තනි අසුනේ පියාසැරියේ සිහිනය

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    තනි අසුනේ පියාසැරියේ සිහිනය

    iC3Uk9E.jpg

    එක් මිනිසෙකුට පමණක් ගමන් කල හැකි කුඩා ප්‍රමාණයේ සිරස් දියත් කිරීමක් සහ ගොඩබෑමක් සහිත යානා ගැන මිනිසා උනන්දු වූයේ කල පටන්ය.මෙම කාර්යයට හමුදාව අත ගැසූ පසු එවැනි යානාවල මූලාකෘති සැලකිය යුතු ප්‍රමාණයක් බිහිවිය.



    de Lackner HZ-1 Aerocycle

    මෙය පියාඹන වේදිකාවක් ලෙසද තනි පුද්ගල හෙලිකොප්ටරයක් ලෙසද හැඳින්විය හැකිය.එක්සත් ජනපද හමුදාව වෙනුවෙන් de Lackner Helicopters සමාගම විසින් නිපදවූ මෙය පළමුවරට ගුවන් ගත කලේ 1954 නොවැම්බර් මස 22දාය.එහි උපරිම වේගය පැයට කිලෝමීටර් 120ක් විය.මෙය ගොඩබැස්සවීම එහි සවිකර තිබූ කුඩා වායු බැලූන 4 යොදාගෙන සිදුකර තිබේ.නමුත් මෙම ව්‍යාපෘතිය අපේක්ෂා කල අරමුණු සාක්ෂාත් නොකල නිසා අතහැර දමන ලදි.


    TzncAT5.jpg




    Hiller VZ-1 Pawnee

    1957 වසරේදී පළමු පියාසැරිය සිදුකල මෙම යානය Hiller Aircraft සමාගම විසින් එක්සත් ජනපද හමුදාව වෙනුවෙන් නිර්මාණය කල එකකි.මෙය පිරික්සුම් කටයූතු සහ ප්‍රවාහනය සඳහා යොදාගැනිමට සැලසුම් කර තිබිණි.නමුත් එහි වේගය ප්‍රමාණවත් නොවීම ආදී කරුණු හේතුවෙන් එහි සංවර්ධන කටයුතු අතරමග නවතා දමන ලදි.

    5IYlzci.jpg


    0ngzMxb.jpg




    Chrysler VZ-6

    Chrysler සමාගම විසින් නිපදවූ මෙය VTOL වර්ගයේ යානයකි.පළමු ගුවන් ගමන 1959 වසරේදි සිදුකර තිබේ.සෘජුකෝණාස්‍රාකාර හැඩයක් ගත් මෙය නිර්මාණය කෙරුණේ එක්සත් ජනපද හමුදාවේ පියාඹන ජිප් නම් තරඟාවලිය වෙනුවෙන්ය.

    K98pUfp.jpg




    Piasecki VZ-8 Airgeep

    Piasecki Aircraft නම් සමාගම එක්සත් ජනපද හමුදාව වෙනුවෙන් නිර්මාණය කල මෙය 1962 දී ගුවන් ගත කරන ලදි.නමුත් මෙම පියාඹන ජීප් සංකල්පය නූතන සංග්‍රාම භූමියට නොගැලපෙන නිසා අතහැර දමන ලදි.

    gutuHz4.jpg


    6QHOnzl.jpg




    Curtiss-Wright VZ-7


    Curtiss-Wright සමාගමේ නිෂ්පාදනයක් වන මෙය 1958 දී ප්‍රථම ගුවන් ගමන සිදුකර තිබේ.මෙයත් පියාඹන ජීප් සංකල්පයට අයත් මූලාකෘතියකි.


    rE8HBjZ.jpg


    iXyA1v0.jpg




    Convair Model 49

    කිසිදා නිර්මාණය නොකලද අපුර්වම සංකල්පයක් වූ මෙම යානය හොඳින් සන්නද්ධ VTOL වර්ගයේ යානයකි.සමාගම විසින් ඉදිරිපත් කල මෙම සැලැස්ම එක්සත් ජනපද ගුවන් හමුදාව ප්‍රතික්ෂේප කරන ලදි.ඒ 1960 දශකයේදීය.

    x9gDe7K.jpg




    nFMyWnl.jpg




    Air Scooter II


    පැයට කි.මී.100ක වේගයක් මෙම යානයට තිබේ.ඊට කි.ග්‍රෑ. 150ක බරක් ඔසවාගෙන යා හැකිය.


    3yLjf7N.jpg




    GEN H-4

    මෙය ජපානයේ GEN Corporation සමාගම නිපදවූ හෙලිකොප්ටරයකි.​

    5jBV9Xp.jpg




    GRYPHON

    මෙය ඒකපුද්ගල ගුවන් යානයක් ලෙස සැලකිය නොහැකි මුත් ජෙට් බලය සහිත පැරෂුටයක් ලෙස හැඳින්විය හැකිය.

    L8p3XH9.jpg




    ජෙට් මිනිසා

    Yves Rossy නැමැත්තාට මෙම යානය යොදාගෙන පැය කි.මී. 200ක තරම් වේගයෙන් ගමන් කලහැකිවිය.

    EoCCJts.jpg


    Ee0FnvP.jpg


    085Yhi6.jpg




    Source: Darkroastedblend.com

    -HarshaLulzSec-
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා......
    මේ තවත් යෝජනාවක්.....
    ඔබ දන්නවා ඇති කල්ලන්ට විරුද්ධව ගොඩ නැගි අමානුෂිය සංවිධානය, කූ-ක්ලක්-ක්ලෑන (KKK) පිළිබදව. මේක පළමුවෙන් ම ගොඩ නගන්නේ පළවෙන් ලෝක මහා සංග්‍රාමයේ සේවා මුක්ත සුදු භට කණ්ඩායම් 1936-9 කාලයේ දී මට මතක විදියට.
    හොයල එළකිරියන් ගේ ප්‍රසාද සංවේග පිණිස ලිපියක් පල කලොත් මොකද?
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    යාළුවා......
    මේ තවත් යෝජනාවක්.....
    ඔබ දන්නවා ඇති කල්ලන්ට විරුද්ධව ගොඩ නැගි අමානුෂිය සංවිධානය, කූ-ක්ලක්-ක්ලෑන (KKK) පිළිබදව. මේක පළමුවෙන් ම ගොඩ නගන්නේ පළවෙන් ලෝක මහා සංග්‍රාමයේ සේවා මුක්ත සුදු භට කණ්ඩායම් 1936-9 කාලයේ දී මට මතක විදියට.
    හොයල එළකිරියන් ගේ ප්‍රසාද සංවේග පිණිස ලිපියක් පල කලොත් මොකද?

    නම නම් අහලා තියෙනවා වැඩි දෙයක් දන්නේ නෑ බන්.:(
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මට එක පාරටම මතක් වුණේ අර සැන් ඇන්ඩ්‍රියාස් එකේ ජෙට්පැක් එක බන්!!!:D:yes:

    (අපේ එවුන්ට මේවා ලැබුණොත් එහෙම බෝට්ටු නැතුව ඔස්ට්‍රේලියා පනී පෝලිමට.........!):lol::lol: