Arduino සිංහලෙන් - අවශ්‍ය උපාංග හඳුනාගනිමු

madhawas1

Active member
  • Jul 5, 2015
    542
    249
    43
    Arduino සිංහලෙන් - අවශ්‍ය උපාංග හඳුනාගනිමු

    අද මම Arduino දෙවැනි ලිපිය ඔබට ඉදිරිපත් කරන්නේ. කලින් Thread එකට සහයෝගය දීපු ඔබ සැමට ගොඩක් ස්තූතියි. වැඩි දුර කතා නැතුව අපි දෙවැනි ලිපියට යොමු වෙමු.

    Arduino_Logo.svg_.png


    ඔබ සැම Arduino ලිපි මාලාවේ දෙවැනි ලිපියට සාදරයෙන් පිළිගන්නව. පළමු ලිපියට ඔබ සැමගෙන් ඉතා උණුසුම් ප්‍රතිචාර ලැබුනත් කාර්ය්‍යබහුල බව නිසා තමයි දෙවැනි ලිපිය ලියන්න මෙච්චර කාලයක් ගත වුනේ. මාව මේ සඳහා උනන්දු කල ඔබ සැමට ගොඩක් ස්තූතියි.

    අපි අද ලිපියෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Arduino සමඟ නිර්මාණකරනයේ යෙදෙන්න ඔබට අවශ්‍ය කරන උපාංග එහෙමත් නැත්තම් අවශ්‍ය කරන දෘඩාංග (hardware) හා මෘදුකාංග (software) හඳුන්වා දෙන්නයි. (මෙහිදී මම මූලිකවම අවශ්‍ය කරන දේවල් පමණක් සඳහන් කරන අතර මීට අමතරව අවශ්‍ය කරන උපාංග පසු ලිපි වලදී සාකච්ඡා කරනු ලැබේ)


    1. Arduino Board


    අපිට මූලිකවම Arduino board එකක් අවශ්‍ය වෙනව. මේක හරියට computer එකේ motherboard එක වගේ, අපි සියළුම දේ සම්බන්ධ කරන්නේ මේ board එකටයි. Arduino අළුතින් ඉගෙන ගන්න ඔබට ඉතාමත්ම සුදුසු වන්නේ Arduino Uno වගේ entry level board එකක්. මේ board එක computer එක හා සම්බන්ධ කර ගැනීමට ඔබට USB cable එකක්ද අවශ්‍ය වේ.

    arduini-uno-r3-001a_1024x1024.jpg


    මේ board එකේ ප්‍රධාන තාක්ෂණික දත්ත පහත පරිදි දැක්විය හැකිය :

    38a0a16.jpg


    ඉහත දැක්වෙන තාක්ෂණික දත්ත අපි පසු ලිපියකදී සවිස්තරාත්මකව සාකච්ඡා කරමු.


    2. Arduino IDE

    Arduino වල code ලියන්න අපිට IDE (Integrated Development Environment) එකක් අවශ්‍යයි, මෙය අපිට පහසුවෙන්ම Arduino වෙබ් අඩවියෙන් download කර ගත හැකියි.

    3-Arduino-IDE-example.png


    දැනටමත් programming කරන අයට නම් මෙවැනි IDE හොඳට හුරු ඇති. මේ IDE එක ගැනත් මම පසුව සවිස්තරාත්මක ලිපියක් ඉදිරිපත් කරන්නම්.


    3. Arduino Shields

    Arduino Shields අපි යොදා ගන්නේ Arduino board එකට අපට අවශ්‍ය විවිධ හැකියාවන් එක් කර ගන්නයි. හරියට computer motherboard එකකට VGA Card එකක්, Sound Card එකක් හෝ TV Card එකක් සම්බන්ධ කරනවා වගේ දෙයක් තමයි මේක. විවිධ හැකියාවන්ගෙන් යුත් Shield රැසක් අද වන විට හදුන්වා දී තිබෙනවා.

    • Arduino Motor Shield
    • Arduino Proto Shield
    • Arduino Ethernet Shield
    • Arduino GSM Shield
    • Arduino Wi-Fi Shield

    මීට අමතරව තව බොහෝ Shield වර්ග Arduino සඳහා වෙලඳ පොළේ ඇත. මේ එක් එක් Shield ගැන අපි ඒවා සම්බන්ධ කරගෙන නිර්මාණ කරන විටදී සාකච්ඡා කරමු.


    4. Sensors

    බොහෝ විට අපිට අවට පරිසරයේ දත්ත අපේ නිර්මාණය සඳහා යොදා ගැනීමට සිදු වෙනවා. ඉතින් මේ දත්ත ලබා ගන්න අපිට විවිධ sensors වල සහය අවශ්‍ය වෙනව. පහතින් මම උදාහරන කිහිපයක් පමණක් සඳහන් කරන්නම්.

    • Temperature Sensors
    • Motion Sensors
    • Humidity Sensors
    • Light Sensors
    • Distance Measuring Transducer Sensor
    • IR Sensor

    මම ඉහත සඳහන් කර ඇත්ත Sensors කිහිපයක් පමණයි. Sensors ගැනත් අපි ඉදිරි පාඩම් වලදී කතා කරමු.

    මේ බොහෝ උපාංග ebay හරහා ඔබට ඉතා පහසුවෙන් නිවසටම ගෙන්වා ගැනීමට හැකියි. Arduino copy එකක් ඔබට රුපියල් 1000 කට අඩුවෙන් මිලදී ගත හැකියි.

    ඔබට ඇති මේ සම්බන්ධව ඇති ඕනෑම ප්‍රශ්ණයක් comment මගින් හෝ email මගින් විමසන්න.



    පළමු ලිපිය - Arduino සිංහලෙන් ඉගෙන ගන්න

    කෝඩින් සිංහලෙන් - Arduino ලිපි මාලාව
     

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43

    Thank you Rep+


    Thank you Rep+

    Adooo thanks machooo part 2 dammata. meka digatama karapan. rep ++ :D
    part 3 enakan balan innawaaa :)

    Ela machan Puluwan ikmanata Part 3 dannam.

    You must spread some Reputation around before giving it to Error365! again.


    Thank you Rep+

    දිගටම ලියමු මේවා වැදගත් ලිපි :) රේප්

    ස්තූතියි මචන්. Rep+

    bump good post keep posting

    Thank you Rep+


    Thank you Rep+

    ela machan :) digatama liyamu rep6+ :)

    Ela machan, Thank you Rep+

    අනිත් අයට හෙට සලකන්නම් අද Rep දීල වැඩියිලු. :(
     

    madhawas1

    Active member
  • Jul 5, 2015
    542
    249
    43

    Thank you Rep+


    Thank you Rep+


    Thank you Rep+


    Thank you Rep+

    තොත්ත බබා;19517574 said:
    එල බ්‍රෝ

    Thank you Rep+

    දිගටම ලියමු මේවා වැදගත් ලිපි

    Thank you Rep+

    අනිත් අයට හෙට සලකන්නම් අද Rep දීල වැඩියිලු. :D