
මහත්මා ගාන්ධිතුමා වරක් ප්‍රකාශ කරපු විදිහට ඉන්දියාවේ "කුළ ප්‍රශ්නය වෙනුවෙන් නව නීති ගෙන එන්න ඕනේ" කියලා සඳහන් කරලා තියෙනවා. ජාතියක පියෙක් විදිහට "කුල බේදය" කියන දේ තමන්ගේ න්‍යාය පත්‍රයට ඇතුලත් කර ගන්න එක විහිලුවක් නෙමෙයි ද?? එතුමාගේ ගම්පලාත වුණ ගුජරාට් ප්‍රාන්තයේ කිසිම හින්දු දේවාලයකට කුලහීන මිනිහෙක්ට ඇතුලු වෙන්න එතුමා ඉඩ නොදුන්න බව දන්නවාද???
කිසිම මනුස්සයෙක්ට අපහාස කිරීම මේ ලිපියේ අරමුණ නෙමෙයි. අහිංසාවාදයේ මුදුන් මල් කඩක් වෙච්ච ඉන්දියාවේම ඉපදුන බුදු හාමුදුරුවෝ වගේ චරිතයක් අමතක කරලා, ඒ වෙනුවට අහිංසක මිනිස්සුන්ගේ හැන්ගීම් දඩමීමා කරගෙන තමන්ගේ මඩිය තර කරගත්ත ඊනියා අහින්සාවදියෙක්ගේ සැබෑ මුහුණුවර පෙන්වන්න තමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ.........! මේ දේවල් ගැන තවමත් අවිශ්වාස නම් අන්තර්ජාලයේ පොඩි පහේ රවුමක් දාලම බලන්න. මීට වඩා දෙවල් තව එතුමා ගැන තියෙනවා!
හා හා පුරා කියලා කිරිය දාපු පලවෙනි ත්‍රෙඩ් එක. ටයිප් කරලා කරලාම ඇන්ඟිලිත් රිදෙනවා බොලවු!!! පුලුවන් හැටියට සප් එකක් දීලා මාවත් අප් කරලා ගනිල්ලා.......!!!!!!
බොලාට කැලෑ දෙයියන්ගෙම පිහිටයි!!!

M a d d i e
Last edited:

poddak nattan god karanna yanawane.ithin ita passe wedak karan apu minihatath karanna apu wede amataka wenawa.