කෙල්ල_හරියට_කතා_බහක්_නෑ_බන්

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කෙල්ල_හරියට_කතා_බහක්_නෑ_බන්

    මචං ගෙදරින් පුදුම වදයක් තියෙන්නේ කසාදයක් කරගන්න කියල. මටනම් කිසිම උවමනාවක් තිබ්බෙ නෑ ඔයවගේ දේවල් වලට. ස්කෝලෙ කාලෙවත් මට කිසිම ලව් එකක් තිබ්බෙ නෑ. කොහොමත් මම ඉස්සර ලැජ්ජ කාරය. ඒත් ඒ ගති දැන් නම් නෑ :lol:

    මේකයි සීන් එක මම යාලුවෙන්නෙත් නැති නිසා ගෙදරින් බලල කෙල්ලෙක්. කෙල්ල ගොවිජනසේවා එකේ අලුත පත්වීම් ලැබිච්ච කෙල්ලෙක්. මට වඩා අවුරුදු 3 හමාරක් විතර බාලයි. සුදු නෑ තලෙලුයි. අනිත් ඒව ඕකකොම හොදයි.:) කෙල්ලව බලන්න ගිය දවසෙ එච්චර ගානක් නැති උනාට ගෙදර ආපු දවසෙ ඉදන් ඒ ළමයව මතක් වෙන්න ගත්ත. පස්සෙ නමබර් එක ඉල්ල ගත්ත නිසා මම කතාත් කරා.

    හැබැයි මචංල කවදාවත් නැති ප්‍රශ්න ටිකක් ආව මේ දවස්ටිකට.

    මොකද කියනවනම්. මම විතරයි හැම තිස්සෙම කෝල් ගන්නේ එයා එක සැරයක්වත් ගන්නේ නෑ. :dull::no: මම මැසේජ් කරත් එක්කෝ රිප්ලයි කරන්නේම නෑ. නැත්නම් සෑහෙන්න පරක්කු වෙලා. සමහර විට දවසකින් විතර පස්සෙ හෙනම පොඩි රිප්ලයි දාන්නේ. :oo::baffled: මම පල්හෑලි ලිව්වට ඒකි එවන්නේ වචන එකේ දෙකේ එවා. :(:sorry:

    දවල්ට කොල් කරතෝ එක්කො උස්සන්නේ නෑ නැත්නම් මම දැන් බිසී කියල තියනව. රෑට කතා කොලොත් මට දැන් නිදි මත් පස්සෙ කතා කරපු කියනව. :frown::nerd::( හැබැයි හවස 7-8ටත් කතා කරොත් නම් ටිකක් වෙලා කතා කල හැකි.

    ඔය එක අවලක්.

    අනිත් අවුල මගේ.

    මටත් මචං කතාවක් ඉන්ටරෙස්ටින් විදියට දිගටම ඇදන් යන්න වෙන්නේ නෑ. කටට වචන එන්නේ නෑ. ලෝක අමාරුවෙන් තමයි ඇදන් යන්නේ. ඔක්කොටම වඩා පට්ට අමාරුයි මොකද මම විතරයි ප්‍රශ්න අහන්නේ එයා මොකවත් අහන්නෑ. :oo::dull:

    ඉතින් මට තේරුනේ මේක හරියන එකක්නෑ වගේ නිසා. මම ගෙදර ගියා ගිය සුමානේ වීක් එන්ඩ් එකේ. ගිහින් ටිකක් කතා කර කර හිටිය. ඒ වෙලාවෙ නම් කිසි අවුලක් පෙනුනේ නෑ. මගෙනුත් එක එක දේවල් ඇහුව. හැබැයි එයා මාර ප්‍රොෙටක්ටිව් වගේ. මම අත ටිකක් අල්ලන්න හැදුවම ටක්ගාල ඇදල ගත්ත. :no::growl:

    මම එයාට කතා කරන බව ගෙදරින් දන්නව. එයාල තව තවත් බලාපොරොත්තු ඇති කරගෙන :dull: දැන්නම් බන් කතා කරන්න එපා වෙලා තියෙන්නේ. එයාගෙන් කිසි සපෝට් එකක් නෑ බන් කතා කරනකොට. එදා මම ඇහුවත් එක්ක ඔයා ඇයි එහෙම කරන්නේ සහ මට කැමති නැද්ද කියල. හිනා වෙනව විතරයි හරිහමන් උත්තරයක් දෙන්නෑ :growl: එත් එදා මන් කියල ආවෙ ඔයා අකමැතිනම් මට කෙලින්ම කියන්න. මට බලෙන් මේක කරගන්න කිසිම උවමනාවක් නැතෙයි කියල. එදා හවස හැබැයි මට මිස්කෝල් එකක් එවල තිබ්බ. ඒ වෙලේ ගෙදර ඔෆිස් එකේ :lol: පස්සේ මම ගත්තම නම් එයා ටිකක් කතා කලා. මේ වගේ හැම වෙලේම කතා කරනවනම් කියල හිතුන. ඒත් ඒක කන්ටිනුයි කරේ නෑ.

    අනේ මංද බන් එදා චංඩිය වගේ අරෙහෙම කියල ආවට. දැන්නම් මේ කෙල්ල ගැන මට මොකක්ද මෙව්ව එකක් වෙලා වගේ. රෑට නින්ද යනවත් හොරයි. ඒ කෙල්ල ගැනමයි මතක් වෙන්නේ. :sorry:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    හරියන්නේම නැත...​
    :sorry:
    යකෝ පලවෙනි දවසෙම අත අල්ලන්න ගියාද උඹ :shocked: උඹට අසහනේ කියල හිතුවද දන්නේ නෑ. :lol:
    මටත් හිතුන බන් එහෙම. දෙන්න එක්ක කතා කර කර ගෙදර පිටිපස්ස හරියෙ එහාට ඇවිද ඇවිද හිටියෙ. ඉතින් මගේ දකුනු අතයි එයාගෙ වම් අතයි ගෑවී නොගෑවී තිබ්බෙ. එයා හැම වෙලේම අත් දෙකම එකතු කර කර කතා කරන්නේ. පහලට දාල ඉන්න වෙලේ නිකමට වගේ ඇල්ලුනා බන්. එයත් හෙන ෆ්‍රෙන්ඩ්ලි විදියට කතා කර කර හිටියේ එවේ. ඒනිසා බයකුත් තිබ්බෙ නෑ. :(
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    නිකන් වටේ කැරකෙන්න ඕනි නෑ බන් ප්‍රපෝසල් එකක් නෙ .කෙලින්ම අහපන් අකමැති නම් කියන්න කියලා .උබත් එකි හරියටම කියනකම් ඕක සීරියස් ගන්න එපා .අනික පොඩ්ඩක් හොයලා බලපන් උබත් කෙල්ල ගැන ගෙදරින් කියන එකම බලාගෙන ඉන්නෙ නැතුව .
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    නිකන් වටේ කැරකෙන්න ඕනි නෑ බන් ප්‍රපෝසල් එකක් නෙ .කෙලින්ම අහපන් අකමැති නම් කියන්න කියලා .උබත් එකි හරියටම කියනකම් ඕක සීරියස් ගන්න එපා .අනික පොඩ්ඩක් හොයලා බලපන් උබත් කෙල්ල ගැන ගෙදරින් කියන එකම බලාගෙන ඉන්නෙ නැතුව .

    මම හොයල බැලුව බන්. කෙල්ල නම් හොඳයි. එහෙම අවුලක්නෑ. චාම් කෙල්ල
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    නිසි වයසට නිසි දේවල් කලේ නැති උනාම ඔහොම වෙනවා
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    කඩ්ඩ බැරි එකා;19457759 said:
    මම නාකි නෑ බන් තාම විසි ගනන්. ;)

    ඒක ගැන නෙවෙයි කිව්වෙ ජීවිතේට කෙල්ලෙක් ඉඳල නැති එක ගැන අඩුම තරමෙ ට්‍රයි කරලවත් නැති එක ගැන.අත්දැකීම් අඩු උනාම මොනාද කරන්නෙ කියල හිතා ගන්න බෑ. දැන් උඹම කියල තියෙනවනෙ ඒකි එක්ක කතාව දිගට කරගෙන යන්න තේරෙන්නෙ නෑ කියල.අනික මොන ගොන් තඩියද එක දවසක් ෆිට් එකේ කතා කලා කියල අත අල්ලන්න යන එකා.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කඩ්ඩ බැරි එකා;19457739 said:
    :sorry:

    මටත් හිතුන බන් එහෙම. දෙන්න එක්ක කතා කර කර ගෙදර පිටිපස්ස හරියෙ එහාට ඇවිද ඇවිද හිටියෙ. ඉතින් මගේ දකුනු අතයි එයාගෙ වම් අතයි ගෑවී නොගෑවී තිබ්බෙ. එයා හැම වෙලේම අත් දෙකම එකතු කර කර කතා කරන්නේ. පහලට දාල ඉන්න වෙලේ නිකමට වගේ ඇල්ලුනා බන්. එයත් හෙන ෆ්‍රෙන්ඩ්ලි විදියට කතා කර කර හිටියේ එවේ. ඒනිසා බයකුත් තිබ්බෙ නෑ. :(

    mehema deyak thiyanawa machan samahara 2ta ganinna ba wage kello hoda hoda adau allapu eun.. mekasira deyak.. uba kokatath kella gana hoyala balapan thawa
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,352
    609
    113
    Colombo
    මේක අදහසක් විතරයි, කෙල්ලව පොඩ්ඩක් මග ඇරලා ඉඩපන්කො. එතකොට ඒකිගේ ප්‍රතිචාර බලාගන්න පුළුවන්.