ගුවන් යානා ප්‍රවාහනය කල අහස්යාත්‍රා

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ගුවන් යානා ප්‍රවාහනය කල අහස්යාත්‍රා

    4A7aSLo.jpg

    සමහරු මාතෘකාව දැක පුදුම වෙයි.ගුවන් යානා මොකටද තවත් ගුවන්යානයකින් ගෙනියන්නේ කියලා.සාමාන්‍යයෙන් අප අසා තිබෙන්නේ ගුවන් යානා ප්‍රවාහනය කරන නෞකා ගැනනේ.එහෙම කිව්වාම මතක් වෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ පාවෙන යුද නැව් නේද.ලෝකේ වැඩිම ගුවන් යානා ප්‍රවාහන නෞකා(දැනට සේවයේ යොදවා ඇති ගණන 10)තිබෙන්නේද එක්සත් ජනපදය සතුවයි.ඒත් අපි මේ ලිපියෙන් කතා කරන්න යන්නේ ගුවන් යානා ප්‍රවාහනය කල අහස්යාත්‍රා ගැනයි.ටිකක් විතර වෙනස් ලිපියක් වගේම කලින් නොදැකපු ඡායාරූප කිහිපයක්ද මෙහි ඇතුලත්.

    DYDjhAa.jpg

    ඉහත දැක්වෙන්නේ රුසියානු සංකල්පිත ගුවන් යානා ප්‍රවාහන ගුවන් යානයක්.​



    F-84 යානයක් ගෙන යන Convair B-36 Peacemaker වර්ගයේ බෝම්බ හෙළන යානයක්​

    B5bmSMK.jpg




    පහත දැක්වෙන දැවැන්ත ගුවන් නැවද 1920-1930 සමයේ ගුවන් යානා ප්‍රවාහනයට යොදාගන්නා ලදි.මෙම R33 වර්ගයේ බ්‍රිතාන්‍ය ගුවන් නැව් නිපද වූයේ පළමු ලෝක යුද සමයේදීය.නමුත් ඒවා යුද්ධය අවසානයට පෙර සම්පුර්ණ කරන්නට නොහැකි විය.1920 දශකයේ මැද භාගයේදී මෙම ගුවන් නැවක සිට Hummingbird සහ Gloster Grebe යන යානා දියත් කරන ලදි.

    sPRJF98.jpg


    FYGplkK.jpg


    Hummingbird යානයක්​

    jYPzIgd.jpg

    Hummingbird


    Gloster Grebe යානයක්​

    3ePnXOE.jpg
    Gloster Grebe​




    එක්සත් ජනපදයේ ගුවන් නැව් වූ Akron සහ Maconහි මූලාකෘතියක් වූ USS Los Angeles ගුවන් නැව 1930දී ගුවන් යානා දියත් කිරීමට සහ නැවත ගෙන්වා ගැනීමට යොදාගන්නා ලදි.

    9SKnBhG.jpg


    tfH84Ww.jpg


    UJQl5G1.jpg


    MEjq5Kx.jpg




    Akron සහ Macon,හින්ඩන්බර්ග් ගුවන් නැවට වඩා අඩි 20ක් දිගින් කුඩා විය.මෙම ඇමෙරිකානු ගුවන් නැව් දෙක එම කාලයේ මිනිසා විසින් නිමැවූ ලොව විශාලතම පියාසර කරන වස්තූන් දෙක විය.Akron යනු ගුවන් යානා ගෙන ගිය ගුවන් නැවකි.එහි Curtiss F9C Sparrowhawk වර්ගයේ යානා තුනක් ගෙන යාමට ඉඩ පහසුකම් තිබිණි.Akron ගුවන් නැව 1933 අප්‍රේල් මාසයේදී විනාශ වූ අතර ඉන් පුද්ගලයන් 73 දෙනෙක් මරුමුවට පත්විය.Macon ගුවන් නැව 1930 දශකයේ මුල් කාලයේ ඇමෙරිකානු නාවික හමුදාව විසින් යොදාගත්තේ Sparrowhawk ගුවන් යානා පහක් ගෙන යාමටය.Macon ගුවන් නැව කුණාටුවකට හසුවීමෙන් අහිමි වූ අතර(1935 කැලිෆෝනියාවේදී) එහි කාර්යය මණ්ඩලයෙන් බොහෝදෙනෙක් දිවිගලවා ගත්හ.

    පහත දැක්වෙන්නේ නිව්යෝර්ක් නගරයට ඉහලින් පියාසර කල Macon ගුවන් නැවයි

    6HFcDJV.jpg




    Sparrowhawk යානයේ ඉහල පියාපතේ කොක්කක් සවිකර තිබිණි.එය ගුවන් නැවට සම්බන්ධ කර තිබිණි.Sparrowhawk යානයේ එන්ජිම ක්‍රියාත්මක කරවා එය කොක්කෙන් විසන්ධ කර පියාසර කිරීම අරඹයි.නමුත් නැවතත් ගුවන් නැව හා සම්බන්ධ වීම පහසු නැත.විශේෂයෙන්ම සුළං වැඩි අවස්ථාවක එය අසීරු කරුණකි.පහත දැක්වෙන්නේ Sparrowhawk වර්ගයේ ගුවන් යානා ගුවන් නැව තුල තිබෙන අයුරු සහ ඒවා දියත් කිරීමට සූදානම් කරන අයුරුය.

    lLIDYaG.jpg


    TvCrPyR.jpg



    Sparrowhawk යානයක් USS Akron ගුවන් නැවේ සිට දියත් කරන අවස්ථාවක්(1932)

    rHiiiAM.jpg


    7mNJkOR.jpg



    Sparrowhawk යානයක් Macon ගුවන් නැවේ රඳවා තිබෙන අයුරු. 1933 (වම්පස)

    nhCK42Y.jpg





    1940 දශකයේ සඟරාවක් දක්වා තිබූ ගුවන් යානා දියත් කරන ගුවන් නැවක සංකල්පයක්.මෙහි ගුවන් නැවේ ඉහලම ගුවන් පථයක් නිර්මාණය කර තිබේ.​

    v727N5s.jpg




    රොකට් බලයෙන් ක්‍රියාත්මක වූ ජපානයේ මරාගෙන මැරෙන යානා(Yokosuka MXY7 Ohka) දියත් කිරීමට Mitsubishi G4M වර්ගයේ බෝම්බ හෙළන යානා යොදාගෙන තිබේ.මේවා දෙවන ලෝක සංග්‍රාමයේ පැසිෆික් යුද පෙරමුණේදී එක්සත් ජනපද නාවික හමුදාවට එරෙහිව ජපනුන් පාවිච්චි කලහ.

    UOIsOx2.jpg


    gzHSqpB.jpg




    Zveno ව්‍යාපෘතිය යටතේ 1930 දශකයේදී සෝවියට් දේශය විසින් ගුවන් යානා ප්‍රවාහනය සඳහා Tupolev TB-1 නම් බෝම්බ හෙළන යානා යොදාගත්හ.මවු යානයට ඉහළින් සහ පහළින් fighter වර්ගයේ ගුවන් යානා සම්බන්ධ කර තිබිණි.මේවා යළි මවු යානයෙන් ඉන්ධන ලබා ගත හැකි සේ නිර්මාණය කර තිබිණි.

    kaA8O1w.jpg


    Z3eofCi.jpg


    S1V8c6A.jpg


    ke8B5lu.jpg




    දෙවන ලෝක යුද සමය තුල නාසි ජර්මනිය Daimler Benz නමින් ව්‍යාපෘතියක් යෝජනා කරන ලදි.එහි අරමුණ වූයේ ජෙට් බලයෙන් ක්‍රියාත්මක කුඩා ගුවන් යානා(kamikaze) පහක් හෝ හයක් එක් ගුවන් යානයක ගෙනයාමයි.නමුත් එම ව්‍යාපෘතිය කිසිදා ක්‍රියාත්මක් නොවීය.

    SDwMO5X.jpg

    Daimler Benz Project "A"


    1a6ZSTi.jpg
    Daimler Benz Project "B"​


    6NMmw5r.jpg
    Daimler Benz Project "E"​


    NBmXaS6.jpg
    Daimler Benz Project "F"​




    Huckepack Projekt/Piggyback Project යනු නාසීන් ජර්මනියේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කල ව්‍යාපෘතියකි.ඉන් යෝජනා කර තිබුණේ Heinkel He 177 වර්ගයේ බෝම්බ හෙළන යානයකින් Dornier Do 217 වර්ගයේ යානයක් හැකිතරම් දුරට අත්ලාන්තික සාගරය ඔස්සේ රැගෙන ගොස් දියත් කරයි.ඉන්පසු යානය තනිව පියාසර කර ප්‍රහාර එල්ල කර එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරයේ අතහැර දමයි.එහි සිටින ගුවන් භටයන් ජර්මන් සබ්මැරීනයක් මගින් මුදාගැනේ.

    G7oj2tE.jpg

    Heinkel He 177




    නාසීන් විසින් දෙවන ලෝක යුද සමයේ අවසන් භාගයේදී Mistel නමින් ව්‍යාපෘතියක් ඇරඹීය.මෙහි මිනිසුන් රහිත පුපුරණද්‍රව්‍ය පිරවූ බෝම්බ හෙළන යානයක් මත fighter වර්ගයේ ගුවන් යානයක් රදවා තිබිණි.fighter වර්ගයේ යානය නියමුවෙක් සහිත වූ අතර යානා දෙකම ඔහු විසින් ඉලක්කය වෙත රැගෙන ගොස් බෝම්බ හෙළන යානය පමණක් මුදා හැරි අතර අනෙක් යානය නිරුප්‍රද්‍රිතව යළි ජර්මනියට පැමිණියේය.මෙම යානා 1943 දී පමණ සෝවියට් හමුදාවලට පහරදීමට යොදාගෙන තිබේ.

    uR12N0m.jpg
    German Mistel - FW 190 and JU 88​


    msP64Be.jpg


    Z0SDDqq.jpg




    දෙවන ලෝක යුද්ධයේදී භාවිතා කල ජෙට් යානාවලට ගමන් කල හැකිවූයේ සීමා සහිත දුර ප්‍රමාණයකි.එම නිසා දිගු දුර බෝම්බ හෙළන යානාවල රඳවාගෙන ඒවා ඉලක්කය ආසන්නයට ගෙන යන ලදි.​


    එක්සත් ජනපදය 1940 දශකයේදී යානයක , Goblin (fighter) නම් කුඩා ගුවන් යානයක් රඳවාගෙන යා හැකි McDonnell XF-85 Goblin නම් ව්‍යාපෘතියක් අත්හදා බලන ලදි.නමුත් කුඩා ගුවන් යානය යළි මව් යානය(B-36 Peacemaker ) සමග සම්බන්ධ කර ගැනීම සහ එය ගුවන් යානය තුලට ඇතුල් කිරීමේදී ගැටලු ඇතිවීම නිසා අතහැර දමන ලදි.

    dREdRGD.jpg


    qnHT0Fn.jpg


    YUR6kPB.jpg


    ZSfEC4y.jpg


    NThq9TL.jpg
    Goblin​




    1950 දශකයේදී එක්සත් ජනපද ගුවන් හමුදාව FICON නමින් ව්‍යාපෘතියක් දියත් කරන ලදි.එහිදී බෝම්බ හෙළන යානයක පහළින් Thunderflash ගුවන් යානයක් එල්වාගෙන යෑමට සැලසුම් කර තිබිණි.ඊට අමතරව ඔවුන් Tip Tow සහ Tom-Tom නමින් ව්‍යාපෘති දෙකක් දියත් කල අතර එහිදී කුඩා fighter වර්ගයේ යානා දෙකක් බෝම්බ හෙළන යානයේ පියාපත් දෙකෙළවරට සම්බන්ධ කෙරිණි.

    DLuRbbG.jpg


    9TyCJIh.jpg


    FwRtxL6.jpg


    2hIJVE1.jpg


    UeFc64r.jpg


    MgrCc8i.jpg




    නවීකරණය කල බොයින් 747 යානයක් යොදාගෙන එක්සත් ජනපද අභ්‍යාවකාශ ෂටලයක් ප්‍රවාහනය කරන අයුරු​

    qQR2mR8.jpg





    සෝවියට් දේශයේ බුරාන් ෂටලය ප්‍රවාහනයට Antonov An-225 යානයක් යොදාගන්නා ලදි.

    u4bFicd.jpg


    dURUaZ2.jpg




    විද්‍යා ප්‍රබන්ධ සහ චිත්‍රපටවල එන ගුවන් යානා ප්‍රවාහනය කරන අහස්යාත්‍රා​

    XIpRUJC.jpg


    9R92ddZ.jpg


    6C1Ioyu.jpg


    jYvhxQc.jpg


    u5DWZCv.jpg




    Source:Darkroastedblend.com

    -HarshaLulzSec-
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    එල මචන්.. මචන් ඔය බැලුම වගේ යානාවක් එක පාරක් මිනිස්සු ගොඩක් එක්ක පිච්චිලා වැටුන නේද?? \
    මට මතකයි discovery channel එකේ වැඩසටහනක පෙන්නුවා.,,
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මචන් ඔය බැලුම වගේ යානාවක් එක පාරක් මිනිස්සු ගොඩක් එක්ක පිච්චිලා වැටුන නේද??

    ඔව් ,හින්ඩන්බර්ග් ගුවන් නැව විනාශ වුන එකනේ
     

    Similar threads