අලුත් අවුරුද්ද හා ජ්‍යෝතිෂය

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අලුත් අවුරුද්ද හා ජ්‍යෝතිෂය

    ඇතුලටම එමුකො කාට කාටත් වැදගත් වෙයි.

    gNYUhdK.png

    ඔන්න එහෙනම් හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා වැඩේ පටන් ගත්ත..

    කට්ටිය අවුරුදු පලාපල බලන්න හිතන් ආවනම් සොරි වෙන්න ඕනා. මේ ඒ ගැන වුනාට පලාපල නම් නැත.
    කට්ටියම අද උදේ රූපවාහිනියෙන් අහගෙන ඉන්න ඇතිනේ තම තමන්ගේ අවුරුදු පලාපල. ගිය අවුරුද්දෙත් අහගෙන ඉන්න ඇතිනේ නේද? මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්කො ඔය පලාපල හරි ගිය අය කි දෙනෙක් ඉන්නවද? මම නිවැරදි නම් ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 20%-30% වගේ ඇති. එහෙනම් ඇයි මේ පලාපල වරදින්නේ? මේවා වරදිද්දී ඇයි රුපවාහිනියේ දාන්නේ?

    අපි මෙහෙම ගණන් හදලා බලමු පෘථිවියේ වට ප්‍රමානය ආසන්න වශයෙන් හැතැප්ම 25000ක් විතර වෙනවා. සෙනසුරු ග්‍රහයාට ඇති දුර ආසන්න වශයෙන් හැතැප්ම 80000000 විතර. පෘථිවියේ සිට මෙම දුර අරය වශයෙන් ගෙන ගෙන රවුමක් ඇන්දොත් එහි ප්‍රමානය හැතැප්ම 5000000000 (පන්සිය කෝටියක් :shocked:) රාශි 12ක් නිසා එක රාශියක ප්‍රමානය ආසන්න වශයෙන් පෘථිවි පෘශ්ඨය ආසන්නයෙදී හැතැප්ම 2000 ක් විතරත් (25000/12 ලෙස) සෙනසුරු ග්‍රහයා ආසන්නයේදි හැතැප්ම 400000000 (හතලිස් කෝටියක්) ප්‍රමානයක් (5000000000/12) විතරත් වෙනවා.

    Au13tHk.jpg


    මේ කොටස ඇතුලේ කොටිගානක් දෙනා ඉපදිලා තියන අතර මේ හැමෝගෙම හඳහන් එකකට එකක් වෙනස්. ඉතින් පොදුවේ පලාපලයක් කියන්නේ කොහොමද?

    දැන් හිතනවා ඇති එහෙනම් මොන මගුලකටද මේවා රුපවාහිනියේ පෙන්නන්නේ කියලා. ඇත්තටම මේ සතියෙන් සතියට පොදු පලාපල කියන එක ආරම්භ වෙන්නේ ඉන්දියාවෙන්. සති අන්ත පත්තර විකුණගන්න කරපු වැඩක්. දැන් රේටින් ගන්න සහ මුදල් උපයන්න කරන වැඩක්. එක නිසා ඔය ටීවී එකේ කියන පලාපල ගැන හිතලා විස්සෝප වෙන්ට ඕනේ නැ.

    තමන්ට ඇත්තටම හොඳද නැද්ද කියලා දැනගන්න ඕනෙනම් තමන්ගේ ගෙවල් ළඟ ඉන්න ජ්‍යෝතිෂ වේදියා මුණ ගැහිලා දැනගෙන අපලයක් තියනවනම් කරගන්න තියන ශාන්ති කර්මය කරගෙන අපලය අමතක කරලා දාලා තමන්ගේ ගමන යන්න. සමහර අවස්ථාවල තමන්ට වැඩිපුර ලැබීම තියන ක්ෂේත්‍රය තොරගන්නත් ජ්‍යෝතිෂ වේදියා උපකාර වෙයි.

    මම නම් අලුත් අවුරුද්දේ ඔයාලට කියන්නේ ග්‍රහයන්ට වහල් නොවී ග්‍රහයන්ගෙන් හරියට වැඩ ගන්න ක්‍රමය ඉගෙනගන්න. එහෙම වුනාම තමනුත් රැකෙනවා දියුනුත් වෙනවා.

    එහෙනම් හැමෝටම තෙරුවන් සරණින් සියලු දෙවිදේවතාවුන්ගේ ආරක්ෂාවෙන් සියලු කාර්ය ඉටුවෙන සුභ අලුත් අවුරුද්දක් වේවා!

     
    • Like
    Reactions: akilar25

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ග්‍රහයෝ කියන්නේ අපිට බලපාන දේවල් 5න් එකක් විතරයි....අනික් 4න් වන බලපෑමත් එක්ක කේන්දර මත්තෙම ඉන්න එක බොරු වැඩක්..ඒත් එව්වාගෙන් අනාගතේ 100%ක් කියන්න බෑ...හැබැයි අතීතේ ගන නම් පුලුවන්..අතීතේ කියන්න අපි දැනටමත් දන්න දේවල්නේ.. අනාගතේ ගැන හරියටම තියන්න කාටවත් බෑ...
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    ග්‍රහයෝ කියන්නේ අපිට බලපාන දේවල් 5න් එකක් විතරයි....අනික් 4න් වන බලපෑමත් එක්ක කේන්දර මත්තෙම ඉන්න එක බොරු වැඩක්..ඒත් එව්වාගෙන් අනාගතේ 100%ක් කියන්න බෑ...හැබැයි අතීතේ ගන නම් පුලුවන්..අතීතේ කියන්න අපි දැනටමත් දන්න දේවල්නේ.. අනාගතේ ගැන හරියටම තියන්න කාටවත් බෑ...
    :yes::yes::yes:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජෝතිශය කුමන ආකරයිකින් විශ්වාස කල යුතුද නැද්ද නොතේරෙ

    ජ්‍යෝතිෂ යනු මාර්ගෝපදේශනයක් ලබාදෙන එක ක්‍රමයක් ලෙස භාවිතා කරන්න. අපලය් තිබේ නම් ලතවෙමින් කල් නෑර ප්‍රති කර්ම සිදු කර තමන්ගේ ගමන යන්න. ගැටලුව සමහරු පමණ ඉක්මවා ජ්‍යෝතිෂය කරේ තබාගැනීමයි.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ග්‍රහයෝ කියන්නේ අපිට බලපාන දේවල් 5න් එකක් විතරයි....අනික් 4න් වන බලපෑමත් එක්ක කේන්දර මත්තෙම ඉන්න එක බොරු වැඩක්..ඒත් එව්වාගෙන් අනාගතේ 100%ක් කියන්න බෑ...හැබැයි අතීතේ ගන නම් පුලුවන්..අතීතේ කියන්න අපි දැනටමත් දන්න දේවල්නේ.. අනාගතේ ගැන හරියටම තියන්න කාටවත් බෑ...

    මොනවද බන් අනිත් 4? ජෝතිෂ්‍යයෙන් යම් කිසි පුරෝකතනයන් කරන්න පුළුවන් කියනෙක තමයි මගෙ පුද්ගලික අත්දැකීම
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    මොනවද බන් අනිත් 4? ජෝතිෂ්‍යයෙන් යම් කිසි පුරෝකතනයන් කරන්න පුළුවන් කියනෙක තමයි මගෙ පුද්ගලික අත්දැකීම
    1. බීජ නියාමය
    2. උතු නියාමය
    3. කම්ම නියාමය
    4. ධම්ම නියාමය
    5. චිත්ත නියාමය
    mu kiwwe me 5 gana mm hithanne
     
    • Like
    Reactions: mldarshana

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මොනවද බන් අනිත් 4? ජෝතිෂ්‍යයෙන් යම් කිසි පුරෝකතනයන් කරන්න පුළුවන් කියනෙක තමයි මගෙ පුද්ගලික අත්දැකීම

    1. බීජ නියාමය
    2. උතු නියාමය
    3. කම්ම නියාමය
    4. ධම්ම නියාමය
    5. චිත්ත නියාමය
    mu kiwwe me 5 gana mm hithanne

    සිරා මචං... අපේ කෙන්දරේ මොනා තිබ්බත් පරිසරයේ බලපෑමෙන් එල් නිනෝ හන්දා අපිට ඒක අහිමි වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.....අන්න ඒ වගේ දේවල් වෙනවා..
    යම්කිසි පුරෝකතනයක් කරන්න පුලුවන්...ඒත් හරියටම බෑ..වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්...
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    නැකැත් රාල;19505024 said:
    මම නම් අලුත් අවුරුද්දේ ඔයාලට කියන්නේ ග්‍රහයන්ට වහල් නොවී ග්‍රහයන්ගෙන් හරියට වැඩ ගන්න ක්‍රමය ඉගෙනගන්න. එහෙම වුනාම තමනුත් රැකෙනවා දියුනුත් වෙනවා.

    menne mehema hitiyanam iwarai
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං මේ දැන් ගොසිප් එකේ එක එක පත්තර වල දාපු ලග්න පලාපල බැලුවා.. එකකට එකක් සෑහෙන්න වෙනස් නේහ් මචං..

    හැම එකේම වගේ තිබ්බා ලෙඩ රෝග හැදෙනවයි කියලා.. ඒක නම් සාමාන්‍යයයි.. හැබැයි ඒ හැම එකේම වෙනස් ලෙඩ රෝග තිබ්බෙ..:sorry:

    තව එකක තිබ්බා අවැස්ස නෑනාව විවාහ කරගන්නවයි කියලා..:shocked:

    තවත් එකක තිබ්බා ඇන්ටලාට ලව් කරනවයි කියලා..:dull:

    තවත් එකක තිබ්බා වැඩිපුර කොණ්ඩෙ යනවයි කියලා..:nerd:

    කේන්දරේ දීලා බලවන එකයි මේකයි වෙනස් නේද බං..? :baffled:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1. බීජ නියාමය
    2. උතු නියාමය
    3. කම්ම නියාමය
    4. ධම්ම නියාමය
    5. චිත්ත නියාමය
    mu kiwwe me 5 gana mm hithanne

    6. කේන්දර (ග්‍රහ නියාමය)

    තක්කඩි මිනිස්සු කර්ම නියාමය = කේන්දර නියාමය කියල කියනව.