පර්ස් එක නැති උනාද ?

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    පර්ස් එක නැති උනාද ?

    අතරමගදී , බස් එකකදී කවුරුහරි ගැට කපන පින්වතෙකුට පූජා කරලා හරි , අහක යන කෙල්ලෙක්ට පැණි හලන්න ගිහින් අමතක වෙලා හරි තියෙන වටිනා ලියකියවිලි ටිකත් එක්ක පර්ස් එක නැති උනාද ? :sorry::sorry::sorry::sorry::sorry:
    නැත්නම් නැතිකරගන්න බලාපොරොත්තු වෙනවද ? එහෙනම් මෙන්න මං තුමා ලද First Hand Experience අනුව ඔබට ලබාදෙන උපදෙස් මාලාව.

    මේක ලියන්න හිතුවේ නැතිඋන ජාතික හැඳුනුම් පතක් , රියදුරු බලපත්‍රයක් අලුතෙන් හදාගන්න එක ගැන 1919 අංකයෙන් පවා ලබාදෙන තොරතුරු වැරදි සහ අඩුපාඩු සහිත නිසයි.

    මෙන්න වැදගත්ම එක.

    ජාතික හැඳුනුම්පත .


    ජාතික හැඳුනුම්පත නැති උනානම් මුලින්ම කරන්න ඕනේ තමන් පදිංචි (ස්ථිර පදිංචිය) ප්‍රදේශය අයත් ග්‍රාමසේවක මහතා හමුවෙන එක. ගිහින් කතාව කියන්න. එතකොට අවශ්‍ය දේවල් ටික කියයි.

    මෙතැනදී මම කියන්න යන්නේ පොලිසියේ කරන පැමිණිල්ල ගැන. මේ පැමිණිල්ල කරන්න ඕනි ඔබගේ ස්ථිර පදිංචිය අදාළ වන පොලිස් ස්ථානයේ .කොළඹ කොටුවේ දී නැති උනේ කියල කොටුවේ පොලිසියට පැමිණිලි කරලා වැඩක් නෑ.තාවකාලිකව (බෝඩිමක් වගේ) ඉන්නවනම් ඒ අදාළ පොලිසියට පැමිණිලි කරලත් වැඩක් නෑ .

    අනික මේ පැමිණිල්ල නිකන්ම ලියල දෙන්නේ නෑ . ග්‍රාමසේවක මහතාගෙන් පදිංචිය සහතික කරලා හැඳුනුම්පත නැතිවීම සම්බන්ධව පැමිණිල්ල බාරගන්න කියල ඉල්ලීමක් කරපු ලියුමක් අනිවාර්යෙන් අරන් යන්න ඕනි.(ඒක තමයි මුලින්ම ග්‍රාමසේවක මුණගැහෙන්න කිව්වේ. ග්‍රාමසේවක ටක් ගාල මේ ලියුම ලියල දෙනවා)

    පොලිසියට ගියාම ,

    1. මතක් කරලා තමන් අතින් නැතිඋන නිසා නැවත හදාගන්න ඕනි හැම දෙකටම වෙනම පැමිණිලි පිටපතක් ලියවාගන්න .(එකක ඔක්කොම ලියල ෆොටෝ කොපි ගන්නවට වඩා හැම එකටම වෙනම පැමිණිල්ලක් ලියාගන්න එකයි හොඳ ,ඒ කියන්නේ ජාතික හැඳුනුම්පත නැති උනාට එකයි, රියදුරු බලපත්‍රයට එකයි වගේ මටනම් එහෙම ලියල දුන්න.)

    2. ඒක පැමිණිලි පිටපතට රු. 25ක් ගන්නවා . මාරු සල්ලි අරන් යන්න.

    3. නැතිඋනා ලියකියවිලි වල අංක මතකනම් ඒවා පැමිණිල්ලට ඇතුලත් කරගන්න.

    හරි පැමිණිල්ල ගෙනාවම ග්‍රාමසේවක දෙයි කොළ පාට ෆෝම් එකක් . ඒක හරියට පුරවන්න. එකේ කියල තියෙන ප්‍රමාණයෙන් ෆොටෝ 5 කුත් ගන්න.

    තව බැංකු පාස් පොතේ මුල් පිටුවේ ෆොටෝ කොපියක්(මේක ගන්නේ එම ජාතික හැඳුනුම්පත් අංකය කලින් භාවිතා කල බවට සාක්ෂි විදිහට .ඒ නිසා හැඳුනුම්පත් අංකය සඳහන් බැංකු පොතක මුල් පිටුවේ පිටපතක් ගන්න. ඔය කොමර්ෂල් බැංකුවේ පොතේ එහෙම ඕක නෑ), උප්පැන්න සහතිකයේ මුල් පිටපතක් , ෆොටෝ කොපියක් , මාස තුනක් ඇතුලත ලබාගත් සේවා සහතිකයේ පිටපතක් එහෙම අරන් යන්න.

    රු. 35ක සහ 15 ක මුද්දරත් ඕනි වෙනවා , දිග ලියුම් කවරයක් එක්ක (one day service දානවනම් 35 මුද්දරයි ලියුම් කවරෙයි ඕනි නෑ )

    ඔය ටික ග්‍රාම සේවකට දෙන්නයි තියෙන්නේ. එයා ඔක්කොම පුරවල යවයි . මාසයක් වගේ යයි හැඳුනුම්පත එන්න.මේ සාමාන්‍ය ක්‍රමය .

    one day service දානවනම් වෙනම ලියුමකුත් ලියාගෙන යන්න වෙනවා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ට address කරලා එක දින සේවයෙන් හැඳුනුම්පත ලබාදෙන මෙන් ඉල්ලමි කියල.

    මේ ලියුමයි අනිත් ටිකයි ග්‍රාමසේවක සහතික කරලා කලින් ක්‍රමේ වගේ එයා යවන්නේ නැතුව ඔයාටම ආපහු දෙයි. ඒ ටික අරන් ඔයාට යන්න වෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. එතනින් ඔක්කොම සහතික කරලා ලියුම් කවරෙකට දාල අලවල එහෙම ආපහු ඔයාට දෙයි .

    ඕක අරන් දැන් යන්න වෙනවා ජාවත්තේ තියෙන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට . මෙතන 7 ට වගේ වැඩ පටන් ගන්නවා . උදෙන්ම යන තරමට හොඳයි .

    ඇතුලට ගියගමන් කාගෙන්හරි අහන්න one day service දෙන තැන. ඒ තැනට ඇතුල් වෙනකොටම එතන ඉන්න ග්‍රාමාරක්ෂක නිලධාරි කෙනෙක් ඔයාට අංකයක් දෙයි ඒ අන්කෙත් අරන් ඒ hall එකේ ඉස්සරහ ඉන්න නිලධාරියාගෙන් ඔයාගේ ලියකියවිලි ටික සහතික කරගන්න. අර කවරේ ගලවන් යන්න මෙතනට යනකොට.

    ඊට පස්සේ අංකය කතාකරනකන් ඉඳගෙන ඉන්න. කතාකරම අදාළ කවුන්ටරේට ලියකියවිලි ටික දෙන්න. උප්පැන්න සහතිකේ මුල් පිටපත වෙනම දෙන්න.ඒක ඒ වෙලාවේම ආපහු දෙනවා ෆයිල් එකක අනිත් ලියකියවිලි ටිකත් දාල දෙනවා ඊට පස්සේ මුදල් දෙවන කවුන්ටරේට 1000ක් ගෙවල අර ෆයිල් ඒක බාරදෙන්න .

    දැන් තමයි අමාරුම වැඩේ. පැය තුනක් විතර බලන් ඉන්න වෙනවා. සෙනග වැඩිනම් ඔයාව hall eken එලියට යවයි. එත් announcement පැහැදිලිව ඇහෙන තැනක ඉන්න.හතරවටේ රස්තියාදු ගහන්න කෙල්ලෝ පස්සේ යන්න එපා. මොකද අයදුම්පත්රයේ හරි ලියකියවිලිවල හරි අඩුපාඩු තියෙනවනම් කතා කරනවා.

    හැඳුනුම්පත හදල ඉවර උනාම නම කතා කරලා(ඒක පාර නම් 20ක් වගේ කියනවා හරියට අහන ඉන්න):sorry: කවුන්ටරයක් කියනවා ඒ කවුන්ටරෙන් හැඳුනුම්පත ගන්න අත්සන් කරලා. මතක ඇතුව පෑනක් එහෙම අරන් යන්න.

    ඔච්චරයි ඒ කතාව . රියදුරු බලපත්‍රය සහ අනික් ඒවානම් එච්චර අමාරු නෑ , ප්‍රතිචාර අනුව ඒ ටික දාන්නම් . වැරදි තියෙනවනම් පෙන්නලා දෙන්න.


    EDIT : Driving license , ATM Cards දෙවැනි පිටුවේ
     
    Last edited:

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    +rep
    පර්ස් එක නැති වුනයි කියල දැන ගත්ත ගමන්, debit card එහෙම තියෙනවනම් card centre call කරල, card එක blacklist/close කරගන්න. නැත්තම්, උබේ සල්ලි ඔක්කොම නැති වෙලා තියේවි.
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මෙන්න 2 කොටස.

    රියදුරු බලපත්‍රය

    මේකනම් ජාතික හැඳුනුම්පත හදනවට වඩා ලේසියි.

    හැබැයි මේක හදන්නනම් ජාතික හැඳුනුම්පත ඕනි . ඒ නිසා මුලින් ඒක හදන ඉන්න.

    ඊට පස්සේ යන්න වේරහැර තියෙන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට DMT

    යනකොට මතක් කරලා ජාතික හඳුනුම්පතයි , පොලිසියේ කරපු පැමිණිල්ලේ පිටපතයි අරන් යන්න.

    ඔයාට තියෙන්නේ අලුත් sim එකක් තියෙන රියදුරු බලපත්‍රයක් නම් මේ ටික විතරයි ඕනි. එත් නැති උනේ පරණ ක්‍රමයේ රියදුරු බලපත්‍රයක් නම් medical report එකක් ගන්න ඕනි. ඒක ගන්නෙත් DMT ඒක ඇතුළෙන්ම තමයි .

    මේකටත් උදෙන්ම යන ඒක හොඳයි. අඩුම 8 ට වත් ඇතුලට යනකොටම ඒක එකා කියාගෙන එයි පෝලිම් නැතුව කරලා දෙන්නම් අරක මේක, අහුවෙන්න එපා.

    කෙලින්ම ඇතුලට යනකොටම තියෙනවා ප්‍රවාහන වෛද්‍ය කාර්යාලය. මෙතනින් ඔයාට ඕනි මෙඩිකල් ඒක ගන්න පුළුවන්. මමනම් ගත්තේ නෑ මගේ අලුත් ක්‍රමයේ රියදුරු බලපත්‍රයක් නැති උන නිසා.

    මේකත් අරන් කෙලින්ම පාර දිගේ ඉස්සරහට යනකොට වම් පැත්තේ තියෙනවා H ශාලාව. ඒක ඇතුලට යන්න. ගියාම එතන තියෙනවා counter එකක්. එතනින් ගන්න ඕනි token එකක්. ජාතික හැඳුනුම්පත නිතරම අතේ තියන් ඉන්න. හැම තැනකදීම ඉල්ලනවා .

    මේ token ඒක අරන් ඉඳගෙන ඉන්න. ඒ ශාලාවේ දකුණු පැත්තේ තියෙන දොරෙන් token අංක කතා කරලා ඇතුලට ගන්නවා . ඇතුලට ගියාම ඔයාට ඉඳගෙන ඉන්න තැනක් පෙන්නයි . එතන ඉස්සරහම තියෙන පොඩි counter සෙට් එකෙන් එකකට ඔයාව කතා කරයි. එතනට ගියාම ඔයාගේ ලියකියවිලි ඔක්කොම ඉල්ලලා පරික්ෂා කරලා ඔයාගේ ෆොටෝ එකක් ගනියි තව ඇඟිලි සලකුණු , අත්සනත් ගන්නවා. අරගෙන printout එකක් දීල ඒක අත්සන් කරලා එතනින් කියන counter එකට සල්ලි ගෙවන්න

    එක්දින සේවය අනුව කරගන්නවානම් 2200 යි. නැත්නම් 1700 යි.
    මේ counter එකෙන් අර token ඒක ඉල්ලගනියි. ඊට පස්සේ B HALL එකට යන්න කියනවා ඒක තියෙන්නේ DMT එකට ඇතුල් වෙන ප්‍රධාන ගේට්ටුවේ ළඟමයි . එතනට ගිහින් පය දෙකක් විතර් ඉඳගෙන ඉන්නකොට නම කතා කරයි. එතකොට සල්ලි ගෙවපු රිසිට් ඒක දීල රියදුරු බලපත්‍රය ගන්න .

    ATM/DEBIT CARD

    මේකනම් පර්ස් ඒක නැති උන ගමන්ම card center එකට කතා කරලා කැන්සල් කරගන්න. නැත්නම් ඉවරයි.

    මේක හදාගන්නත් ජාතික හැඳුනුම්පත ඕනි. බැංකුවට ගිහින් අදාළ අයදුම්පත්‍රය පුරවල දෙන ඒක විතරයි තියෙන්නේ. සමහර බැංකු නම් ගානක් ය කරනවා. කොමර්ෂල් බැංකුව මගෙන් 400ක් ගත්ත,

    බැංකුව අනුව කාඩ් ඒක එන්න සති 2ක් 3ක් යයි . ඊට පස්සේ බැංකු ශාකාවට ගිහින් කාඩ් ඒක ගන්න එකයි ඇත්තේ
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    නැති උනා...දවස් තුනකට පස්සේ හම්බුනා...
    anyway good thread...

    ගොඩක් ඔය පික් පොකට් ගහන එවුන් සල්ලි ටික අරගෙන, පර්ස් එක තැපෑලෙන්ම එවනවා..උන්ටත් එතික්ස් කියල දේවල් තියෙනව බං...work ethics...:lol::lol::rofl::rofl:
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,049
    1,918
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ගොඩක් ඔය පික් පොකට් ගහන එවුන් සල්ලි ටික අරගෙන, පර්ස් එක තැපෑලෙන්ම එවනවා..උන්ටත් එතික්ස් කියල දේවල් තියෙනව බං...work ethics...:lol::lol::rofl::rofl:

    ekata mage eka dan maasa 2i thaama na.

    man okkoma tika hadagaththa