forex වලින් ගොඩ යන්න...............

ඇත්තටම forex වලින් ගොඩ යන්න අවශ්‍ය උනත් අඳුරෙ අතපත ගගා ගොඩ යන්න ගිහින් ඇණගන්න අය වැඩි. ඒ මාත් ඇතුලුවමයි. මුල්ම කාලෙදි හොඳට ඇන්දුනා. අපෙ අය ගොඩාක් දක්ෂයිනෙ ඒ වැඩේට. තමන්ගෙ ref link එකෙන් acc එක හදාගෙන සල්ලිත් දැම්මට පස්සෙ තමන් ගොඩනෙ. ඒ ඇති කියල හිතන උන් ඉන්නව.
forex ගැන ඕන තරම් ලියපු අය හිටියත් ඒව ගැන කියල දුන්නම search කරන්න කම්මැලි කමට ඒ හැම එකේම link ඉල්ලන උනුත් ඉන්නව. ක්‍රමයක් ගැන කියල දුන්නම acc එකේ තියෙන සල්ලි ගාන, හොයපු ගාන ගැන තහවුරු කරගන්න දඟලන අයත් ඉන්නව. ඒව හින්දමද මන්ද ගොඩාක් අය ත්‍රේඩ් දාන්නෙ නැත්තෙත්. මුදලාලි වේශයෙන් ඉන්න අය මොකක් හරි දැම්මම හුරේ දාන්නත් වෙන කවුරු හරි කියල දෙන්න ගියොත් බාල්දි පෙරලන්නත් අම්ම මතක් කරල රෙප් බම්බුව කපන්න බලාගෙන ඉන්න අයත් ඉන්නව.
කමක් නෑ මොන මඟුලක් හරි වෙන්න මේ ත්‍රේඩ් එකත් දානව.
ඇත්තටම forex වලින් ගොඩ යන්න ඕනනම් මූළිකාංග ගැන අවබෝධයක් තියෙන්න ඕන. ඒව ගැන ඕන තරම් අය ඕනවටත් වඩා කියල දීල තියෙනව මම දැකල තියෙනව. ඒ නිසා ආයෙ ආයෙම ඒ ගැන කිය කියා ඉන්න එකේ තේරුමක් නෑනෙ.
ඒ දේවල් වලින් සන්නද්ධ උනාට පස්සෙ අපිට තියෙන්නෙ forex කියන යුද්ධ භූමියට බැහැල සටන් කරන්න. සටනකට බහින්න කලින් මොනාද අපි කරන්න ඕන?
අන්න හරි. පළමුවෙන්ම අපි සටන් බිමේ තියෙන තත්වය ගැන අවබෝධයක් ලබාගන්න ඕන. හොඳයි forex වලදි ඒකට කියන්නෙ
1. වෙළඳපොල ආකෘතිය හඳුනා ගැනීම.
හොඳයි සටන් බිමේ තත්වය ගැන අවබෝධයක් ලබාගත්තට පස්සෙ අපි බලන්න ඕන මොකක්ද? අපිට ජයග්‍රහණයක් ලබන්නනම් කඩා වදින්න ඕන කොතනටද කියන එක. සටන් බිමේ සමහර තැන්වලට යන එක තේරුමක් නෑ. ඒක අපි forex වලදි ට්‍රේඩ් එකක් open කරන්න හදනව වගේම තමයි. සුදුසු තැන බලල ඒ හැරවුම් ලක්ෂ්‍යයට පහර දුන්නොත් තමයි අපේ පණත් බේරගෙන ජයක් ලබන්න පුලුවන් වෙන්නෙ. ඒක forex වලදි කියවෙන්නෙ කොහොමද?
2. හැරවුම් ලක්ෂ්‍යය හඳුනා ගැනීම.
හරි දැන් හැරවුම් ලක්ෂ්‍යයත් හඳුන ගත්තනෙ අපි. දැණ් මොකද කරන්නෙ? දැන් සංඥාව ලැබෙනතුරු ඉන්න වෙනවා. හොඳයි ඒක forex වලදි කියවෙන්නෙ කොහොමද බලමු.
3.සංඥාව ලැබෙනතුරු සිටීම.
හරි දැන් එතකොට ට්‍රේඩ් එකක් open කරන්න ඉස්සර වෙලා අපි මේ කාරණා තුනම ගැන සලකා බලන්න වෙනව. මොනවද ඒ?
1. වෙළඳපොල ආකෘතිය හඳුනා ගැනීම. [Identify market structure]
2. හැරවුම් ලක්ෂ්‍යය හඳුනා ගැනීම. [Identify turning point]
3. සංඥාව ලැබෙනතුරු සිටීම. [Trade signal]
ඉතුරු ටික හෙමීට දාන්නම් මචන්.
update

මුලින්ම බලමු මේ වෙළඳපොල ආකෘතිය හඳුනාගැනීම කියන්නෙ මොකක්ද කියල. අපි භාවිතා කරන චාට් එකේ සම්පුර්ණ චිත්‍රය අපි දැකගන්න එක තමයි ඒ. ඒකෙන් අපිට පුලුවන් මාකට් එකේ trend එක එහෙමත් නැතිනම් ප්‍රවණතාවය හඳුනාගන්න. සරළවම බැලුවොත් මේ වෙද්දි මාකට් එකේ දිශාව හඳුනාගන්න පුලුවන්කම ලැබෙනව. අලුතින් මාකට් එකට එන ගොඩාක් දෙනෙක් මේ දිශාව නිවැරදිව හඳුනගන්නෙ නෑ. හඳුනාගන්න දන්නෙත් නෑ.
මාකට් එකේ දිශාව සමහරු තීරණය කරන්නෙ ඉන්ඩිකේටර් එකට අනුව.ඒත් ඒක මොනතරම් දුරට හරිද වැරදිද කියල එහෙම කල අයට තේරුම් ගිහින් ඇති. ඉන්ඩිය අනුව අපි දාපු ට්‍රේඩ් ලොස්ට් උනු වාර ගණන මතකනම්.
පලවෙනිම කාරණේ තමයි මාකට් එකේ දිශාව අඳුනගන්නනම් අපි භාවිතා කරන්න ඕන දිගු වේලාවක් සහිත චාට්. ඒව අපි දන්නව. ඒ m1 w1 d1 චාට්. ඒවා අධ්‍යනය කලාම අපිට අනෙක් වේලාවන් සහිත චාට් ගැන වැඩි අවබෝධයක් ගන්න පුලුවන්. මේ වෙද්දි පේන්න තියෙන චිත්‍රයේ ස්වභාවය ගැන අවබෝධයක් තියෙන නිසාම.
හරි අපි දැන් බලමු මේ චාට්වල දිශාව අඳුන්ගන්න අපට උපකාරී වෙන්නෙ මොනවද කියල? බොහොම සරළව ගත්තොත් මෙතනදි අපට බලාගන්න වෙන්නෙ ක්‍රම 3ක් ගැන විතරයි.
1.ඉහළ යන වෙළඳපොල.[Bull Market]
2.පහල යන වෙළඳපොල [Bear Market]
3.සමාන්තර වෙළඳපොල.[Sideway/Ranging Market]
දැන් බලමු Bull Market එකක් ගැන.
1.ඉහළ යන වෙළඳපොල.[Bull Market]
මේ චාට් එක පොඩ්ඩක් බලමු.
මේක ඉහළට යන මාකට් එකක්නෙ. මෙතනදි වෙන්නෙ Higher highs & higher lows කියනදේ. දැන් මේ කතා කරන්නෙ Price Action ගැන. මෙතන රතු ඩොට් වලින් පෙන්නන්නෙ HH[Higher highs] කියන එක. එතකොට ලා නිල් පාටින් දාල තියෙන ඩොට් වලින් පෙන්නන්නෙ HL[higher lows].
update...2015/12/28
2.පහල යන වෙළඳපොල [Bear Market]
මේකෙදි වෙන්නෙ ඉස්සරවෙලා දක්වල තිබ්බ දේවල් අනිත් පැත්තට හැරෙන එක. රතු පාට ඩොට් වලින් පෙන්නන්නෙ LH. ලා නිල් පාටින් පෙන්නන්නෙ LL. මේක පහල යන මාකට් එකක්නෙ. ඉතින් බොහෝ දෙනෙක් මේකෙදි කරන්නෙ SELL කරන එක තමයි. බලමු මේ චාට් එක.

චාට් එක බලලම ඉමු. මොකද හිතෙන්නෙ. රේල් පීළි දෙකක් අතරෙ යනව වගෙයි නේද?
චාට් කියන ඒවා න්‍යායන් පමණක් බව අපි තේරුම් ගන්න ඕන. හේතුව මුදල් වෙළඳපොල ඊට අදාල වන ඕනෑම කරුණකට අධි සංවේදීවීමයි. න්‍යායයන් ඉගෙනගත්තට ඒවා ක්‍රියාත්මකවීමේදී බොහෝ වෙනස්කම් වෙන්න පුලුවන්. ඒ නිසා කිසිම චාට් එකක් ඔලුවෙ තියාගෙන ඒ විදියටම මේ මාකට් එක හැසිරෙයි කියල හිතල ට්‍රේඩ් කරන්න යන්නනම් එපා. හේතුව අපි මේ කතා කලේ ආකෘතිය ගැන පමණක් නිසා.
ඊලඟට අපි බලමු හැරවුම් ලක්ෂ්‍ය ගැන ඊලඟ අප්ඩේට් එක දැම්මම.

Last edited: