යැංකි රහස් මෙහෙයුම්-2
ලූනා යානය සොරාගෙන එහි තාක්ෂණය අත්පත් කරගත්තා මෙන් නොව මෙම මෙහෙයුමේදී සෝවියට් දේශයේ අනර්ඝතම යුද යන්ත්‍රයක් තම මවු රටටම ගෙන යන්නට ඇමෙරිකානුවෝ සමත් වූහ.මෙම සිද්ධිය සිදුවන්නේ අප්‍රිකාවේ චැඩ් රාජ්‍යයේදීය.කාන්තාරය මැද අතහැර දමා ගිය ලිබියාවට අයත් සෝවියට් දේශය නිෂ්පාදිත එම් අයි 24 යානයක්(Mi-25/මෙය වෙනත් රටවලට විකිණීම සඳහා නිර්මාණය කල මොඩලයක් බව කියවේ)ඇමෙරිකානු හමුදාවේ මෙහෙයුමක් ඔස්සේ රහසිගතව සොරාගැනීම එහිදී සිදුවිය.නමුත් මෙම සිද්ධිය සෝවියට් දේශයේ වරදකින් සිදුවූවක් නොවේ.
1980 දශකයේදී සෝවියට් දේශය අප්‍රිකාවේ සහ අරාබියේ රටවල් ගණනාවක් සමග මිත්‍රත්වයන් ඇතිකරගෙන සිටි අතර බටහිර රටවලට එරෙහිව සටන් කරන්නට අවශ්‍ය යුදෝපකරණයද එම රටවලට සපයන ලදි.ඉන් එකක් රටක් වූයේ ලිබියාවයි.සෝවියට් දේශය විසින් ලිබියාවට සැපයූ යුදෝපකරණ අතර මිග් යානා,සුකොයි යානා සහ නම් එම්අයි 24 යානයේ අපනයනය මොඩලයද තිබිණි.එම කාලයේ එම්අයි 24 යනු අද්විතීය හෙලිකොප්ටරයකි. ප්‍රබල අවිවලින් සන්නද්ධ මෙන්ම,පුද්ගලයන් අටදෙනෙක් රැගෙන යා හැකි ලෙස එය නිර්මාණය කර තිබිණි.විශේෂ බලකා සෙබලුන් පිරිසක් යුද බිමට ගෙන ගොස් ඔවුන්ට අවශ්‍ය ගුවන් ප්‍රහාරක සහාය ලබාදෙමින් ප්‍රදේශයේ රැඳී සිටීමේ හැකියාවද ඊට තිබිණි.Mi-24 යානය නිර්මාණය කරන්නේ 1960 දශකයේ අග භාගයේදීය.මෙම යානයේ සුවිශේෂී හැකියාවන් සම්බන්ධව ඇමෙරිකාවේ CIA ආයතනය සහ බ්‍රිතාන්‍යය රහස් ඔත්තු සේවයද අවධානයෙන් සිටියහ.ඉතියෝපියාවේ සටන්වලදී සහ ඇෆ්ගනිස්ථානයේ මුජහිදීන්වරුන්ට එරෙහිව එම්අයි 24 හෙලිකොප්ටර් යානා දැවැන්ත කාර්‍යභාර්යක් ඉටුකරන ලදි.මේ නිසා බටහිර ඔත්තු සේවා ,මෙම යානය සමීපව අධ්‍යයනය කිරීමට අවස්ථාවක් උදාවන තෙක් බලා සිටියහ.ඒ එහි සැලසුම,නිර්මාණය සහ යානයේ හැකියාවන්ට එරෙහිව ප්‍රතිප්‍රහාර දීමේ හැකියාව සම්බන්ධව සොයාබැලීමටය.ඔවුන්ට ඒසදහා අවස්ථාවක් උදාවූයේ 1987 දී ලිබියානුවන් චැඩ් රාජ්‍යයේ අතහැර ගිය Mi-24 යානයක් ඔස්සේය.
චැඩ් රාජ්‍යය යනු කලක් ප්‍රංශයේ යටත් විජිතයක්ව තිබී 1960 දී ස්වාධීන රාජ්‍යයක් බවට පත්වූවකි.චැඩ් රාජ්‍යය සමග ලිබියාවේ මුහම්මර් ගඩාෆි නිතර ගැටුම් ඇතිකරගත්තේය.1970 දශකයේ මුල් සමයේදී චැඩ් රාජ්‍යයේ උතුරුදිග ප්‍රදේශය අල්ලාගන්න යැයි ගඩාෆි තම හමුදාවලට අණ කලේය.Aouzou නම් බිම් කඩ අල්ලාගැනීම මෙහි ප්‍රමුඛ පරමාර්ථය විය(කි.මී.100ක් පළල සහ වර්ග කි.මී.114,000ක් විශාල මෙය තෙල් සහ යුරේනියම්වලින් පොහොසත්විය.).මේ නිසා දෙරට අතර යුද්ධයක් ඇවිලී ගියේය.වසර ගණනක් සටන් කිරීමෙන් පසුව 1987 අගෝස්තු මාසයේදී ලිබියානුවන්ව ඔවුන්ගේ දේශසීමාව තෙක් පසුබස්සවන්නට ප්‍රංශ හමුදාවේ සහාය ලැබුණු චැඩ් රජයේ හමුදාවලට හැකිවිය.
මෙම පසුබැස්මේදී ලිබියානුවන් යුදෝපකරණ විශාල ප්‍රමාණයක් චැඩි රාජ්‍යයේ දමා ගියහ.ඒවා අතර වර්ගයේ යානයක්ද තිබිණි.1987 අප්‍රේල් මාසයේදී චැඩ් රජයේ හමුදා(Forces Armees Nationales Chadiennes (FANT)) විසින් ලිබියානුවන් අතහැර දමා ගිය Mi-24 යානාවක් කාන්තාරය මධ්‍යයේ තිබී සොයාගන්නා ලදි.
Mi-24 හෙලිකොප්ටරය නවතා තිබුණේ Ouadi Doum නම් ගුවන් කඳවුරේය.Mi-24 යානය සැබවින්ම අදාල ස්ථානයේ ඇතිබව සනාථ කරන්නට CIA ආයතනයට හැකිවේ.ඔවුන් වහාම Mi-24 යානය පැහැරගෙන ඒමට සැලසුමක් සකස් කරයි.මෙහෙයුම දියත් කිරීමට නම් චැඩ් රජයේ අවසරය අනිවාර්යය විය.එම නිසා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මෙහෙයුම සඳහා අවසර ලබාගන්නට චැඩ් රජය සමග සාකච්ඡා අරඹන ලදි.මෙම මෙහෙයුමට ලබාදුන් නාමය වන්නේ මවුන්ට් හෝප් 3(Mount Hope III) යන්නයි.මේ සඳහා යොදාගෙන්නේ එක්සත් ජනපද හමුදාවේ 160 වන විශේෂ මෙහෙයුම් ගුවන්තරණ රෙජිමේන්තුවේ සෙබලුන්ය(Night Stalkers).Mount Hope III මෙහෙයුම ඇරඹෙන්නේ 1987 අප්‍රේල් මාසයේ නිව් මෙක්සිකෝවෙනි.මවුන්ට් හෝප් 3 මෙහෙයුමේ දෙවන අරමුණ වූයේ අවම සහායක් සහිතව සහ දුෂ්කර තත්ත්වයන් හමුවේ විදේශ රටක මෙහෙයුම් සිදුකිරීමේ හැකියාව සොයාබැලීමයි.
Mount Hope III මෙහෙයුමට සූදානම් වනු පිණිස සී-5 යානයකින් CH-47 Chinookහෙලිකොප්ටර් දෙකක් සහ සෙබලුන් 75 දෙනෙක් නිව් මෙක්සිකෝවට රැගෙන එයි.Boeing CH-47 Chinook හෙලිකොප්ටරයකින් රුසියානු Mi-24 යානය එල්ලාගෙන ඒම ඇමෙරිකානුවන්ගේ සැලැස්ම වී තිබිණි.පෙරපුහුණුවේදී ඔවුන් ටැංකි 6කට ජලය ගැලුම් 500ක් බැගින් පුරවා CH-47 හෙලිකොප්ටරයක එල්ලා පියාසර කරමින් අත්හදා බලන ලදි.සැබෑ මෙහෙයුමේදී Mi-24 යානය ගෙන යා යුතු දුරට සමාන දුරක්, CH-47 යානයද ඒ හා සමාන බරක් එල්ලාගෙන පියාසර කරවීය.පියාසර කිරීම සිදුකෙරුණේ සවස් කාලයේ සහ රාත්‍රියේදීය.මෙහෙයුම වෙනුවෙන් CH-47 යානයේ වෙනස්කම් කිහිපයක් සිදුකරන ලදි.FLIR හෙවත් ඉදිරිපස දැකීමේ අධෝරක්ත පද්ධතියක්,අමතර සන්නිවේදන උපකරණ ආදිය ඒවා අතර විය.
ඉන්පසු C-5 යානය තුල CH-47 හෙලිකොප්ටර් දෙක පටවා මෙහෙයුමට සහභාගීවන සෙබලුන් සමග චැඩ් රාජ්‍යයේ N'Djamena ගුවන් තොටුපොලට පැමිණියහ(1987 ජූනි 10 දා).එරට සිටි ප්‍රංශ හමුදා ඇමෙරිකානුවන්ට පහසුකම් සලසන ලදි.
මෙහෙයුම සැලසුම් කල පරිදි 1987 ජූනි 11 දා ඇරඹිණි.ඔවුන් රාත්‍රීයේ සැතපුම් 500ක් දුර ගෙවා ගොස් හෙලිකොප්ටරය අතහැර දමා තිබූ ස්ථානයට(Ouadi Doum) ලගාවන විට අළුයම කාලය උදා වී තිබිණි.Ouadi Doum වෙත ළඟාවූ කණ්ඩායම ප්‍රදේශයේ ආරක්ෂ තත්ත්වය නිරීක්ෂණය කලහ.එම භූමියේ ලිබියානුවන් දමා ගිය අවි සහ වෙනත් යුදෝපකරණ රැසක් තිබිණි.Mi-24 යානය සොරාගැනීම ප්‍රදේශයේ සිටින ලිබියානුවන්ට අනාවරණය නොවන සේ සිදුකීරීම ඇමෙරිකානුවන්ගේ උවමනාව විය.(ලිබියානුවන් සිටියේ එහි සිට කි.මී.100ක් පමණ දුරින්ය).
මෙහෙයුමට පැමිණි කණ්ඩායම කොටස් දෙකකට කඩා තිබිණි.ඔවුන්ට පැවරී තිබුණු කාර්යයන් එකිනෙකට වෙනස් විය.පළමු කණ්ඩායමට පැවරී තිබුණේ Ouadi Doum වෙත පැමිණ ආරක්ෂාව ගැන සොයාබැලීමයි.ඉන්පසු දෙවන කණ්ඩායම පැමිණ හෙලිකොප්ටරය ඉවත් කරගෙන යාම සිදුකරන ලදි.නමුත් තමන් සිටින ස්ථානවල සිට සැතපුම් ගණනක් දුරින් සිදුවන මෙම රහස් මෙහෙයුම සම්බන්ධව ලිබියානුවන්ට කිසිදු දැනීමක් නොවීය.මෙහෙයුමට සහභාගීවූ දෙවන කණ්ඩායම සහිත CH-47 යානය සහ Mi-24 හෙලිකොප්ටරය රැගත් CH-47 යානය Ouadi Doum වලින් පිටවී අතහැර දමා තිබූ Faya-Largeau ගුවන් කඳවුරට ලඟාවිය(මෙතැනට C-130 යානයක් එවා තිබුණි.ඒ CH-47 හෙලිකොප්ටර්වලට තෙල් සැපයීමටය).ඔවුන්ගේ දෙවන නැවතුම්පොල වූයේ ප්‍රංශ හමුදාවේ Moussora ගුවන් කඳවුරයි.
Mi-24 යනු විශාල හෙලිකොප්ටරයකි.එය මීටර් 17 පමණ දිග ටොන් 8ක් පමණ බර දැවැන්තයෙකි.මෙලෙස හෙලිකොප්ටරයක් ඔසවාගෙන පියාසර කිරීමේ මෙහෙයුම් සිදුකර තිබෙන්නේ 3-4ක් පමණක් බව සඳහන් වේ.
Mi-24 හෙලිකොප්ටරය Ouadi Doum ප්‍රදේශයෙන් ඉවත් කරගන්නා අයුරු
Faya-Largeauහි නවතා තිබූ C-130 ගුවන් යානය
මෙහෙයුමේ අවදානම් සහගත අධිරය අවසන් වුවද ඇමෙරිකානුවන්ට ඔවුන්ගේ අමිහිරි මතකයක් අවදි කරවන දෙයකට මුහුණ දීමට අවසන් අවස්ථාවේදී සිදුවිය.ඒ දූවිලි කුණාටුවකි.ගුවන්තොටුපොල ආසන්නයට එද්දී කුණාටුවකට මැදිවීමට ඇමෙරිකානුවන්ට සිදුවිය.නමුත් මෙහෙයුම නිම කිරීමට ගතවූ කාලය වැඩි කරනවා හැරෙන්නට වෙනත් හානියක් එමගින් සිදුනොවීය.අවසානයේ සාර්ථක ලෙස Mi-24 යානය N'Djamena ගුවන්තොටුපොලට ගෙන එන ලදි.ඉන්පසු ඔවුන්ට තවත් කුණාටුවකට මුහුණදෙන්නට සිදුවිය.පහත ඡායාරූපවලින් පෙන්වා තිබෙන්නේ එම කුණාටු තත්ත්වයයි.
Mi-24 යානය C-5 ගුවන් යානයට පටවන අයුරු
කුණාටු දෙක මගින් මෙහෙයුමට බලපෑමක් නොවූ අතර පැය 67ක් තිස්සේ සිදුකල මවුන්ට් හෝප් 3 මෙහෙයුම සාර්ථකව අවසන් විය.මෙම මෙහෙයුමේදී CH-47 යානා දෙක සෙල්සියස් අංශක 54ක තරම් ඉහළ උෂ්ණත්වයක් යටතේ කි.මී.1600 දුර පියාසර කරන ලදි.ගුවන්තොටුපොලේදී හෙලිකොප්ටරය යානයකට නංවා එක්සත් ජනපදය වෙත රැගෙන එන ලදි.
Source:cracked.com
-HarshaLulzSec-
එක්සත් ජනපදය විසින් සිදුකරන ලද රහස් මෙහෙයුම් ගැන දැන කියාගන්න කැමැත්තෙන් සිටින ඈයන් වෙනුවෙන් පළකරන ලිපි පෙළේ දෙවන කොටස තමයි මේ.
ඇමෙරිකානු හමුදාව සෝවියට් දේශයේ පියාඹන යුධ ටැංකියක් සොරාගැනීම
ලූනා යානය සොරාගෙන එහි තාක්ෂණය අත්පත් කරගත්තා මෙන් නොව මෙම මෙහෙයුමේදී සෝවියට් දේශයේ අනර්ඝතම යුද යන්ත්‍රයක් තම මවු රටටම ගෙන යන්නට ඇමෙරිකානුවෝ සමත් වූහ.මෙම සිද්ධිය සිදුවන්නේ අප්‍රිකාවේ චැඩ් රාජ්‍යයේදීය.කාන්තාරය මැද අතහැර දමා ගිය ලිබියාවට අයත් සෝවියට් දේශය නිෂ්පාදිත එම් අයි 24 යානයක්(Mi-25/මෙය වෙනත් රටවලට විකිණීම සඳහා නිර්මාණය කල මොඩලයක් බව කියවේ)ඇමෙරිකානු හමුදාවේ මෙහෙයුමක් ඔස්සේ රහසිගතව සොරාගැනීම එහිදී සිදුවිය.නමුත් මෙම සිද්ධිය සෝවියට් දේශයේ වරදකින් සිදුවූවක් නොවේ.
1980 දශකයේදී සෝවියට් දේශය අප්‍රිකාවේ සහ අරාබියේ රටවල් ගණනාවක් සමග මිත්‍රත්වයන් ඇතිකරගෙන සිටි අතර බටහිර රටවලට එරෙහිව සටන් කරන්නට අවශ්‍ය යුදෝපකරණයද එම රටවලට සපයන ලදි.ඉන් එකක් රටක් වූයේ ලිබියාවයි.සෝවියට් දේශය විසින් ලිබියාවට සැපයූ යුදෝපකරණ අතර මිග් යානා,සුකොයි යානා සහ නම් එම්අයි 24 යානයේ අපනයනය මොඩලයද තිබිණි.එම කාලයේ එම්අයි 24 යනු අද්විතීය හෙලිකොප්ටරයකි. ප්‍රබල අවිවලින් සන්නද්ධ මෙන්ම,පුද්ගලයන් අටදෙනෙක් රැගෙන යා හැකි ලෙස එය නිර්මාණය කර තිබිණි.විශේෂ බලකා සෙබලුන් පිරිසක් යුද බිමට ගෙන ගොස් ඔවුන්ට අවශ්‍ය ගුවන් ප්‍රහාරක සහාය ලබාදෙමින් ප්‍රදේශයේ රැඳී සිටීමේ හැකියාවද ඊට තිබිණි.Mi-24 යානය නිර්මාණය කරන්නේ 1960 දශකයේ අග භාගයේදීය.මෙම යානයේ සුවිශේෂී හැකියාවන් සම්බන්ධව ඇමෙරිකාවේ CIA ආයතනය සහ බ්‍රිතාන්‍යය රහස් ඔත්තු සේවයද අවධානයෙන් සිටියහ.ඉතියෝපියාවේ සටන්වලදී සහ ඇෆ්ගනිස්ථානයේ මුජහිදීන්වරුන්ට එරෙහිව එම්අයි 24 හෙලිකොප්ටර් යානා දැවැන්ත කාර්‍යභාර්යක් ඉටුකරන ලදි.මේ නිසා බටහිර ඔත්තු සේවා ,මෙම යානය සමීපව අධ්‍යයනය කිරීමට අවස්ථාවක් උදාවන තෙක් බලා සිටියහ.ඒ එහි සැලසුම,නිර්මාණය සහ යානයේ හැකියාවන්ට එරෙහිව ප්‍රතිප්‍රහාර දීමේ හැකියාව සම්බන්ධව සොයාබැලීමටය.ඔවුන්ට ඒසදහා අවස්ථාවක් උදාවූයේ 1987 දී ලිබියානුවන් චැඩ් රාජ්‍යයේ අතහැර ගිය Mi-24 යානයක් ඔස්සේය.
Aouzou නම් බිම් කඩ
චැඩ් රාජ්‍යය යනු කලක් ප්‍රංශයේ යටත් විජිතයක්ව තිබී 1960 දී ස්වාධීන රාජ්‍යයක් බවට පත්වූවකි.චැඩ් රාජ්‍යය සමග ලිබියාවේ මුහම්මර් ගඩාෆි නිතර ගැටුම් ඇතිකරගත්තේය.1970 දශකයේ මුල් සමයේදී චැඩ් රාජ්‍යයේ උතුරුදිග ප්‍රදේශය අල්ලාගන්න යැයි ගඩාෆි තම හමුදාවලට අණ කලේය.Aouzou නම් බිම් කඩ අල්ලාගැනීම මෙහි ප්‍රමුඛ පරමාර්ථය විය(කි.මී.100ක් පළල සහ වර්ග කි.මී.114,000ක් විශාල මෙය තෙල් සහ යුරේනියම්වලින් පොහොසත්විය.).මේ නිසා දෙරට අතර යුද්ධයක් ඇවිලී ගියේය.වසර ගණනක් සටන් කිරීමෙන් පසුව 1987 අගෝස්තු මාසයේදී ලිබියානුවන්ව ඔවුන්ගේ දේශසීමාව තෙක් පසුබස්සවන්නට ප්‍රංශ හමුදාවේ සහාය ලැබුණු චැඩ් රජයේ හමුදාවලට හැකිවිය.
මෙම පසුබැස්මේදී ලිබියානුවන් යුදෝපකරණ විශාල ප්‍රමාණයක් චැඩි රාජ්‍යයේ දමා ගියහ.ඒවා අතර වර්ගයේ යානයක්ද තිබිණි.1987 අප්‍රේල් මාසයේදී චැඩ් රජයේ හමුදා(Forces Armees Nationales Chadiennes (FANT)) විසින් ලිබියානුවන් අතහැර දමා ගිය Mi-24 යානාවක් කාන්තාරය මධ්‍යයේ තිබී සොයාගන්නා ලදි.
රුසියානු Mi-24 හෙලිකොප්ටරය අතහැර දමා ගොස් තිබියදී චැඩ් රජයේ හමුදා අතට පත්විය.පහත දැක්වෙන්නේ එම අවස්ථාවේදී ලබාගත් ඡායාරූපයකි.
Mi-24 හෙලිකොප්ටරය නවතා තිබුණේ Ouadi Doum නම් ගුවන් කඳවුරේය.Mi-24 යානය සැබවින්ම අදාල ස්ථානයේ ඇතිබව සනාථ කරන්නට CIA ආයතනයට හැකිවේ.ඔවුන් වහාම Mi-24 යානය පැහැරගෙන ඒමට සැලසුමක් සකස් කරයි.මෙහෙයුම දියත් කිරීමට නම් චැඩ් රජයේ අවසරය අනිවාර්යය විය.එම නිසා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මෙහෙයුම සඳහා අවසර ලබාගන්නට චැඩ් රජය සමග සාකච්ඡා අරඹන ලදි.මෙම මෙහෙයුමට ලබාදුන් නාමය වන්නේ මවුන්ට් හෝප් 3(Mount Hope III) යන්නයි.මේ සඳහා යොදාගෙන්නේ එක්සත් ජනපද හමුදාවේ 160 වන විශේෂ මෙහෙයුම් ගුවන්තරණ රෙජිමේන්තුවේ සෙබලුන්ය(Night Stalkers).Mount Hope III මෙහෙයුම ඇරඹෙන්නේ 1987 අප්‍රේල් මාසයේ නිව් මෙක්සිකෝවෙනි.මවුන්ට් හෝප් 3 මෙහෙයුමේ දෙවන අරමුණ වූයේ අවම සහායක් සහිතව සහ දුෂ්කර තත්ත්වයන් හමුවේ විදේශ රටක මෙහෙයුම් සිදුකිරීමේ හැකියාව සොයාබැලීමයි.
මෙහෙයුමට පෙර පුහුණුව
Mount Hope III මෙහෙයුමට සූදානම් වනු පිණිස සී-5 යානයකින් CH-47 Chinookහෙලිකොප්ටර් දෙකක් සහ සෙබලුන් 75 දෙනෙක් නිව් මෙක්සිකෝවට රැගෙන එයි.Boeing CH-47 Chinook හෙලිකොප්ටරයකින් රුසියානු Mi-24 යානය එල්ලාගෙන ඒම ඇමෙරිකානුවන්ගේ සැලැස්ම වී තිබිණි.පෙරපුහුණුවේදී ඔවුන් ටැංකි 6කට ජලය ගැලුම් 500ක් බැගින් පුරවා CH-47 හෙලිකොප්ටරයක එල්ලා පියාසර කරමින් අත්හදා බලන ලදි.සැබෑ මෙහෙයුමේදී Mi-24 යානය ගෙන යා යුතු දුරට සමාන දුරක්, CH-47 යානයද ඒ හා සමාන බරක් එල්ලාගෙන පියාසර කරවීය.පියාසර කිරීම සිදුකෙරුණේ සවස් කාලයේ සහ රාත්‍රියේදීය.මෙහෙයුම වෙනුවෙන් CH-47 යානයේ වෙනස්කම් කිහිපයක් සිදුකරන ලදි.FLIR හෙවත් ඉදිරිපස දැකීමේ අධෝරක්ත පද්ධතියක්,අමතර සන්නිවේදන උපකරණ ආදිය ඒවා අතර විය.
මෙහෙයුමට යොදාගත් යානා
කාලයක් තිස්සේ මේ සම්බන්ධව චැඩ් රාජ්‍යය සමග කරන ලද රාජතාන්ත්‍රික සාකච්ඡා අවසානයේදී 1987 මැයි 21 දා මෙහෙයුම ක්‍රියාවට නංවන්නට ජනපති රොනල්ඩ් රේගන් අවසර ලබාදුණි.
ඉන්පසු C-5 යානය තුල CH-47 හෙලිකොප්ටර් දෙක පටවා මෙහෙයුමට සහභාගීවන සෙබලුන් සමග චැඩ් රාජ්‍යයේ N'Djamena ගුවන් තොටුපොලට පැමිණියහ(1987 ජූනි 10 දා).එරට සිටි ප්‍රංශ හමුදා ඇමෙරිකානුවන්ට පහසුකම් සලසන ලදි.
N'Djamena ගුවන් තොටුපොලට පැමිණි C-5 යානය සහ ඒ තුල රැගෙන ආ CH-47 හෙලිකොප්ටරයක්
මෙහෙයුම සැලසුම් කල පරිදි 1987 ජූනි 11 දා ඇරඹිණි.ඔවුන් රාත්‍රීයේ සැතපුම් 500ක් දුර ගෙවා ගොස් හෙලිකොප්ටරය අතහැර දමා තිබූ ස්ථානයට(Ouadi Doum) ලගාවන විට අළුයම කාලය උදා වී තිබිණි.Ouadi Doum වෙත ළඟාවූ කණ්ඩායම ප්‍රදේශයේ ආරක්ෂ තත්ත්වය නිරීක්ෂණය කලහ.එම භූමියේ ලිබියානුවන් දමා ගිය අවි සහ වෙනත් යුදෝපකරණ රැසක් තිබිණි.Mi-24 යානය සොරාගැනීම ප්‍රදේශයේ සිටින ලිබියානුවන්ට අනාවරණය නොවන සේ සිදුකීරීම ඇමෙරිකානුවන්ගේ උවමනාව විය.(ලිබියානුවන් සිටියේ එහි සිට කි.මී.100ක් පමණ දුරින්ය).
පහත දැක්වෙන්නේ මෙහෙයුම සිදුවූ ආකාරයයි
මෙහෙයුමට පැමිණි කණ්ඩායම කොටස් දෙකකට කඩා තිබිණි.ඔවුන්ට පැවරී තිබුණු කාර්යයන් එකිනෙකට වෙනස් විය.පළමු කණ්ඩායමට පැවරී තිබුණේ Ouadi Doum වෙත පැමිණ ආරක්ෂාව ගැන සොයාබැලීමයි.ඉන්පසු දෙවන කණ්ඩායම පැමිණ හෙලිකොප්ටරය ඉවත් කරගෙන යාම සිදුකරන ලදි.නමුත් තමන් සිටින ස්ථානවල සිට සැතපුම් ගණනක් දුරින් සිදුවන මෙම රහස් මෙහෙයුම සම්බන්ධව ලිබියානුවන්ට කිසිදු දැනීමක් නොවීය.මෙහෙයුමට සහභාගීවූ දෙවන කණ්ඩායම සහිත CH-47 යානය සහ Mi-24 හෙලිකොප්ටරය රැගත් CH-47 යානය Ouadi Doum වලින් පිටවී අතහැර දමා තිබූ Faya-Largeau ගුවන් කඳවුරට ලඟාවිය(මෙතැනට C-130 යානයක් එවා තිබුණි.ඒ CH-47 හෙලිකොප්ටර්වලට තෙල් සැපයීමටය).ඔවුන්ගේ දෙවන නැවතුම්පොල වූයේ ප්‍රංශ හමුදාවේ Moussora ගුවන් කඳවුරයි.
Mi-24 හෙලිකොප්ටරය ගුවනින් රැගෙන ගිය අයුරු
Moussora
Moussora
Mi-24 යනු විශාල හෙලිකොප්ටරයකි.එය මීටර් 17 පමණ දිග ටොන් 8ක් පමණ බර දැවැන්තයෙකි.මෙලෙස හෙලිකොප්ටරයක් ඔසවාගෙන පියාසර කිරීමේ මෙහෙයුම් සිදුකර තිබෙන්නේ 3-4ක් පමණක් බව සඳහන් වේ.
මෙහි දැක්වෙන්නේ ඇමෙරිකානු CH-47 යානාවල කාර්යමණ්ඩලය Mi-24 හෙලිකොප්ටරය ඉදිරිපස සිටින අයුරුය(Ouadi Doumහිදී)
Mi-24 හෙලිකොප්ටරය Ouadi Doum ප්‍රදේශයෙන් ඉවත් කරගන්නා අයුරු
Faya-Largeauහි නවතා තිබූ C-130 ගුවන් යානය
මෙහෙයුමේ අවදානම් සහගත අධිරය අවසන් වුවද ඇමෙරිකානුවන්ට ඔවුන්ගේ අමිහිරි මතකයක් අවදි කරවන දෙයකට මුහුණ දීමට අවසන් අවස්ථාවේදී සිදුවිය.ඒ දූවිලි කුණාටුවකි.ගුවන්තොටුපොල ආසන්නයට එද්දී කුණාටුවකට මැදිවීමට ඇමෙරිකානුවන්ට සිදුවිය.නමුත් මෙහෙයුම නිම කිරීමට ගතවූ කාලය වැඩි කරනවා හැරෙන්නට වෙනත් හානියක් එමගින් සිදුනොවීය.අවසානයේ සාර්ථක ලෙස Mi-24 යානය N'Djamena ගුවන්තොටුපොලට ගෙන එන ලදි.ඉන්පසු ඔවුන්ට තවත් කුණාටුවකට මුහුණදෙන්නට සිදුවිය.පහත ඡායාරූපවලින් පෙන්වා තිබෙන්නේ එම කුණාටු තත්ත්වයයි.
Mi-24 යානය C-5 ගුවන් යානයට පටවන අයුරු
කුණාටු දෙක මගින් මෙහෙයුමට බලපෑමක් නොවූ අතර පැය 67ක් තිස්සේ සිදුකල මවුන්ට් හෝප් 3 මෙහෙයුම සාර්ථකව අවසන් විය.මෙම මෙහෙයුමේදී CH-47 යානා දෙක සෙල්සියස් අංශක 54ක තරම් ඉහළ උෂ්ණත්වයක් යටතේ කි.මී.1600 දුර පියාසර කරන ලදි.ගුවන්තොටුපොලේදී හෙලිකොප්ටරය යානයකට නංවා එක්සත් ජනපදය වෙත රැගෙන එන ලදි.
තුන්වන කොටසින් හමුවෙමු
Source:cracked.com
-HarshaLulzSec-