කුරිරු~යුද්ධයෙන්~නැවත~උපන්~ඇය

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කුරිරු~යුද්ධයෙන්~නැවත~උපන්~ඇය

    12334261_10153723324612210_272458198_o.jpg


    M2 - 570 එහෙමත් නැති නම් කැනඩාවේ ඇල්බර්ටා ("Alberta") පලාත යන නමින් නම් කරපු දුම්රිය ඇන්ජිම කොළඹ ක්‍රමය යටතේ කැනඩාවෙන් ලංකාවට ලැබෙන්නේ 1954 අවුරුද්දේ. M2 ඇන්ජින් කාන්ඩය යටතේ ලංකාවට දුම්රිය ඇන්ජින් 14ක් කැනඩාවෙන් ආධාර වශයෙන් ප්‍රධානය කෙරුනා. ඒ අතරින් ලැබෙන දෙවනි ඇන්ජිම ඇය තමයි. ඒ විතරක් නෙමෙයි. M2 කාන්ඩයේ ඇන්ජින් 14 අතරින් හොඳම කාර්යක්ෂමතාවයක් තිබුනේ ඇයටයි.

    12333879_10153723325187210_992558572_o.jpg


    අසුව දශකයෙන් පස්සේ ශ්‍රී ලංකාව තිස් අවුරුද්දක් තිස්සේ කුරිරු යුද්ධයකට මුහුන දෙන්නට පටන් ගන්නවා. මේ කුරිරු යුද්ධය නිසා ලංකාවට අහිමි වන මිනිස් ජීවිත ප්‍රමානය අති විශාලයි. මේ කාලසීමාව තුල යුද්ධයෙන් බැට කන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය, එදිනෙදා ජනජීවිතය පමනක් නොවෙයි. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවටත් මේ තිස් වසරක කුරිරු යුද්ධය නිසා සිදු වෙන විනාශය අති මහත්. උතුරු නැගෙනහිර ප්‍රදේශ වල දරුණුවටම ඇවිලෙන මේ කුරිරු යුද්ධය නිසා ඒ පලාත් වල ජනතාව තමන් වාසය කරන ප්‍රදේශ අත හැර ශ්‍රී ලංකාවේ දකුණු පලාත් වලට සංක්‍රමනය වෙනවා. "යාපනය" උතුරු පලාතේ ප්‍රධානම වානිජ නගරය වගේම වැදගත්ම නගරය විදියට හඳුන්වන්න පුළුවන්. යාපනයට වගේම ලංකාවේ උතුරු පලාතට රටේ දකුණු දිගින් ගොඩබිම හරහා සම්බන්ධතාවය පැවතුනේ A9 (යාපනය - මහනුවර) ප්‍රධාන මාර්ගයෙන් සහ උතුරු දුම්රිය මාර්ගයෙන් පමනයි.


    මේ ගොඩබිම් සැපයුම් මාර්ග දෙක වීරෝධාර රණවිරුවන්ට වගේම කුරිරු ත්‍රස්තයන්ටත් බොහෝම වැදගත් වුනා. රණවිරුවන් මේ සැපයිම් මාර්ග දෙක ආරක්ශා කරමින් ලංකාවේ උතුරු ප්‍රදේශ වල එදිනෙදා ජනජිවිතයට අත්‍යාවශ්‍ය සැපයුම් අඛන්ඩව කරගෙන යාමට උත්සහ දරද්දී, කුරිරු ත්‍රස්තයන්ට අවශ්‍ය උනේ මේ සැපයීම් මාර්ග දෙක විනාශ කරලා යාපනය ඇතුලු උතුරු පලාතේ එදිනෙදා ජනජිවිතය විනාශ කර දමන්නටයි. ඒ නිසා ත්‍රස්තවාදින් උතුරු මාර්ගය ඔස්සේ ගමන් කල දුම්රිය කිහිපයකටම මිලේච්ච බෝම්බ ප්‍රහාර එල්ලකලා. ඒ ප්‍රහාර වලින් සාමාන්‍ය ජනතාවට වගේම විරෝධාර රණවිරුවන්ටත් ජීවිත වලින් වන්දි ගෙවන්නට සිද්ධ වුනා. ඒ අතරින් දරුණුතම ප්‍රහාරය 1985 වසරේ ජනවාරි 19 වෙනිදා උතුර දකුණ යා කරපු සහෝදරත්වයේ දුම්රිය "යාල් දේවි" දුම්රියට එල්ල කල කුරිරු බෝම්බ ප්‍රහාරයයි. මේ ප්‍රහාරය එල්ලවුනේ මුරුකන්ඩි (MRK) - මාන්කුලම් (MKM) දුම්රිය ස්ථාන දෙක අතරේදියි. ඒ ප්‍රහාරයෙන් 48 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුනා.

    12333922_10153723325067210_1334013550_o.jpg


    12333864_10153723324447210_1767493267_o.jpg


    ඒ ප්‍රහාරයෙන් පසුව යෝජනා වුනේ උතුරු දුම්රිය මාර්ගය වසා දැමීමටයි. නමුත් මේ දුම්රිය මාර්ගය උතුරට භාන්ඩ ප්‍රවාහනයේ ඇති අත්‍යාවශ්‍යතාවය නිසා බලධාරීන් තීරණය කරනවා දුම්රිය ධාවන කටයුතු උතුරු මාර්ගය ඔස්සේ දැඩි ආරක්ශක රැකවල් මැද සිදුකරගෙන යන්නට. කොහොම හරි තවත් අවුරුදු හතරක් උතුරු දුම්රිය මාර්ගය ඔස්සේ දුම්රිය ධාවනය ඉතා දැඩි යුධ හමුදා ආරක්ෂාව මධ්‍යයේ සිදු වෙනවා. 1990 අවුරුද්දේ ජූනි 13 වෙනිදා උදෑසන කංකසන්තුරයේ (KKS) සිට කොළඹ (FOT) බලා ගමන් කරන සීඝ්‍රගාමී දුම්රිය සුපුරුදු වෙලාවට ගමන් ආරම්භ කරනවා. ඇන්ජිම විදියට භාවිතා වෙන්නේ M4 එකක්. මේ වෙනකොට 570 Alberta නවතා තිබුනේ කංකසන්තුරේ ඉස්ටේසමේ. ඇය ඒ වෙනකොට පලෙයි (PAL) සහ කංකසන්තුරේ අතර කෙටි දුර දුම්රිය ධාවනය කරමිනුයි සිටියේ. කංකසන්තුරේ - කොළඹ සිඝ්‍රගාමී දුම්රිය කොළඹට ලඟා විමත් සමඟ දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කරනවා උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමනය තාවකාලිකව අත්හිටුවන්නට. මුලින් මේ තීරණය තාවකාලික එකක් වුනාට රුදිරු ත්‍රස්තවාදීන්ට පුළුවන් වෙනවා මේ තීරණය වසර විස්සකට වැඩි කාලයක් ඉස්සරහට දිගු කරන්නට. අවාසනාවන්ත ලෙස උතුරු දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමෙනවා. තාවකාලිකව දුම්රිය දෙපාර්තමේන්තුව ගත් තීරණය විශාල අත් වැරැද්දක් වන්නේ ඊට පසුවයි. සම්පූර්ණ රාත්‍රී තැපැල් දුම්රියක්, ඔයිල් වැගන්ස් කිහිපයත්, භාන්ඩ ප්‍රවාහ ගැල් මැදිරි කීපයකුත්, 1990 ජූනි 13 වෙනිදා රාත්‍රී තැපැල් දුම්රිය මගින් කොළඹට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබුන භාන්ඩත් කංකසන්තුරය ඉස්ටේසමේ හිර වෙනවා. ඒ විතරක් නෙමෙයි. ඇය "Lady Alberta" ඇයටත් සිදුවෙනවා කංකසන්තුරය ඉස්ටේසමේ කිසිඳු හව් හරනක් නැතිව සිරවී සිටින්නට.

    කාලය ගලාගෙන යනවා. යුද්ධය දරුණුවටම සිද්ධ වෙනවා. දුම්රිය සිල්පරකොට, රේල් පිලි වලින් බංකර් තැනෙනවා. කංකසන්තුරේ ඉස්ටේසම පිහිටලා තියෙන්නේ අධි ආරක්ෂිත කලාපයකයි. ඒ පලාලි ගුවන් හමුදා කඳවුරය යාබදවයි. කංකසන්තුරේ දුම්රිය ස්ථානයේ ගබඩා සංකිර්ණය හමුදා ගබඩා සංකීර්ණ හැටියට භාවිතා කරන්නට පටන් ගැනෙනවා. භාන්ඩ ප්‍රවාහන මැදිරි සහ තෙල් ප්‍රවාහන් මැදිරිත් ගබඩා කිරීම් වෙනුවෙන් යොදා ගන්නවා. ඩිසල් ඉලෙක්ට්‍රික් ඇන්ජිමක් වෙච්චි ඇල්බර්ටා බලශක්ති උත්පාදකයක් විදියට යොදාගත්තා කියලා සමහරු කියනවා. ඒත් ඒ කතාවේ ඇත්ත නැත්ත ගැන සැකයක් නම් මටත් තියෙනවා. කොහොමින් කොහොම හරි 1995 ඔක්තෝඹර් මාසයේ ඇරඹෙන "Battle of Jaffna" දෙසැම්බර් මාසයේ අති සාර්ථකව අපේ විරෝධාර රණවිරුවන් අවසන් කරන්නේ යාපනය නගරය අත්පත් කරගනිමිනුයි. මෙයින් පස්සේ දුම්රිය දෙපාර්තමේන්තුවට අවස්ථාව ලැබෙනවා දුම්රිය දෙපාර්තමේන්තුව සතු වත්කම් වල තත්වය නිරික්ෂනය කරන්නට. එයින් ප්‍රධානම වුනේ කංකසන්තුරේ ඉස්ටේසමේ අතහැර දමා තිබුනු M2-570 ඇල්බර්ටා දුම්රිය ඇන්ජිම සහ දුම්රිය මැදිරියි. වාසනාවකට වගේ එහි යන දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන්ට දකින්නට ලැබෙන්නේ ඉතාමත් හොඳ තත්වයේ තිබෙන ඇල්බර්ටා ඇන්ජිමයි. බලධාරීන් ඒ අවස්තාවේම තීරණය කරනවා ඇයව නැවතත් කොළඹ රැගෙන එන්නට.

    12343037_10153723324827210_482763973_o.jpg


    ඇල්බර්ටා නැවත කොළඹ රැගෙන ඒමේ මෙහෙයුම ලේසි පහසු එකක් වුනේ නෑ. ඒකට මූලිකම හේතුව උනේ දරුණුවටම යුද්ධය ඇවිලෙමින් තිබුන ඒ වකවානුවේ ගොඩබිම් මාර්ග සියල්ලක්ම පාහේ ඇහිරි තිබීමයි. දෙපාර්තමේන්තුවට තිබුනු එකම විකල්පය වුනේ මුහුදු මාර්ගය. මේ බැරෑරුම් කාර්ය බාරදුන්නේ ඉංජිනේරු ඩිලන්ත ප්‍රනාන්දු මහතා, Chief Loco Foreman ලලිත් ෆොන්සේකා මහතා සහ Train controller ගුත්තිල වික්‍රමසිංහ යන මහත්වරුන්ටයි. කංකසන්තුරේ සිරවී තිබුන රාත්‍රී තැපැල් දුම්රියත්, තෙල් සහ භාන්ඩ ප්‍රවාහන මැදිරිත් සමඟ ඇල්බර්ටා දුම්රිය ඇන්ජිම යන සියල්ලම කොළඹට මුහුදු මගින් ප්‍රවාහට මුලින්ම තීරනය කලත් ඊට වැයවන අධික මූල්‍යමය වියදම නිසා අවසන් තීරනයකට එලඹෙනවා ඉතාමත් හොද මට්ටමෙන් තිබුන ඇල්බර්ටා ඇන්ජිම පමනක් කොළඹට ප්‍රවාහනය කරන්නට. ඇයට අවසානයේ සිදු වෙනවා වසර ගනනාවක් කංකසන්තුරේ ඉස්ටේසමේ ඇයගේ තනි නොතනියට උන්නු රුමේනියම් මැදිරිවලට වගේම තෙල් සහ භාන්ඩ ප්‍රවාහන ගැල් වලට සමුදීලා කොළඹ එන්නට.

    12334065_10153723325102210_1971354290_o.jpg


    ටොන් 79ක් බර ඇයව ඔසවන්නට පුළුවන් ආකාරයේ දොඹකරයක් තිබුනේ නෑ. ඒ නිසා දුම්රිය බලධාරීන් තිරණය කරනවා ඇයව කොටස් වලට වෙන් කරන්නට.

    12334123_10153723324937210_1717380983_o.jpg


    1998 වසරේ අප්‍රේල් මාසයේ දවසක "ලංකා මුදිත" නෞකාව කංකසන්තුරය දුම්රිය ස්ථානයට කිලෝමීටර දෙකක් දුර මුහුදේ නැංගුරම් දමනවා. ඒ කොටස් වලට වෙන් කල ඇල්බර්ටා ඇන්ජිම රත්මලානට රැගෙන ඒම සඳහා. කංකසන්තුරේ නාවුක වරායෙන් කුඩා යාත්‍රා මගින් කොටස් කල ඇයගේ කැබලි එකින් එක ලංකා මුදිත නෞකාවට රැගෙන ආවා. ටොන් 79ක් වෙච්චි සියලුම කොටස් නැවට පැටවීමෙන් පසුව "ලංකා මුදිත" නාවුක හමුදාවේ දැඩි ආරක්ෂක රැකවල් මැද ගැඹුරු මුහුදට යාත්‍රා කලා.

    12315171_10153723324357210_1522290727_o.jpg


    ඇල්බර්ටාගේ කොටස් රත්මලාන දුම්රිය වැඩබිමට ලැබීමෙන් අනතුරුව හැමෝගෙම එකම අභිප්‍රාය වුනේ ඉක්මනින් ඇයට නැවත පන ලබා දෙන්නටයි. දුම්රිය වැඩබිමේ සේවකයන් දිවා රෑ නොබලා තමන්ගේ උපරිමයෙන් වැඩ කිරීමේ ප්‍රතිඵලයක් විදියට මාස 04ක් වගේ කෙටි කාලයකින් ඇයට නැවත පණ ලබා දෙන්නට දුම්රිය දෙපාර්තමේන්තුවට හැකියාව ලැබුනා. 1998 අගෝස්තු 27 වෙනිදා එවකට දෙපාර්තමේන්තුව භාර ව සිටි අමාත්‍ය ෆවුසි මහතා විසින් ඇය නැවතත් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට උත්සවශ්‍රීයෙන් එක් කරනවා.

    ඇල්බර්ටා වෙනුවෙන් දහඩිය හෙලපු දුම්රිය දෙපාර්තමේන්තුවේ හැමෝටම වගේම ත්‍රිවිද හමුදාවේ සියලුම දෙනාටම දුම්රිය ලෝලින් වන අපගේ ගෞරව පූර්වක ස්තුතිය පුදකල යුතුමයි..


    ප.ලි.
    උදේ ඉඳං *ක ඉරාගෙන මේක ලිවේ නිකං ඉන්න බැරුවට. මේකේ ඉන්න එකෙක් නැහෙන්න යනවා ලියපාං ලියපාං කියලා. ඔන්න ලීවා. :frown: පැය දෙකහා මාරක් ගියා...:angry: :angry: :angry:

    මේ තොරතුරු සහ පින්තූර සියල්ලක්ම මට ලබා දුන්නේ මගේ ආදරණිය මිතුරා අකිල ආරියපෙරුම. මේ තොරතුරු වල සහ පින්තූර වල සම්පුර්ණ ගෞරවය අකිලට හිමිවෙන්න ඕනා... :):):)

    විශේෂ සටහන - ඇල්බර්ටා තවත් කාරණාවක් නිසා විශේෂ වෙනවා අපිට. 1956-04-24 වෙනිදා පළමුවෙනි "යාල් දේවි" දුම්රිය රැගෙන යාපනේ බලා ගමන් කරේ ඇයයි.
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නියම විස්තරයක් පෙරා මාමේ.......:cool:

    You must spread some Reputation around before giving it to Mr PERERA again.
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    You must spread some Reputation around before giving it to Mr PERERA again.
    වටිනා පොස්ට් එකක් මචෝ .................
    You must spread some Reputation around before giving it to Mr PERERA again.
    2744766.png


    9Y7qmQ3.png

    9Y7qmQ3.png
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙන්න ලිපි.....
    මෙන්න ත්‍රෙඩ්.......
    මෙලෝ රහකට නැති ත්‍රෙඩ් දාන අම්බරුවනි බලාගනිල්ලා.......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙන්න ලිපි.....
    මෙන්න ත්‍රෙඩ්.......
    මෙලෝ රහකට නැති ත්‍රෙඩ් දාන අම්බරුවනි බලාගනිල්ලා.......

    රොම්බ තෑන්ක්ස් මාමේ... :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොලේ උඹලත් අපි වගේ ම මේවට ඇය කියන වචනේ පාවිච්චි කරනව නේහ්.....
    මම හිතුව නැව් විතරයි කියල කාන්තාවො වෙන්නේ.....