ගුවන් යානා අහසේ මවන සැණකෙලි

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ගුවන් යානා අහසේ මවන සැණකෙලි

    NpHBdys.jpg

    ජෙට් යානා ගමන් ගනිද්දී අහසේ ඇතිකරන වලාවන්(contrail) ඔබ දැක ඇති.මේවා contrail නමින් හඳුන්වයි.මෙම වලාවන් නිර්මාණය වන්නේ ජල වාෂ්ප ඝනීභවනය වීම සහ ගුවන් යානයක එන්ජිමේ පිටාරයෙන් ඉවත්වෙන කුඩා ප්‍රමාණයේ අංශු මිදීමට ලක්වීමෙන්ය.ගුවන් යානයක් ගමන් කරද්දී නිකුත් වන පිටාරයේ ජලවාෂ්ප සහ ඝන තත්ත්වයේ ඇති කුඩා අංශු තිබේ. contrail නිර්මාණය වීමට මේ දෙවර්ගයම වැදගත් වේ.නමුත් ගුවන් යානා මුදාහරි පිටාරයේ ඇති සමහරක් දේ මෙම වලාවන් නිර්මාණය වීමට සහභාගී නොවුවද ඒවා වායු දූෂණයට හේතුවක් වේ.කාබන්ඩයොක්සයිඩ්,ජලවාෂ්ප,නයිට්‍රජන් ඔක්සයිඩ් වර්ග,කාබන්මොනොක්සයිඩ්,හයිඩ්‍රෝකාබන් වන මීතේන්,සල්පේට් වර්ග ,දැලි සහ ලෝහමය අංශු මෙම පිටාරයේ අඩංගු අනෙකුත් දෑය.වල ආයුෂ අනුව කොටස් තුනකට බෙදා දක්වයි.ඒවා නම් ,කෙටි ආයුෂ සහිත වලාවන්,නොනැසී පවතින විහිදී නොයන වලාවන් සහ නොනැසී පවතින විහිදී යන වලාවන්ය.මෙලෙස ගුවන් යානා මගින් නිර්මාණය කරන වලාවන් සමහරකට සුළඟත් සමග ගමන් කිරීමේ හැකියාව තිබේ.පහත දැක්වෙන්නේ ගුවන් යානාවල පිටාරය නිසා නිර්මාණය වූ වලාවන්(contrails) කිහිපයක දර්ශනයි.

    TrTvEzM.jpg




    A330 වර්ගයේ යානයක්

    aZcDvsD.jpg




    3iP57gf.jpg


    ZKp9Z22.jpg




    එක්සත් ජනපද ගුවන් හමුදාවේ F-15 Eagle Fighter යානා විසින් සෝවියට් MiG-29 fighter යානා දෙකක් හඹා යෑම

    PZmnBDZ.jpg



    eveeSeW.jpg




    රුසියානු Tupolev Tu-154 යානා සයිබීරියානු අහසේ හිරු නැගීඑන අවස්ථාවක ගමන් කල අයුරු

    68ozwR6.jpg




    ගුවන් යානයක් ,වලාකුළු කලඹා අපූරු රටාවක්(downwash effect) නිර්මාණය කර අයුරු

    hlxgp8F.jpg


    pcL0mAM.jpg


    LuRKmVZ.jpg



    වළාකුළු අතරින් ගමන් කරන ගුවන් යානයක් නිර්මාණය කල අපූරු රටා(downwash effect)​

    R7ar2F7.jpg



    Aq8wi8R.jpg



    ගුවන් යානයක්(McDonnell Douglas MD-11CF) ගොඩබැස්ස වීමේදී අවට තිබෙන වාතය හැසිරෙන අයුරු( Wingtip vortices & turbulence effect)​

    4rAHYxq.jpg



    එයාර්බස් A340 යානයක් මගින් ඇතිකල අපූරු රටාවක්(wingtip vortices)​

    qZzI8hi.jpg




    බොයිං 747 යානයක් මගින් ඇතිකර වායු කැළඹුමක්

    8xpNvmb.jpg




    තවත් අපූරු ඡායාරූපයක්

    tuNtEjI.jpg




    සුර්යාගෙන් මිදුනෙමි

    6XGQhhT.jpg




    එක්සත් රාජධානියේ ගුවන් තලයේ නිර්මාණය කල අපූරු රටාවන්(vapour trails)

    rrche9F.jpg


    ObNeot6.jpg




    සඳ පායා තිබූ රැයක ගුවන් යානයක පිටාර වායුව නිර්මාණය කල contrail එකක්.

    ndIjaZ5.jpg




    රත් පැහැති contrail එකක්

    vsroYnx.jpg




    හිරු බැසයන අහසේ ගුවන් සැණකෙලිය

    jw6YN1R.jpg




    දිව්‍යමය පථයක්

    QMaIVso.jpg



    ඉතා පහල උෂ්ණත්වයක් සහිත වළාකුළු අතරින් ගමන් කල ජෙට් යානයක් ඇතිකල රටාවක්​

    DFiH2EF.jpg



    අවරපෙති සහිත යානයක්(Lockheed Martin C-130J Super Hercules) ඇති කල අපූරු රටාවක්.​

    pIo3w2h.jpg





    ශබ්දයේ වේගය ඉක්මවා යෑම නිසා ඇතිකරන රටාවන්

    Transonic හෙවත් පැයට කි.මී.965-1236 අතර වේගයෙන් ගමන් කරන ගුවන් යානා මගින් යානය වටා කේතු ආකාර වලාවක් නිර්මාණය කරයි.බොහෝ විට මෙම සංසිද්ධිය ඇතිවන්නේ තෙත් වායූ සහිත ප්‍රදේශවලදී.එනම් මුහුදු ප්‍රදේශවලට ඉහළින් ගමන් කරද්දීය.යානය අවට තෙත් වාතයේ උෂ්ණත්වය ක්ෂණිකව තුෂාර අංකයට පහළ බැස ජලය ඝනීභවනයට ලක්වීමෙන් වලාකුළු වැනි ස්වරූපයකින් දිස්වේ.

    F/A-18F සුපර් හෝර්නට් යානයක් පිලිපීන මුහුදට ඉහළින් ගමන් කල මොහොතක්

    fCQfGMf.jpg



    වම්පස රූපයේ දැක්වෙන්නේ F-14 යානයක් මගින් ඇතිකරන වලාකුලක්.එහි නියමු කුටිය අසලද කුඩා ප්‍රමාණයේ වලාවක් නිර්මාණය කර තිබේ.දකුණු පස දැක්වෙන්නේ F-22 රැප්ටර් යානයක් ගමන් කිරීමේදී ඇතිකරන වලාවකි.

    kUvBzmJ.jpg




    FA-18 හෝර්නට් යානා තටු දෙකෙළවරින් ඇතිකරන වලාවක්.

    X4BnD0A.jpg


    TTQeCjY.jpg




    තම ජෙට් එන්ජිම පමනක් යොදාගෙන සැණකෙලි අසිරියක් දක්වන Saab 35 Draken යානා

    01wNa9C.jpg




    දේදුන්නක් සහ සෙවනැල්ලක් යන දෙකම එකතු වූ අවස්ථාවක්

    HtPmt4D.jpg




    එයාර්බස් 340 යානයක් නිර්මාණය කල දේදුන්නක් බඳු වලාවන්

    p4KtTAj.jpg




    මිනිසා මැවූ දේදුන්නක්

    0N1xN4w.jpg




    හිරු බැසයන මොහොතක බොයින් 747 යානයක් මැවූ අසිරිය

    H8yVC6E.jpg



    NVylCht.jpg




    Source:Darkroastedblend.com

    -HarshaLulzSec-
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    උඹේ අනික් ත්‍රෙඩ් වගේම පට්ට බං දිගටම හොඳ ත්‍රෙඩ් දාපන්..බෙදාගත්තට ස්තූතියි.රෙප් දීල
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උඹේ ත්‍රෙඩ් නම් පට්ට මචන්...
    11.gif

    ලේසියෙන් දකින්න නොලැබෙන දේවල් දකින්න වගේම දන ගන්නත් ලැබෙනව...:yes:
    රෙප් දෙන්න එපාලු..!:oo: