බ්‍රිතාන්‍ය සටනේ නාසි නෂ්ඨාවශේෂ

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    බ්‍රිතාන්‍ය සටනේ නාසි නෂ්ඨාවශේෂ

    e7OJiMV.jpg

    බ්‍රිතාන්‍යය සටන යන දෙවන ලෝක යුද සමයේ නාසි ජර්මනිය විසින් බ්‍රිතාන්‍යය ගුවන ආක්‍රමණය කිරීමයි.මෙය සිදුවන්නේ 1940 ජූලි 10-ඔක්තෝම්බර් 31 අතර කාලයේදීය.නමුත් ජර්මන් ඉතිහාසඥයින් කියන්නේ මෙම සටන 1940 ජූලි සිට 1941 ජූනි දක්වා පැවතිබවයි.කෙසේ නමුත් නාසි ගුවන් හමුදාව මෙහිදී කුඩා නමුත් දක්ෂ බ්‍රිතාන්‍යය රාජකීය ගුවන් හමුදාව හමුවේ පරාජය ලැබීය.නාසීන්ගේ අරමුණ වූයේ බ්‍රිතාන්‍ය ගුවන් පථයන්,කර්මාන්තශාලා,වෙනත් ඉදිකිරීම් ආදිය වනසා දැමීමයි.බ්‍රිතාන්‍ය විසින් මෙම ගුවන් ප්‍රහාරය ව්‍යර්ථ කිරීම ඔස්සේ හිට්ලර් බ්‍රිතාන්‍ය ආක්‍රමණයට ඔස්සේ කල සැලසුම ආපසු හැරවන්නට සමත්විය.මෙම සටනත් දෙවන ලෝක යුද්ධයේ හැරවුම් ලක්ෂයක් ලෙස හැඳින්විය හැකිය.මෙහිදී බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවේ ගුවන් භටයන් 544ක් සහ ජර්මානුවන් 2698ක් මරණයට පත් වූ අතර රාජකීය ගුවන් හමුදාවට ගුවන් යානා 1547 ද ජර්මන් ගුවන් යානා 1887ක්ද විනාශ විය.

    පහත දැක්වෙන්නේ සටන අතරතුර බ්‍රිතාන්‍යයට කඩා වැටුණු නාසි ගුවන් යානාය.

    VVZP7UK.jpg

    Zh44P1y.jpg

    SqvraLB.jpg

    Scd0RSA.jpg

    OPwz3AB.jpg

    VtsVXry.jpg

    pHPFnCi.jpg

    wYtl6xM.jpg

    tyoaAkK.jpg

    1LEyktH.jpg

    v45gqrR.jpg

    FZ8hqjk.jpg

    KJiVeKl.jpg

    uKWnEnc.jpg

    ukgtbnz.jpg

    MOyt6Uo.jpg

    ye8Gicx.jpg

    Sg5JZYk.jpg

    r2MLpmK.jpg

    Source:Urbanghostsmedia.com

    -HarshaLulzSec-
     
    • Like
    Reactions: king_pandukabaya

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    එල මචන්. එංගලන්තෙත් ඒ දවස් වල nazi කාරයොන්ට 2 වැනි නැ. මුන් ලෝකෙන් බාගයක් අල්ලාගෙන කොල්ල කැවා නේද? ගොඩක් ඉන්දියාවේ, චිනේ වටිනා කියන දේවල් හොරකම් කරා.nazi කාරයෝ වගේ මිනිස්සු මැරුවේ නැති උනාට ඒවත් අපරාද තමයි.

    මචන් හැරවුම් ලක්ෂය කියන්නේ මොකක්ද තේරුම.
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura

    මචන් හැරවුම් ලක්ෂය කියන්නේ මොකක්ද තේරුම.

    ඉතිහාසය වෙනස් වෙන්න තිබ්බ අවස්ථාවක්.ස්ටාලිග්‍රාඩ් සටනත් දෙවන ලෝක යුද්ධයේ හැරවුම් ලක්ෂයක් කියන්නේ.ඒ සටනෙන් රුසියාව පැරදුනා නම් මොනවා වෙයිද?

    බ්‍රිතාන්‍ය ගුවන් ආක්‍රමණය ජර්මන්කාරයෝ දින්නා නම්,හිට්ලර් බ්‍රිතාන්‍යය පාබල හමුදාවලින් ආක්‍රමණය කරන්න සැලසුම් කරගෙන හිටියා කියලා කතාවක් තියෙනවා(Operation Sea Lion).එහෙම වුනා නම් මිත්‍ර හමුදාවලට නොමැන්ඩි ආක්‍රමණය කරන්න වෙන එකක් නෑ.මොකද D-day මෙහෙයුමට බ්‍රිතාන්‍යයෙන් ලොකු සහායක් ලැබුණා.යුරෝපයේ වැඩිහරියක් ඒ කාලේ නාසීන් අල්ලගෙන නේ හිටියේ(ප්‍රංශයත් එක්ක.)බ්‍රිතාන්‍ය නාසින්ට යටත් වුනා නම් මොකද වෙන්නේ කියලා හිතාගන්න පුලුවන් නේ.
     
    එල මචන්.. එහෙම උනානම් මොනවයෙන් මොනවා වේවිද? nazi කාරයෝ මුළු ලෝකෙම අල්ල ගනීවිද? සමහර විට ලංකාවේ ඉන්දියවේ අපිට කරදරයක් නම් කරන එකක් නැ. මොකද ඔය ආර්ය කියන දේ අපේ ජාතියේත් සම්බන්දයක් ටියන්වලු නේද? අනේ මන්ද.?:shocked:
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    එල මචන්.. එහෙම උනානම් මොනවයෙන් මොනවා වේවිද? nazi කාරයෝ මුළු ලෝකෙම අල්ල ගනීවිද? සමහර විට ලංකාවේ ඉන්දියවේ අපිට කරදරයක් නම් කරන එකක් නැ. මොකද ඔය ආර්ය කියන දේ අපේ ජාතියේත් සම්බන්දයක් ටියන්වලු නේද? අනේ මන්ද.?:shocked:

    ඒක කොහොම වෙයිද කියන්න බෑ බන්.නාසින්ට කලින් දකුණු ආසියාව ජපන්නු අල්ලන්න ඉඩ තිබ්බා.ජපන්නු අද තොත්ත බබාලා වගේ හිටියට උන් කරපු අපරාධ නාසින්ට දෙවනි නෑ.(වෙලාවක ඒ ගැන දාන්නම්)කොරියාවේ,චීනේ මිනිස්සුන්ට ඒ කාලේ ජපන්නු සලකපු හැටි දන්නවා නම් ලංකාව ගැන කවර කතාද.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඒක කොහොම වෙයිද කියන්න බෑ බන්.නාසින්ට කලින් දකුණු ආසියාව ජපන්නු අල්ලන්න ඉඩ තිබ්බා.ජපන්නු අද තොත්ත බබාලා වගේ හිටියට උන් කරපු අපරාධ නාසින්ට දෙවනි නෑ.(වෙලාවක ඒ ගැන දාන්නම්)කොරියාවේ,චීනේ මිනිස්සුන්ට ඒ කාලේ ජපන්නු සලකපු හැටි දන්නවා නම් ලංකාව ගැන කවර කතාද.

    ඔව් ඔව්. කොරියාවේ, චිනේ මිනිස්සු දස වද දීල මැරුව. එක නම් ඇත්ත. මම වැඩසටහනක දැක්ක ජප්පෝ චිනේ පොඩි ළමයි අර තුවක්කුවේ කොනේ තියන කඩුවෙන් ඇනල මරනවා ගොඩක්. තව තෙල් දාල පුච්චනවා.. ඒවානම් මහා සහ ගහන අපරාද.. පව් ඒ කලේ ගොඩක් දුප්පත් අහිංසක මිනිස්සු මැරුව ජප්පෝ...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    :rofl::lol:
    පිස්සුද බන් ජර්මනියට කොහොමටත් මුලු ලෝකෙම අල්ලන්න බෑ. උන්ට කිසිම දෙයක් හරියට තිබ්බෙ නෑ. ජර්මනියට තාක්ශනය ඇරෙන්න වෙන කිසිම දෙයකින් ස්වන් පෝශිත වෙලා තිබ්බෙ නෑ. ස්ටාලින් අවුදුරු 5 සන්වර්ධන වැඩලිපිවෙල කියල සීන් එකක් පටන් අරන් 1930ස් ගනන් වල රට පට්ටම කාර්මීකරනයකට ලක් කරා. නිකන් ගම් තිබ්බ තැන් මාසෙන් දෙකෙන් මහා කර්මාන්ත නගර බවට පත් උනා. ඒත් එක්ක ජර්මනියට හැරෙන්නවත් බෑ. උන් රුසියාවට ගැහුවෙත් රුසියාවෙන්ම සල්ලි දීල ගත්ත දේවල් වලින් හදපු ලක්ශ 40 හමුදාවකින්.මාස3කින් මොස්කව් වලට km8ක් ලග වෙනකන් ගියාට දවස් ගානයි අල්ලන් හිටියෙ මුලු යුරෝපෙම ජීවිත විසාල ගානක් යට කරල. අනිත් පැත්තට රුසියන් කාරයෝ එන්න පටන් ගත්තම දවසට වර්ග කිලෝමීටර් 100ක් විතර නැති උනා. හිට්ලර් කියන්නෙ පිස්සෙක්. මෝඩයෙක්.