ආදායම් බදු හා වක්‍ර බදු..

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ආදායම් බදු හා වක්‍ර බදු..

    ආදායම් බදු හා වක්‍ර බදු..

    2016 අයවැය


    1. මොකක්ද වක්‍ර බදු කියන්නේ..?
    > උපයන ආදායම මත පදනම් නොවී මිල දී ගන්නා භාන්ඩ හෝ සේවාවන් ප්‍රමාණය මත ගෙවිය යුතු බද්ද අඩු හෝ වැඩි වෙනවා. පාරිභෝගිකයා සිල්ලර කඩෙන් මිල දී ගන්නා විට බදුත් සමග භාණ්ඩයේ වටිනාකමත් ගෙවනවා. සිල්ලර මිල තුල භාණ්ඩ හෝ සේවාව මත අය කරනු ලබන වක්‍ර බදු අන්තර්ගත වෙනවා.
    > අගය එකතු කිරීමේ බද්ද (Value Added Tex), ජාතිය ගොඩ නැගීමේ බද්ද, සෙස් බදු ආනයනික බදු හා නිෂ්පාදන බදු ආදී නම්වලින් හැඳින්වෙන සියලු බදු වක්‍ර බදු කාණ්ඩයට අයත් වෙනවා.
    > පැනඩෝල් පෙත්තේ සිට සිල්ලර කඩෙන් මිලදී ගන්නා සියලුම නිෂ්පදනවල පාහේ වක්‍ර බදු අන්තර්ගතයි.
    > විශේෂ සහන දී නොමැති සියලු ආනයනික භාන්ඩ සඳහා ආනයනික බදු සහ සෙස් බදු ගෙවිය යුතුය. එම බදු අගයන් සිල්ලර මිල තුල අන්තර් ගත වී තිබෙනවා.
    > ලංකාව තුල ප්‍රසිද්ධ පුද්ගලික ආයතන තුල නිෂ්පාදනය කරනු ලබන සියලුම නිෂ්පාදන සඳහා වැට් බදු අය කරනු ලබනවා.
    > වක්‍ර බදු අඩු කළ හොත් එම අගයට සාපේක්ෂව අදාල භාන්ඩයේ සිල්ලර මිල අඩු වෙනවා. වැඩි කළොත් වැඩි වෙනවා.
    > 2015 සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනා මගින් කොත්තමල්ලි මිල පහත හෙළනු ලැබුවා. මිල පහත දැමීමට බලපෑවේ ලෝක වෙළඳපොලෙහි කොත්තමල්ලි මිල පහල යාම නොවෙයි. රජය අය කළ බදු අඩුකිරීමයි.
    > මේ අයවැයෙන් වැඩි කළ දුම් සහතිකයේ මිල සේම මත්පැන් දුම්වැටි සඳහා වැඩි කළ මිලත් වක්‍ර බදු කාණ්ඩයට අයත්.
    > ලෝක ඉන්ධන මිල පහලට වැටෙද්දි මෙරට මිල ස්ථාවරව පවත්වාගෙන යාම තුල රජයට ලැබෙන්නේ වක්‍ර බදු කාණ්ඩයට අයත් නොවන ආදායමක්.
    > වක්‍ර බදුවලින් රජයට ලැබෙන ආදායම මෙතෙක් පැවතියේ 60% -70% අතර ප්‍රමාණයකින් නමුත් 2016 අයවැයෙන් එය 85% දක්වා ඉහල දමා තිබෙනවා.
    > වක්‍ර බදු ආදායමට වැඩිම දායකත්වයක් ලබා දෙන්නේ අඩු ආදායම් ලබන ජනතාවයි. එයට හේතුව රටේ ජනගහනයෙන් වැඩි පිරිසක් අඩු ආදායම් ලබන කාණ්ඩයට අයත් වීමයි.
    වක්‍ර බදුවලින් ඇතිවෙන බලපෑම මොකක්ද?
    > පරිභෝජනය කරනු ලබන භාන්ඩ හා සේවාවන් අනුව වක්‍ර බදු ගෙවිය යුතුයි.
    > යම් පවුලක විශාල සාමාජිකයින් පිරිසක් සිටින්නේ නම් පරිභෝජනය සඳහා අවශ්‍ය වෙන භාණ්ඩ ප්‍රමාණය ඉහල යන බැවින් එම පවුලෙන් රජයට ලැබෙන වක්‍ර බදු ආදායම ඉහල යනවා.
    > ක්‍රය ශක්තිය ඉහල, ඉහල ආදායමක් ලබන පවුල්වලට වක්‍ර බදුවලින් එතරම් බලපෑමක් නොවුවත් අඩු ආදායම් ලබන හා මාස් පඩි ලබන සේවකයින්ට මෙයින් සිදු වෙන බලපෑම ඉතා ඉහලයි.
    ආදායම් බදු.
    > පුද්ගලයෙක් හෝ ආයතනයක් වාර්ෂිකව ලබන ආදායම මත තීරණය වෙනවා. මෙහි පහල සීමාව 2016 අයවැය යෝජනා මගින් ඉහල දමා තිබෙන නිසා ආදායම් බදු මගින් රජයට ලැබෙන ආදායම අඩු වෙනවා
    > ව්‍යාපාරිකයින්ට බදු සහන යෝජනා කර තිබෙනවා. එයින් රජයට ලැබිය යුතු ආදායම අඩු වෙනවා.
    > සුභෝපභෝගී භාණ්ඩ සහ ආනයනික මත්පැන් සඳහා වූ බදු අඩු කර හෝ ඉවත් කර තිබෙනවා. මෙයින්ද රජයේ ආදායම අඩු වෙනවා.
    ඉහත කාරණා සැලකිල්ලෙන් සළකා බලන විට පැහැදිලි වෙන්නේ මෙවර අයවැය සරදියෙල් ක්‍රමයෙන් ඉවත් වී දුප්පතාගෙන් උදුරාගෙන රටේ වියදම් පියවා ගන්නා අතරම පොහොසතාට සහන දී තිබෙන බවයි
    .
     
    • Like
    Reactions: asylum and Niko Boy

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    ඇයි වරිපනම් ගන්නෙ? මේක 1983 පනතකින් ආවේ ඒත් අපට 2006 දී තමයි ගහන්න පටන් ගත්තෙ. මොන රෙද්දටඩ තමන්ගෙ ඉඩමට ඇස්තමේන්තු කරල ප්‍රාදේශීය සභාවට ගෙවන්නෙ? උන්ගෙ කුණු ටැක්ටර් එන්නෙත් නැහැ හදපු පාරත් බාගෙට.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    avatar387534_2.gif
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඇයි වරිපනම් ගන්නෙ? මේක 1983 පනතකින් ආවේ ඒත් අපට 2006 දී තමයි ගහන්න පටන් ගත්තෙ. මොන රෙද්දටඩ තමන්ගෙ ඉඩමට ඇස්තමේන්තු කරල ප්‍රාදේශීය සභාවට ගෙවන්නෙ? උන්ගෙ කුණු ටැක්ටර් එන්නෙත් නැහැ හදපු පාරත් බාගෙට.

    මොකද්ද ප්‍රාදේශීය සබාව. එතින් උබල චන්දේ දීපු හැටියට තමයි වෙන්නේ. අපි කඩුවෙල අපිට අව්රුද්දට ව්‍යාපාරික බදු කියල 7000 ගෙවන්න වෙලා තියනවා. වෙනම වරිපනම් එනවා. තව තාක්ෂණික කර්මාන්ත කියල තව හුත්තක් එනවා. අපි බදු ගෙවන්නන් ගේ සංගමයක් හදාගෙන ගේම ඉල්ලලා තියෙන්නේ. මේ ඔක්කොම අවේ නගර සබාව උනාට පස්සේ.

    ප්රෙඅදෙශිය සැබෑව තියන කලේ ටක්ස් අඩුයි, නගර සබා උනාම එක වැඩි කළා. වෙන් වෙනසක් උනේ නැහැ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    ලංකාවේ හුගක් වියපරිකයන් හරියට tax ගෙවන්නේ නැහැ. ඒ නිසා බදු බර එන්නේ සාමාන්‍ය මිනිහට වක්‍ර tax විදියට
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,321
    1
    57,357
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආදායම් බදු හා වක්‍ර බදු..

    2016 අයවැය

    ...
    මෙවර අයවැය සරදියෙල් ක්‍රමයෙන් ඉවත් වී දුප්පතාගෙන් උදුරාගෙන රටේ වියදම් පියවා ගන්නා අතරම පොහොසතාට සහන දී තිබෙන බවයි.

    වැඩි ආදායම් ලබන අයගෙන් පමණක් බදු අය කරපු සරදියෙල් ක්‍රමය අසාධාරණ ක්‍රමයක්. ලොකු ආදායම් ලබපු සමහර මුදලාලිලගෙ අදායම ගණනය කරන්න විදිහක් නැති නිසා ඒ අය බදු ගෙව්වෙ ඉතාම අඩුවෙන්. බදු නොගෙව ඉන්න නොයෙක් ක්‍රම හදාගෙන තිබුනා. උදාහරණයක් විදිහට බේසික් සැලරි අඩුවෙන් දීල වෙනත් ඒව වෙනම දුන්න.
    හැම දෙනාම රටේ දියුණුවටත් සුබසාධනයටත් දායක වෙන්න ඕනෙ. මේ හැම දෙයක්ම කරන්නේ අපෙන් බදු අරන් කියල දුප්පත් මිනිස්සුන්ටත් දැනෙන්න ඕනෙ. වක්‍රබදු වලින් ඒක වෙන්නෙ නැහැ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    වැඩි ආදායම් ලබන අයගෙන් පමණක් බදු අය කරපු සරදියෙල් ක්‍රමය අසාධාරණ ක්‍රමයක්. ලොකු ආදායම් ලබපු සමහර මුදලාලිලගෙ අදායම ගණනය කරන්න විදිහක් නැති නිසා ඒ අය බදු ගෙව්වෙ ඉතාම අඩුවෙන්. බදු නොගෙව ඉන්න නොයෙක් ක්‍රම හදාගෙන තිබුනා. උදාහරණයක් විදිහට බේසික් සැලරි අඩුවෙන් දීල වෙනත් ඒව වෙනම දුන්න.
    හැම දෙනාම රටේ දියුණුවටත් සුබසාධනයටත් දායක වෙන්න ඕනෙ. මේ හැම දෙයක්ම කරන්නේ අපෙන් බදු අරන් කියල දුප්පත් මිනිස්සුන්ටත් දැනෙන්න ඕනෙ. වක්‍රබදු වලින් ඒක වෙන්නෙ නැහැ.

    ඔව් බන් එක නම් ඇත්ත එතකොටවත් අපේ සල්ලි නේද මුන් විනාස කරන්නේ කියල්ක හිතෙර්යි නේ