වියට්නාමයේ අධිරාජ්‍ය විරෝධී සටන-2
රුසියන් ජපන් යුද්ධය
1904-1905 සිදුවූ ජපන් රුසියානු යුද්ධයේදී ජපානය ලත් ජයග්‍රහණය හේතුකොටගෙන ඈත පෙරදිග රටවල් දෙදරුම් කෑහ.බටහිර ජාතීන් අපරාජිත නොවන බව එයින් පෙන්වන ලදි.ආසියාතිකයින්ට සුදු ජාතීන් පරාජය කල හැකි බව මෙයින් පැහැදිලිවිය.පැන් බෝයි චෞ නැමති තරුණ වියට්නාම ජාතික උගතෙක් තමාට ලැබුණු සිවිල් සේවයේ තනතුර ප්‍රතික්ෂේප කොට ජපානයට ගොස් කෝං ඩේ කුමාරයා සමග ස්වාධීන ව්‍යාපාරය සංවිධානය කිරීම මෙහි ප්‍රතිඵලයක් විය.යටත් විජිතවාදය අවසන් කරණ ලෙසත්,රජයේ සේවකයන් තෝරා ගැනීමේදී හුදු සම්ප්‍රදායානුකූලව විභාග නැතිකර දමන ලෙසත්,විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි වර්තමාන ශිෂ්ඨාචාරයේ ප්‍රයෝජන වියට්නාම ජනතාවට ලබාදෙන ලෙසත් ඔවුහූ බල කර සිටියහ.මෙය රාජාණ්ඩු විරෝධී ව්‍යාපාරයක් විය.
නමුත් ඔවුන්ට පසුව ආ අළුත් ජන නායකයෝ චීන විප්ලවවාදීන්ගේ(සුන් යෙට් සෙන් ගේ) හා ජපානයේ ජයග්‍රහණයෙන් ආශ්වාදය ලැබූවන් වූහ.වියට්නාමයේ ජාතිකවාදී ස්වරූපයක් ඇති රහස් සංගමයක් පිහිටුවන ලදි.1908 දී බලයෙන් වැඩ ගැනීම තහනම් කරන ලෙසත් පුද්ගලික බදු අඩු කරන ලෙසත් ඉල්වා ප්‍රසිද්ධ පෙළපාලි පවත්වන ලදි.කුවේ නගරයේ රහස් කණ්ඩායම් පිහිටුවන ලදි.හැනොයි නගරයේ ප්‍රංශ සොල්දාදුවන් 200දෙනෙකුට වස දී මරා දමන ලදි.වැඩිකල් යන්නට පෙර ටෝංකිං ප්‍රදේශය අවුල් තත්ත්වයකට පත්විය.
පළමු ලෝක මහා සංග්‍රාමයේදී ස්වදේශිකයන්ගේ සහයෝගය ලබා ගනු පිණිස වියට්නාමයට ක්‍රමානුකූලව ලෙස නිදහස ලබාදෙන බැව් ප්‍රංශ අධිරාජ්‍යය විසින් ප්‍රකාශ කරන ලදි.මේ නිසා සමහර වියට්නාම ජාතිකවාදී නායකයෝඅ ප්‍රංශයේ පැත්ත ගත්හ.
මෙම යුද්ධය වැදගත් වන්නේ ආසියානු රාජ්‍යයක් පළමුවරට බටහිර රටක් පරාජය කිරීම නිසාය.රුසියා-ජපන් යුද්ධයට හේතුවන්නේ චීනයට අයත් මැන්චූරියාව සහ කොරියානු අර්ධද්වීපය කෙරෙහි රුසියාව සහ ජපානය දැක්වූ ආශාවයි.යුද්ධය ඇතිවීමට පෙර රුසියාව ට්‍රාන්ස් සයිබීරියානු දුම්රිය මාර්ගය මැන්චූරියාව තෙක් පුළුල් කරන ලදි.19වන සියවසේ අගභාගයේදී චීනයෙන් බද්දට ගත් ආතර් වරාය වෙත මෙම දුම්රිය මාර්ගය පසුව පුළුල් කෙරිණි.දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවලට ආරක්ෂාව සැපයීමට ලක්ෂයකට වැඩි රුසියානු හමුදාවක්ද මැන්චූරියාවට එවන ලදි.නමුත් ඉදිකිරීම් නිමාවීමෙන් පසුව එම හමුදා යළි රුසියාව නොගිය අතර එම තත්ත්වය ජපානයේ සැකයට භාජනය විය.රුසියාව මැන්චූරියාව තුල තම හමුදා ශක්තිය ඉහළ දැමීමට පටන් ගත්තේය.ජපානය සමග එකඟ වී තිබූ කරුණුවලට එරෙහිව යමින් සාර් රජු දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට පටන් ගත් අතර රුසියාව තම අවධානය කොරියානු අර්ධද්වීපය දෙසට යොමුකරන්නට විය.නමුත් කොරියාව කෙරෙහි විශාල ඇල්මක් ජපානය තුල තිබිණි.සංග්‍රාමයකදී තමන්ට පහසුවෙන්ම ජපානය පරාජය කල හැකි යැයි සිතා සිටි සාර් පාලකයාගේ නම්‍යශීලී නොවන තීරණ නිසා අවසානයේදී ජපානයේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියේය.කිසිදු පුර්ව දැනුම්දීමකින් තොරව 1904 පෙබරවාරි 8 වනදා ජපානය,රුසියාව සතුවූ ආතර් වරායේ නෞකාවලට ප්‍රහාරයක් එල්ල කරන ලදි.මෙය රුසියා ජපාන යුද්ධයේ ආරම්භය විය.මෙම ප්‍රහාරයෙන් රුසියානු යුද නෞකා දෙකක් වන Tsesarevich හා Retvizan දැඩි හානි සිදුවිය.ජපාන හමුදා කොරියාවේ Incheon ප්‍රදේශයෙන් ගොඩබිමට ඇතුලුවිය.එම හමුදා පළමුව සෝල් නගරයද ඉන්පසුව සම්පූර්ණ කොරියාවමද යටත් කරගන්නා ලදි.1904 අප්‍රේල් මාසය අවසන් වන විට ජපාන හමුදා යාලු ගංගාව තරණය කර මැන්චූරියාවට ඇතුලුවීමේ සූදානමින් පසුවිය.
ට්‍රාන්ස් සයිබීරියානු දුම්රිය මාර්ගය
1904 දෙසැම්බර් මාසයේදී ආතර් වරාය සාර්ථකව වටලන්නට ජපනුන් සමත්විය.මෙම ප්‍රහාරවලින් රුසියාවට ඔවුන්ගේ පැසිෆික් නාවුක බල ඇණියේ ප්‍රධාන නෞකා බොහෝමයක් අහිමි කරන ලදි.මෙහිදී රුසියානු මේජර් ජෙනරල් ඇන්ටොලි ස්ටෙසල් ,ජපාන හමුදාවට යටත්විය.එය රුසියානු පාලකයන්ගේ අණට එරෙහිව ගත් තීරණයක් වූ නිසා යුද අධිකරණයක් හමුවේ මරණ දඬුවම නියම කලද පසුව සාර් රජු විසින් ඔහුට සමාව ලබාදෙන ලදි.
මෙම යුද්ධයේ ප්‍රථම ගොඩබිම් සටන වන්නේ යාලු ගංගාව අසලදී සිදුවු ගැටුමයි.ගංගාව තරණය කර පැමිණි ජපාන හමුදාව 1904 මැයි 1දා රුසියානු හමුදාව පරාජයට පත් කල අතර ආසියානු රාජ්‍යයක් බටහිර රටක් පරාජය කල පළමු අවස්ථාව ලෙස මෙය හැඳින්වේ
විලැඩ්වොස්ටොක් හි රුසියානු නාවුක කඳවුරේ යළි සංවිධානය වූ රුසියානු නාවුක හමුදාව 1904 අගෝස්තු 10 දා කහ මුහුදේදී ජපානය සමග ගැටේ.නැගෙනහිර ආසියාවේ රුසියානු නාවුක ඇණියේ සහාය පිණිස බෝල්ටික් මුහුදේ රුසියානු නාවුක බලඇණිය සහායක හමුදාව එවන මුත් ඔවුන්ට බ්‍රිතාන්‍ය පාලනය යටතේ තිබෙන සූවස් ඇල ඔස්සේ යාමට අවසර නොලැබීම නිසා අප්‍රිකාව වටා ගමන් කර ඉන්දියානු සාගරයට පිවිසීමට සිදුවේ(බ්‍රිතාන්‍ය ඒ සමයේ ජපානයේ මිතුරෙක් වූ අතර මෙම යුද්ධයේදී එරට අතර බුද්ධි තොරතුරු හුවමාරුවද සාර්ථකව සිදුවිය).
බ්‍රිතාන්‍යය විසින් ඔවුන්ගේ පාලනය යටතේ තිබූ සූවස් ඇළ ඔස්සේ රුසියානු බෝල්ටික් නෞකා ඇණියට ගමන් කිරීමට ඉඩ නොදුන්හ.මේ නිසා රුසියානු නෞකාවලට දීර්ඝ ගමන් මාර්ගයක් ඔස්සේ ගමන් කර නැගෙනහිර ආසියාවට ළඟාවන්නට සිදුවිය.
ආතර් වරාය වැටීමෙන් පසුව ජපාන හමුදා මැන්චූරියාවේ ඉහළ ප්‍රදේශයට ගමන් කරමින් සිටියෝය.1905 ජනවාරි 25-29 කාලයේ රුසියානු හමුදාව,සැන්ඩ්පු හි දී ජපාන හමුදාවට ප්‍රහාරයක් එල්ල කල අතර එහිදී ඇතිවූ සටනෙන් එක් පක්ෂයකට වත් පැහැදිලි ජයක් ලබා නොදුණි.1905 පෙබරවාරි 20 දා Mukdenහිදී දෙපක්ෂය යළි ගැටිණි.මෙම සටනේදී රුසියානුවන්ට 90,000ක් පමණ සෙබලුන් අහිමි වූ බව කියවේ.සති තුනක් තිස්සේ ඇදී ගිය මෙම සටනෙන් පසුව රුසියානු හමුදාව Mukden ප්‍රදේශයෙන් පසු බැස ගියේය.
කොරියාව සහ ජපානය අතර මුහුදේදී ජපානය රුසියාවේ බෝල්ටික් නෞකා ඇණියට පහර දෙන ලදි.එහිදී රුසියානු නෞකා රැසක් විනාශ විය.යුද්ධය අවසන් කිරීමට රුසියානුවන්ගේ මෙම පරාජය හේතුවක් විය.
1905 මැයි මාසය වන විට රුසියානු බෝල්ටික් නාවුක ඇණියේ නෞකා ජපානය ආසන්න මුහුදට පැමිණියෝය.ඔවුන් එහි ලඟාවන විට රුසියාව සතුවූ ආතර් වරාය අහිමිවි තිබිණි.මෙම නාවුක ඇණියේ අරමුණ වූයේ කෙසේ හෝ විලැඩ්වොස්ටොක් හි වරායට යාත්‍රා කිරීමයි.නමුත් විලැඩ්වොස්ටොක් වෙත යෑමට තිබූ කෙටිම ගමන් මාර්ගය කොරියාව සහ ජපානය අතරින් වැටී තිබිණි.එම මාර්ගය ඔස්සේ යාත්‍රා කරමින් සිටියදී අවාසනාවන්ත ලෙස රුසියානු නැව් සමූහය ජපනුන්ගේ නිරීක්ෂණයට ලක්වූ අතර 1905 මැයි 27-28 දිනවල ජපාන නෞකා මෙම රුසියානු නෞකා පෙළට පහරදෙන ලදි.මෙම සටන Tsushima සමූද්‍ර සන්ධියේදී සිදුවිය.රුසියාවට යුද නෞකා 8ක්,කුඩා ප්‍රමාණයේ යාත්‍රා රැසක් සහ සෙබලුන් 5,000ක් අහිමි විය.නමුත් ජපානයට torpedo boats වර්ගයේ යාත්‍රා තුනක් සහ සෙබලුන් 116ක් පමණක් අහිමිවිය.මෙම සටනෙන් පසුව ජපාන හමුදා, රුසියාව සතු සැකලීන් දූපත යටත් කරගන්නා ලදි.මෙම සටනෙන් පසුව තවදුරටත් යුද්ධයට සෙබලුන් එවන්නට සාර් රජුට උවමනාවක් තිබුණද රුසියාවේ ආර්ථික තත්වය බොහෝ දුර්වල අඩියක තිබුණු නිසා එය අසාර්ථක විය.
රුසියාවේ මෙම පරාජයෙන් පසුව එක්සත් ජනපදයේ ජනපති,තියෝඩර් රූස්වෙල්ට් මෙම අර්බුදයට මැදිහත්විය.ඔහුගේ යෝජනාවක් මත රුසියානු සහ ජපන් නියෝජිතයන් නිව්හැම්ෂයර් හි පෝට්ස්මවුත් හිදී රැස්විය.1905 සැප්තැම්බර් මස 5 වනදා පෝට්ස්මවුත් ගිවිසුම අත්සන් කරන ලදි.මෙම ගිවිසුමෙන් පසුව කොරියාව ජපානයේ කොටසක් ලෙස පිළිගන්නට රුසියාව එකඟ විය(1910 දී ජපානය විසින් කොරියාව තමන්ගේ අධිරාජ්‍යයට ඈදාගන්නා ලදි ).එසේම රුසියාව මැන්චූරියාවෙන් තම හමුදා ඉවත කරගන්නා ලදි.තවද ඔවුන් තමන් විසින් බද්දට ගෙන තිබූ ආතර් වරාය සහ එම අර්ධද්වීපය අතහරින ලදි.යුද්ධය අවසානයේදී ජපානය යටත් කරගත් සැකලීන් දූපතේ දකුණු කොටස ජපානයට ලබා දීමටද රුසියාව එකඟ විය(දෙවන ලෝක යුද්ධයෙන් පසුව සෝවියට් දේශය, ජපානයෙන් මෙම දූපත යළි ලබාගනියි)
යුද්ධය අවසානයේදී රුසියාවේ සැකලින් දූපත ,ජපාන හමුදා විසින් අල්ලාගත් අතර පසුව ඇතිවූ එකඟතාවයෙන් එහි දකුණු කොටස ජපානයට ලබාදෙන ලදි.දෙවන ලෝක යුද්ධයෙන් ජපානය පරාජය වීමත් සමග ක්‍රියාත්මක වූ සෝවියට් දේශය සම්පුර්ණ දූපතම තමන්ගේ යටතට ගත්තේය.
මෙම යුද්ධයේදී රුසියාව පරාජය වූයේ ඇයි?
ජපානය බලාපොරොත්තු නොවූ ප්‍රහාරයක් ආතර් වරායට එල්ල කරන ලදි(1904).ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීම සඳහා සංවිධානය වීමට රුසියාව සැලකිය යුතු කාලයක් ගන්නා ලදි.(1941 දී පර්ල් වරායට ජපනුන් එල්ල කලේද මෙවැනිම ප්‍රහාරයකි.)
රුසියාව ඒ වන විට ට්‍රාන්ස් සයිබීරියන් දුම්රිය මාර්ගය ඉදිකිරීම් අවසන් කර තිබුණද ඔවුන්ට මෙම නැගෙනහිර යුද පෙරමුණ වෙත හමුදා සහ යුධෝපකරණ ගෙන ඒමට සැතපුම් දහස්ගණනක් දුර ගෙවා එන්නට සිදුවිය.
රුසියානු අධිරාජ්‍යයා දේශපාලන කුමන්ත්‍රණ හමුවේ අදක්ෂයෙක් බවට පත්ව සිටි අතර ඔහුගේ හොඳම උපදේශකයා වූ Sergei Witte බලයෙන් පහත වැටී සිටි අතර මේ නිසා රුසියාවේ ඉහළ අණදෙන්නා අදක්ෂයෙක් බවටත් උපාය මාර්ග නිතර වෙනස් කරන්නෙක් බවටත් පත්ව තිබිණි.රුසියානු ජෙනරාවල්වරු එකිනෙකා කෙරෙහි ඊර්ෂියාවෙන් පසුවූ අතර අනෙකා අසාර්ථක වෙනවා දැකීමට ඔවුන් ආශා කලෝය.
රුසියානුවන් ශක්තිමත්ව යුද්ධයට සූදානම් වූ පසු 1905 ජනවාරි හිදී ආතර් වරායේ අණදෙන්නා ඉහළ නිලධාරීන්ගේ නොඅසා විශාල ආහාර තොග සහ යුද්ධායුද සමග යටත් විය.
ජපානය වසර ගණනාවක සිට තම තත්ත්වය වර්ධනය කර ගනිමින් සිටි අතර යුද්ධය සමයේ ඔවුන් සතුව විශාල හමුදාවක් සිටියහ.ජපනුන් ඉතා ලෙහෙසියෙන්ම ගොඩබිම් සටනේදී රුසියාවනුවන් පරාජය කරන ලදි(Fuhsien සහ Liaoyang යන ප්‍රදේශවල 1904 පැවති සටන්.1905දී Mukdenහි පැවති සටනින්).තවද ඔවුන් සතුව විශාල නාවික හමුදාවක්ද සිටියහ.රුසියාව තම බෝල්ටික් නාවික ඇණිය නැගෙනහිරට එව්වද ජපාන නාවික හමුදාව රැකසිට පහර දී ඔවුන්ව පරාජය කරන ලදි.(මෙම සටනේ පරාජය යුද්ධය අවසන් කරන්නට හේතුවිය)
බ්‍රිතාන්‍යය ,ජපානයට සහාය ලබාදුනි.කෙටි කාලයකින් ආතර් වරායට ලඟාවීමට සිටි රුසියානු බෝල්ටික් නාවික ඇණිය සූවස් ඇළෙන් අවහිර කරන ලද්දේ බ්‍රිතාන්‍යයන් විසින්ය.එසේම ඔවුන්ගේ මාධ්‍යද රුසියාවට එරෙහිව ප්‍රචාරයන් ගෙන යන ලදි.
අවසන් ගොඩබිම් සටන වූයේ Mukden සටනයි.රුසියානුවන් 276,000ක පිරිස් බලයක් සහිතව ජෙනරල් ඇලෙස් නිකොලාජෙවිච් ගේ නායකත්වය යටතේද ජපානය සෙබලුන් 270,000ක් සමග ෆීල්ඩ් මාර්ෂල් ප්‍රින්ස් ඔයාමා ඉවාඕ යටතේද සටන් කරන ලදි.සටන අවසානයේදී රුසියානු පක්ෂයට සෙබලුන් 90,000ක්ද ජපානයට සෙබලු 70,000ක්ද අහිමිවී තිබිණි.
රුසියානු සෙබලුන් ආතර් වරාය සටනේදී
1905 මැයි 10 දා Mukden සටන අවසන් වූයේ ජපානයට ජයග්‍රහණය ලබාදෙමින්ය.
ආතර් වරායට එල්ල වූ ජපන් ප්‍රහාරයෙන් පසුව රුසියානු යුද නෞකාව විනාශවී ඇති අයුරු.
ජපන් හෙදියන්
ජපන් සෙබලුන්
ජපන් සෙබලුන් පිරිසක් තුවාල ලැබූ රුසියානුවෙක් අසල
ජපන් සෙබලුන්
ජපන් හමුදාව කොරියාවේ සෝල් නගරයේ
ජපන් නිලධාරීන්
ජපන් සෙබලුන් පිරිසක් නෞකාවක
1905 දී රුසියාව පරදා ලද ජයග්‍රහණය ජපාන හමුදාව සහ අධිරාජ්‍යයා තුල මහත් අභිමානයක් ඇතිකරන්නට සමත්විය.නමුත් මෙම ජයග්‍රහණය පසුකාලයේදී ජපානය,ඉන් දශක ගණනකට පසුව එක්සත් ජනපදයට එරෙහිව යුද ප්‍රකාශ කිරීමට මාර්ගයක් විවෘත කරන ලදි.ජපනුන් 1904දී රුසියානු ආතර් වරායට පහරදුන්නේ පූර්ව දැනුම්දීමකින් තොරවයි.ඉන් වසර 36කට පසුව ඒ හා සමාන අයුරින් ඔවුන් පර්ල් වරායටද පහරදුන්හ.ජපානයේ ව්‍යාප්තියට රුසියාව තර්ජනයක් වූ නිසා ඔවුන් රුසියාව සමග යුද්ධයකට එළඹුණි.දෙවන ලෝක යුද සමයේදී ජපානය එක්සත් ජනපදයට එරෙහිව යුද ප්‍රකාශ කලේදී ඔවුන්ගේ අධිරාජ්‍යය ව්‍යාප්ත කීරීමට එක්සත් ජනපදය බාධා කල නිසාය.මෙම යුද්ධය ජපාන අධිරාජ්‍යය පිහිටුවීමේ මුල්ම පියවර බව එවකට අධිරාජ්‍යයාව සිටි මෙයිජි ප්‍රකාශ කර තිබේ.මෙම යුද්ධයේ ඇමෙරිකානු හමුදා නිරීක්ෂකයන් ලෙස කටයුතු කලේ ලුතිනන් ඩග්ලස් මැකාතර් සහ ඔහුගේ පියා මේජර් ජෙනරල් ආතර් මැකාතර්ය.ආතර් මැකාතර් එක්සත ජනපදයට පැමිණි පසු කියා සිටියේ ඇමෙරිකාවේ අනාගතය ආසියාවත් එහි දූපත් සමගත් බැඳී තිබෙන බවයි.එසේම ජපානයේ අධිරාජ්‍යවාදී ඉදිරිගමන පැසිෆික් කලාපයේ ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්වන බවත් ඔහුගේ නිරීක්ෂණයන්ගෙන් පසුව ප්‍රකාශ කර තිබිණි.
Source:තරුණ සමාජවාදී ප්‍රකාශන - අංක 3
-HarshaLulzSec-
රුසියන් ජපන් යුද්ධය
1904-1905 සිදුවූ ජපන් රුසියානු යුද්ධයේදී ජපානය ලත් ජයග්‍රහණය හේතුකොටගෙන ඈත පෙරදිග රටවල් දෙදරුම් කෑහ.බටහිර ජාතීන් අපරාජිත නොවන බව එයින් පෙන්වන ලදි.ආසියාතිකයින්ට සුදු ජාතීන් පරාජය කල හැකි බව මෙයින් පැහැදිලිවිය.පැන් බෝයි චෞ නැමති තරුණ වියට්නාම ජාතික උගතෙක් තමාට ලැබුණු සිවිල් සේවයේ තනතුර ප්‍රතික්ෂේප කොට ජපානයට ගොස් කෝං ඩේ කුමාරයා සමග ස්වාධීන ව්‍යාපාරය සංවිධානය කිරීම මෙහි ප්‍රතිඵලයක් විය.යටත් විජිතවාදය අවසන් කරණ ලෙසත්,රජයේ සේවකයන් තෝරා ගැනීමේදී හුදු සම්ප්‍රදායානුකූලව විභාග නැතිකර දමන ලෙසත්,විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි වර්තමාන ශිෂ්ඨාචාරයේ ප්‍රයෝජන වියට්නාම ජනතාවට ලබාදෙන ලෙසත් ඔවුහූ බල කර සිටියහ.මෙය රාජාණ්ඩු විරෝධී ව්‍යාපාරයක් විය.
නමුත් ඔවුන්ට පසුව ආ අළුත් ජන නායකයෝ චීන විප්ලවවාදීන්ගේ(සුන් යෙට් සෙන් ගේ) හා ජපානයේ ජයග්‍රහණයෙන් ආශ්වාදය ලැබූවන් වූහ.වියට්නාමයේ ජාතිකවාදී ස්වරූපයක් ඇති රහස් සංගමයක් පිහිටුවන ලදි.1908 දී බලයෙන් වැඩ ගැනීම තහනම් කරන ලෙසත් පුද්ගලික බදු අඩු කරන ලෙසත් ඉල්වා ප්‍රසිද්ධ පෙළපාලි පවත්වන ලදි.කුවේ නගරයේ රහස් කණ්ඩායම් පිහිටුවන ලදි.හැනොයි නගරයේ ප්‍රංශ සොල්දාදුවන් 200දෙනෙකුට වස දී මරා දමන ලදි.වැඩිකල් යන්නට පෙර ටෝංකිං ප්‍රදේශය අවුල් තත්ත්වයකට පත්විය.
පළමු ලෝක මහා සංග්‍රාමයේදී ස්වදේශිකයන්ගේ සහයෝගය ලබා ගනු පිණිස වියට්නාමයට ක්‍රමානුකූලව ලෙස නිදහස ලබාදෙන බැව් ප්‍රංශ අධිරාජ්‍යය විසින් ප්‍රකාශ කරන ලදි.මේ නිසා සමහර වියට්නාම ජාතිකවාදී නායකයෝඅ ප්‍රංශයේ පැත්ත ගත්හ.
රුසියා-ජපන් යුද්ධය සංක්ෂිප්තව
රුසියාවේ බල ව්‍යාප්තිය - රුසියාවේ බල තෘෂ්ණාව මෙම යුද්ධය ඇතිවීමට හේතුවකි
රුසියාවේ බල ව්‍යාප්තිය - රුසියාවේ බල තෘෂ්ණාව මෙම යුද්ධය ඇතිවීමට හේතුවකි
මෙම යුද්ධය වැදගත් වන්නේ ආසියානු රාජ්‍යයක් පළමුවරට බටහිර රටක් පරාජය කිරීම නිසාය.රුසියා-ජපන් යුද්ධයට හේතුවන්නේ චීනයට අයත් මැන්චූරියාව සහ කොරියානු අර්ධද්වීපය කෙරෙහි රුසියාව සහ ජපානය දැක්වූ ආශාවයි.යුද්ධය ඇතිවීමට පෙර රුසියාව ට්‍රාන්ස් සයිබීරියානු දුම්රිය මාර්ගය මැන්චූරියාව තෙක් පුළුල් කරන ලදි.19වන සියවසේ අගභාගයේදී චීනයෙන් බද්දට ගත් ආතර් වරාය වෙත මෙම දුම්රිය මාර්ගය පසුව පුළුල් කෙරිණි.දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවලට ආරක්ෂාව සැපයීමට ලක්ෂයකට වැඩි රුසියානු හමුදාවක්ද මැන්චූරියාවට එවන ලදි.නමුත් ඉදිකිරීම් නිමාවීමෙන් පසුව එම හමුදා යළි රුසියාව නොගිය අතර එම තත්ත්වය ජපානයේ සැකයට භාජනය විය.රුසියාව මැන්චූරියාව තුල තම හමුදා ශක්තිය ඉහළ දැමීමට පටන් ගත්තේය.ජපානය සමග එකඟ වී තිබූ කරුණුවලට එරෙහිව යමින් සාර් රජු දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට පටන් ගත් අතර රුසියාව තම අවධානය කොරියානු අර්ධද්වීපය දෙසට යොමුකරන්නට විය.නමුත් කොරියාව කෙරෙහි විශාල ඇල්මක් ජපානය තුල තිබිණි.සංග්‍රාමයකදී තමන්ට පහසුවෙන්ම ජපානය පරාජය කල හැකි යැයි සිතා සිටි සාර් පාලකයාගේ නම්‍යශීලී නොවන තීරණ නිසා අවසානයේදී ජපානයේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියේය.කිසිදු පුර්ව දැනුම්දීමකින් තොරව 1904 පෙබරවාරි 8 වනදා ජපානය,රුසියාව සතුවූ ආතර් වරායේ නෞකාවලට ප්‍රහාරයක් එල්ල කරන ලදි.මෙය රුසියා ජපාන යුද්ධයේ ආරම්භය විය.මෙම ප්‍රහාරයෙන් රුසියානු යුද නෞකා දෙකක් වන Tsesarevich හා Retvizan දැඩි හානි සිදුවිය.ජපාන හමුදා කොරියාවේ Incheon ප්‍රදේශයෙන් ගොඩබිමට ඇතුලුවිය.එම හමුදා පළමුව සෝල් නගරයද ඉන්පසුව සම්පූර්ණ කොරියාවමද යටත් කරගන්නා ලදි.1904 අප්‍රේල් මාසය අවසන් වන විට ජපාන හමුදා යාලු ගංගාව තරණය කර මැන්චූරියාවට ඇතුලුවීමේ සූදානමින් පසුවිය.
ට්‍රාන්ස් සයිබීරියානු දුම්රිය මාර්ගය
රුසියානුවන්,චීනයෙන් බද්දට ගෙන තිබූ "ආතර් " වරාය
1904 දෙසැම්බර් මාසයේදී ආතර් වරාය සාර්ථකව වටලන්නට ජපනුන් සමත්විය.මෙම ප්‍රහාරවලින් රුසියාවට ඔවුන්ගේ පැසිෆික් නාවුක බල ඇණියේ ප්‍රධාන නෞකා බොහෝමයක් අහිමි කරන ලදි.මෙහිදී රුසියානු මේජර් ජෙනරල් ඇන්ටොලි ස්ටෙසල් ,ජපාන හමුදාවට යටත්විය.එය රුසියානු පාලකයන්ගේ අණට එරෙහිව ගත් තීරණයක් වූ නිසා යුද අධිකරණයක් හමුවේ මරණ දඬුවම නියම කලද පසුව සාර් රජු විසින් ඔහුට සමාව ලබාදෙන ලදි.
මේජර් ජෙනරල් ඇන්ටොලි ස්ටෙසල්
මෙම යුද්ධයේ ප්‍රථම ගොඩබිම් සටන වන්නේ යාලු ගංගාව අසලදී සිදුවු ගැටුමයි.ගංගාව තරණය කර පැමිණි ජපාන හමුදාව 1904 මැයි 1දා රුසියානු හමුදාව පරාජයට පත් කල අතර ආසියානු රාජ්‍යයක් බටහිර රටක් පරාජය කල පළමු අවස්ථාව ලෙස මෙය හැඳින්වේ
විලැඩ්වොස්ටොක් හි රුසියානු නාවුක කඳවුරේ යළි සංවිධානය වූ රුසියානු නාවුක හමුදාව 1904 අගෝස්තු 10 දා කහ මුහුදේදී ජපානය සමග ගැටේ.නැගෙනහිර ආසියාවේ රුසියානු නාවුක ඇණියේ සහාය පිණිස බෝල්ටික් මුහුදේ රුසියානු නාවුක බලඇණිය සහායක හමුදාව එවන මුත් ඔවුන්ට බ්‍රිතාන්‍ය පාලනය යටතේ තිබෙන සූවස් ඇල ඔස්සේ යාමට අවසර නොලැබීම නිසා අප්‍රිකාව වටා ගමන් කර ඉන්දියානු සාගරයට පිවිසීමට සිදුවේ(බ්‍රිතාන්‍ය ඒ සමයේ ජපානයේ මිතුරෙක් වූ අතර මෙම යුද්ධයේදී එරට අතර බුද්ධි තොරතුරු හුවමාරුවද සාර්ථකව සිදුවිය).
ආතර් වරාය වැටීමෙන් පසුව ජපාන හමුදා මැන්චූරියාවේ ඉහළ ප්‍රදේශයට ගමන් කරමින් සිටියෝය.1905 ජනවාරි 25-29 කාලයේ රුසියානු හමුදාව,සැන්ඩ්පු හි දී ජපාන හමුදාවට ප්‍රහාරයක් එල්ල කල අතර එහිදී ඇතිවූ සටනෙන් එක් පක්ෂයකට වත් පැහැදිලි ජයක් ලබා නොදුණි.1905 පෙබරවාරි 20 දා Mukdenහිදී දෙපක්ෂය යළි ගැටිණි.මෙම සටනේදී රුසියානුවන්ට 90,000ක් පමණ සෙබලුන් අහිමි වූ බව කියවේ.සති තුනක් තිස්සේ ඇදී ගිය මෙම සටනෙන් පසුව රුසියානු හමුදාව Mukden ප්‍රදේශයෙන් පසු බැස ගියේය.
Mukden සටනේ පරාජයෙන් පසුබැස යන රුසියානු හමුදාව
කොරියාව සහ ජපානය අතර මුහුදේදී ජපානය රුසියාවේ බෝල්ටික් නෞකා ඇණියට පහර දෙන ලදි.එහිදී රුසියානු නෞකා රැසක් විනාශ විය.යුද්ධය අවසන් කිරීමට රුසියානුවන්ගේ මෙම පරාජය හේතුවක් විය.
1905 මැයි මාසය වන විට රුසියානු බෝල්ටික් නාවුක ඇණියේ නෞකා ජපානය ආසන්න මුහුදට පැමිණියෝය.ඔවුන් එහි ලඟාවන විට රුසියාව සතුවූ ආතර් වරාය අහිමිවි තිබිණි.මෙම නාවුක ඇණියේ අරමුණ වූයේ කෙසේ හෝ විලැඩ්වොස්ටොක් හි වරායට යාත්‍රා කිරීමයි.නමුත් විලැඩ්වොස්ටොක් වෙත යෑමට තිබූ කෙටිම ගමන් මාර්ගය කොරියාව සහ ජපානය අතරින් වැටී තිබිණි.එම මාර්ගය ඔස්සේ යාත්‍රා කරමින් සිටියදී අවාසනාවන්ත ලෙස රුසියානු නැව් සමූහය ජපනුන්ගේ නිරීක්ෂණයට ලක්වූ අතර 1905 මැයි 27-28 දිනවල ජපාන නෞකා මෙම රුසියානු නෞකා පෙළට පහරදෙන ලදි.මෙම සටන Tsushima සමූද්‍ර සන්ධියේදී සිදුවිය.රුසියාවට යුද නෞකා 8ක්,කුඩා ප්‍රමාණයේ යාත්‍රා රැසක් සහ සෙබලුන් 5,000ක් අහිමි විය.නමුත් ජපානයට torpedo boats වර්ගයේ යාත්‍රා තුනක් සහ සෙබලුන් 116ක් පමණක් අහිමිවිය.මෙම සටනෙන් පසුව ජපාන හමුදා, රුසියාව සතු සැකලීන් දූපත යටත් කරගන්නා ලදි.මෙම සටනෙන් පසුව තවදුරටත් යුද්ධයට සෙබලුන් එවන්නට සාර් රජුට උවමනාවක් තිබුණද රුසියාවේ ආර්ථික තත්වය බොහෝ දුර්වල අඩියක තිබුණු නිසා එය අසාර්ථක විය.
රුසියා-ජපන් යුද්ධයේ ප්‍රධානතම සටන් කිහිපය
රුසියානු සහ ජපන් නියෝජිතයන් නිව් හැම්ෂයර් හි යුද්ධය සමථයකට පත් කරගන්නට රැස්වූ අවස්ථාව
රුසියාවේ මෙම පරාජයෙන් පසුව එක්සත් ජනපදයේ ජනපති,තියෝඩර් රූස්වෙල්ට් මෙම අර්බුදයට මැදිහත්විය.ඔහුගේ යෝජනාවක් මත රුසියානු සහ ජපන් නියෝජිතයන් නිව්හැම්ෂයර් හි පෝට්ස්මවුත් හිදී රැස්විය.1905 සැප්තැම්බර් මස 5 වනදා පෝට්ස්මවුත් ගිවිසුම අත්සන් කරන ලදි.මෙම ගිවිසුමෙන් පසුව කොරියාව ජපානයේ කොටසක් ලෙස පිළිගන්නට රුසියාව එකඟ විය(1910 දී ජපානය විසින් කොරියාව තමන්ගේ අධිරාජ්‍යයට ඈදාගන්නා ලදි ).එසේම රුසියාව මැන්චූරියාවෙන් තම හමුදා ඉවත කරගන්නා ලදි.තවද ඔවුන් තමන් විසින් බද්දට ගෙන තිබූ ආතර් වරාය සහ එම අර්ධද්වීපය අතහරින ලදි.යුද්ධය අවසානයේදී ජපානය යටත් කරගත් සැකලීන් දූපතේ දකුණු කොටස ජපානයට ලබා දීමටද රුසියාව එකඟ විය(දෙවන ලෝක යුද්ධයෙන් පසුව සෝවියට් දේශය, ජපානයෙන් මෙම දූපත යළි ලබාගනියි)
හානියට පත් රුසියානු නෞකා කිහිපයක්
යුද්ධය අවසානයේදී රුසියාවේ සැකලින් දූපත ,ජපාන හමුදා විසින් අල්ලාගත් අතර පසුව ඇතිවූ එකඟතාවයෙන් එහි දකුණු කොටස ජපානයට ලබාදෙන ලදි.දෙවන ලෝක යුද්ධයෙන් ජපානය පරාජය වීමත් සමග ක්‍රියාත්මක වූ සෝවියට් දේශය සම්පුර්ණ දූපතම තමන්ගේ යටතට ගත්තේය.
මෙම යුද්ධයේදී රුසියාව පරාජය වූයේ ඇයි?
ජපානය බලාපොරොත්තු නොවූ ප්‍රහාරයක් ආතර් වරායට එල්ල කරන ලදි(1904).ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීම සඳහා සංවිධානය වීමට රුසියාව සැලකිය යුතු කාලයක් ගන්නා ලදි.(1941 දී පර්ල් වරායට ජපනුන් එල්ල කලේද මෙවැනිම ප්‍රහාරයකි.)
රුසියාව ඒ වන විට ට්‍රාන්ස් සයිබීරියන් දුම්රිය මාර්ගය ඉදිකිරීම් අවසන් කර තිබුණද ඔවුන්ට මෙම නැගෙනහිර යුද පෙරමුණ වෙත හමුදා සහ යුධෝපකරණ ගෙන ඒමට සැතපුම් දහස්ගණනක් දුර ගෙවා එන්නට සිදුවිය.
රුසියානු අධිරාජ්‍යයා දේශපාලන කුමන්ත්‍රණ හමුවේ අදක්ෂයෙක් බවට පත්ව සිටි අතර ඔහුගේ හොඳම උපදේශකයා වූ Sergei Witte බලයෙන් පහත වැටී සිටි අතර මේ නිසා රුසියාවේ ඉහළ අණදෙන්නා අදක්ෂයෙක් බවටත් උපාය මාර්ග නිතර වෙනස් කරන්නෙක් බවටත් පත්ව තිබිණි.රුසියානු ජෙනරාවල්වරු එකිනෙකා කෙරෙහි ඊර්ෂියාවෙන් පසුවූ අතර අනෙකා අසාර්ථක වෙනවා දැකීමට ඔවුන් ආශා කලෝය.
රුසියානුවන් ශක්තිමත්ව යුද්ධයට සූදානම් වූ පසු 1905 ජනවාරි හිදී ආතර් වරායේ අණදෙන්නා ඉහළ නිලධාරීන්ගේ නොඅසා විශාල ආහාර තොග සහ යුද්ධායුද සමග යටත් විය.
ජපානය වසර ගණනාවක සිට තම තත්ත්වය වර්ධනය කර ගනිමින් සිටි අතර යුද්ධය සමයේ ඔවුන් සතුව විශාල හමුදාවක් සිටියහ.ජපනුන් ඉතා ලෙහෙසියෙන්ම ගොඩබිම් සටනේදී රුසියාවනුවන් පරාජය කරන ලදි(Fuhsien සහ Liaoyang යන ප්‍රදේශවල 1904 පැවති සටන්.1905දී Mukdenහි පැවති සටනින්).තවද ඔවුන් සතුව විශාල නාවික හමුදාවක්ද සිටියහ.රුසියාව තම බෝල්ටික් නාවික ඇණිය නැගෙනහිරට එව්වද ජපාන නාවික හමුදාව රැකසිට පහර දී ඔවුන්ව පරාජය කරන ලදි.(මෙම සටනේ පරාජය යුද්ධය අවසන් කරන්නට හේතුවිය)
බ්‍රිතාන්‍යය ,ජපානයට සහාය ලබාදුනි.කෙටි කාලයකින් ආතර් වරායට ලඟාවීමට සිටි රුසියානු බෝල්ටික් නාවික ඇණිය සූවස් ඇළෙන් අවහිර කරන ලද්දේ බ්‍රිතාන්‍යයන් විසින්ය.එසේම ඔවුන්ගේ මාධ්‍යද රුසියාවට එරෙහිව ප්‍රචාරයන් ගෙන යන ලදි.
ජපාන හමුදා නිලධාරියෙක්
රුසියානු ජෙනරල් Linevich විසින් සෙබලෙකුට පදක්කමක් පළඳවමින්
රුසියානු හමුදා මැන්චූරියාවේ
රුසියානුවන් විසින් ඔත්තුකරුවෙක් එල්ලා මැරූ අවස්ථාවක්
ආතර් වරායේ ප්‍රහාරයෙන් පසුව
රුසියානු සෙබලුන් 1904
රුසියානු නාවිකයෝ ආතර් වරායේ

Tsushima සමූද්‍ර සන්ධියේදී ඇතිවූ සටනේදී ජපන් අද්මිරාල් ටෝගෝ විසින් රුසියානු අද්මිරාල් සිනොවි පෙට්‍රොවිච් පරාජය කරන ලදි.සටනේදී රුසියානුවන්ට තම නෞකා 38න් 22ක් අහිමිවිය.
අවසන් ගොඩබිම් සටන වූයේ Mukden සටනයි.රුසියානුවන් 276,000ක පිරිස් බලයක් සහිතව ජෙනරල් ඇලෙස් නිකොලාජෙවිච් ගේ නායකත්වය යටතේද ජපානය සෙබලුන් 270,000ක් සමග ෆීල්ඩ් මාර්ෂල් ප්‍රින්ස් ඔයාමා ඉවාඕ යටතේද සටන් කරන ලදි.සටන අවසානයේදී රුසියානු පක්ෂයට සෙබලුන් 90,000ක්ද ජපානයට සෙබලු 70,000ක්ද අහිමිවී තිබිණි.
රුසියානු සෙබලුන් ආතර් වරාය සටනේදී
ආතර් වරාය වටලෑම.ජපාන හමුදාව වෙරළාරක්ෂක කාලතුවක්කු යොදාගෙන නගරයට ප්‍රහාර එල්ල කරන ලදි.මෙම උපක්‍රමය දෙවන ලෝක යුද්ධයේදී විශාල කාලතුවක්කු යොදාගැනීමට බලපෑමක් සිදු කරන ලදි.
1905 මැයි 10 දා Mukden සටන අවසන් වූයේ ජපානයට ජයග්‍රහණය ලබාදෙමින්ය.
ආතර් වරායට එල්ල වූ ජපන් ප්‍රහාරයෙන් පසුව රුසියානු යුද නෞකාව විනාශවී ඇති අයුරු.
ජපන් හෙදියන්
ජපන් සෙබලුන්
ජපන් සෙබලුන් පිරිසක් තුවාල ලැබූ රුසියානුවෙක් අසල
ජපන් සෙබලුන්
ජපන් හමුදාව කොරියාවේ සෝල් නගරයේ
ජපන් නිලධාරීන්
ජපන් සෙබලුන් පිරිසක් නෞකාවක
එක්සත් ජනපද ජනපති තියෝඩර් රූස්වෙල්ට් විසින් යුද්ධය අවසන් කරමින් රුසියාව සහ ජපානය අතර ගිවිසුමක් ඇති කිරීමට ක්‍රියා කරන ලදි.මෙම ක්‍රියාව අගය කරනු පිණිස පසුව ඔහුට නොබෙල් ත්‍යාගය හිමිවිය.
පහත දැක්වෙන්නේ රුසියානු ප්‍රචාරක පෝස්ටර් කිහිපයකි.නමුත් යුද්ධයේදී සිදුවූයේ ඒවාහි පෙන්වා තිබෙන දේට වඩා හාත්පසින් වෙනස් දෙයකි.
මෙම යුද්ධයේදී ප්‍රංශය ,රුසියාවට මුදල් සහ යුදෝපකරණ සැපයීය.
1905 දී රුසියාව පරදා ලද ජයග්‍රහණය ජපාන හමුදාව සහ අධිරාජ්‍යයා තුල මහත් අභිමානයක් ඇතිකරන්නට සමත්විය.නමුත් මෙම ජයග්‍රහණය පසුකාලයේදී ජපානය,ඉන් දශක ගණනකට පසුව එක්සත් ජනපදයට එරෙහිව යුද ප්‍රකාශ කිරීමට මාර්ගයක් විවෘත කරන ලදි.ජපනුන් 1904දී රුසියානු ආතර් වරායට පහරදුන්නේ පූර්ව දැනුම්දීමකින් තොරවයි.ඉන් වසර 36කට පසුව ඒ හා සමාන අයුරින් ඔවුන් පර්ල් වරායටද පහරදුන්හ.ජපානයේ ව්‍යාප්තියට රුසියාව තර්ජනයක් වූ නිසා ඔවුන් රුසියාව සමග යුද්ධයකට එළඹුණි.දෙවන ලෝක යුද සමයේදී ජපානය එක්සත් ජනපදයට එරෙහිව යුද ප්‍රකාශ කලේදී ඔවුන්ගේ අධිරාජ්‍යය ව්‍යාප්ත කීරීමට එක්සත් ජනපදය බාධා කල නිසාය.මෙම යුද්ධය ජපාන අධිරාජ්‍යය පිහිටුවීමේ මුල්ම පියවර බව එවකට අධිරාජ්‍යයාව සිටි මෙයිජි ප්‍රකාශ කර තිබේ.මෙම යුද්ධයේ ඇමෙරිකානු හමුදා නිරීක්ෂකයන් ලෙස කටයුතු කලේ ලුතිනන් ඩග්ලස් මැකාතර් සහ ඔහුගේ පියා මේජර් ජෙනරල් ආතර් මැකාතර්ය.ආතර් මැකාතර් එක්සත ජනපදයට පැමිණි පසු කියා සිටියේ ඇමෙරිකාවේ අනාගතය ආසියාවත් එහි දූපත් සමගත් බැඳී තිබෙන බවයි.එසේම ජපානයේ අධිරාජ්‍යවාදී ඉදිරිගමන පැසිෆික් කලාපයේ ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්වන බවත් ඔහුගේ නිරීක්ෂණයන්ගෙන් පසුව ප්‍රකාශ කර තිබිණි.
ආතර් මැකාතර් සහ ඩග්ලස් මැකාතර්
තුන්වන කොටසින් හමුවෙමු.
Source:තරුණ සමාජවාදී ප්‍රකාශන - අංක 3
-HarshaLulzSec-