බුද්ධ දර්ශනය ගෑන සහ එහි අද්විතිය භවය

aluthKolla0001

Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    බුද්ධ දර්ශනය ගෑන සහ එහි අද්විතිය භවය

    බුද්ධ දර්ශනය ගෑන සහ එහි අද්විතිය භවය ගෑන කියවෙන අවස්තා කරමුද?
    වෙනත් අගම් සමග සන්සන්දනය කිරිමෙදි එවායෙ අතෙ මාට්ටුවි අති වෑරදි ඉගෑන්විම් සහ එවට බුදු දහමෙ සපයා ඈති විසදුම් එහෙමත් දාමුද?

    සෑ.යු : මෙය වෙනත් කිසිවෙකුගෙ දර්මයකට අපහාස කිරිමෙ අරමුනෙන් තොරව ඉදිරිපත් කරමු...:yes::yes:
     
    • Like
    Reactions: awjas2621

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    කර්මය , කාර්ම ඵලය වගේ බුද්ධාගමේ ඉගැන්වීම් මට පැහැදිලි මදි මචන්.

    මිනිහෙක්ව වාහනේකට හප්පුනාම ඒක උනේ උගේ පෙර කල පවක අකුසල කර්ම නිසා කියල කිව්වම එක බෞද්ද කෙනෙකුට හෙන ලොජිකල්. ඒත් ඇත්තටම වෙලා තියෙන්නේ එක්කො එළවන් ආපු එකා බීල. එක්කො පාර පැනපු එකා වෙන දෙයක් කල්පනා කර කර පාර පැනල.

    මගෙන් එකපාරක් බුඩිස්ට් යාලුවෙක් ඇහුව අංගවිකල ළමයි හැදෙන එක උඹල පැහැදිලි කරන්නෙ කොහොමද කියල.ඉතින් මම දන්නේ නෑ බං. ඌ කියනව ඒක උගේ කාර්ම ශක්තිය අඩුවීම, නොගැලපෙන බ්රූනයෙකුගෙ පිලිසින්දගැනීම වගේ තියරිස් ගොඩක්. ඒක ඌට හෙන ලොජිකල් බං. මට නං කාටුන්. ඕක පොඩිඑකා ක්‍රොස් උන ශුක්රානුවේ ජාන විකුර්තියක් තිබ්බ වගේ කිව්ව නං මට ටිකක් මීටර්.

    ඉතින් සහෝ අපි හැමෝම වගේ පොඩිකාලේ අපේ ඔලුවට දාල තියෙන ඒව අනුව තමා ගොඩක් දේවල් අර්ථදක්වන්නෙ.

    අතෙ මාට්ටුවි අති වෑරදි ඉගෑන්විම් කියන ඒකත් තිඉරණය වෙන්නෙත් අපි විශ්වාස කරන දේ අනුව තමයි, අපි ලොජිකල් කියල හිතන එක වෙන රාමුවක හදුන කෙනෙක්ට කොමිටල් වෙන්න පුළුවන්.
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ලොකු ධර්ම දැනුමක් නැහැ.. පන්සිල් රැකගෙන පුළුවන් විදියට පින්දහම් කරගෙන ජීවත් වෙනවා :)
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    තොත්ත බබා;19565388 said:
    කර්මය , කාර්ම ඵලය වගේ බුද්ධාගමේ ඉගැන්වීම් මට පැහැදිලි මදි මචන්.

    මිනිහෙක්ව වාහනේකට හප්පුනාම ඒක උනේ උගේ පෙර කල පවක අකුසල කර්ම නිසා කියල කිව්වම එක බෞද්ද කෙනෙකුට හෙන ලොජිකල්. ඒත් ඇත්තටම වෙලා තියෙන්නේ එක්කො එළවන් ආපු එකා බීල. එක්කො පාර පැනපු එකා වෙන දෙයක් කල්පනා කර කර පාර පැනල.

    මගෙන් එකපාරක් බුඩිස්ට් යාලුවෙක් ඇහුව අංගවිකල ළමයි හැදෙන එක උඹල පැහැදිලි කරන්නෙ කොහොමද කියල.ඉතින් මම දන්නේ නෑ බං. ඌ කියනව ඒක උගේ කාර්ම ශක්තිය අඩුවීම, නොගැලපෙන බ්රූනයෙකුගෙ පිලිසින්දගැනීම වගේ තියරිස් ගොඩක්. ඒක ඌට හෙන ලොජිකල් බං. මට නං කාටුන්. ඕක පොඩිඑකා ක්‍රොස් උන ශුක්රානුවේ ජාන විකුර්තියක් තිබ්බ වගේ කිව්ව නං මට ටිකක් මීටර්.

    ඉතින් සහෝ අපි හැමෝම වගේ පොඩිකාලේ අපේ ඔලුවට දාල තියෙන ඒව අනුව තමා ගොඩක් දේවල් අර්ථදක්වන්නෙ.

    අතෙ මාට්ටුවි අති වෑරදි ඉගෑන්විම් කියන ඒකත් තිඉරණය වෙන්නෙත් අපි විශ්වාස කරන දේ අනුව තමයි, අපි ලොජිකල් කියල හිතන එක වෙන රාමුවක හදුන කෙනෙක්ට කොමිටල් වෙන්න පුළුවන්.

    මචන් උඹ ඔය කමෙන්ට් එක දාලා තියෙන්නේ උඹ බුදු දහම හෑල්ලු කරලා වගේ. කර්ම ශක්තිය ගැන උඹටත් තේරෙන්නත් එක්ක ප්‍රායෝගිකව කියලා දෙන්නම්.

    පොඩ්ඩක් හිතපන් උඹ යාළුවෙක්ට උඹේ හොද වර්ගයේ පොතක් දුන්නා. ඌ ඉතින් ඒ පොත පට්ට ගහලා, කොළ ඉරලා, ආයි කාටවත් පාවිච්චි කරන්න බැරි විදිහට උඹට ගෙනත් දුන්නා. ඉතින් උඹ හිතින් අවංකව හිතපන් උඹ ආයි අරූට අරවගේ හොද පොතක් දෙනවද? ඒත් කවුරුහරි අපේ පොත අපි වගේම ආදරෙන් හොදට පාවිච්චි කරාම ආයි අපි අරූට දෙන්නෙත් අර වගේම පොතක් නේද? කර්මයත් ඔය වගේ තමා බං.

    බුදු දහමේ අනුව හැම ක්‍රියාවක්ම ඇතිවන්නේ හේතුවකට අනුව. හැබැයි බුදු හාමුදුරුවෝ කියලා තියෙනවා හැම දෙයක්ම සිදුවන්නේ කර්මයට අනුව කියලා පිළිගන්න එපා කියලා. දැන් හදිසියේවත් උඹට වැඩට යන්න බස් එක මිස් වුණා කියමු. අන්න ඒක උඹේ කර්මයට අනුව සිද්ධ වෙච්ච දෙයක් කියලා කියන්න බෑ. අර උඹේ යාළුවා වාහනේට හැප්පුණ එක ගොඩක් වෙලාවට කර්මයට අනුව සිද්ධ වෙච්ච දෙයක් කියලා කියන්න පුළුවන්. බුදු දහමට අනුව ඒ වගේ විපතක් සිද්ධ වෙනවනම් ඔහු පෙර ආත්මයේ කරපු කර්මට බලපානවා. ඕකේ හෙන ලොජිකල් පැත්තක් නෑ. නිව්ටන්ගේ 3වෙනි නියමෙන් කියවෙන්නෙත් ඒකමයි.
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa

    සහොදරයා කර්මය , කාර්ම ඵලය ගැන හරියටම කියන්න පුලුවන් බුදු කෙනෙකුට විතරයි....
    අනික ඔයා ඔය කියන ලොජිකල් නෑ කියන කතාව ... ඹයා දන්න අවබොධයෙන් තමයි ඔයා ලොජිකල් නෑ කියලා කියන්නේ..... මොකද ඔයා නොදකින දේවල් ගොඩක් තියෙනවා මේ විශ්වයේ.. ඒත් බුදු රජානන් වහන්සේගේ ප්‍රඥාවට ඒ සියල්ලම අවශේෂ වෙලා තියෙන්නේ උන්වහන්සේ සියල්ල දත් කියලා කියන්නේ ඒ නිසායි
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    තොත්ත බබා;19565388 said:
    කර්මය , කාර්ම ඵලය වගේ බුද්ධාගමේ ඉගැන්වීම් මට පැහැදිලි මදි මචන්.

    මිනිහෙක්ව වාහනේකට හප්පුනාම ඒක උනේ උගේ පෙර කල පවක අකුසල කර්ම නිසා කියල කිව්වම එක බෞද්ද කෙනෙකුට හෙන ලොජිකල්. ඒත් ඇත්තටම වෙලා තියෙන්නේ එක්කො එළවන් ආපු එකා බීල. එක්කො පාර පැනපු එකා වෙන දෙයක් කල්පනා කර කර පාර පැනල.

    මගෙන් එකපාරක් බුඩිස්ට් යාලුවෙක් ඇහුව අංගවිකල ළමයි හැදෙන එක උඹල පැහැදිලි කරන්නෙ කොහොමද කියල.ඉතින් මම දන්නේ නෑ බං. ඌ කියනව ඒක උගේ කාර්ම ශක්තිය අඩුවීම, නොගැලපෙන බ්රූනයෙකුගෙ පිලිසින්දගැනීම වගේ තියරිස් ගොඩක්. ඒක ඌට හෙන ලොජිකල් බං. මට නං කාටුන්. ඕක පොඩිඑකා ක්‍රොස් උන ශුක්රානුවේ ජාන විකුර්තියක් තිබ්බ වගේ කිව්ව නං මට ටිකක් මීටර්.

    ඉතින් සහෝ අපි හැමෝම වගේ පොඩිකාලේ අපේ ඔලුවට දාල තියෙන ඒව අනුව තමා ගොඩක් දේවල් අර්ථදක්වන්නෙ.

    අතෙ මාට්ටුවි අති වෑරදි ඉගෑන්විම් කියන ඒකත් තිඉරණය වෙන්නෙත් අපි විශ්වාස කරන දේ අනුව තමයි, අපි ලොජිකල් කියල හිතන එක වෙන රාමුවක හදුන කෙනෙක්ට කොමිටල් වෙන්න පුළුවන්.
    ශුක්‍රාණුවෙ ජාන විකුර්තිය ඇති වෙන්න හේතුව උඹට කොමිටල් නැද්ද?මොකද ඒක බයෝ වලට උගන්නන්නෙත් අහඹු ලෙස සිදු වෙනවා කියලා:rolleyes::rolleyes::rolleyes:.වාහනේ හැප්පුනු සීන් එකනම් හෙන ගොන් කතාවක් බුදු හාමුදුරුවො කියලා තියෙනවා හැම දේම කර්මය මත තීරණය වෙන්නෙ නෑ,ඒක නිසා කර්මය කියලා උඩ බලාගෙන ඉන්න එපා කියලා.:rofl::rofl::rofl::rofl::rofl:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    තොත්ත බබා;19565388 said:
    කර්මය , කාර්ම ඵලය වගේ බුද්ධාගමේ ඉගැන්වීම් මට පැහැදිලි මදි මචන්.

    මිනිහෙක්ව වාහනේකට හප්පුනාම ඒක උනේ උගේ පෙර කල පවක අකුසල කර්ම නිසා කියල කිව්වම එක බෞද්ද කෙනෙකුට හෙන ලොජිකල්. ඒත් ඇත්තටම වෙලා තියෙන්නේ එක්කො එළවන් ආපු එකා බීල. එක්කො පාර පැනපු එකා වෙන දෙයක් කල්පනා කර කර පාර පැනල.

    මගෙන් එකපාරක් බුඩිස්ට් යාලුවෙක් ඇහුව අංගවිකල ළමයි හැදෙන එක උඹල පැහැදිලි කරන්නෙ කොහොමද කියල.ඉතින් මම දන්නේ නෑ බං. ඌ කියනව ඒක උගේ කාර්ම ශක්තිය අඩුවීම, නොගැලපෙන බ්රූනයෙකුගෙ පිලිසින්දගැනීම වගේ තියරිස් ගොඩක්. ඒක ඌට හෙන ලොජිකල් බං. මට නං කාටුන්. ඕක පොඩිඑකා ක්‍රොස් උන ශුක්රානුවේ ජාන විකුර්තියක් තිබ්බ වගේ කිව්ව නං මට ටිකක් මීටර්.

    ඉතින් සහෝ අපි හැමෝම වගේ පොඩිකාලේ අපේ ඔලුවට දාල තියෙන ඒව අනුව තමා ගොඩක් දේවල් අර්ථදක්වන්නෙ.

    අතෙ මාට්ටුවි අති වෑරදි ඉගෑන්විම් කියන ඒකත් තිඉරණය වෙන්නෙත් අපි විශ්වාස කරන දේ අනුව තමයි, අපි ලොජිකල් කියල හිතන එක වෙන රාමුවක හදුන කෙනෙක්ට කොමිටල් වෙන්න පුළුවන්.

    ජීවිතයේ වෙන හැම දෙයක්ම කර්මය හේතු කරගෙන සිද්ධ වෙන්නේ නැහැ. ඒත් සමහර දේවල් වලට කර්මය බලපානවා. කර්මය කියන්නේ දෙවියන් විසින් පනවපු දෙයක් හෝ වෙනත් කවුරුන් වත් විසින් පනවන ලද දෙයක් නෙවෙයි. තමන් විසින්ම ඇති කරගත්තු දෙයක්.

    කර්මය ඵල කියන්නේ යම්කිසි අනතුරක් සිදුවීමේදී ඇති සම්භාවිතාවක එක් අවස්ථාවක් විතරයි.
    G6xaYgp.jpg

    මේ පිංතූර ගත්තොත්,
    ඒ මනුස්සයා ලෑලි හෝ පෙට්ටි හෝ මොකක් හරි දෙයක් තල්ලු කරනවා. ඒක තමන් කරාම ආයිත් එනවා.
    මේක කාගේ හරි උපක්‍රමයකින් වෙන්නත් පුළුවන්. උදාහරනයක් විදිහට, කවුරු හරි තල්ලු කරනවා.
    මේක ස්වභාවිකව වෙන්නත් පුළුවන්. භූමිකම්පාවක්, සුලගක්, වතුර පහරකින් වගේ දෙයකින්.

    අංගවිකල ළමයගේ කතාවටත් ඒකම තමයි.
    කර්මය නිසා වෙන්නත් පුළුවන්.
    ස්වභාවික අනතුරු නිසා
    අනි අයගේ උපක්‍රම නිසා

    ඒ නිසා වෙන හැමදෙයක්ම කර්මය නෙවෙයි. කර්මය කියන්නේ එක අවස්ථාවක් විතරයි. කර්ම කර්ම ඵල විශ්‍යය අචින්ත්‍යයි. ඒ නිසා ඒ ගැන කතා කරන්න උබත් මටත් ප්‍රමානවත් බුද්ධියක් නැහැ. අචින්ත්‍ය ඌ දෙයක් එකම සුදුස්සා බුදු හාමුදුරුවො විතරයි.
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    මේ වගේ දේවල් සහොදරයා කතා කරන්න ඔනේ මුණ ගැහිලා කට්ටියම.. මොකද එතකොට තමයි නිවැරදි අවබොධයක් හා වැඩි කතාවක් කරගන්න පුලුවන්....

    බුදු දහම කියන විශය තමයි මම ආසාම කතා කරන්න...
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මචන් උඹ ඔය කමෙන්ට් එක දාලා තියෙන්නේ උඹ බුදු දහම හෑල්ලු කරලා වගේ. කර්ම ශක්තිය ගැන උඹටත් තේරෙන්නත් එක්ක ප්‍රායෝගිකව කියලා දෙන්නම්.

    පොඩ්ඩක් හිතපන් උඹ යාළුවෙක්ට උඹේ හොද වර්ගයේ පොතක් දුන්නා. ඌ ඉතින් ඒ පොත පට්ට ගහලා, කොළ ඉරලා, ආයි කාටවත් පාවිච්චි කරන්න බැරි විදිහට උඹට ගෙනත් දුන්නා. ඉතින් උඹ හිතින් අවංකව හිතපන් උඹ ආයි අරූට අරවගේ හොද පොතක් දෙනවද? ඒත් කවුරුහරි අපේ පොත අපි වගේම ආදරෙන් හොදට පාවිච්චි කරාම ආයි අපි අරූට දෙන්නෙත් අර වගේම පොතක් නේද? කර්මයත් ඔය වගේ තමා බං.

    බුදු දහමේ අනුව හැම ක්‍රියාවක්ම ඇතිවන්නේ හේතුවකට අනුව. හැබැයි බුදු හාමුදුරුවෝ කියලා තියෙනවා හැම දෙයක්ම සිදුවන්නේ කර්මයට අනුව කියලා පිළිගන්න එපා කියලා. දැන් හදිසියේවත් උඹට වැඩට යන්න බස් එක මිස් වුණා කියමු. අන්න ඒක උඹේ කර්මයට අනුව සිද්ධ වෙච්ච දෙයක් කියලා කියන්න බෑ. අර උඹේ යාළුවා වාහනේට හැප්පුණ එක ගොඩක් වෙලාවට කර්මයට අනුව සිද්ධ වෙච්ච දෙයක් කියලා කියන්න පුළුවන්. බුදු දහමට අනුව ඒ වගේ විපතක් සිද්ධ වෙනවනම් ඔහු පෙර ආත්මයේ කරපු කර්මට බලපානවා. ඕකේ හෙන ලොජිකල් පැත්තක් නෑ. නිව්ටන්ගේ 3වෙනි නියමෙන් කියවෙන්නෙත් ඒකමයි.

    මානව හිමිකම් කඩවෙන්නෙ කර්මය හින්ද , ඒක හින්දා කොමිසමක් තිබුනයි කියල ප්‍රයෝජනයක් නෑ. විභාග පාස්වෙන්නෙ දෙවියන් අදහන හින්ද, බෝධි පූජා තියන හින්ද, ඒකයි විභාග පාස් උනාට හිතල යමක් කරන්න බැරි.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    පෙර අසනලද ප්‍රශ්නම අදත් නොයෙක් දෙනා අසයි. බුද්ධාගමේ මුලික ඉගැන්වීම ගැන අද බෞද්ධයි කියාගන්න අප වැඩි දෙනෙකු තුල නිසි අවබෝධයක් නැත. 1873 අවුරුද්දේ මොහොට්ටිවත්තේ ගුණානන්ද ස්වාමින් වහන්සේ කල දේශනා වලින් මේ කාරනා ගැන නිසි අවබෝධයක් ලබා ගන්නට අපිට හැක. රණ්ඩුවක් හෝ බැණ ගැනීමක් නොව පානදුරා වාදය එකම ධර්ම සංග්‍රහයක් බව දැනගෙන සියල්ලන්ම මෙය කියවත්වායි මම ඉතා ඕනෑ කමින් ආරාධනා කරමි.
    https://panadurawadaya.wordpress.com/2011/12/28/the-debate/
    ක්‍රිස්තියානි ආගමේ අසත්‍යතාව පෙන්වන්ට නට තවත් වැදගත් සාක්ෂියක් තිබේ.එනම් – උත්පත්ති 6-6 පදේ “මනුෂ්‍යයා මැවූ බැවින් තැවුණු සේක” කියා තිබේ. මේ කනගාටුව යෙහොවාට ඉපදිලා තිබෙන්නේ මනුෂ්‍යා මැවූ නිසාය. මත්තට කනගාටු උපදින ක්‍රියා කරන්නේ කිසිවක් නොදන්නා මෝඩයෝය. “සියල්ල දන්නා දීව්‍ය ඥානයක් තිබෙනවාය” කියන මැවුන් කාරයා තමන්ට සෝක උපදින ක්‍රියා කරන එක මහත් විහිලුවක්ය.
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    තොත්ත බබා;19565388 said:
    කර්මය , කාර්ම ඵලය වගේ බුද්ධාගමේ ඉගැන්වීම් මට පැහැදිලි මදි මචන්.

    මිනිහෙක්ව වාහනේකට හප්පුනාම ඒක උනේ උගේ පෙර කල පවක අකුසල කර්ම නිසා කියල කිව්වම එක බෞද්ද කෙනෙකුට හෙන ලොජිකල්. ඒත් ඇත්තටම වෙලා තියෙන්නේ එක්කො එළවන් ආපු එකා බීල. එක්කො පාර පැනපු එකා වෙන දෙයක් කල්පනා කර කර පාර පැනල.

    මගෙන් එකපාරක් බුඩිස්ට් යාලුවෙක් ඇහුව අංගවිකල ළමයි හැදෙන එක උඹල පැහැදිලි කරන්නෙ කොහොමද කියල.ඉතින් මම දන්නේ නෑ බං. ඌ කියනව ඒක උගේ කාර්ම ශක්තිය අඩුවීම, නොගැලපෙන බ්රූනයෙකුගෙ පිලිසින්දගැනීම වගේ තියරිස් ගොඩක්. ඒක ඌට හෙන ලොජිකල් බං. මට නං කාටුන්. ඕක පොඩිඑකා ක්‍රොස් උන ශුක්රානුවේ ජාන විකුර්තියක් තිබ්බ වගේ කිව්ව නං මට ටිකක් මීටර්.

    ඉතින් සහෝ අපි හැමෝම වගේ පොඩිකාලේ අපේ ඔලුවට දාල තියෙන ඒව අනුව තමා ගොඩක් දේවල් අර්ථදක්වන්නෙ.

    අතෙ මාට්ටුවි අති වෑරදි ඉගෑන්විම් කියන ඒකත් තිඉරණය වෙන්නෙත් අපි විශ්වාස කරන දේ අනුව තමයි, අපි ලොජිකල් කියල හිතන එක වෙන රාමුවක හදුන කෙනෙක්ට කොමිටල් වෙන්න පුළුවන්.

    ඕකට සරල උත්තරයක් දෙන්න පුළුවන්: ඔයා විඤ්ඤානය කියන එකයි, ශරීරය කියන එකයි එකට බද්ද උන දෙයක් විදිහට, එහෙම නැත්නම් වික්ඤානයෙන් ශරීරය මවනව කියල දකින්නෙ. ඒක නිසයි ඔයාට කර්මය තේරුම්ගන්න අමාරු.

    සරලව පැහැදිලි කරන්න මම බලන්නම්, හැබැයි ඔය තැන් වල කර්මය වැඩ කරන විදිහ ගොඩක් සංකීර්ණයි.

    දෙවෙනි උදාහරණය ගමුකො.

    මෙතන ළමය අංගවිකල වෙන එකේදි, කළලයේ උන ජාන විකෘතියක් නිසා ළමය ඉපදෙනකොට අංගවිකල වෙලා ඉපදුන එක ඇත්ත. හැබැයි ඒ ජාන විකෘතියක් උන කළලයේ උප්පත්තිය ලබන්න බලපාන්නෙ කර්මය.ඒක හරියට නිකම් ටිකට් එකට වියදම් කරන්න පුළුවන් සල්ලි ප්‍රමාණය මත, Plane එකකදී ලැබෙණ seat එකේ සැපපහසුව හා සැලකීම් වෙනස් වෙනව වගේ.

    පළවෙනි උදාහරණය.

    හැප්පෙන එකාට විතරක් නෙමෙයි කර්මය බලපාන්නෙ. හප්පන එකාටත් කර්මය බලපානව.

    කන්දක් උඩ ඉඳන් tap එකක් ඇරල තිබ්බොත්, ඒ වතුර පාර පහලට ගලන විදිහ තීරණය වෙන සාධක ගොඩක් තියනව. පලලමේ එක එක තැන් වල පල්ලම් ගතිය අඩු වැඩි තැන් තියනව වගේ තමයි කර්මය කියන. පල්ලම වැඩි තැනින් වතුර බහින්න තියන සම්භාවිතාව වැඩියි. කර්මය ප්‍රභල දිශාවට අපේ ජිවිතයේ සිදුවීම් වෙන්න පුළුවන් සම්භාවිතාව වැඩි වීමත් ඒ වගේ දෙයක්. පල්ලම ගොඩක් නැති තැන් වලට වතුර පාර යන්න කලින් ගලක් තියල, පස් ටිකක් දාල අපිට වතුර පාර වෙනස් කරන්න පුළුවන් වගේ, වීර්යයෙන් හා උත්සාහයෙන් කර්මය ජයගන්නත් පුළුවන්.

    මිනිහෙක් හැප්පිල මැරෙනකොට, එයා කල්පනා කර කර පාර පැන්නෙත්, වාහනේ මිනිහ බීල ආවෙත්, ඒ අයගේ කර්මයන් හා අනෙකුත් හේතු ඒ අනුව සැකසිලා තිබ්බ නිසා. ඒ වෙලාවේදී දෙන්නගෙ ජිවිත කියන වතුර පාරවල් දෙක කන්ද පහලට ගලපු විදිහ ඒ.

    එහෙම නැතුව මැජික් ලාම්පුවෙන් භූතයෙක් ඇවිත් කර්මය ක්‍රියාත්මක කරනව වගේ දෙයක් නෙමෙයි මේක.

    මේක උපන් දා ඉඳල බෞද්ධ ගොඩක් යටත් තේරුම් ගන්න අමාරුයි. ඒක නිසා ඔයාට මේවා කාටුන් වගේ වෙන එක ගොඩක් සාධාරණයි. ඒක කෙලින්ම කියපු එකත් ගොඩක් වටිනව.:yes:
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Buddha dharmaya hugak sankeernai yaluwa,
    E nisama hama kenek ma Buddha dharmaya therum ganne thamanta aawenika widihata.
    E kiyanne hama kenektama Buddhaagama gana thamantama aawenika nirwachanayak thiyenawa thama thamange buddhi mattama anuwa hadaa gaththu.

    Ada kaale aagamak hatiyata Buddhaagama pirihenne E nisai. Mokada minissunta samahara dewal therum ganna ba (matath ba) . E hinda minissu karanne mathupitin pena theory tika katapaadam karagena podi rawateemak karana eka. Itin man hithanne oka gana saakachchaa karanawai kiyala me thread eka patan gaththata iwara wenne waliyakin.
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ජීවිතයේ වෙන හැම දෙයක්ම කර්මය හේතු කරගෙන සිද්ධ වෙන්නේ නැහැ. ඒත් සමහර දේවල් වලට කර්මය බලපානවා. කර්මය කියන්නේ දෙවියන් විසින් පනවපු දෙයක් හෝ වෙනත් කවුරුන් වත් විසින් පනවන ලද දෙයක් නෙවෙයි. තමන් විසින්ම ඇති කරගත්තු දෙයක්.

    කර්මය ඵල කියන්නේ යම්කිසි අනතුරක් සිදුවීමේදී ඇති සම්භාවිතාවක එක් අවස්ථාවක් විතරයි.
    G6xaYgp.jpg

    මේ පිංතූර ගත්තොත්,
    ඒ මනුස්සයා ලෑලි හෝ පෙට්ටි හෝ මොකක් හරි දෙයක් තල්ලු කරනවා. ඒක තමන් කරාම ආයිත් එනවා.
    මේක කාගේ හරි උපක්‍රමයකින් වෙන්නත් පුළුවන්. උදාහරනයක් විදිහට, කවුරු හරි තල්ලු කරනවා.
    මේක ස්වභාවිකව වෙන්නත් පුළුවන්. භූමිකම්පාවක්, සුලගක්, වතුර පහරකින් වගේ දෙයකින්.

    අංගවිකල ළමයගේ කතාවටත් ඒකම තමයි.
    කර්මය නිසා වෙන්නත් පුළුවන්.
    ස්වභාවික අනතුරු නිසා
    අනි අයගේ උපක්‍රම නිසා

    ඒ නිසා වෙන හැමදෙයක්ම කර්මය නෙවෙයි. කර්මය කියන්නේ එක අවස්ථාවක් විතරයි. කර්ම කර්ම ඵල විශ්‍යය අචින්ත්‍යයි. ඒ නිසා ඒ ගැන කතා කරන්න උබත් මටත් ප්‍රමානවත් බුද්ධියක් නැහැ. අචින්ත්‍ය ඌ දෙයක් එකම සුදුස්සා බුදු හාමුදුරුවො විතරයි.

    බුදුරජාණන් වහන්සේ ජෛනයන් ඉදිරිපත් කළ කර්ම වාදය ප්‍රතික්ෂේප කළා පමණක් නොව, පෙර භවයේ සිට ආ කර්මය ක්‍ෂය කිරීමට උත්සාහ කිරීමෙන් කර්ම විපාක වලින් වැළකී සිටීමට කෙනෙකුට හැකියාවක් නැති බව ද පෙන්වා දෙති. කෙසේ වුව ද විමුක්තිය ලැබීමට කර්ම හට ගැනීමේ ශක්තිය ක්‍ෂය කළ යුතුය. තවද ආජීවකයන් ඉදිරිපත් කළ පුබ්බේකත හේතුවාදය (සියල්ල කර්මයෙන් සිදුවේය යන අදහස) බුදුසමය ප්‍රතික්ෂේප කරයි. සියල්ල කර්මයෙන් සිදුවේය යන අදහස ජෛනයන්ගේ කර්ම ක්‍ෂය කිරීමේ අදහසටත් වඩා දැඩි ලෙස ප්‍රතික්‍ෂේප කර තිබීමද මෙහිදී සිහිපත් කළ යුතුව ඇත. පුබ්බේකත හේතුවාදය, මිථ්‍යා දෘෂ්ටියක් බව මහා තිත්ථායන සූත්‍රයේදී දේශනා කොට ඇත.

    සියල්ල කර්මයෙන් සිදු නොවන බව පෙන්වා දෙන බුදුසමය කර්ම නියාමයේ යථාර්ථය ද එයට හේතු ද පෙන්වා දෙයි.

    01. මිනිසාට වැළෙඳන රෝග වලට ද හේතු ගණනාවක් පැවතිය හැකිය. ඉන් එක් කොටසක් කර්මයෙන් සිදුවිය හැකිය.

    02. මිනිසාට සිතෙන් ද රෝග හට ගනී. එමෙන්ම ඍතු විපර්යාසයෙන්ද රෝග හට ගනී. මිනිසාට වාතය මුල් කොට ගෙන රෝග ද , සෙම මුල්කරගෙන රෝග ද හට ගන්නා බව, ගිරිමානන්ද සූත්‍රයෙහි දැක්වේ. එමෙන්ම නුසුදුසු ආහාර නිසා ද රෝග හට ගන්නා බව පෙන්වා දිය හැකිය.

    යම් අයකුගේ ශරීරය තුළ වාතය සිටි කල, එයට හේතුව විමසා, එම තත්ත්වයෙන් මිදීමට කටයුතු කළ යුතු ය. එසේ කටයුතු කරන්නා නුවණැත්තෙකි. කෙනෙකුගේ උපතට හේතුව ආශාව සමග පවතින කර්මය යි. චුති සිත සහ ප්‍රතිසන්ධි සිත අනුව ගන්ධබ්බ අවස්ථාවට පැමිණි පසු, දේව, බ්‍රහ්ම , මනුෂ්‍ය, තත්ත්වයට පැමිණීම සිදුවන බව පෙනී යයි. සියල්ල කර්මයෙන් සිදු නොවන අතර මවුපියන්ගේ ආරක්‍ෂාව හා පෝෂණය හේතු කොට ගෙන වැඩීම සිදුවෙයි. සත්වයාගේ වැඩීමට ආහාර, ශීතෝඋෂ්ණය ආදිය අවශ්‍ය බව පෙනී යයි. මිනිස් සිරුර තුළ චිත්ත රූප මෙන්ම , කර්මජ රූප ද පවතින අතර, ශරීරයට ලැබෙන ආහාර දිරවන්නේ උෂ්ණයෙනි. කර්මයෙන් එය සිදු නොවන අතර තේජෝ ධාතුවෙන් එය සිදුවේ. සිතද ශරීරය වැඩීමට අවශ්‍ය බව බුදුදහම පිළිගනියි. නිතර කේන්ති ගන්නා ද්වේෂයෙන් යුතු තැනැත්තා දුර්වර්ණ වන අතර, අල්ප ආයුෂ්ක ද වේ. නිතර සතුටෙන් සිටින අයගේ (සන්තුට්ඨි පරමං ධනං) වර්ණය හෙවත් පැහැය ද යහපත් වන අතර දීර්ඝ ආයුෂ ද ඔවුනට හිමි වෙයි.

    කර්ම විපාක දීමේදී අවශේෂ බලවේග ද , ඊට ලැබෙන අවකාශය ද එය විපාක දෙන අයුරු තීරණය වීමට හේතු වෙයි. කුසල කර්මයකදී බලපාන කරුණු වන්නේ

    ගති සම්පත්තිය – උපදින තැන
    උපධි සම්පත්තිය – පෞරුෂ ලක්ෂණ
    කාල සම්පත්තිය – උපදින කාලය
    පයෝග සම්පත්තිය – උත්සාහය ආදිය

    අකුසල කර්මයකදී ගති විපත්ති , උපධි විපත්ති, කාල විපත්ති සහ පයෝග විපත්ති බලපාන බව පෙන්වා දිය හැකිය. සූත්‍රවල දැක්වෙන අන්දමට කර්මය හඳුන්වා ඇත්තේ “ චේතනාහං භික්ඛවේ, කම්මං වදාමි, චේතයිත්වා කම්මං කරෝති කායෙන වාචාය මනසා “ කර්මයේ පදනම චේතනාව වන අතර, සිත මුල් වී කරන ක්‍රියා කර්ම වේ. සිතා මතා කරන ක්‍රියාව තුළ විපාක ඇත.

    යම් කිසි ක්‍රියාවක විපාක දෙන ශක්තිය නැත්නම්, ඒවා කර්ම නොවේ. රහතන් වහන්සේ සිදු කරන්නේ, එවැනි කර්ම යි.

    යම් අයෙකු තෝරා බේරාගෙන ක්‍රියාවක් සිදු කරයි ද, ඔහුට ඒ පිළිබඳ වගකීමක්, බැඳීමක් පවතියි. එහෙයින් එය කර්මය ලෙස දැක්විය හැකි ය. මමත්වය තහවුරු කැරෙන ක්‍රියාව කර්මය වශයෙන් දැක්විය හැකි යි. මේ අනුව පෙනී යන කරුණු තුනකි.

    01. චේතනාව කර්මය වන බව
    02.සිතාමතා කර්ම කරන බව
    03.කර්මයට ප්‍රතිඵලයක් ඇති බව

    බෞද්ධ කර්මවාදයේ දී සිත, කය වචනය තුන් දොරට මුල් තැන හිමි වෙයි. අනෙක් ආගම් දර්ශනවල ඇත්තේ කය හා වචන මුල් කරගෙන කර්මය සිදු වන බවයි. කර්මය සිදු කිරීමේදී සිතට මුල් තැන හිමි වන බව බුදු දහම පවසයි. විවිධ තපස් ක්‍රම, විවිධ තපස් චර්යා ව්‍රත සිදු කරන්නේ කර්ම තැවීමක් හැටියට බව පැහැදිලි ය. සීලයෙන් මානසික සංවරය ද, කය වචන දෙක හික්මීම ද සිදුවන බව බුදු දහම අවධාරණය කරයි. බුද්ධඝෝෂ හිමියන් පෙන්වා දෙන මානසික සංවරය, ඉන්ද්‍රිය සංවරය තුළ ගැබ්ව ඇති බව පෙනී යයි.

    ඉන්ද්‍රිය සංවරය තුළින් අප බලාපොරොත්තු වන්නේ “ මගේ” යන සංකල්පය අඩු කිරීම යි. ඒ සඳහා ක්‍රමානුකූලව ලෝභ,ද්වේශ, මෝහ අකුසල යටපත් කොට අලෝභ, අදෝෂ, අමෝහ කුසල මූල වර්ධනය කළ යුතු ය. යම් දිනක සසර නතර කර ගත හැකි වන්නේ එසේ ක්‍රියා කිරීමෙන් බව පැහැදිලි ය. කර්මය පිළිබඳ තේරුම් ගත හැකි වන්නේ පඤ්ඤා විමුක්ත ක්‍රමයට සත්‍යය දකින නිවන් දකින බුදුපියාණන් වහන්සේට සහ රහතන් වහන්සේට පමණකි.

    කෙනෙක් සතර වන ධ්‍යානයෙන් පසුව ත්‍රිවිද්‍යා කරා සිත යොමු කරන්නේ නම්, උන් වහන්සේ පුබ්බේ නිවාසානුස්සති ඤාණය (අතීත කර්ම ද) දිබ්බ චක්ඛු (සත්ත්වයා සසර නැවත උපදින ආකාරය) මෙන්ම ආසවක්ඛය (නිවන ද ) ලබා ගත හැකි ය. ප්‍රඤ්ඥා විමුක්ත ක්‍රමයට අමතරව, අර්හත් භාවයට පත්විය හැකි ක්‍රම 12 ක් තිබේ. එවැනි ක්‍රම වලට නිවන් දකින, රහත් වන අයට , කර්මය පිළිබඳ තොරතුරු දත නොහැකි ය.බුදුරජාණන් වහන්සේ මේ සම්බන්ධව තමන් ප්‍රත්‍යක්‍ෂයෙන් දන්නා බව ප්‍රකාශ කර සිටිති. යම් අයෙක් අයහපත් ක්‍රියාවල යෙදෙන්නේ නම්,ඔහු මරණින් පසු නරකයෙහි උපදියි. මේ සම්බන්ධව කරුණු මහා කම්ම – විභංග සූත්‍රයේ පැහැදිලිව සඳහන් කර ඇත. එහි කර්මය හා කර්ම විපාකය, හේතු ඵල න්‍යාය යටතේ විස්තර කර ඇත.

    පර පණ නසන්නාට දීර්ඝ ආයුෂ ලැබීමට නොහැකි ය. පර පණ නොනසන්නාට දීර්ඝ ආයුෂ හිමි ය. අන් අයට කරදර කරන්නාට ඉදිරි කාලය අප්‍රසන්න ය. අන් අයට කරදර නොකරන්නාට ඉදිරි කාලය ප්‍රසන්න ය. ඔවුන්ගේ ඡවි වර්ණය (පාට)පැහැපත් වෙයි. ලස්සන වෙයි. උදාහරණයක් ලෙස මෛත්‍රී භාවනා සිදු කරන්නා සැමට පි‍්‍රයවෙයි. එමෙන්ම කර්මය, කුසල අකුසල, අව්‍යකෘත වශයෙන් තෙවැදෑරුම් ය.

    ජනක කර්මය යනු යම් භවයක සත්වයකු උපදවන කර්මය යි
    උපත්ථම්භක (ජනක කර්මයේ විපාක ශක්තියට සහාය දෙන කර්මයි)
    උපපීඩක කර්ම (ජනක කර්මයේ බලයට බාධා කරන කර්මයි)

    උප ඝාතක කර්ම (ජනක කර්මයේ ශක්තිය බිඳ දමන කර්මයි) එය, කර්මය කෘත්‍ය වශයෙන් පෙන්වා දීමකි. මරණින් පසුව ප්‍රති සන්ධි ලබා දෙන ආකාර වශයෙන් ගරුක කර්මය, ආසන්න කර්මය, ආචින්න කර්මය, කටත්තා කර්මය වශයෙන් කර්ම වර්ග කොට ඇත.

    එමෙන්ම දිට්ඨධම්ම වේදනීය , උපපජ්ජ වේදනීය , අපරාපරිය වේදනීය හා අහෝසි කර්ම වශයෙන්ද විපාක දෙන කාල වශයෙන් කර්ම වර්ග කොට ඇත. කාම භූමි, රූප භූමි, අරූප භූමි වශයෙන් කර්ම විපාක දෙන භූමි වර්ග කොට ඇත. මෙම කරුණු වලට අමතරව කර්මය සහ කර්ම විපාකය අතර ඇති සම්බන්ධය සලකා බැලිය යුතු ය.

    කර්මය බලපාන්නේ එය කරන තැනැත්තාට යි. එසේ වුවද “ මෙම කරුණු වලට අමතරව කර්මය සහ කර්ම විපාකය අතර ඇති සම්බන්ධය සලකා බැලිය යුතු ය. කර්මය බලපාන්නේ එය කරන තැනැත්තාට යි. එසේ වුවද “ මෙම කය ඔබේ ද , මාගේ ද, වෙන කෙනෙකුගේ ද නොවන බව “ කායං කායේන දට්ඨානං නත්ථි අඤ්ඤේසමං යන සූත්‍ර ධර්ම පාඨය අවධාරණය කරයි. සිරුර සම්බන්ධව එසේ වුවද , වෙනස් වෙමින් ගමන් කරන සිත ක්‍රියා කරන ඔහුගේ ම ය. එක් භවයක සිදුකරන දෙය, අන් භවයට යන්නේ එය සිතේ නොනැසී පවතින නිසා ය.

    මේ කරුණු අනුව පෙනී යන්නේ කර්මයේ කොටසක් ද, බුද්ධිය ද සසර පුරුදු ද ඊළඟ භව වලට බලපාන බව යි. අප කරන සියලු දේ කර්මය අනුව සිදු නොවන බවත්, ඒවා කර්මයට භාර නොදී උත්සාහයෙන් කටයුතු කොට භෞතික දියුණුව, මානසික දියුණුව, ආදී සියලු අංශයන්හි දියුණුව ලබා ගත යුතු බවත් බුදු සමය අවධාරණය කරයි.

    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    තොත්ත බබා;19565388 said:
    කර්මය , කාර්ම ඵලය වගේ බුද්ධාගමේ ඉගැන්වීම් මට පැහැදිලි මදි මචන්.

    මිනිහෙක්ව වාහනේකට හප්පුනාම ඒක උනේ උගේ පෙර කල පවක අකුසල කර්ම නිසා කියල කිව්වම එක බෞද්ද කෙනෙකුට හෙන ලොජිකල්. ඒත් ඇත්තටම වෙලා තියෙන්නේ එක්කො එළවන් ආපු එකා බීල. එක්කො පාර පැනපු එකා වෙන දෙයක් කල්පනා කර කර පාර පැනල.

    මගෙන් එකපාරක් බුඩිස්ට් යාලුවෙක් ඇහුව අංගවිකල ළමයි හැදෙන එක උඹල පැහැදිලි කරන්නෙ කොහොමද කියල.ඉතින් මම දන්නේ නෑ බං. ඌ කියනව ඒක උගේ කාර්ම ශක්තිය අඩුවීම, නොගැලපෙන බ්රූනයෙකුගෙ පිලිසින්දගැනීම වගේ තියරිස් ගොඩක්. ඒක ඌට හෙන ලොජිකල් බං. මට නං කාටුන්. ඕක පොඩිඑකා ක්‍රොස් උන ශුක්රානුවේ ජාන විකුර්තියක් තිබ්බ වගේ කිව්ව නං මට ටිකක් මීටර්.

    ඉතින් සහෝ අපි හැමෝම වගේ පොඩිකාලේ අපේ ඔලුවට දාල තියෙන ඒව අනුව තමා ගොඩක් දේවල් අර්ථදක්වන්නෙ.

    අතෙ මාට්ටුවි අති වෑරදි ඉගෑන්විම් කියන ඒකත් තිඉරණය වෙන්නෙත් අපි විශ්වාස කරන දේ අනුව තමයි, අපි ලොජිකල් කියල හිතන එක වෙන රාමුවක හදුන කෙනෙක්ට කොමිටල් වෙන්න පුළුවන්.

    මිනිහෙක් හැප්පිච්චහම ඒක කර්මය වෙන්ඩ හෝ නොවෙන්ඩ පුළුවන්.
    කර්මය කියන්නේ ශක්තියක්. ඒක ලොකු ශක්තියක්.
    දැන් උබ දැකල තියෙනවද කොච්චර සල්ලි තිබ්බත් මෙලෝ රහක් නැති උන්?
    සල්ලි පොඩ්ඩක් වත් නැතත් හොද සන්තෝසෙන් ඉන්න උන්?
    ඒ උන්ගේ කර්ම ශක්තිය. සැප විදින්ඩ කර්ම ශක්තිය ඕන. සල්ලි තිබ්බට බෑ
    අන්න ඒ වගේ මනුස්සයෙක් වෙලා ඉන්ඩ තව දුරටත් කර්ම ශක්තිය නැති කෙනෙක් නොසැලකිලි වෙනවා ජිවිතේ ගැන. Chance එකක් ආපුහම හැප්පිලා හරි මොකක් හරි වෙලා මැරිලා යනවා. නැත්තම් බෙල්ලේ වැල හරි දා ගන්නවා. ඒ අර කර්ම ශක්තියෙන් හිතේ ඇති කරන පීඩනය.

    යුක්තානුවක ජිවය තියෙන්ඩ ඒකට හිතක් බැස ගන්ඩ ඕන. යුක්තානුව හැදිලා ටික වෙලාවක් ඇතුලත හිතක් බැස ගත්තේ නැත්තම් යුක්තානුව කුණු වෙලා නැති වෙලා යනවා. යුක්තානුවේ තියෙන ප්‍රසාද රුප වලට තමා හිත එන්නේ. ඒ ප්‍රසාද රුප ඔස්සේ යුක්තානුව පාලනය කරනවා හිතේ තියෙන කර්ම ශක්තියට අනුව. කුසල් කරපු හිතක් නම් හොද ලස්සන ශරීරයක් හදනවා. නැත්තම් දුර්වල එකක් හදනවා.

    උබ අභිධර්මය කියෙව්වොත් ඔය හැම දෙයක්ම ඉගෙන ගන්ඩ පුළුවන්.