මේ අපේ උදාර වූ මාතෘ භූමියයි...
කාලෙකට පස්සෙ හා හාපුරා කියල මේ අවුරුද්දෙ දාන අවසාන ත්‍රෙඩ් එක...
පහු ගිය අවුරුදු වල එහෙ මෙහෙ ගිහින් මමම ගත්තු පින්තූර වගයක් හම්බ උනා අස්සක තිබිලා.. ඒ ටික ඉතින් වෙනද වගේම එලකිරියත් එක්ක බෙදා හදා ගන්න හිතුව..
සමහර ඒව නම් කලින් ත්‍රෙඩ් වලත් පොස්ට් කරල තියෙනවා.. ඒවයෙ නොතිබුණ පින්තූරත් ගොඩක් තියෙයි...
අනුරාධපුර, අම්පාර, මහනුවර, ගාල්ල, කඩුගන්නාව, මැදමහනුවර වගේම කොළඹ අවට තැන්වල වල ඇවිදින ගමන් ගත්ත ඒවත් මෙතන තියෙනව.. මම ඉතින් වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් නොවන නිසාත්, සුපුරුදු පරිදි මේ හැම එකක්ම ගත්තෙ මෙගා පික්සල් තුනේ ජංගමෙන් නිසාත් උපරිම තත්ත්වේ නම් නෑ...
පුංචි බඩ්ඩක් කියන්නත් තියෙනවා.. ත්‍රෙඩ් එක ඉවර වෙද්දි ඒ ගැන කියන්නම්...
මම දැන් කියන්න තියෙනව කිව්ව බඩ්ඩත් කියන්නම්...
මේ පින්තූර දැක්කාම හිතට අමුතු හැඟීමක් දැනෙනව නේද අපි ඉන්න අපේම පුංචි රට ගැන... පින්තූර වල ලස්සන නොපෙනුනාට (මගේ නොහැකියාව) ඇත්තටම දකින්න ආස හිතෙන ගිහින් බලන්න හිතෙන තැන් ගොඩක් තියෙනව නේද..?
යන්න..! පුලුවන් වෙලාවක ඒ හැම තැනක්ම ගිහින් බලන්න... හැබැයි කිසිම දෙයක් ඒ තැන්වල දාල එන්න එපා... අපේ දේවල් ඒ තැන් වලට අවශ්‍ය නෑනේ... කෑම ටික උස්සගෙන යන්න පුලුවන්නම්, ඒව ඔතපු කොළ කෑල්ල කුණු දාන තැනක් හම්බ වෙනකන් ආපහු අරන් එන්න බැරි කමක් නෑ නේද..? මම නිතරම කියනව වගේ අපිට අනුන්ගෙන් වැඩක් නෑ.. මුලින් අපි හැදිල හිටියාම ඒ දිහා බලාගෙන හැදෙන පිරිසකුත් නිකම්ම හැදෙයි...
අපි අපේ ආගමට ජාතියට ආදරෙයි කියල කියන්න සිංහ කොඩියක් දාගෙන ස්ටිකර් එකක් ගහගන්නේ අපේ ආගම ජාතිය ගැන තියෙන පුංචි ආඩම්බරේකුත් එක්කයි... අපි එහෙම කරන්නේ අපි අපේ ආගම ජාතියට ආදරේ කරන මිනිස්සු කියන එක ගැන අනිත් අයටත් බොහොම ආඩම්බරෙන් පෙන්නල දෙන්නනේ... අපි කරන ඒ දේවල් හැමෝටම පෙනුනට, අපි කොහෙහරි ගිහින් ආපහු එනකොට ඒ ගිය තැන අපිරිසිඳු කළේ නෑ කියන එක කවුරුත් දන්නේ නෑ.. මම නම් කියන්නේ කාටත් නොදැනෙන්න අපි කරපු අන්න ඒ දේ ගැන නිහඬව සතුටු වෙන්න කියන එකයි... ආගමට ජාතියට පන පන වගේ ආදරේ කරන අපිට, අපේ රටට ආදරේ කරන්න අමතක වෙන එක ලොකු අපරාධයක්....
අපිනම් කොහේ ගියත් ගිය තැනින් ආපහු එන්නේ ඒ තැන තිබුණ විදිහටම තියලයි... ආගන්තුක කිසිම දෙයක් ඔහේ අත ඇරල දාල එන්නෙ නෑ..
ඒත් අපි එහෙම කළා කියන එක කවුරුවත් දන්නෙත් නෑ.. අපිට ඒකෙන් වැඩකුත් නෑ... ඒත් පුංචි සතුටක් හැමෝටම හොරෙන් හිත ඇතුළෙ තියෙනව අපි එනකොට තිබුණ ලස්සන අපි අතින් විනාස උනේ නෑ කියල..... පුලුවන්නම් ඕගොල්ලොත් ඒ සතුට විඳ ගන්න බලන්න...
කවුරු කොහොම කිව්වත් අපේ රට ගොඩක් ලස්සනයි... ඒත් ඒ ලස්සන රැක ගන්න හැමෝම උත්සහ නොකරන එකයි වැරැද්ද.. ඇඟිලි දික් කර කර ඉන්නෙ නැතුව පුලුවන් හැටියට අපි හරි ඒක පිරිසිඳුව තියා ගන්න උත්සහ කරමු...!
එහෙනම්..
ලබන්නාවූ අලුත් අවුරුද්ද එලකිරිවාසී සියලුම දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක්ම වේවා කියල ප්‍රාර්තනා කරන ගමන් මේ අවුරුද්දෙ ට්‍රිප් යනකොට මේ ත්‍රෙඩ් එකත් යන්තන් හරි මතක් වේවා කියල මම සමු ගන්නවා..!
මොනවහරි කියන්න හිතුනනම් ඒක කියල යන්න අමතක කරන්නත් එපා...
එහෙනම් තව පැය කිහිපයකින් උදාවෙන 2016 නව වසර
හැමෝටම
සාමය සතුට සෞභාග්‍ය පිරි සුබම සුබ නව වසරක් වේවා..!
මීට හිත මිතුරු
“RichLife”
පහු ගිය අවුරුදු වල එහෙ මෙහෙ ගිහින් මමම ගත්තු පින්තූර වගයක් හම්බ උනා අස්සක තිබිලා.. ඒ ටික ඉතින් වෙනද වගේම එලකිරියත් එක්ක බෙදා හදා ගන්න හිතුව..
සමහර ඒව නම් කලින් ත්‍රෙඩ් වලත් පොස්ට් කරල තියෙනවා.. ඒවයෙ නොතිබුණ පින්තූරත් ගොඩක් තියෙයි...අනුරාධපුර, අම්පාර, මහනුවර, ගාල්ල, කඩුගන්නාව, මැදමහනුවර වගේම කොළඹ අවට තැන්වල වල ඇවිදින ගමන් ගත්ත ඒවත් මෙතන තියෙනව.. මම ඉතින් වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් නොවන නිසාත්, සුපුරුදු පරිදි මේ හැම එකක්ම ගත්තෙ මෙගා පික්සල් තුනේ ජංගමෙන් නිසාත් උපරිම තත්ත්වේ නම් නෑ...

පුංචි බඩ්ඩක් කියන්නත් තියෙනවා.. ත්‍රෙඩ් එක ඉවර වෙද්දි ඒ ගැන කියන්නම්...

මම දැන් කියන්න තියෙනව කිව්ව බඩ්ඩත් කියන්නම්...

මේ පින්තූර දැක්කාම හිතට අමුතු හැඟීමක් දැනෙනව නේද අපි ඉන්න අපේම පුංචි රට ගැන... පින්තූර වල ලස්සන නොපෙනුනාට (මගේ නොහැකියාව) ඇත්තටම දකින්න ආස හිතෙන ගිහින් බලන්න හිතෙන තැන් ගොඩක් තියෙනව නේද..?
යන්න..! පුලුවන් වෙලාවක ඒ හැම තැනක්ම ගිහින් බලන්න... හැබැයි කිසිම දෙයක් ඒ තැන්වල දාල එන්න එපා... අපේ දේවල් ඒ තැන් වලට අවශ්‍ය නෑනේ... කෑම ටික උස්සගෙන යන්න පුලුවන්නම්, ඒව ඔතපු කොළ කෑල්ල කුණු දාන තැනක් හම්බ වෙනකන් ආපහු අරන් එන්න බැරි කමක් නෑ නේද..? මම නිතරම කියනව වගේ අපිට අනුන්ගෙන් වැඩක් නෑ.. මුලින් අපි හැදිල හිටියාම ඒ දිහා බලාගෙන හැදෙන පිරිසකුත් නිකම්ම හැදෙයි...
අපි අපේ ආගමට ජාතියට ආදරෙයි කියල කියන්න සිංහ කොඩියක් දාගෙන ස්ටිකර් එකක් ගහගන්නේ අපේ ආගම ජාතිය ගැන තියෙන පුංචි ආඩම්බරේකුත් එක්කයි... අපි එහෙම කරන්නේ අපි අපේ ආගම ජාතියට ආදරේ කරන මිනිස්සු කියන එක ගැන අනිත් අයටත් බොහොම ආඩම්බරෙන් පෙන්නල දෙන්නනේ... අපි කරන ඒ දේවල් හැමෝටම පෙනුනට, අපි කොහෙහරි ගිහින් ආපහු එනකොට ඒ ගිය තැන අපිරිසිඳු කළේ නෑ කියන එක කවුරුත් දන්නේ නෑ.. මම නම් කියන්නේ කාටත් නොදැනෙන්න අපි කරපු අන්න ඒ දේ ගැන නිහඬව සතුටු වෙන්න කියන එකයි... ආගමට ජාතියට පන පන වගේ ආදරේ කරන අපිට, අපේ රටට ආදරේ කරන්න අමතක වෙන එක ලොකු අපරාධයක්....

අපිනම් කොහේ ගියත් ගිය තැනින් ආපහු එන්නේ ඒ තැන තිබුණ විදිහටම තියලයි... ආගන්තුක කිසිම දෙයක් ඔහේ අත ඇරල දාල එන්නෙ නෑ..
ඒත් අපි එහෙම කළා කියන එක කවුරුවත් දන්නෙත් නෑ.. අපිට ඒකෙන් වැඩකුත් නෑ... ඒත් පුංචි සතුටක් හැමෝටම හොරෙන් හිත ඇතුළෙ තියෙනව අපි එනකොට තිබුණ ලස්සන අපි අතින් විනාස උනේ නෑ කියල..... පුලුවන්නම් ඕගොල්ලොත් ඒ සතුට විඳ ගන්න බලන්න...කවුරු කොහොම කිව්වත් අපේ රට ගොඩක් ලස්සනයි... ඒත් ඒ ලස්සන රැක ගන්න හැමෝම උත්සහ නොකරන එකයි වැරැද්ද.. ඇඟිලි දික් කර කර ඉන්නෙ නැතුව පුලුවන් හැටියට අපි හරි ඒක පිරිසිඳුව තියා ගන්න උත්සහ කරමු...!

Last edited: