මානසික පීඩනය අඩු කර ගැනීම.

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,330
    20,723
    113
    Panadura
    මානසික පීඩනය අඩු කර ගැනීම.

    මානසික පීඩනය අඩු කර ගැනීම
    Stress Management


    වෛද්‍ය ටී. එන්. සෙට්ටිනායක (MBBS)


    9Wl2lyk.jpg



    මානසික පීඩනය යනු කුමක්ද?

    හොද හෝ නරක අසීමිත ක්‍රියාකාරකම් නිසා ශරීරයට සහ මනසට අවිවේකී තත්වයක් උදාවේ. මෙම අවිවේකය නිසා මනසට විශාල බරක් දැනේ. එය මානසික පීඩනය ලෙස හදුන්වනු ලැබේ.


    මානසික පීඩනය නිසා ඇතිවන බරපතල අතුරු විපාක කවරේද?

    👉 කායික ආබාධ

    හිසරදය, අධික රුධිර පීඩනය, හෘදයාබාධ, දියවැඩියා රෝගින්ගේ රුධිරයේ සීනී ප්රමාණය වැඩිවීම, අධික රුධිර පීඩනය නිසා අංශභාග වැනි රෝග ඇතිවීම, ශරීරයේ ප්රතිශක්තිය අඩු වීම තුළින් පිළිකා හට ගැනීමේ ප්රවණතාවය වැඩිවීම, ඇගපතේ වේදනා

    👉 මානසික ආබාධ

    හදිසි කෝපය, විශාදය, නොසන්සුන්තාවය, අමතක වීම


    මානසික පීඩනය අඩු කරගන්නේ කෙසේද?

    yuz06z8.jpg


    මානසික පීඩනය අඩුකරගෙන අපහසුවකින් තොරව වැඩ රාජකාරි ඵලදායි ලෙස කර ගැනීම සදහාත් සාමකාමීව සහ සදාචාර සම්පන්නව ජීවත්වීම සදහාත් ආර්ථිකය දියුණු කර ගැනීම සදහාත් කටයුතු කල යුතු ආකාරය අවබෝධ කර ගැනීම සදහා පහත සදහන් උදාහරණ කතාව කියවා තේරුම් ගන්න.

    "මොරටුවේ සිට ලී පුටු දෙකක් කදක බැදගෙන පානදුරේ දක්වා පයින්ම රැගෙන යන අහිංසක සහ බුද්ධිමත් පුද්ගලයෙකු එය අපහසුවකින් තොරව, ලෙඩක් දුකක් හට ගැනීමකින් තොරව සහ ගමන මගදී කඩාකප්පල් වීමකින් තොරව පානදුර දක්වා ගොස් එම ලී පුටු දෙක විකුණා නැවත සාමකාමීව ගෙදර යන්නේ කෙසේද?

    මොරටුවේ සිට ගමන ආරම්භ කර යම් දුරක් යන විට එම පුටු දෙකේ බර දෙතුන් ගුණයකින් වැඩි වූවා සේ දැනෙන්නට පටන් ගත් විට ගමන ඉදිරියට යාමට නොහැකි තත්වයක් උදාවේ. එවිට ඔහු කළ යුතු එකම විකල්පය වනුයේ සෙවන ඇති ගසක් යටට ගොස් එම පුටු දෙක බිමින් තබා යම් වේලාවක් විවේක ගැනීම වේ. එම විවේකයෙන් පසුව ඔහුගේ එම පුටු දෙකේ බර සැහැල්ලු වීම නිසා නැවතත් එම කද කරට ගෙන ගමන යාමට පටන් ගනී. නැවතත් යම් දුරක් යන විට නැවතත් එම පුටු දෙකේ බර දෙතුන් ගුණයකින් වැඩිවනවා සේ දැනෙන විට ඔහු සෙවන ඇති ගසක් යටට ගොස් එම පුටු දෙක බිම තබා නැවතත් යම් වේලාවක් විවේක ගැනීමෙන් පසුව එම බර නැවතත් සැහැල්ලු ලෙස දැනෙන අතර ඔහු නැවත ගමන යාමට පටන් ගනී. මේ ආකාරයට එම පුටු දෙක විටින් විට බිම තබා පානදුර දක්වා අපහසුවකින් තොරව ගොස් එය විකුණනු ලබයි."



    ඔහු එම බර බිමින් නොතබාම එක දිගටම ගමන් කලොත් ඔහුට එම ගමන යා හැකිද?


    ඒ ආකාරයෙන් ඔහුට එම ගමන යා නොහැකි වේ. දැනෙන බර දෙතුන් ගුණයකින් වැඩිවෙන්නට පටන් ගන්නා විට හෘදයාබාධයක් හෝ අංශභාගයක් හෝ අතපය පණ නැතිවීමක් හෝ තද හිසරදයක් හෝ අවසානයේ උමතුවීමක් හෝ ඇති විය හැක. එම බර බිමින් නොතබා එක දිගට උසුලා ගෙන යාමට උත්සහ ගන්නා පුද්ගලයා මානසික රෝගියෙක්ම විය යුතුයි.


    ඉහත කතාවේ උසුලා ගෙන යන පුටු දෙකේ බරට සමාන කරන්නේ කුමක්ද?

    අවසානයක් නොමැති අපගේ සංසාර ගමනේ අතීතයේ කල දේවල් පිළිබද මතකයක් හෙවත් සිතුවිලි සහ අනාගතයේ කිරීමට බලාපොරොත්තු වන් දේවල් පිළිබද සිතුවිලි මෙම පුටු දෙකේ බරට සමාන කල හැක. අතීතය සහ අනාගතය පිළිබද සිතුවිලි නොකඩවාම මනසේ මතුවීම හෙවත් නොකඩවාම සිතීම නිසා මනස අවිවේකි වී මනස විඩාවට පත්වේ. නොකඩවා සිතීම මනසට බරකි. එය පීඩනයක් ගෙන දෙන කාරණයකි.
    මනසට ඇති සිතුවිලි නැමති බර යම් වේලාවක් බිම තබා (අතහරිමින්) දවස ගත කරන්නේ නම් හෙවත් ජීවිත ගමන් යන්නේ නම් මනසට දැනෙන බර අඩුකර ජීවිත ගමන සැහැල්ලුවෙන් ගමන් කල හැක. එයින් මානසික පීඩනය නිසා සිදුවන ගැටළු සියල්ලම මග හරවා ගත හැකිවේ.


    මානසික පීඩනයට හේතුවන මනසට දැනෙන සිතුවිලි නැමැති බර බිමින් තබන්නේ කෙසේද?


    dM7E6Xy.jpg


    සිතුවිලි වලට හේතුව අතීතය සහා අනාගතය පිළිබද නිතර නිතර මතක් වීම බැවින් ඒවා මතුවීම වලක්වා ගැනීමට තම අවධානය වර්තමානයේ සිදුවන දේවල් වලට පමණක් යොමු කිරීමට පුරුදු වීම හෙවත් සතියෙන් (Mindfulness) ජීවත් වීමට පුරුදු වීම මගින් මනසට මතුවන සිතුවිලි නැමැති බර අඩුකර ගත හැකි වේ. අවධානය මේ මොහොතට හෙවත් වර්තමානයට යොමු කිරීම මගින් ඉබේටම මනසට බරක් වු අතීතය පිළිබද සහ අනාගතය පිළිබද සිතුවිලි මනසින් ගිලිහී ගොස් මනස සැහැල්ලු වී විවේකයට පත් වේ. විවේකය සමාධිය ලෙස හදුන්වනු ලැබේ.


    සතිය (Mindfulness) වැඩි දියුණු කිරීම සදහා කලයුතු ක්රියාකාරකම් කවරේද?

    J06iSOh.jpg


    ආනාපානාසති හෝ මෛත්රී වැනි භාවනාවක් නිවැරදිව ප්රගුණ කිරීමට පුරුදු වීම මගින් මනසට මතුවන සිතුවිලි නැමැති බර බිම තැබීම හෙවත් අතහැරීම කල හැකි වේ. පංචශීලය ආරක්ෂා කිරීම සමාධිය වැඩි දියුණු කර ගැනීමට හේතු වේ.


    මානසික දැනෙන පීඩනය හෙවත් බර බිම තැබීම සදහා දිනයේ කොපමණ වේලාවක් සහ වාර ගණනක් භාවනා කල යුතුද?

    0cyqHEj.jpg


    මනසට දැනෙන බර වැඩිවන විට දිනයේ ඕනෑම වේලාවක යම් කාලයක් (අවම වශයෙන් විනඩි 15 වත්) හැකි තරම් වාර ගණනක් භාවනාවක් වඩන්නේ නම් එම බර අඩු වී මනස සැහැල්ලු වී නැවත දිනයේ ඉදිරි වැඩ කටයුතු සැහැල්ලුවෙන් සහ පීඩනයකින් තොරව කල හැක. මනස සැහැල්ලු වන විට ශරීරයද නීරෝගී වී ශක්තියෙන්ද වැඩි වේ.


    නිතර කේන්ති ගැනීම මානසික පීඩනය වැඩිවීමට හේතුවේ ද?

    නිතර නිතර කේන්ති ගැනීම මානසික පීඩනය වැඩිවීමට හේතුවක් වේ. භාවනාවක් මගින් මෙම කේන්තිය පාලනය කල හැක. කේන්තියක් ආ විගස කල යුතු දේ වනුයේ "කේන්ති ගැනීම හොද නැහැ......" යන වාක්ය එක දිගට මන්තරයක් සේ සිතින් මැතිරීමයි. එම මැතිරීම මගින් කේන්තිය යටපත් කල හැක.

    Ps7aPKt.jpg
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    මේ කාලේ ගොඩක් එවුන්ට වැදගත් දෙයක් බන් TFS You must spread some Reputation around before giving it to HKavinda again. :(
     
    Last edited:
    • Like
    Reactions: Sara531