පංතියට යන්න පොරකන දාහකුත් එකක් ලමයි අස්සේ,මල් වැටිච්ච චාම් පාට දිග ගවුම ඇදගෙන උඹත් අව්ව කාගෙන ඉන්නවා දැක්ක. හැමෝ අතේම දහස් ගනන් වල් ඔරලෝසු,බෑග් කකුල් වල සපත්තු.උඹ දාන් හිටියේ හීනි කලු පාට පටි දෙකක් තියෙන පොලෙන් අම්ම ගෙනාපු රබර් කුට්ටම. අත පාළුව යන්නම තිබ්බේ උණ්ඩි කරපු ලේන්සුව විතරයි. කොණ්ඩෙත් අවුල් වෙලා සෑහෙන්න මහන්සි පාට මූණෙනුත් උඹ වටේම ඉන්න කෙල්ලන් එක්ක හිනාවෙන්න හැදුවත් උන් කවුරුත් උඹව ගනන් ගත්තෙ නැහැ. උඹෙ අහින්සක දුප්පත් කම ගැන මේ වෙලාවෙ උඹටම දුකයි!
ඒත් දුකයි කියලා දුක්වෙනවා ඇරෙන්න උඹට මේ වෙලාවෙ කරන්න දෙයක් නැහැ. ඊලගට පංතියට යන්න ඉන්නේ උඹ.ටිකක් විතර බයයි,මොකද එලියෙන් පේනවට වඩා පංතිය ඇතුල හුගාක් ලොකුයි. බෑග් එක් ඇරලා පොඩි පන් ප(ර්)ස් එකක් ඇදල අරන් උඹ ඒකෙන් එලියට ගත්තේ 10,20 නෝට්ටු මිටියක්.ඒ එක්කම අත ඇතෑරිලා උඹෙ අතින් අර මාරු නෝට්ටු බිම වැටෙනවා.පිටිපස්සේ කෙල්ලට හොදටම හිනා.උඹ ඒත් ඒ කෙල්ල් එක්කත් හිනාවෙලා පංතිය ඇතුලට ගියා..ඔන්න ඔතනදි නංගියේ අර එලියේ හිටපු සේරම උන්ට නැති දේ උඹට ලැබෙනවා..දැනුම,ඉගෙනීම. උඹත් එක්කම මුල් දවසේ ජැන්ඩියට ඇදලා හිටපු කෙල්ලො පංතිය පැත්තට හැරෙන්නෙ නැතුව පාර්ක් එක පැත්තට හැරෙද්දි,උඹ තාමත් බිම බලන් පංතිම යනවා. උඹත් දුප්පත් වුණාට ලස්සනයි,ඒ දැක්කම කොල්ලො එනවා බඩගින්නට කෑම හොයන්.
උඹ මතක තියාගනින් රත්තරන් නංගියේ,එදා ඒ පෙන්නන සුන්දර ලෝකෙ ඇත්තටම අපායක්. කාලෙ ගෙවිලා යද්දි විභාගෙත් ලං වෙනවා. උඹ හිත ඉගෙනීමටම දාල ඒකෙ ගිලිලා ඉන්නෙ. විභාගෙ ලිව්වා,ප්‍රථිපල ආවා..උඹ ඉහලින්ම මෙඩිකල්. අම්ම තාත්තගේ ජීවණ බර දැන් උඹට දරන්න පුලුවන්. උඹට එදා සල්ලි බිම වැටුණ දවසේ හිණාවුණ යාලුවව උඹ වැඩ කරන ඉස්පිරිතාලෙදිම හම්බෙනවා..ඇස් ඇරලා බලපන් මගේ නංගි ඒකි අද ලෙඩෙක්, උඹයී ඒකිගේ ලමයවා මේ ලෝකෙට බිහිකරවන්න උදවු වෙන දොස්තර..කෝ එතකොට මෙයාගෙ කොල්ලා? උඹට මේ ප්‍රශ්නෙම එයි. දැනගන්නම ඕන නම්,පලයන් ආයෙම උ/පෙ පංතිය ගාවට..ඒ කොල්ලා තාමත් හවසට බයිසිකලේ තියන් ඉන්නවා!! නෑ උඹේ යාළුවා එනකම් නෙවෙයි,අලුත් බැච් එකේ උගේ කෙල්ල එනකම්!!
ඉතිරිය හිතන්න උඹටම බාරයි!!ජය!!
Talk එක මුගෙ Tharindu Cooray
Last edited:
