NSB ගැන මගේ අත්දැකීම කියන්නම්.රට යන්න කලින් අපිට තෙල බෙදපු වෙලාවෙදි විදේශ සේවා එකේදි NSB ගැන හොඳ කිව්වා.මේක වුනෙ 2012 දි.මමත් ආණ්ඩුවෙ තැනනෙ කියලා දුවල ගිහින් හැදුවා එකක්.මේ කාලෙ මම හොඳටම ණය වෙලා හිටියෙ දවසක් පරක්කු වෙනව කියන්නෙත් ලොකු පාඩුවක්.මම හා හා පුරා කියලා සල්ලි දැම්මා අගෝස්තු මාසෙ දවසක.දවසින් අපෙ අම්මා ගිහින් තිබුනා බලන්න.ඇවිත් නෑ.මහජන බැංකුව හරහා සල්ලි එන්නෙ.ඒ නිසා එහෙන් වෙන්න දවස් කීපයක් යනවා කිව්ව.සතියක් ගියා,දෙකක් ගියා.සල්ලි වලට වුන දෙයක් නෑ.කෝකටත් කියලා මම සල්ලි දාපු බැංකුවට ගියා ආපහු සල්ලි ගන්න පුලුවන්ද බලන්න.ඒත් එහෙන් කිව්වෙ ලංකාවෙ බැංකුවට සල්ලි වැටිලා තියෙන්නෙ කියලා.ආයෙත් කීප සැරයක් බැංකුවට ගියත් සල්ලි ඇවිත් නෑ කියන කථන්දරයම තමා කියලා තිබුනෙ.අන්තිමේ බැරිම තැනට ආවට පස්සෙ මම එකෙ ලොකු පුටුවලට එකක් ගැහුවා.අදාල බැංකුවට කරලා.ඔන්න ඊට පස්සෙ ඩවසෙ තමා මගෙ එකට සල්ලි දැම්මෙ. මේ වෙද්දි මම එහෙන් සල්ලි දාලා මාසෙකුත් දවස් ගණනක් ගෙවිලා ගිහින්.එදයින් පස්සෙ හිතා ගත්තා රට ඉන්න තුරාවට ආන්ඩුවෙ බැංකුවලට නම් සල්ලි දානෙ නෑ කියලා.ඒ හින්දා සල්ලි දාන අය හොඳට හොයලා බලලා සල්ලි දාන්නයි තියෙන්නෙ.බල්ලො මරල හොයන ඒව නෙවෙයිනෙ.