♥♥ ඈ වෙනුවෙන් ලියූ Endless letter ♥♥

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    ♥♥ ඈ වෙනුවෙන් ලියූ Endless letter ♥♥

    දුරුතු මස සීතල.. මීදුම බිදගෙන.. පිය නැගූ හැටි.. අද ඔබට මතකද..:sorry:

    RsJDvkv.png

    මට ඔයාව වටින තරම් ඔයාට දැන් මාව වටින්නේ නෑ කියලා මං දන්නවා රත්තරන්..මං කොච්චර ඇඩුවත් ඒ කදුළු ඔයාට දැන් පෙන්නේ නෑ කියලත් දන්නවා..ඒත් රත්තරන් ඇයි මට බැරි ඔයාට ආදරේ නොකර ඉන්න... ඔයාව අමතක කරන්න.. ඇයි මගේ පැටියෝ මට බැරි... කොච්චර බලන් හිටියත් ඔයා ආයේ මගේ වෙන්නෙත් නෑ වගේ රත්තරන්.. ඉස්සර මාව නොදැක එක දවසක්වත් ගෙවන්න බැරි උන ඔයාට අද මාව කරදරයක් වෙලාද රත්තරනේ කියන්න මට ඇයි මට මෙහෙම කරන්නෙ කියලා..මගෙන් වරදක්වත් උනාද,මන් දුන්න ආදරේ අඩුවක් තිබුනද ඔයාගෙ වෙනසට හේතුවක් කියල යන්න. මට ඔයා වෙනුවෙන් වෙනස් වෙන්න බැරි නෑ.එදා ඉදන්ම මම කලේ ඔයාගෙ සතුට අරක්ෂා කරන එක එහෙවු මගෙ ඇස් වලට මේ කදුලු බර වැඩි උනාට ඒ කදුලුත් මම දරා ගන්නම් ඔයා සතුටින්නම් ඒත් මගෙන් උන වරද මට කියල යන්න... සමහරවිට මට වඩා හොද කෙනෙක් ඔයාගේ ජීවිතේට ලැබිලා ඇති. මම දැන් දන්නෙ නෑ ඔයා මට ආදරෙයිද කියන්න.ඔයාගෙ හිතේ මම ගැන තියෙන්නෙ මොන වගේ හැගීමක්ද කියන්නවත් මම දන්නෙ නෑ.ඒත් මම මගෙ හිත ගැන දන්නවා.මගෙ හිතේ ඔයා ගැන ඇතිවෙලා තියෙන බැදීම කවදාවත් වෙනස් වෙන්නෙ නැති ආදරයක් කියලා මම දන්නවා.මේ ආදරෙන් ජීවිත කාලෙටම මට ලැබෙන්නෙ දුකක් විතරයි.ඒත් ඔයාට ආදරේ කරන මගෙ මේ හිත නතර කරගන්නෙ කොහොමද.හැමදාම දකින ඔයාව මගෙ හිතින් ඈත්කරලා දාලා මම ඉන්නෙ කොහොමද.මට ඒක කරන්න බෑ රත්තරන් කවදාවත්ම.

    මගේ මුලු ජිවිතේම ඔයාගෙ ඇස්දෙක පාමුල තියල මන් නිහඩව ඉන්නම්..මේ අහස් වියන යට තවත් සංසාර කල්පයක් ඔයා මගේම වෙනකන් මන් මග බලාගෙන ඉන්නම්..ඒ ඇයි කියල ඔයා දන්නවද? මන් මගේ පනටත් වැඩිය ඔයාට ආදරේ කරපු නිසා ඉදිරියටත් ආදරේ කරන නිසා..මේ වගේ ලොකු දුකක් මේ පුංචි හිතට දරාගන්න බෑ ඒක ඔයා හොදටම දන්නවනේ ඒ නිසාම වෙන්න ඇති මගෙ හිත රිදෙන පුංචි දේකට උනත් මේ ඇස් වලට කදුලු පිරෙන්නේ.... ඔයාට පුලුවන්ද මගෙ ඇස්දෙක දිහා බලල කියන්නකවමදාවත් මට ආදරේ කලේ නෑ කියලා මගෙන්වත් ඔයාට ආදරයක් දැනුනෙ නෑ කියලා. මම දන්නවා ඔයාට ඒක කියන්න කවදාවත්ම බෑ ඔයා ආදරේ කල තරම මම දන්නව. මන් ආදරේ කරපු තරම් ඔයා දන්නව. අපි අපිට නැතුවම බැරි උන කාලෙ ඔයාට අමතක වෙන්න විදියක් නෑ. ඔයා දන්නවානම් ඉස්සර වගේම අදටත් මං ඔයාට ආදරෙයි කියලා..එත් ඔයා මට ඔයාව අහිමි කලාට මං අදටත් ඔයාට ඒ වගේම ආදරෙයි...ඔව් වස්තුවේ මං ආදරෙයි....ඇයි ඔයා මේතරම් කුරිරු උනේ කියලා මට තේරෙන්නේ නැ....මං මේ ජීවිතේ කොහොමද ගෙවන්නේ...මගේ ඉරණම මොකක්ද...මං කරන්න ඕනි මොකද්ද කියලා මගේ හැම හීනේකම ඉන්න ඔයා ඇයි කියන්නේ නැත්තේ වස්තුවේ...මට කියලා දෙන්න...මේ වගේ අසරණ කමක් ඇයි මගේ ඉරණම උනේ.....

    ඔයා මගෙ ලග හිටිය කාලයටත් වඩා ඔයා මගෙ ලගට එයි කියලා මම බලන් හිටිය කාලය වැඩි උනා. තප්පරෙන් තප්පරෙ ගෙවෙන කාලයට මේ හිත රිදුනා. මේ ඇස් වලට ඔයාව අමතක කරන්න බැරි උනා. මන් අපේ ආදරේ ගැන දහස් ගනන් වචන අකුරු කරද්දි ඔයාට මන් වෙනුවෙන් වචනයක්වත් කියන්න බැරි උනා. ජීවිතේට මේ තරමට හීන එකතු වෙන්නෙ නෑ රත්තරන්, ඒ හීන වලට අයිතිකාරියක් නොහිටියනම්..ඒත් ඒ අයිතිකාරිම ඒ අයිතිකාරයව අමතක කරල ගියෙ ජීවිතේට සතුටක් හොයාගනනම් කමක් නෑ. ඒත් කවදාවත් ඔයාගෙම කියල අයිතිකාරයෙක් ඔයා මැවුව හීන ගොඩක් අස්සෙ අතරමන් වෙලා ඉන්නව කියල අමතක කරන්න නම් එපා..

    hvV9FCk.png
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කියලා වැඩක් නෑ මචන්.
    අපිත් සමහර අය නිසා හැමදාම හිතින් වැලපෙනවා.
    කරන්න දෙයක් නෑ. ඉතින්
     
    • Like
    Reactions: Bad Cop

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ම්ම්ම් මෙහෙමයි... බූට් කාපු අලුතත් ඉන් කාලයක් යනකුනුත් ඒ ආදරේ සුවඳ හෙව්වා තමයි.. හැබැයි දැන් නම් ගානක් නෑ... ඕකට හොඳම බේත කාලය.. කාලය ගතවෙන කොට තියෙන දුක එයාව මතක් වෙන එක එයා නැති පාළුව අඩු වෙනවා.. මෙහෙම එකක් තියෙනවා, තවමත් මම ඉඳලා හිටලා එයාගේ ෆේස්බුක් එකට ගිහින් බලනවා..:rofl: ලොකූ දුකක් නෑ.. එයා ගැන ගෞරවයක් තියෙන නිසා හිත යට ආදරය නැත්තේත් නෑ.. හැබැයි පසු තැවීමක් නෑ. එයා හොඳ කෙනෙක් බැඳලා ඉන්නවා දකින්න කැමතී... (වෙන කොල්ලෙක් නිසා අප වෙන් නොවුනෙමු.මගේම යම් යම් වැරදි නිසා මම ඇයට යන්නට දුනි.... වෙන කොල්ලෙක් නිසා අප පෙම බිඳුණි නම් මා පුකෙන්වත් ගනන් ගන්නේ නැත! )
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    ම්ම්ම් මෙහෙමයි... බූට් කාපු අලුතත් ඉන් කාලයක් යනකුනුත් ඒ ආදරේ සුවඳ හෙව්වා තමයි.. හැබැයි දැන් නම් ගානක් නෑ... ඕකට හොඳම බේත කාලය.. කාලය ගතවෙන කොට තියෙන දුක එයාව මතක් වෙන එක එයා නැති පාළුව අඩු වෙනවා.. මෙහෙම එකක් තියෙනවා, තවමත් මම ඉඳලා හිටලා එයාගේ ෆේස්බුක් එකට ගිහින් බලනවා..:rofl: ලොකූ දුකක් නෑ.. එයා ගැන ගෞරවයක් තියෙන නිසා හිත යට ආදරය නැත්තේත් නෑ.. හැබැයි පසු තැවීමක් නෑ. එයා හොඳ කෙනෙක් බැඳලා ඉන්නවා දකින්න කැමතී... (වෙන කොල්ලෙක් නිසා අප වෙන් නොවුනෙමු.මගේම යම් යම් වැරදි නිසා මම ඇයට යන්නට දුනි.... වෙන කොල්ලෙක් නිසා අප පෙම බිඳුණි නම් මා පුකෙන්වත් ගනන් ගන්නේ නැත! )

    සිරා කතාව.ඊයේ සසල හද විල් තෙර නිසා හද සසල වෙලා අවුරුදු ගානක් ආපස්සට ගියා. මගේ යම් වරදක් හා ඇගේ පවුලෙන් පැමිණි දෑ නිසා එය වෙන්වී ගියා (නමුදු මා අත වරදක් නොමැති බව මා සිත කියයි)
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සිරා කතාව.ඊයේ සසල හද විල් තෙර නිසා හද සසල වෙලා අවුරුදු ගානක් ආපස්සට ගියා. මගේ යම් වරදක් හා ඇගේ පවුලෙන් පැමිණි දෑ නිසා එය වෙන්වී ගියා (නමුදු මා අත වරදක් නොමැති බව මා සිත කියයි)
    past is past හිත හදා ගන්න.. මතු යම් දිනෙක ඔයාට හරියටම ගැළපෙන කෙනා මුණ ගැහේවී...;)