මේ ටිකේ ත්‍රෙඩ් ගොඩක ඌරෝ ගැන මතක් කරලා තිබ්බ නිසා දාන්න හිතුනේ.
.මෙන්න රසම රස ඌරු මස් ස්ටේක් එකක් හදා ගන්න හැටි.
.මෙන්න රසම රස ඌරු මස් ස්ටේක් එකක් හදා ගන්න හැටි.
මුලින් පෝක් හිනි පෙත්තට වගේ කපා ගන්න.හොදින් සෝදා වතුර ගතිය යන්න තියා එකට ගම්මිරිස් කුඩු /රස අනුව ලුණු /කුරුදුපොතු ටිකක් /කරදමුංගු ටිකක් /විනාකිරි ටිකක් /රම්පේ කැලි 2-3 /ඉගුරු සුදුලුනු ටිකක් දමා හොදින් මිශ්‍ර කරන්න.අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා හොදින් මස් ටික තම්බා ගන්න.මස් හොදින් තැම්බි වතුර හිදි ගියාම එකට රවුමට කපා ගත්ත ලුනු /රවුමට කපා ගත් මාලු මිරිස් හා කරපිංචා හා දිග අතට කපා ගත්ත අමුමිරිස් දමා හොදින් මිශ්‍ර කරන්න.නැවත රස බලා ලුණු /ගම්මිරිස් කුඩු හා අබ පවුඩර් ටිකක් දමා ගෙන හොදින් කලවම් කරන්න.මස් වල තෙල් ගතිය තියෙනවා නම් ඒ තෙල් වලින්ම දමා ගත් ලුනු ටික හොදින් බැදෙන්නට හරින්න.තෙල් ගතිය අඩු නම් තෙල් ඇබින්දක් දමා එ විදියට ලුනු ටික බැදෙන්නට හරින්න..
source:
Kanchi Kitchen (FB page)


