*!!!!! නරලොව හොල්මන් !!!!!*
වංගෙඩියක් උඩ ගවුමක් වනලා - කපුවා රැවටිලා!
එතැන් පටන් කොට සෑම පෝයක් පාසා අහල පහල උදවියගේ වී පැදුරුද, ගම්මිරිස් පැදුරුද, සාදික්කා වසාවාසි කරාඹු නැටි සහ කුරක්කන් පැදුරුද අපේ මිදුලේ අව්වට වේලෙන්නේ අපේ අම්මාගේ විශේෂ ඉල්ලීම පිටය. තවද, එහා වත්තේ මී හරකුන් දෙතුන් දෙනෙකු ද හාමු මහත්තයලාගේ ඇල්ශේශන් බලු තඩියාද පෝය දිනවල තාවකාලික වශයෙන් අපේ ගෙදර වටේට බැඳ තබනු ලැබෙයි. එපමනක්ද නොව අල්ලපු වත්තේ පොල්ගොඩ සෑම පෝයකටම අපේ මිදුලේ පැත්තක ගොඩගැසෙන සේක. එමෙන්ම හිස් සාඩින් ටින්, ජෑම් ටින්, චීස් ටින් අන්නාසි පොතු පැපොල් පොතු අපේ ගෙදරට වැටී ඇති පාර දෙසට අතු ගා නිකන් පේන්ට නොපෙනෙන්න තැබීමටත්, කොස් කටු, දෙල් පොතු , මයියොක්කා පොතු සහ රාබු පොතු වලලා දැමීමටත් අපේ අම්මා විශේෂ උනන්දුවක් දක්වයි.
අම්මා මේ සියල්ලම කරන්නේ හුදෙක් මා වෙනුවෙන් ඔත්තු සොයාගෙන අපේ නිවසට එන්නා වූ මගුල් කපුවන්ගේ සහ අනෙකුත් ඔත්තුකාරයන්ගේ ඇස්වලට ප්‍රිය ඉපදවීම සඳහාය. මගුල් කපුවන් හා ඔත්තුකාරයන් පිටව ගිය පසු වී, ගම්මිරිස්, සාදික්කා, වසාවාසි කරාඹු නැටි සහ කුරක්කන් පැදුරුද, මී හරකුන්, එලහරකුන් සහ ඇල්ශේශන් බල්ලාද, පොල් ගොඩද යන මෙකී නොකී චංචල දේපොල අයිතිකාරයන්ට ආපසු බාරදීමට ද අම්ම කිසිසේත් අමතක නොකරයි. ඊලඟ පෝ දින යලිත් අතුගා දැමීම සඳහා හිස් සාඩින්, ජෑම්, චීස් ටින් ද අන්නාසි සහ පැපොල් පොතුද ආපසු එකතු කර පරෙස්සම් කර තැබීමට ද ඈ මතක තබා ගන්නීය.
පෝය ලබන්නා හා ම, මගේ කාමරයේ බිත්ති වල එල්ලා ඇති ස්ත්‍රී රූප වෙනුවට , දම්සක් පැවතුම් සූත්‍රය, කන්ථක අසු නේරංජනා නදිය තරණය කිරීම, මාර යුද්ධය, සුජාතාවන් කිරිපිඬු දන්දීම සහ දහම්සොඬ රජු රකුසාගේ කටට පැනීම දැක්වෙන පින්තූර රාමු එල්ලා තැබීමට අම්මා අමතක නොකරයි. මගේ ඇඳට උඩින් බිත්තියේ එල්ලා තිබුනු අර්ධ නග්න උර්ධව කායි නාරි රූපය වෙනුවට දැන් ඇත්තේ සීවලී බුද්ධ රූපයයි. එය ඉස්‍තෝප්පුවට පෙනෙන පරිදි දොර රෙද්ද මෑත්කර තැබීමට වෙහෙසෙන අම්මා සෑම විටම මඟුල් කපුවන්ට වාඩිවීමට සලස්වන්නේ මගේ කාමරයට මුහුන ලා සිටින සේය.
වෙනදා මෙන් නොව , දැන් සෑම පෝයකටම මා ගෙදරට වී සිටිය යුතුය. මාලා මොනවා හිතනවා ඇද්ද? චිත්‍රා හමුවීමට බැරි වූ කාලයක්! චම්පා සමහරවිට මා සමඟ තරහා වී ඇද්ද? ටෙක්ලා අපරාදේ තනියම චිත්‍රපටය නරඹා මට ශාප කරමින් ගෙදර යන්නට ඇත. මේ සියල්ලන්ටම වඩා මට දුක සෝමාගේ ස්වාමි පුරුෂයා ගෙදර නැති බව දැන දැනත් මේ පුන් පොහෝදා ඇගේ තනි නොතනියට පිහිටවීමට ක්‍රමයක් නැතිකමයි. ඇය මෙලහකට මඟ බලාගෙන ඇති! අම්මා කිලිටි රෙද්ද ගලවා අලුත් රෙද්දක් ඇඳ ගැනීම පිණිස ඔත්තුකාරයා අපේ වත්තට ගොඩවන තෙක් මග බලාගෙන සිටී.
වත්ත පහල උණ පඳුර අස්සේ මගේ කිතුල් රා මුට්ටිය පෙණ දමමින් පැසෙන හැටි මගේ ඇස් ඉදිරියේ මැවී පෙනේ. එහෙත් අම්මාගේ බලවත් පෙරැත්තය මත මා අද රා බීමෙන් වැලකී සිටිය යුතුය. පාලම ලඟ කඩේ පිටිපස්සේ සුදූ පොලේ මා නැති අඩුව කාටත් තේරී ඇතැයි සිතමි. මෙලහකට ඩැනී අයියා කොළේ යටින් අදිනවා ඇති! මම කාමරයේ ඒ මේ අත සක්මන් කරමි. පින්තූරයේ සිටින කන්ථක අසු මා නෙතට ලක් වේ. ඊයේ දාපු ඕලෝන් එකේ රිසාල්ට් දැනගන්න ඇත්නම්! වින් එකට දාපු පහ යකාට ගියාදෙන් - ප්ලේස් එකවත් වැඩ කරලා තිබ්බොත් මැදෑ! අපරාදේ ඒ රුපියල් පහ තියාගත්තා නම් අද යසට දෙන්න තිබුනානේ මඟුල් කපුවට!
අම්මා රේඩියෝ එක දමා, මා දෙසට හැරී "අන්න ඔත්තුකාරයා එනවා!" කියා ගෙට රිංගා අලුත් රෙද්දක් ඇඳගන්නට වූ අතර, මම සිගරට් කොටය ඇඳ යටට විසිකර සීවලී පින්තූරයට පහතින් වූ පහන පත්තුකර බිම දණගසාගෙන වැඳගෙන සිටියෙමි. මඟුල් කපුවා ටීපෝවේ හැප්පී පුටු අල්ල අල්ල අවුත් පුටුවක් යැයි සිතා පලමුවෙන්ම බිම වාඩිවීමට සැරසුනු හැටිත් මම ඇස් කොණින් බලා සිටියෙමි.
"ආ කපු මහත්තයා වාඩිවෙන්න! මං මේ වී අටුවට නගින්න හැදුවා විතරයි - කොහෙද වැඩ කරන ම්නිස්සු එකෙක්වත් නෑ ගෙදර - හතර දෙනෙක් ගිහිල්ලා අද පොල් කඩන දවස නේ - පොල් ඇහිදින්ට. ගම්මිරිස් කඩන්ට පස් දෙනෙක් යැව්වා. ලොකු උන්නැහෙත් අද කවදාවත් නැතුව ගිහින් ගමේ වත්තට - වට පිටාවේ මිනිස්සුමයි ඒකෙ දේවල් කන්නේ- මං කියන්නේ දුප්පත් මිනිස්සු ඔයා කාපුවාවැයි කියලා නිකන් ඉන්ට කියලා - ඉතින් එහෙ ඉඩං ඔක්කොම කැලේට ඇරිලා - මොකටද මං කියන්නේ මේ වස්තුව වැඩි උනාමත් කරදරේ - මට නම් එපා වෙලා තියෙන්නේ!" යනුවෙන් අම්මා අරාබි නිශොල්ලාසයේ පලමුවැනි පරිච්ඡේදය දිග හරින සැටි මට ඇසෙන්නට විය. කපුවා වටපිට බැලුවේ නහය හාරමිනි.
"කෝ පොඩි මහත්තයා අද ගෙදරද?"
"ගෙදර ඇති - කොහෙද හිටියා කියලා "මීක්" සද්දයක් තියෙන එකැක් යෑ! ඉතින් සද්දයක් කෙරුවොත් ඔය බණ පොතක් සද්ද කරලා කියන එක විතරයි'' කියා අම්මා දොර රෙද්ද දොර උඩට දමා කට හඬ අඩු කර, "තවම පන්සිල් ගන්නවා - පිං අතේමයි වැඩ!" කියා කපුවාට මා දක්නට සැලැස්සුවාය.
මා හුන් තැනින් නැගිට ඉස්‍තෝප්පුවට ආවෙමි. කවදාවත් නැතුව අම්මා මාගේ හිස අතගාන්නට වූවාය. මම පොඩි එකෙකු මෙන් ඇඹරෙන්නට විමී.
"පොඩි මහත්තයා පිං අතේ ම වැඩ හින්දා කටයුත්තකට කැමති වෙයි ද මංදා!"
"මොකද නැත්තේ! මං හරි ආසයි"
"කට වහපන්!" කියා මගේ කට නතර කල අම්මා "ඔය පුතා ආසයි කියලා කිව්වේ පිං කරන්ට. ඕවටම ඉඩ දීලත් බෑ. කවුද මේ සාගරේට තියෙන වස්තුව බලාකියාගන්නේ මං මැරිලා ගියදාට?" කියා කපුවාට හොරෙන් මට රවා බැලුවාය.
"තැනක් නම් තියෙනවා!" කියා කටේ රැල් බුරුල් කල කපුවා "මිනිස්සුත් බෝම හොදයි - වස්තුවත් කෙලවරක් නෑ, හොද වැදගත් මිනිස්සු - පොඩි පරහකට තියෙන්නෙ එතැන ගෑණු ළමයි නෑ!" යනුවෙන් කීවේය. "තවත් තැනක් තියෙනවා ගෑණු ළමයා හොඳ ලස්සනයි, හොදට ඉගෙන ගෙනත් තියෙනවා, වස්තුවත් හෙනට තියෙනවා"
"පුතාගේ පොරොන්දන් ගැලපෙනවද?"
"ඔව් පොරොන්දන් 18ක් ම ශුබයි.
"එතැන නම් හොදයි වගේ."
"නමුත් ඒ ගෑණු ළමයා දීගෙක දීලා දැං ළමයි තුන් හතර දෙනෙකුත් වෙලයි ඉන්නෙ."
"වෙන කොහෙද හොද තැනක් තියෙන්නෙ?"
"මහත්තයටම කැපෙන තැනක් මං හොයාගත්තා, හොදට ඉගෙන ගෙනත් තියෙනවා."
"ඇස්.ඇස්.සී. පාස් ද?" අම්මා ඇසුවාය.
"ඇස්.ඇස්.සී. විතරක් නෙමෙයි - ජේ.ඇස්.සීත් පාස්."
"ඇස්. ඇස්. සී. වැඩ කීයක් පාස්ද?"
"වැඩ 33කින් පාස්"
"මොනවා!"
"ඔව් ඉස්සොරෝම සැරේ දෙහෙකින් පාස්. දෙවැනි පාර තුනකින් පාස්. තුන්වෙනි පාර දෙකකින් පාස්. විභාගෙම 17 සැරයක් අරං පාස්වෙලා ඔන්න මේ පාර මොනවගෙන්දෝ රිවට් වෙලත් තියෙනවා."
"අර රෙඩිප් ද, කෙඩිප් ද කියන ඒවා?"
"ඒ ගෑණු ළමයට ඒ ඔක්කොම තියෙනවා."
"ඒ ගෑණු ළමයට ළමයි එහෙමත් ඉන්නවද" කියා මා ප්‍රශ්න කල විට "පැහිච්චකං නැතුව පලයන්!" කියා අමා මට හයියෙන් ටොක්කක් ඇන්න පසු මට සිදු වූයේ කාමරය ඇතුලට ගොස් වෙන සරමක් ඇඳගෙන ඒමටය.
"ඒ ගෑණු ළමයා කොච්චර හැදිච්ච ළමයෙක්ද කිව්වොත් ආකාසෙ මොන පාටද කියලා තවම දන්නෙ නෑ"
"ඇයි ඇස් පේන්නෙ නැද්ද?' අම්මා ඇසුවාය.
"පේන්නෙ නැතුව නෙමෙයි වට පිට බලන්නෙ නැතුව කොච්චරවත් බිම බලාගෙනම තමා පාරෙ උනත් යන්නෙ"
මේ අතර ජනෙලෙන් මිදුල දෙස බැලූ කපුවා, "ඒ ළමයා සැබෑ ලස්සනයි. නිකන් ඉටි රූපෙ වගේ - අන්න අර ලමිස්සි විතරම ඇති. - උස, මහත, මූණ, පාට ඔය වගේමයි!" කියා පැවසූ විට මම ද ජනේලයෙන් එලිය බැලුවෙමි.
"කොයි ළමිස්සි වගේද?" මම ඇසුවෙමි.
"ඇයි අර මිදුලෙ ඉන්නෙ!"
"අප්පෝ! කපු මහත්තයා රැවටිලා. ළමිස්සියක් නෙවේ. අපෙ නංගිගෙ ගවුමක් වංගෙඩිය උඩ වනලා තියෙන්නෙ වේලෙන්ට"
"කොහෙද මහත්තයෝ. දැන් මගෙ ඇස් පෙනීම හොදටම අඩුයි!" කියා කපුවා සිය කන්ණාඩි කුට්ටම එලියට ගත් අතර, අම්මා මා පිලිබද සම්පූර්ණ ගුණකථනයක් අතිශයෝක්තියෙන් යුතුව ඉදිරිපත් කලාය.
මගේ ගතිගුණ, රක්ෂාව , උගත්කම සහ වස්තුව සම්බන්ධයෙන් අම්මා කල විස්තරය ඇත්තක් වීමට මා සාරා සංඛේයය කල්ප ලක්ෂයක් පෙරුම් පිරිය යුතුය.
"අපේ පුතා ඉංග්‍රීසි පත්තරමයි කියවන්නෙ!" කියමින් මගේ කාමරයට ගිය අම්මා, "ඕං බලන්ට ඉංග්‍රීසි පත්තර ගොඩ!' කියමින් එලියට ගෙනවිත් මඟුල් කපුවට පෙන්වූයේ මාගේ රේස් පත්තර මිටියය. මට දෙලොව රත් විය. මේ අතර රේස් කොලය අස්සේ සඟවා තබන ලද කෙල්ලන්ගේ ඡායරූප එකෙන් එක බිමට වැටෙන්නට වූ අතර, අම්මා කපුවාට හොරෙන් ඒවා අහුලා සඟවා ගත්තේ "අනේ ඇත්තට - බුද්ධ රූප මෙහෙමත් පත්තර අස්සේ ගහලා තියෙනව නේ!" කියමින්ය.
වැඩි දුරටත් අම්මාගේ මුසාවාද ඇසීම පාපයක් කොට සැලකූ මම ගෙයින් පිට වී උණ පඳුර අස්සට ගොස් රා මුට්ටිය එලියට ගත්තෙමි.

"චන්ද්‍ර අනගිරත්න මහතාගේ "නරලොව හොල්මන් - 3 පොතෙන් උපුටා ගන්නා ලදී. සියලුම අයිතිය එම මහතා සතු වේ."

+